ශිෂ්‍යත්ව උපකාරක පන්තියක අසනීපවූ සිසුවකු වෙනුවට ඔහුගේ මව පන්තියට සහභාගීවීමේ සිද්ධියක් බෙන්තර ගඟ අසබඩ ප‍්‍රදේශයකින් වාර්තාවේ.
එදින මෙම පන්තියට ඇතුළු වීමේ ප‍්‍රවේශ පත‍්‍ර පරීක්‍ෂා කරමින් සිසුන් පන්තියට ඇතුළු කරගැනීමට කටයුතු කළේ එම පන්තියේ උගන්වන ගුරුවරයාම විසිනි.
එහිදී පෝලිමේ ආ මැදිවියේ කාන්තාවක්ද දරුවකුගේ එම ප‍්‍රවේශපතක් ගුරුවරයා අත තැබීය. එය බැලූ ගුරුවරයා කෝ දරුවා යැයි ඇසීය.
දරුවාගේ අම්මා මම සර්, අද දරුවාට උණ. එයාට එන්න බැරිවුණා. ඒ වෙනුවට මම අද පන්තියේ ඉන්නවා. මම අද පන්තියේ කරන දේවල් ලියාගෙන ගෙදර ගිහින් දරුවාට කියා දෙනවා. කමක් නැහැ නේද සර්! යැයි එවිට ඇය පැවසුවාය. ගුරුවරයාට හිනාවක්ද ගියේය.
හිස සලමින් ගුරුවරයා දුන් උපදෙස් අනුව පන්තියේ පසුපස අසුනක වාඩිවූ ඇය සෙසු ළමයින් මෙන් එදින ගුරුවරයා ලබාදුන් අභ්‍යාස හා ප‍්‍රශ්න පත‍්‍රවල පිළිතුරු ලකුණුකර ගනිමින් සිට පන්තිය නිමාවූ විට සෙසු සිසුන් සමග ගුරුවරයාටද ආයුබෝවන් කියා පන්තියෙන් පිටව ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ට ආදරය ඇති අම්මා කෙනෙක්.අපි අගය කරමු. (නි)
තාත්ත ගැන නිකමටවත් කවුරුවත් ලියල නැහැ. ගෙදර බුදුන් අම්ම නම් ගෙදර දෙවියන් තාත්තා.(නදී)
මනෝජ් ඔබ ඇයි ඔතරම් අමනාපෙන්. මේ අම්මා විභාගේ ලියන්නේ නැහැ තමා. ඒත් දරුසෙනෙහස පිළිබද ලොකු පොතක් , දිගු ලස්සන කවියක් අපිට ලියල පෙන්නුවා ඒපොත කවිය ඔයාට තේරුම් ගන්න බැහැ.(නදී)
රොබට් මහත්තයෝ , බන හොදනම් හාමුදුරුවන්ගේ නමින් වැඩක් නැහැ.(නදී)
ගයාන්ගෙ උසස් රැකියාව මොකක්ද ? මොන රටේද ඉන්නෙ ? (නි)
කොච්චර හොද දෙයක්ද? එහෙම තමයි වෙන්න ඕනෑ. (නි)
අහිංසක අම්මා කෙනෙක් (නි)
ගයාන්,ඔයාට හොද අනාගතයක් තියෙනවා. මම එහෙම කිවුවේ මොකද දන්නවද?මට වගේම ඔයාටත් අතීතය හොදට මතක තියෙන නිසා. ඉස්සර අපි දුප්පත් නිසා මොන තරම් දුක් වින්දද ?ඔයාගේ අම්මව පණ වගේ රැකගන්න. මගෙත් පණ කියන්නේ මගේ අම්මට පින් සිද්ද වෙන්න. අද මමත් දෙපයින් නැගිට ගත්තා(නොපෙනෙන දෙවියන් වැන්දේ කුමටද.?නිවසේ දෙවියන් අම්මා )නේද ගයාන්? (නි)
