ආරක්‍ෂක අංශයේ සේවයේ නියුතු වුවකු වන ඔහුට අවුරුදු නිවාඩුව ලැබුණේ අවුරුද්ද පසුවී දින කිහිපයක් ගිය පසුවය.
ඔහු නිවසට පැමිණි දිනම, අසල්වැසි නිවෙසක ජීවත් වන තම හොඳම මිතුරා ගේ නිවෙසට ගියේ තවත් මිතුරකුද සමඟය. කලකට පසුව හමුවූ තම මිතුරාට ඉහළම අන්දමින් සැලකීම සඳහා මිල අධික මත්පැන් බෝතලයක්ද රැගෙන ආවේය.
කලකට පසුව හමුවූ මිතුරන් අල්ලාප සල්ලාපයේ යෙදී සිටිද්දී, බොමින් සිටි මත්පැන් බෝතලයද නොදැනුවත්වම අවසන් වී තිබිණි. අනෙක් මිතුරන්ට කෙසේ වෙතත්, ආර්කෂක අංශයේ පුද්ගලයාට නිසි පදම පවා ඉක්මවා ගොස් තිබු බැවින් සියල්ල අවසන් වීමෙන් අනතුරුව සුමේධ ඔහුගේ නිවෙසට ඇරලවීමට සිදු වූයේ සිය මිතුරන්ගේද වාරුව ඇතිවයි.
ඔවුන්ගේ හඬ ඈතටම ඇසීමෙන් ඔහුගේ මවත් බිරියත් මිදුලට බැස ඔවුන් එන දෙස බලා සිටියහ. වාරුවෙන් යුතුව ඔවුන් අසලටම පැමිණි සුමේධට සිය මව පිළිබඳව ඇති වුයේ දැඩි සෙනෙහසකි.
‘‘මට සමාවෙන්න අම්මේ......මේ අවුරුද්දේ අම්මගේ කකුල් දෙක අල්ලන් වඳින්නවත් බැරි වුණා. එසේ කී හෙතෙම වහාම බිම වැතිර ‘‘දස මාසේ උරේ කත්වා..... යන මවට වඳින ගාථාව කියමින් වඳින්නට පටන් ගත්තේය.
‘‘මචං....උඹට ගාථාව මාරුවෙලා..........’’ මිතුරකු එසේ කියන විට ඔහු අපහසුවෙන් හිස ඔසවා බලද්දී බීපු මත්පැන් හිදී ගියේය. ඒ තමා සිය මව කියා වැඳ ඇත්තේ තම ආදරණීය බිරියට බව පෙනුන විටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හත්වලාමේ වෙච්චි දේට මක් කරන්ඩද ? (නදී)
අපිත් හොඳට බොනවා. අපිට ඔහොම නෑනෙ. (ස)
ඇත්ත චමිල, අපි කැමතිත් ඒ විදිහට (නි)
මෙතන අදහස් දක්වලා තිබෙන ස්ත්‍රී පාර්ශවයේ අය නම් වෙලා තියෙන දේට කැමති බවකුයි තේරෙන්නේ. (නි)
කොහොමත් බිරිද ළඟ දණ ගහනවනේ. ඕක සාමාන්‍ය දෙයක්. (ස)
සමහර තරුණ තරුණියන්ට රැවටිලා. අසරණ මෑණියන්ට වෙනස්කම් කළා. ගෑණු ඕන තරම් ලෝකේ හරිම කරදරේ. එක අම්මයි ඇත්තේ අපට එයයි ආදරේ...... (ස)
දුක සැප බලන කෙනාට වැන්දම මොකද???? (ස)
අවුලක් නැහැ. පළවෙනි අම්මා අම්මාමයි. දෙවනි අම්මා ගුරුතුමා. තුන්වෙනි අම්මා බිරිදනේ. ඒ නිසා අවුලක් නැහැ.(නදී)
මතට තිත! (නි)
මත්පැන් බිව්වම මව,බිරිඳ මාරු වෙනවා නම් මෙයාට මත්පැන් පානය සදහටම නවත්වන්න වෙන දවස වැඩි ඈතක නැහැ වගේ. (නි)
ඉතින් මොකද වෙන්නේ ??? (ස)
අම්ම කියා කියත හැකි එකම ළදකටයි. භමන මතින් බිරිය දැක්කේ අම්ම වගේ තමයි. (නදී)
අම්මාට හිතෙන්න ඇති, මේවාගෙ එකෙද්ද, මම මෙච්චර දුක්විදලා හැදුවෙ කියලා. (අ)
කොහොම වුණත් මවට වදින ගාථාව අමතක නොවුණ නිසා මේ මනුස්සයා ගොඩක් හොඳ කෙනෙක් වගේ (නි)
අනේ මම දහදුක් විදලා හදල තියෙන්නේ මේ වගේ බුරුවෙක්නේ කියල හිතෙන්න ඇති. (ස)
නරකමත් නෑ වැඩේ. සිහිය ආවට පස්සේ හොද සිහියෙන් අම්මාට වදින්න ඇතිනේ. අවසිහියෙන් හරි තම මවට වදින්න උවමනා උන පුතෙක්.සමහරක් අය බිගත්තාම අම්මා,අප්පා මතක නැහැනේ.(නදී)
ධම්ම-මම අහල තියෙනේ අම්ම නොවෙයි නැන්දම්මා කියලි. හරි කෝකද මන්ද?(දිල්)
විකල් වූ මනසින් පහළ වූ සිතිවිලි හොඳ පැත්තට ගිය නිසා අම්මා හා බිරිඳ මාරු වීම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. බීම නිසා අම්මා බිරිඳ මාරු වූ තවත් කතා මා අසා තිබෙනවා. (ස)
මේ දිහා බලන් හිටි අම්මට මොනවා හිතෙන්න ඇත්ද? (ස)
බිරිඳ කියන්නේ දෙවැනි අම්මට..........වැන්දට පව් නැහැ... (ස)