සැමියා විදේශ රැකියාවට ගොස් සිටින අතරේ පෙම්වතකු ගෙන්වා ගත් කාන්තාවකට අමතක නොවන සිදුවීමක් දකුණේ ගමකදී සිදුවිය.
තනිකම නිසා පෙම්වතාට නිවසට පැමිණෙන ලෙස දුරකතන ඇමතුමක් දුන් ඇය වේලාසනම නිවෙසේ වැඩ අවසන් කර සාලයේ රූපවාහිනිය නරඹමින් සිටියාය. එහෙත් පොරොන්දු වේලාවට පෙම්වතා පැමිණියේ නැත. බැරිම තැන ඇය නින්දට ගියාය.
හිටි හැටියේ පිටුපස දොර සොලවන හඬක් ඇසී ඇය නින්දෙන් අවදි විය. කලබලයෙන් ජංගම දුරකථනය අතට ගත් ඇය 119 අංකයට දුරකථන ඇමතුමක් දී තම නිවෙසට සොරුන් පැමිණ ඇති බව දැන්වීය. ඉන් නොනැවතුණු ඇය අසල් වාසීන්ගෙන් උදව් ඉල්ලා කෑ ගැසුවාය.
ගමේ දහදොළොස් දෙනෙක් ක්‍ෂණයකින් නිවෙසට පැමිණ වට පිටාව සෝදිසි කළහ. අසල කුරුඳු ඉඩමක කාණුවක සැඟවී සිටි ගමේම පුද්ගලයකු ඔවුන් අල්ලා ගත්තේය.
නිවසේ කාන්තාවගේ විරෝධතාව ද නොතකා අසල් වාසීන් අල්ලාගත් පුද්ගලයා පොලිසියට රැගෙන ගියේ ප‍්‍රදේශයේ නිතර ගෙවල් බිඳීම් සිදු වන බැවිනි.
පොලිස් නිලධාරියා ප‍්‍රශ්න කරන විට පිළිතුරු දුන් ඔහු කියා සිටියේ තමාට එම කාන්තාව 9.30ට නිවෙසට පැමිණෙන ලෙස දුරකථන ඇමතුමක් දුන් බවයි.
කාන්තාව දෙස බැලූ පොලිස් නිලධාරියා ඔහු කියන්නේ ඇත්තදැයි විමැසීය. ඊට ඇයගෙන් පිළිතුරක් නොලැබුණු අතර කාන්තාව බිම බලා ගත්තාය.
සිදු වී ඇති දෙය තේරුම් ගත් පොලිස් නිලධාරියා එම පුද්ගලයා දෙස බලා ‘‘බලනව පොරොන්දු වූ වෙලාවට පැය දෙකක් පරක්කු වෙලා ගිහින් කරගත් දෙයක්. මීටපස්සෙවත් වෙලාවට වැඩ කරන්න පුරුදු වෙනවා’’ යනුවෙන් පැවසුවේ පැමිණ සිටි පිරිස ද සිනා ගන්වමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දීපන්කරේ ලතැවුලෙන් මෙසේ, නුඹ මුහුදුකරේ ජොලියෙන්...(ස)
මට නම් හරි දුකයි (නි)
රට ඉන්න මහත්තයා නොදන්නවා උනාට දැන් ගමම, අන්තර් ජාලයෙන් ලෝකෙම දන්නවනේ. ඒ නිසා මහත්තයා එනතුරු ගෙදරම පදිංචි වෙන්න පුලුවන්.(නදී)
ගැහැණු තනි වුනාම වරදේ බැදෙති කියමන බොරු නොවේ. ගැහැනියකුට මාස හතරකට විතරයා ඇයගේ හැගීම් පාලනය කළහැක්කේ. (නි)
සෙල් වලින් ලව් කළාට මතක නැති වුනාද ගේට්ටුවෙයි දොරෙයි යතුරු ඉල්ලා ගන්න. ඉ...ඉස්සර අපි වාගේ උදවියටයි රජ කුමරියෝ ආලේ කොලේ. දැන් කාලේ හොර නොකරයි මට යතුරුත් දීලයි ගියේ// (නි)
වෙලාවට ගිය නම් වැඩේ හරිනේ (නි)
