අව්වේ යමින් සිටි තරුණියන් දෙදෙනකුට විහිළුවක් කිරීම හේතුවෙන් ඔවුන්ට කුඩයක් ලබාදීමට සිදුවූ පදික වෙළෙන්දකු පිළිබඳ පුවතක් මාතර නගරයෙන් වාර්තා වේ.
මැදි වයයේ පසුවන ඔහු තරමක් විනෝදයට බර පුද්ගලයෙකි. පදික වේදිකාවේ ඇඳුම් වෙළෙඳාම් කරමින් සිටින විට ඒ ඉදිරිපිටින් ගිය තරුණියන් දෙදෙනකු දෙස ඔහුගේ අවධානය යොමු විය.
”හා නංගිලා අව්වේ යන්නේ ඇයි” දැයි ඔහු විහිළුවට කීවේය. ඒ අසලම සිවිල් ඇඳුමින් සැරසී සිටියේ උසස් පොලිස් නිලධාරියෙකි.
ඔහු වහා තරුණියන් දෙදෙනා නවතා ගත්තේය. ”හා තමුසෙට මේ දෙන්නා අව්වේ යනවා දුකයිනේ. එහෙනම් කුඩයක් අරන් දෙනවා”යයි පොලිස් පෙනුම ඇති පුද්ගලයෙක් කීය.
එවිට තමා අසල සිටියේ උසස් පොලිස් නිලධාරියකු බව පදික වෙළෙන්දා හඳුනා ගත්තේය.
පොලිස් නිලධාරියාට බියවූ ඔහු වහාම අසල පිහිටි වෙළෙඳසලකට ගොස් රුපියල් 400 ක් ගෙවා අලූතින් කුඩයක් ගෙනවිත් තරුණියන් දෙදෙනාට දුන්නේය.
ඔවුන් දෙදෙනාද පොලිස් නිලධාරියාට ස්තූති කරමින් කුඩයද ඉහලාගෙන සිනාසෙමින් පිටත්ව ගියහ. එතැන් සිට නැවත කවදාවත් කිසිවෙකුටත් විහිළුවක් නොකරන බව පදික වෙළෙන්දා අවට සිටි අයට කීවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිලධාරියාට අධිකරණ බලයක් තිබුනත් නැතත් අර පාරේ ගිය තරුනියෝ දෙන්නා ගැන දුකක් ඇතිවෙලා තියෙනවා.(නදී).
නියම මහත්මා ගුණ ඇති පොලිස් නිලදරුවෙක් (දී)
පොලිස් නිළධාරි හරි.අද ඉන්න සමහර පදික වෙළෙන්දන්ගේ කට හොඳ නෑ . තරුණියන්ට අනවශ‍්‍ය විහිළු කරන අයට හොඳ පාඩමක්.රිදෙන අයට රිදෙයි.(දී)
”හා නංගිලා පයින් යන්නේ ඇයි” කියලා ඇයි කියලා ඇහුවනං අරං දෙන්න වෙන්නේ කාර් එකක්.(දී)
ගැහැණු ළමයි දෙන්නට හොද චාන්ස් එක (දී)
පොලිස් නිලධාරියා හොඳ වැඩක් කරලා තියෙන්නේ නිතිය කෙසේ වෙතත් (දී)
අය්යෝ දම් මට නම් ලැජ්ජාවේ බෑ, ඔයා මොනවද මේ කියන්නේ (දී)
ඔව් සජී .එයාගේ නම දම් උනාට කතා නම් අදහම් ...ලැජ්ජාවක් නැති මිනිස්සු (දී)
ඇත්තටම මීට වඩා ලොකු අපරාධ වෙන රටක මේ වගේ කතා විහිළුවක් වගේ (දී)
අසරණ වෙළෙන්දෝ ඉදිරියේ පොලිස් නිලධාරීන් කොහොමත් සිංහයෝ වගේ, වර්තමාන පොලිස් නිලධාරීන් ගොඩක් බජාර් එකේ සිවිල්පිට ඉන්නේ කප්පන් අල්ලස් ගන්න, වැඩිපුරම ගැවසෙන්නේ ගවමස් කඩ හා තැබෑරුම් ළඟ, බොරුනම් හවස තුනෙන් පස්සේ ගිහින් බලන්න. (අ)
පොලිස් නිලධාරියාට පදික වේදිකාවේදී අධිකරණ බලයකුත් තිබෙනවාද? (අ)
හොඳ පාඩමක් (නි)
