රෝගීව රෝහලේ ප‍්‍රතිකාර ලබන අම්මා ආපසු කැඳවාගෙන යාම පුතා හා දියණිය ප‍්‍රතික්‍ෂේප කරමින් එකිනෙකා වාද කරමින් සිටින අතරදී අම්මා මියගිය බව දැන ගැනීමෙන් පසුවද එම වාදය දුරදිග යාමේ පුවතක් සියනෑවේ පොලිසියකින් පසුගියදා අසන්නට ලැබිණි.
මේ මවට දරුවෝ දෙදෙනෙකි. ඒ පුතා හා දුවය. අම්මා සිටියේ පුතා හා ලේලිය සමගය. අසනීප වූ අම්මා රෝහල්ගත කෙරිණි. ඇගේ තත්ත්වය අසාධ්‍ය විය. ප‍්‍රතිකාරවලින් පලක් නැති නිසා මව ගෙදර යාම සුදුසු බව වෛද්‍ය නිර්දේශය විය.
අම්මා යළි ගෙදර කැඳවාගෙන එනවාට ලේලිය විරුද්ධත්වය පෑවාය. අයියා කීවේ නංගීගේ ගෙදර අම්මා කැඳවාගෙන යන ලෙසය. ඇයට ඒ සඳහා පහසුකම් නැති බව ඇය කීවාය. මේ වාදය පොලීසිය දක්වා ගියේය. දෙදෙනා අතර වාද විවාද ඇතිවිය. බිරියගේ විරෝධය නිසා පුතා පසුබා සිටියදී දියණිය කරකියා ගත හැකි දෙයක් නැතිව කල්ගත කළාය. ඒ තමන්ට අම්මා කැඳවාගෙන ගොස් රැුකබලා ගන්නට තරම් පහසුකම් හෝ රැකියාවක් හෝ නැති බැවිනි.
පොලීසිය මේ ආරවුල සමථයකට පත් කරන්නට උත්සාහ ගත්තත් පුතා බිරියගේ බහට පිටින් වැඩ කරන්නට සූදානම් වූයේම නැත. මේ අතර පොලීසියට පණිවිඩයක් ලැබිණි. ඒ අම්මා රෝහලේදීම මියගිය පුවතයි.
පොලිස් නිලධාරීහු දැඩිව කතා කළහ. වාදය අවසන් කරන ලෙස දැන්වීය. නැගණියගේ සහාය ඇතිව මවගේ අවසන් කටයුතු කරන ලෙස පුතුට අවවාද කළේ බිරියට පෙර තමන්ට අම්මා ලැබුණු බව සිහිපත් කර දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලූ ,අම්මට අකමැති වෙන්න හේතුව නම් ,දසමසක් කුසේ තියාගන හදල වඩල ,උස මහත් කරලා ,ඇස්දෙක පාදල, කසාදය බන්දපුවම පස්සේ ,ගෑනිගේ පදේට නටන කොට,දෙමව්පියන් දිහා ඇස්දෙක ඇරලා බලන්නේ නැතිවෙනකොට වැරැද්ද කාගේද කියල අර අම්මට තේරෙනවා .එතන තමා වැරැද්ද නිලූ .ඔයත් ඒවගේ ලෙලි කෙනෙක් කියල ඔයාගේ අදහස් වලින් මට හිතුන , දුවෙක් දෙමව්පියන්ට පිටුපනවා අඩුයි . දෙමව්පියන්ගේ මොන දේ තිබුනත් දරුවන් සලකන එක පිනක් (අ)
දැන් ඉතින් ලොකුවට අවමගුල ගනී (දී)
දරුවෙක් ලෙඩ උනහම අම්මලා කවදාවත් මෙහෙමකරනවද?(දී)
මුලින් ආව කණට වඩා පසුව ආපු අඟ ලොකු වෙනවා කියන්නේ ඕකට තමා.(දිල්)
සත්‍යා ඔයා හරි (දිල්)