අනියම් ඈසුරට ගියාම වම දකුණ මාරු වෙනවා, ඉවසිල්ලක් නැතිකමට. ගැහැණු සොර සැමියන් ආශ්‍රය කරන්නෙත් හැඳිමිටේ නුවන නිසා. ඉන් ලැබෙන පල විපාක වල අමිහිරිකම දන්නවනම් ඔය වගේ මෝඩ විදියට හැසිරෙන්නේ නැහැ. (නි)
අමාරු තමයි එත් මොලේ පාවිච්චි කරලා විදවාගෙන ඉන්න වෙනවා ආර්ථිකය හදාගෙන ඉස්සරහට යනවද කාමය හදාගෙන වැනසෙනවද කියලා.(නදී)
අනේ මට නම් පිස්සු වගේ.(ස)
මදැයි කොලා (නි)
පව් ඒකිගේ ඇත්ත මිනිහා.(ස)
පව් අනේ.(ස)
හොදට නරකට දෙකටම දකුණය.(නදී)
මහත්තයා රට එන්න ගෙට.(නදී)
බාල ටෙලි නාට්‍ය මේවාට ගොඩක් බලපාලා (නි)
අතරමගදී වෙන කාටවත් තනි රකින්න ගියාද මන්දා, ඔච්චර පරක්කු වුනේ? (නි)
මේකෙන් උගතයුතු පාඩම වෙලාවට වැඩකිරීමයි. වෙලාවට වැඩ නොකිරීමෙන් සිදුවන විපාකයි. (නි)
හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී.(නදී)
ලැජ්ජාවයි බයයි නැත්තේ වැඩියෙන්ම කොහොම ගැහැණු අයටද කියලා දන්නවනේ (නි)
තමන්ගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන් අනිවාර්යයෙන්ම අවංක විය යුතුයි.....එවිට එය දරුවන්ටද ආශිර්වාදයකි...(ස)
ඕවා කරන්න වටිනවද? මිනිස්සු දුක් විඳිනවා ගැහැණු කැත වැඩ කරනවා. (ස)
පොලිසිය නියම උත්තරය දීලා තියෙනවා. (නදී)
චාල්ස්, මේ වගේ අදහස් එන ගැහැණු අය හොද ආගමක් හරියට අදහන්න ඕනේ.(නදී)
මිනිස්සු මොකද මේ තරම් නොහොබිනා වැඩ කරන්නේ (දී)
වියදමක් නැතුව ලාබෙට ආදරය කරන්න ගියාම ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනේ. ගෑනු සමාජය ඇසුරු කරනකොට ඒගොල්ල හිතන විදිය වෙනස් නිසා පිරිමි ඊට එහා හිතල වැඩ කරන්න ඕනේ.(නදී)
මෙයට හේතුව මිනිස්සුන් තුල හොඳ ආත්මීය මග පෙන්වීමක් නොමැති වීමයි. බුදුදහම තුල එය තිබුනත් එය විකෘති වීම හේතු කොටගෙන මේ වගේ දේවල් වැඩි වශයෙන් අපේ ගම්වල වෙනවා. (නි)
උපාලි, මට නෝනා මගදී හම්බුවුනා. මම ඇහුවා මොනවද මේ කරන වැඩ කියලා. එයා පරක්කු වෙනකොට ඇයි කෝල් එකක් දුන්නේ නැත්තේ කියලා. එයා මට කිව්වා අනේ මල්ලි මගේ ෆෝන් එක නිහඬ වුණා කියලා. මම කියන්න ඕනෑ එක කියලා ආවා (නි)
ගැනී රට ගියොත් මිනිහා යනවා.. මිනිහා රට ගියොත් ගැනී යනවා.. ඕකයි හැබෑ තත්වය. (නි)
මගේ සැප ඔබේ සතුටයි (නි)
දැන් ඉන්න මහා නරක ගැහැනු. තමන්ගේ මනුස්සයා රට දුක් විදලා සල්ලි හම්බ කරනවා. ගැහැනු ඉදගෙන මගුල් නටනවා. එයාලා හිතන්න නැහැ මනුස්සයා දුක් විදලා රටට වෙලා සල්ලි හොයන්නේ අපි වෙනුවන් නේද කියලා.මේ වගේ ගැහැනුන්ට පව් සිද්ද වෙනවා ,අපා ගත වෙනවා (නි)