මා ළඟ වැඩකරන සේවකයෙක් පාරේ යන තරුණියකට උම්මා එකෙක් දෙන්න සිතෙනවා කීවා. ටික වෙලාවකට පසුව පොලිස් නිල ඇඳුමෙන් සැරසී එම තරුණිය තවත් පොලිස් නිලදාරියෙක් සමග මෙම සේවකයා ලඟට පැමිණ මොකක්ද තමුසේ කීවේ එනවා යන්න පොලිසියට කීවිට සේවකයා නොවඳින වැදුම් වැඳ සමාව ගත්තා.(නදී)
"පොලිස් නිලධාරියාට පදික වේදිකාවේදී අධිකරණ බලයකුත් තිබෙනවාද" තිබුනත් නැතත් කල වාදය නම් බොහොම හොඳයි. ඔය විහිළුවේ අමාරු ව දැනේනේ තමන් ගේ කෙනෙකුට කලවිටයි. සහෝදරියට හෝ බිරිදට කලවිට පොලිස් නිලධාරියා ගේ අධිකරණ බලය සොයන්නේ නැත.(නදී)
පාඩුව වුණේ පදික වෙළෙන්දට. අැයි ඕගොල්ලෝ අැනකොටා ගන්නේ? පොලිස් නිලධාරියා ඔය විහිළුව කළා නම්,එයාටත් ඔය ප්‍රතිචාරයමද ඔයාලා දෙන්නේ?අපහාසයක් නොවන ආකාරයට විහිළුවක් කරන්න ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙනවා. ප්‍රතිචාරය විහිළුවේ සුහද බව,සුන්දර බව,උපහාසාත්මක බව හෝ අපහාසාත්මක බව මත දක්වන්න හෝ නොදක්වන්න ඕනෑම කෙනෙකුට අයිතියකුත් තිබෙනවා.මම හිතන්නේ පොලිස් නිලධාරියා සාමාන්‍ය මිනිස්සු ඉස්සරහා කැපිලා පෙනෙන්න හදලා තිබෙනවා. කොහොම වුණත් නොදැකපු දෙයකට තීරණ දෙන්න අපි කාටවත් හැකියාවක් නම් නැහැ. (නි)
ෂෙරිෆ් වගේ එක්කෙනෙක් හරි සිදුවීමේ ඇතුලාන්තය අවබෝධ කරගෙන සිටීම සතුටට කරුණක්.(නදී)
”අව්වේ යන්නේ ඇයි” කියලා ගැහැණු කෙනෙක්ගෙන් හෝ පිරිමියෙක්ගෙන් ඇහුවම මොකද? මෙහෙම ප්‍රශ්න වලට පොලිසියට මැදිහත් වෙන්න බැහැ. මෙතන වරදක් වෙලා නැහැ. අනෙක තරුණියන්ගෙන් පැමිණිල්ලක් තිබිලත් නැහැ. මෙය රාජකාරියට පිටින් බලය අයුතු විදියට පාවිච්චි කිරීමක් (නි)
නිලූ නංගි මම දැන් ඉන්නේ ලංකාවේ. හදිසියේ ආවේ.මගේ නමින් ලියල තියෙන ඒවා ගණන් ගන්න එපා. අනෙක මම දැන් චන්දි කියල ලියන්නේ නැහැ. (ස)
දැන් මගේ නමින් ලියන ඔය බොරු චන්දි ලංකාවට ගියේ මොන හදිස්සියකටද ???මම නම් හිටියෙම ලංකාවේ දැක්කද මගේ යාලුවනේ බොරුව අහුඋන හැටි (දී)
ගැමුණුගෙ කතාව හරියටම හරි. කවුරුහරි ලොකු ලොක්කෙක් මීට වඩා ලොකු විහිලුවක් කෙල්ලෙකුට කියනවා ඇහුනමත් මේ විදියෙ දඩුවම් දෙනවද ඒ ලොකු ලොක්කොන්ට? හැම දෙයක්ම රටේ පොඩි මිනිස්සුන්ට විතරයි. මෙතන අසභ්‍ය විහිලුවක් කරල නැහැ ඒ මනුස්සයා. මේ ගොල්ලොත් පොර වෙන්න හදනවා කෙල්ලො ඉස්සරහදි. (ස)
කාන්තාවන්ට අනවශ්‍යය විහිලු කරන අයට ආදර්ශයක්ම වේවා. (ස)
හවස් වෙලා නංගිලා දෙන්නම පොලිස් අයිය ගේ තරු ගනින්න ගියේ එහෙම නැහැ නේද?(අ)
මෙහෙම ප්‍රශ්න වලට පොලිසියට මැදි වෙන්න බැහැ මෙතන වරදක් වෙලා නැහැ. අනෙක තරුණියන්ගෙන් පැමිනිල්ලක් තිබිලත් නැහැ. මෙය රාජකාරියට පිටින් බලය අයුතු විදියට පාවිච්චි කරලා.(නදී)