අම්මල දුක් ගන්නේ පුතුන් හදන්ටා... පුතුන් රජුන් කරන්ටා ... බා ලොලි ලොලි... උදාර මාතාවක්.ඔබට හදවතින්ම සුබ පතමි!!!! (නි)
අවාසනාවට අපි දුර රටවල ජීවත් වෙනවා. මේ පිළිතුරු බලද්දී ඇස් වලට කදුළු එනවා (නි)
සංජීව, සේනක, මේ කථාවත් සමග ඔය දෙදෙනාගේ ආත්ම චරිත කථනය කියවලා මම හදවතින්ම හැඩුවා. ඇත්තෙන්ම මවු සෙනහසේ ගුණය කියා නිමකළ නොහැකිය. (නි)
අපේ සිංහල පුතුන් සහ දෙවි මව්වරු ගැන ගොඩක් සතුටු වෙනවා. කියවනකොට සතුටු කඳුලුත් එනවා. අපේ වටිනාකම් නිමක් නැහැ. එදත් අදත් එහෙමයිලු. අපේ කතාවත් අම්ම ගැන ඔය වගේ තමයි. ජීව මාන දෙවිවරු ඔබ වේ. ඔබ සැමට සුභ දවසක්.(නදී)
මටත් මගෙ අම්ම මටක් වුණා. මගේ අම්මා මම සාමාන්‍ය පෙළ සමත් වුන දවසේ සතුටට දෙන්න දෙයක් නැතුව පාන් කාලක් කඩෙන් ගෙනත් දුන්නා. අපි හරිම දුප්පත් මම පොඩි කාලේ. දැන් මම පිට රට උසස් රැකියාවක් කරලා අම්මටත් වියදම් කරනවා. මට ඒ සිද්දිය කවදාවත් අමතක වෙන්නේ නැහැ. අම්මා අපිට සාරි උකස් කරලා කන්න දීලා තියනවා. (නි)
මවක් වශයෙන් දරුවාට දිය යුතු හොදම දායාදය ඉගැනිමයි. දරුවාගේ ඉගැනිමට මොනතරම් කැපවිමක් කරන මවක් ද? (නි)
ඒ අම්මා හරි (නි)
ඉරිදා පොළ ලග පළතුරු විකුණා, පුංචි කාලේ අපේ දිවි ගෙවුනා. කෝම්පිට්ටු හැඩ මැටිගුලියේ මැවුනා. රස නැති වැලිබත සෙල්ලම් ගෙයි පිසුනා. දිලිදු අපේ දෙනෙතට කදුළු ගෙනා බඩගිනි රකුසා උරණ වුනා.මවකගේ වැරහැලි සුවද ගෙනා රෙදිකඩ මගේ නිදි යහන වුනා.මව් පිය දෙගුරුන් ඔවදන් රකිමින් විදු ආලෝකෙන් නැණ ඇස පාදා දිලුදු අදුරු දුරලා ,හිනැහෙමි සැනසෙමි අම්මා නිසා (නි)
අම්ම කළ දේ හරි, අහපු ප්‍රශ්න වලට විතරක් උත්තර නොදී ඉන්නවා නම්. ශිෂ්‍යත්ව ප්‍රශ්න වලට අම්මලට පිළිතුරු දන්නෙත් නැහැනේ. එච්චර අමාරු ඒවා අහන්නේ. (නි)
අම්මලාගේ බලාපොරොත්තුව දරුවන් වුවත්, බොහෝ තාත්තලාගේ බලාපොරොත්තුව බෝතලේ (නි)
කරුණා සුවඳ තවරාළු හද පියුමේ. උතුම් මවක්. ඒ වගේම සංජීවගේ විස්තරෙත් ඉතාම අගය කරමි.(නදී)
ඉන්දික තමුසේ යන්නේ හරහටමනේ. කිසිම දෙයක හොද පැත්ත පෙනෙන්නේ නැහැ. මම හිතන්නේ මොලේ අවුල් (ස)