මොන වැරදි තිබුණත් තමන් වදාපු., ලේ කිරි කරලා පොවපු අම්මව බාර ගන්න බැරි දරුවෝ ඉන්නවද...සමන්ති කියනවා වගේ ලේලිගේ අම්ම මැරුණම මොකද කරන්නේ..? මේ පුතා නැන්දම්මාගේ මිනිය බාර ගනීවිද...? පිරිමි කමටත් ලජ්ජා වැඩ මේවා (දිල්)
දරු සෙනෙහසින් ඇඟ ලේ පෙරලුනි කිරට අම්මද බිරින්දද වැඩියෙන් ලොකු නුඹට ......(දී)
තම මව ලෙඩ උනාම වාද කරන්නේ ඇයි.දෙමාපියන් ආදරෙන් බලා ගන්න ඕනේ මෙවෙලාවේදී නේද.සාරදර්ම දැන් අපේ රටේ මනුස්සයන් ලග නැති නිසානේ මහලු මඩම් දවස ගානේ පිරෙන්නේ.පිරිමියෙක් විදිහට අඩුම ගානේ තම මව ගැනවත් තීරණයක් ගන්න බැරිනම් ඒ පිරිමි කම කුමටද.(දී)
අනේ චන්දි මේ නිකන් බන කියන්න එපා (අ)
ඔය අම්මාට ඔය තරම් අකමැති වෙන්න මොන මොන හරි හේතු තියෙන්න ඇති (අ)
වැරදි කරුවා කවුද කියා අපිට තීරණය කරන්න අපහසුයි......නමුත් ....අම්මා කෙනෙකුට සලකන්න අකමැතිව වාද කරන මේ දරුවන්ගේ අනාගතය කොහොම වෙයිද? (අ)
සාරධර්ම ගිලිහී යන සමාජයක මෙයත් ලොකු දෙයක් නොවේ (අ)
මාතු පාදන් නමාමී මාතු පාදන් නමාමී අම්මාගෙන් විවරණය ගත් බුදුන් වහන්සේ , දේශනා කළ බව මේ අය දන්නේ නැද්ද ?(දිල්)
මටනම් මේලෝකේ දෙමාපියන් තරම් වටිනා වස්තුවක් තවත් නෑ.(අ)
නිලූ හරි, අම්මා වුනත් හොඳ ගුණ ගරුක ජීවතයක් ගතේ කලේ නැත්නම් දරුවන්ට එපා වෙනවා (අ)
මෙහෙමත් දරුවෝ , පව් ඒ අම්මා නිවන් සුව ලැබේවා.(දී)
සාරධර්ම පිරිහිලා (දිල්)
සමහරුන්ට දෙමාපියන් තරම් වස්තුවක් නැහැ කියල රට ගිහිල්ල ආදරේ තැපැල් කරලා යවනවලු .(නදී)
කොන්දක් නැති පුත්තු හදාගත්තම දෙමාපියන්ට ඔහොම වෙනවා.(නදී)
දෙමව්පියන්ගේ අගය දන්නේනැති අමනුස්සයෝ (අ)
මෙවැනි අපරාද කරන දරුවන්ට ස්වාභාව ධර්මය දඩුවම් නියම කරාවි (දිල්)
පුතා හා දියණියට එයින් වත් සහනයක් ලැබෙයි ද ? තමන්ගේ දරුවොත් වයසට ගිය විට ඔය ටිකම කරයි. ඔය පාපය කවදා හෝ තමන් වෙත කැරකි එයි.ගැලවීමක් නැත.(දිල්)
දැන් ඉතින් අයියටයි නංගිටයි ජිවත් වෙන්න වෙන්නේ මැරී මැරී.(දිල්)
කුමාරි, ඔබ වැරදි. දෙදෙනාම සුවසේ ජීවත් වෙයි. නමුත් පොලියත් සමග අපයේදී ඔවුන්ට ලබෙයි අකෘතඥතාවයට. (අ)
අයියට වියදම දරලා නංගිට ශ්‍රමය යොදා අම්මව බලා ගන්න තිබුනා (අ)