ගෑනි ගෙදර තියා පිට රට මං ගියා මං එනතුරු මගේ යාලුවෝ උන්දැ බලාගයි නිරතුරු ...........// (නි)
අනේ පව් එහෙම් කියන්න එපා. කවුරුත් වැරදි කරනවා (නි)
අපි වෙලාවට වැඩකරමු. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. (නි)
නිරෝෂන් බණ්ඩා අනේ පව් කව්ද ?(නදී)
ලජ්ජා නැද්ද මනුස්සයෝ
අයියෝ කතාව අහනකොටම මට හිතුනා ඕකා ඔය පැත්තේ එකෙක් වෙන්න ඇති කියලා (නි)
9.30 ට කොහේ එන්නද සර්? මනුස්සයා නයිට් ඩියුටි කරන වෙන ගෙදරක ඇපොයින්ට්මන්ට් එකක් තිබ්බනේ 9 00 ට.. එතන රාජකාරි ඉවරවෙලා 11.30 ට තමයි මෙතනට ආවේ. බලන්නකෝ,වෙච්ච දෙයක්? ඔයින් ගියා ඇති.. (නි)
මිනිස්සුන්ට තියෙන ආතතිය තමයි ඔය පෙන්නන්නේ (දී)
දිවා රෑ දෙකේදීම මම කරගත්ත ගොන්කම කියලා මේ කාන්තාව සන්තාපයෙන් දුක්වෙනවා ලතවෙනවා ඇති.(නදී)
සිද්ධිය කොයි පැත්තට බර කලත්,මෙය ගැහැණු පිරිමි දෙපාර්ශවයේම වරදකි. සමහර අය එකම ඉදලත් වරදේ බැදෙනවා! වැරදි නොකරන ගැහැණු හෝ පිරිමි වේවා කොහේ හිටියත් හොදට ඉන්නවා. (නි)
මේ හැමදෙයකින්ම පෙනෙන්නේ මිනිසුන්ගේ පිරිහීම නේද? (නි)
නියමයිනේ, දශක ගානකට පස්සේ දෙයියෝ සාක්කි දකුණු පළාතෙන් (නි)
ඒ කියන්නේ අනියම් පෙම්වතාට එන්න නියමිත වෙලාවක් තියෙනවාද (දී)
බලන්න, නිතිය ක්‍රියාත්මක කරන පොලිස් නිලදාරියා කියන කතාව "ඇයි පරක්කු වුනේ" ....! ගමක නැති බැරිකමට පොල්ගෙඩියක් කඩලා අහු වුනොත් ඉල ඇට කුඩු වෙන්න ඇනලා,බලු කුඩුවේත් තියලා,තුන් මාසයකට හිරත් ඇරලයි, නවතින්නේ . (නි)
ගෑණු දන්නේ නැහැ කාන්තාරයේ සල්ලි හොයන්න මොනතරම් කැපකිරීමක් කරන්න ඕන ද කියලා. මේවා කියන සමහරුන්ටනම් විහිළු. (ස)
මගේ යෙහෙලියන් කිහිප දෙනෙකුට මේ සිද්දියේ අනෙක් පැත්ත සිදු වුනා (ස)
රට ඉන්න මහත්මය හීනෙන් පෙනිලා කියනන ඇති 'ඔන්න හොරෙක් අල්ලපියවු' කියලා (නි)
අද ගොඩක් තැන්වල සිදුවන දෙයක් මේක. මනුස්සයා පිටරට යන්නේ සැප ගන්න නොව මෙයාලා වෙනුවෙන් දහ දුක් විඳලා හම්බකරගෙන එන්න කියලා තේරෙන්නේ නැහැ. කවදා හරි විනාසෙට මුල්වෙන්නේ මෙයාලගේ ඉවසගන්න බැරි කාමාශාව කියල තේරෙනකොට පරක්කු වැඩියි (නි)
උපාලි අයියේ, අනේ මටත් දෙන්නකෝ නම්බර් එක ඔයාගේ ගෙදර. (නි)
