(මොරගොල්ලාගම සිසිර කැලේගම)
අපලයකට ශාන්තියක් කර ගැනීමට දේවාලයකට ගිය නිවෙස් හිමියකු එහි වූ ග්‍රහ මාරුව දැක කලකිරීමට පත්ව තමන් ඒ සඳහා වැය කළ අත්තිකාරම පොලිසියේ සහායෙන් ආපසු ඉල්ලා සිටීමේ සිද්ධියක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි.
අනාවරණය වන ආකාරයට සිද්ධිය මෙසේය.
බිරිය හා දරුවන් තිදෙනෙකු සමඟ වාසය කරන විවාහක සැමියා දෙවියන් කෙරෙහි විශ්වාසයකින් සිටින්නෙකි.
දරුවන් රෝගීවන්නේ අපලය නිසා යැයි ඔහු තදින්ම විශ්වාස කළේ ය. ඒ සඳහා සාස්තර කියන දේවාල කරා යාම ඔහුගේ සිරිත විය. අවට වැසියන් කියන කියන තැනට ගොස් සාස්තර ඇසීමටත්, යන්ත්‍ර මන්ත්‍ර කර ගැනීමටත් කටයුතු කළ අවස්ථා එමටය.
දිනක් මිතුරෙකු මාර්ගයෙන් ප්‍රදේශයේ පවතින විශ්වාසවන්ත දේවාලයකට ඔහු ගියේය.
“මිය ගිය ඥාතියකුගේ බැල්මක් නිසා තම පවුලේ අය රෝගීවන බවත්, මේ නිසා නිවසේ නිතර නිතර ආරවුල් පවතින බවත් ගෙහිමියා පැවැසූ අතර ඒ සඳහා ශාන්ති කර්මයක් කිරීමට අවැසි කටයුතු සියල්ල සූදානම් කෙරුණි.
ඒ සඳහා දේවාලයේ කපුවා අත්තිකාරම් ලබාගත්තේ නියමිත දිනට එය කරදීමේ අදිටනින් යුතුවය.
පවතින කොරෝනා ව්‍යසනය නිසා ශාන්තිය දිනෙන් දින පමා විය. කෙසේ වෙතත් එයට නියමිත දිනයද ළඟා වෙමින් තිබුණි.
එයට පෙර දින නිවෙස් හිමියා උදේම දේවාලයට ගියේ ජප කිරීමට අවැසි යන්ත්‍ර හා සුර ආදිය නිසි ලෙස සැකසීමට බාර දීම සඳහාය.
එදින කෙම්මුර දිනයක් වුවත් දේවාලයේ වැඩ නැත. දේව ආභරණ තැන තැන මිදුලේ විසිරී තිබුණි.
දේවාලයට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.
සිද්ධිය ගැන ඔහු සොයා බැලීය.
දේවාලයේ දෙවියා ලෙස ආරූඪ වන්නේ එම නිවසේ සැමියාගේ බිරියයි. දේව මාතාවට ආවතේව කරන්නේ සැමියාය.
දේවාරූඪය නැති අවස්ථාවලදී පවා තමන්ට මෙන් දෙවියන්ට සලකන ලෙස ඇය සැමියාට කියන්නීය.
එහෙත් සැමියා එසේ කිරීමට බැඳී නැත. මත් වතුර පානය කර සිටි සැමියා දේවාලයට පැමිණියේය. ඇය ඔහුට දොස් නැගුවාය.
“දෙවියන්ට ගරු කිරීම වෙනයි, බිරියට සැලකීම වෙනයි” කියමින් කෝපයට පත්ව ඔහු ඇයට පහර පිට පහර දුන්නේය.
දේවාලයටද, දේවාභරණවලට හානි සිදුවිය. පහර කෑමෙන් තුවාල ලැබූ ඇය රෝහල් ගත කෙරුණි.
සැමියා අත්අඩංගුවට ගැනීමට පසුදින උදේ පොලීසිය දේවාල බිමේ පිහිටි නිවහන කරා පැමිණියේය. දේව ශාන්තිය කර ගැනීමට සුර හා යන්ත්‍ර රැගෙන පැමිණි පුද්ගලයා දේවාලයේ අයට සමගියෙන් වාසය කරන්න බැරි නම් වෙන අයගේ අපල දුරුකර ගන්නේ කෙසේ දැයි කියා බොරු නොකරන මෙන් පවසා ශාන්තියට දුන් අත්තිකාරම් මුදල ආපසු ඉල්ලා සිටියේය.
එම මුදල නොගෙවන බව දේව මාතාවගේ සැමියා පැවසුවත් පොලීසිය මැදිහත්ව එම මුදල ඉල්ලා දුන් නිසා වංචනිකයින්ට බොරුවට ගෙවන්න ගිය රුපියල් පනස්දහසක පමණ මුදලක් ඉතිරිකර ගන්නට හැකි වූ බව පවසා ශාන්තිය නවතා දැම්මේය.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අවේලාවේ ගරු සත්කාර ඉල්ලූ දේව මාතාවට සැමියා පහර දීලා