ඊයේ මගේ නෝනා පොඩි පුතාට කතාවක් කියල දෙනවා මම අහගෙන.එක කැලයක ඉන්නවලු වයසක වලස් අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි වලස් පුතයි පුතාගේ නෝනයි.වලස් ලේලි කියනවලු වලස් පුතාට ඔයාගේ අම්මගෙනුයි තාත්තගෙනුයි හරි කරදරේ දෙන්නව මහලු නිවාසයකට ගිහින් දාන්න කියලා.පහුවෙනිදා පුතා අම්මවයි තාත්තවයි අරගෙන යනවලු නිවාසයකට දාන්න.යනකොට අම්මයි තාත්තයි ළඟ තිබ්බ කොටයක මහන්සියට ඉඳ ගත්තාලු.පුතා ඇහුවලු මොකද කියලා.අම්ම කිව්වලු පුතා පොඩි කාලේ ඉස්කෝලේ යනකොට කකුල් රිදෙනවා කියල මෙතනින් වාඩි වුණහම තාත්ත මෙතන ඉඳන් පුතාව වඩාගෙන ඉස්කොලෙටම ගෙනිච්ච හැටි මතක් වුණා කියලා.ඊට පස්සේ මහලු නිවාසෙට බාරදීල එනකොට අම්මගේ ඇස්වල කඳුළු පිරිළලු.පුතා ඇහුවලු ඇයි අඬන්නේ කියල.නැහැ පුතා පලවෙනි දවසේ ඉස්කෝලෙට යනකොට පුතාට ඉන්න බැහැ කියල කිව්වම මමයි තාත්තයි පුතාව ගෙදර අරන් ගිය හැටි මතක්වුනා කිව්වලු.පුතා කිව්වලු ඔය දෙන්න මට කොච්චර දේවල් කරලා තියෙනවද.කවුරු කිව්වත් මම ඔය දෙන්නව තනි කරන්නේ නැහැ කියල ආදරයෙන් ගෙදර අරන් ගියාලු.සරල කතාවක් වුනාට ඉගෙන ගන්න හුඟක් දේ මේකේ තියෙනවා.මම හිතන විදිහට මේක ලියල තියෙන්නේ ජානකි කුරුකුලසූරිය මහත්මිය. (ස)
ඔය වගේ අයට ඕව ගානක් නෑ. නැවත අම්මව මතක් වෙන එකකුත් නැ. මේ වගේ උන් තමයි ලබන ආත්මේ අනථ මඩම් වල ජිවත් වෙන්නේ. දරුවෝ දෙමාපියන්ට සලකන්නැත්නම් නීතියක් ගේන්න ඕනේ. දඩුවම් දෙන්න ඕනේ. මේ ගැන රටේ වගකිව යුතු උදවිය හිතන්න ඕනේ. (ස)
මෙහෙමත් පුත්තු මේ රටේ ඉන්නවනේ කොහොම නමුත් මේ පුතාටත් ලේලිටත් මෙවැනි උවදුරක් නොවේව! (අ)
ඔය වගේ අයට මඩු වලිගෙන් ගහන්න ඕනා.(නදී)
ලොවේ උතුම් මව් පදවිය උරුම ළද!...තවත් ලදක් වෙනුවෙන් නැති සෙනෙහෙ කද! ...මව් උරුමයට හිමිවුණේ මේ පාපයද? ...මේ ආදුරුසේ නුබටත් මතු නොවේවිද?(නදී)
අම්මා රවට්ටවා ඇගේ අත්සන අරගෙන තම හිතවත් නීතිඥ යෙකු මාර්ගයෙන් හොර ඔප්පු හදාගෙන අම්මාට අයිතිව තිබුන ඉඩම් කැල්ල තම නමට හරවාගෙන ඒ වයසක අම්මාව මහලු මඩමට දමපු සල්ලි කාර පුතෙක් අදත් ඉන්නවා හැදල. මේවා දෙවියොම බලත්වා.(නදී)
ගෑනිවත් ඒ ළඟම වලකට දල දාන්න (අ)
පුතාට කොන්දක් නැතිද? (අ)
ලේලියගේ අම්ම මැරුණොත් කරන වැඩකොටස ගැන වාදය දැන්ම පටන්ගමු (අ).
සාර ධර්ම හොදා පාළුවකට ලක්වූ සිරි ලංකාව වැනි රටකින් මීට වඩා යහපත් දෙයක් අහන්න ලැබුනොත් පුදුමයි. (අ)