සද දිය උතුරා අපතේ යයි ගිලී නාන්න එන්න ප්‍රියේ... ගේ කිට්ටුවට ඇවිල්ලා කෝල් එකක් දෙන්නේ නැතුව මොන එහෙකට දොරවල් ගලවන්න ගියාද?ලේ දුන්නට මොලේ දෙන්න බැහැ කියන්නේ ඕකට තමා (නි)
මදැයි මං පිට රට යන්න කලින් නෝනට සෙල් ෆෝන් එකක් අරන් දුන්නා, ඕනෑ වුනොත් තනියට කවුරු හරි කතා කරලා ගෙන්න ගන්න කියලා. ඒ මනුස්සයා පරක්කු වෙනකොට අහන්න එපායැ ඇයි කියලා. මෝඩ වැඩමයි කරන්නේ. (නි)
මටනම් හිනාත් යනවා
නොහොබිනා වැඩක් නේ කරන්න ගිහිල්ලා තියෙන්නේ (දී)
අවේලාවේ වීථි සංචාරය වගේම,අවේලාවේ ගමේ සංචාරය ද පිරිහීමේ ලකුණක්!! හැබැයි ගොයියෝ අසවලා රට ඉඳන් එන්න මත්තෙන් ඩුබායි රටකට බැරිනම් ස්ලේව් අයිලන්ඩ් ,ක්‍රොව් අයිලන්ඩ් දිහාට මාරුවීම නම් නුවණට හුරුයි !! (නි)
ගෑනිට විතරක් දෙස් තියලා හරියනවද? පිරිමිත් වැරදි නිසා නේද මෙහෙම වෙන්නේ. හැදිච්ච පිරිමි කරන වැඩද මේවා? (නි)
සුමනසිරි වීරකෝන්, ඔයාගේ නෝනා නොදන්නවා වුනාට අපි නම් දන්නවා මෙහෙ විදින දුක. හැබැයි ඉතින් සමහර පිරිමි දන්නෙත් නැහැ වැලි කතරේ විදින දුක.(නදී)
සුමනසිරි ඇයි ඔච්චර කේන්ති ඔය ඔයාගේ නෝනගේ කතාවට.(නදී)
වෙලාවට වැඩ නොකරන, ජංගම දුරකථන වලින් නියම ප්‍රයෝජන නොගන්නා අයට දෙවරක් හිතන්න කාලය ඇවිත්. (නි)
එතකොට මමද ගුටි කෑවේ. මට ගානක්වත් මතකයේ නැති එක නෙව පුදුමේ? (නි)
පවු අනේ! (නි)
පව් අනේ ! (නි)
චන්දි, ඔයාගේ යෙහෙළියන්ට උන මෙම සිද්ධියේ අනිත් පැත්ත මොකක්ද? එයාල කොල්ලන්ට ඇමතුම් දීලා එන්නම් කියලා පරක්කුවෙලා ගිහින් දොරවල් හොල්ලලද?(නදී)
තරුණ වයසේ ඉන්න බිරින්දන් තනිවම ගෙවල් වල දාලා රට යන අපේ සහෝදරයින්ට මේවා හොඳ පාඩම්. සමහර ගැහැනුන්ට සල්ලි විතරක් තිබිල මදි. ආදරයත් ඕනෑ. අනිත් අනිත් අවශ්‍යතාවලුත් තියෙනවා නේ. හොඳම වැඩය නම් තමන්ගේ බිරින්දන් දෙමාපියන්ගේ රැකවරණය යටතේ තියලා යන එකයි. (නි)
මිදි කොහොමත් තිත්තයි (නි)
සංජීවගේ කතාව හරියට හරි. අද ගොඩක් අනියම් සම්බන්දතා වලට මුලින්ම පැනල කැමති වෙන ගැහැණු තමයි ගොඩ දෙනෙක් ඉන්නේ. පිරිමි හොදයි කියනවා නෙවෙයි. නමුත් කාන්තාවකගේ අනුබල නැතුව පිරිමියෙක් ඔයවැනි දේට පෙලබෙනවා අඩුයි. (නදී)
මහත්තය රට ඉන්න කොට ඔක තමයි වෙන්නේ. පයිප්පෙන් වතුර එනවා වගේ සල්ලි එන්නේ නැහැ දවස් 30 කට වරක් ගෙවන්නේ. ගොඩක් මහන්සි වෙන්න ඕනා. ඕක ගෙදර ගෑනුන්ට තේරෙන්නේ නැහැ.(නදී)
ඔය වගේ සිදුවීම් ගෙදර මිනිහා හිටියත් වෙනකොට මිනිහා නැති කොට මොන කතාද? (නි)