නාකි විසේට බෙහෙත් නැතේ කියල කතාවක් තිබෙනවා.(නදී)
ඒක නම් ඇත්ත තමයි චන්දි අක්කේ, අක්කලා වගේ ඇහැට කනට පේන අයට පාරේ බැහැල කොහොමත් යන්න බෑ නේ.(නදී)
පොලිස් මහත්වරුන්ගෙන් අවසර ඕනෙද විහිලුවක් කරන්න.(ස)
නිලූ, නිකන් මෝඩ කතා කියන්න එපා .ඔයාට ඔය වගේ අනවශ්‍යය විහිළුවක් කළොත් පාරේ යනකොට යන හැම තැනකම අපේ මහත්තුරු කර ගහගෙන යන්නත් බැහැ.පිහිටට ඉන්නේ එයාල තමයි. (ස)
නුවර ප්‍රදේශයේ ඔය තත්වය ඉතාම යහපත්. බොරු නම් ගිහිල්ල බලන්න. (ස)
ඔය චන්දි අක්කාගේ නමින් ලියන කෙනාට මොළයක් නෑනේ තේරුම් ගන්න.ඒ ගැණු ළමයි දෙන්නා බලෙන් නතර කරලා පදික වෙළෙන්දාට කියා කුඩයක් අරන් දීලා තියෙනේ. (ස)
දෙන්නට එක කුඩයක් ඇතිද?.(නදී)
සම්පත් ඔයත් ඒ ජාතියෙම තමයි. පොලිස් නිලධාරියා නිවැරදියි.(නදී)
කුඩේ අරන් දීල පොලිස් මහත්තය පස්සෙන් ගියද දන්නෙත් නෑ නේද.. (අ)
එක නම් හොද පාඩමක් .අද තරුණියකට පාරේ බැහැල යන්න බැරි වාතාවරණයක් තියෙන්නේ (දිල්)
පොලිසියේ කෙනා ඊට පස්සේ පස්සෙන් ගියදා දන් නෑ (අ)
එයින් පස්සේ පදික වෙළෙන්දා තේරුම් ගත්තලු ඇයි ;කට හින්දයි මාළුවා නහින්නේ; කියන එකේ තේරුම. (අ)
මමනම් කියන්නේ ඒ වෙළෙන්දාට හොද වැඩේ (අ)
දම්ගේ කතාවට හිනා ගියා.දැන් දෙන්නට තරු පෙනිලා ඇති කොහොමත්.(නදී)
ඔවු අයියා ! කට හින්දානේ මාළුවාගේ පිට නැති වෙන්නේ කියල නිහාල් සිල්වා කිව්වා දවසක්.(දී)
පොලිස් නිලධාරියා මා දන්නා අයෙකි ඔහු රාජකාරී කරන දිනක මීකිරි රැගෙන ආ වරෙන්තු කරුවෙක් ඔබතුමාට පොඩි තෑග්ගක් කියා කිරිහට්ටිය මෙසය මතතියා හිසනමා ගරු කරඇත ඉනපසු පොලිස් නිලධාරියා අතින් මුදල්දී සීනි ගෙන්වා වරෙන්තු කරුට කිරිහට්ටියම කෑමට දී අවවාද කර ඇත (දී)
අනේ නිලූ නංගි, මම තමයි අර මොළේ නැති කතාව ලිවුවේ. ඒක අවමානෙට ලිවුවේ නැහැ. සහෝදරකමට එහෙම ලියවුණා. (නි)
රොෂාන්, "මා දන්නා පොලිස් නිලධාරියා" අවංක වෙන්න පුළුවන්. හැබැයි නීතිය ඕක නොවෙයි. කිරි හට්ටිය ඔහුටම කන්න දීම හොඳ විහිළුවක්. නමුත් වරෙන්තුකරු කළේ පගාවක් දෙන්න උත්සාහයක්. මේ වෙළෙන්දා කළ විහිළුවත් ඒ වගේ. පොලිස් නිලධාරියා විහිළුකාරයෙක් අවසානයේදී. (නි)
පොලිස් නිළධාරියා හරියට හරි. ලංකාවෙ පදික වේදිකාවල ඉන්න සත්තු හොඳයි අද ඉන්න සමහර මිනිසුන්ට වඩා. තරුණියක් තනිවම නොවෙයි තමන්ගෙ පෙම්වතා, සහෝදරයෙක් හෝ වෙන කවුරුන් සමඟ ගියත් කට පියාගෙන ඉන්න බැරි කට්ටිය ලංකාව පුරාම ඉන්නවා. මේ සිද්ධියේදී වගේ හොඳ හෝටලේකින් කෑවම තමා හරියන්නෙ. (නි)