අගනා මහිමය හදුනනු පිණිස නැත යෙදුම් .. නොමියෙන ගුණයට කරමිද කෙලෙස මා පිදුම් ... හදබැතිමල් පුදමි වැද දොහොතදී මුදුන් .... අම්මේ ඔබමයි මා සසරෙහිදී දුටු බුදුන් ... (නි)
බෙන්තරගගෙන් එහා වුනත් මෙහා වුනත් අම්මා කියන්නේ අම්මා.මෙලොව තිබෙන අමිල නිමල මදුර සැප එපා, උදය සවස වැලද වදිමි අම්මේ නුබේ දෙපා (නි)
මේ අම්මා කළේ ඉතා සුදුසුම දේ. (නි)
මගේ අම්මා නම් මට ශිෂ්‍යත්වයට බල කරලා පාඩම් කෙරෙව්වෙ නැහැ.එයත් ඒකාලෙ 5 වසරට ඉගැන්නුවේ.එයා මට වඩා එයාගෙ ඉස්කෝලෙ ළමයින්ට සල්ලි ගන්නෙ නැතුව පංති කළා..ඒ පිනෙන් තමා මාත් අද ගොඩ ගියේ. (අ)
දිසානායක, සජිත්, මීස, දරු සෙනහස දන්නා අම්මෙක් වන මම කීවේ නැහැ ඒ අම්ම වැරදි කියලා. නමුත් දරු කැක්කුමට වඩා පාසලේ වැඩ ටික තමා අම්මට ඕනවෙලා තියෙන්නේ. මම නම් මගේ දරුවා අසනීප උනානනම් ලගින් හෙල්ලෙන්නේ නැහැ. ඒක තමා දරු සෙනහස, දරුවනේ හිතන්න පොඩ්ඩක්.(නදී)
මවු සෙනහසේ අරුත ලොවට පෙන්වූ මෙවන් දේවල් වලට 'මෙන්න මිනිස්සු' යැයි තීරයක් සම්පාදනය කලොත් හොද නැද්ද? (නි)
රන්ජනී ඔයා ඔය විදිහට හිතන්න එපා කවදාවත්. ඔයා හිතන දේවල් වෙන්නේ නැහැනේ.(නදී)
මේවා බලලා අම්මලා ඔක්කොම ශිෂ්‍යත්ව උපකාරක පන්තිය වලට යන්න ගනියිද දන්නෙ නැහැ (නි)
ඒ අම්මට ආයුබෝවේවා , රංජනී මෙතන වැරදි ආදර්ශ නැහැ. හැම ළමයම හැම වෙලාවේම රෝගාතුර වෙන්නේ නැහැ. මෝඩ කතා දාන්න එපා කොල්ලෝ.(නදී)
රංජනී අනේ කරුණාකරලා මේ සිදුවීමට වැරදි අර්ථ කතන දෙන්න එපා. මොනවා කලත් ඒ අම්ම ඒ තමයි මවකගේ උත්තරීතර සෙනෙහස ඔබත් මවක්.(නදී)
මව් සෙනෙහසට සමාන කිසිවක් නැහැ. තමන්ගේ දරුවන් වෙනුවෙන් ඕන දෙයක් කරන්න අම්මල ලෑස්තියි.(නදී)
අම්ම දරුවන්ට තියන ආදරේට මේ දේ කරලා තියෙන්නේ. නමුත් වැරදි ආදර්ශයක් අනිත් දරුවන්ට දුන්නේ. තවත් දරුවෝ ලෙඩ උනාම අම්මල ඔය දේ කරොත් මොකෝ වෙන්නේ? ගුරුවරයාට තිබුනා එදිනට නියමිතිව තිබු වැඩ ටික අම්මට දෙන්න.(නදී)
අම්මා, ඒ තමයි මුළු ලෝකෙම ලස්සනම වචනය. ඒ තමයි අම්මා කෙනෙක්ගේ ආදරය. මම කතාවක් කියනම් 1988 අවුරුද්ද ඒ වෙනකොට රටේ කලබල කාරී තත්වයක් නිර්මාණය වී තිබුන කාලයක් මගේ පියා හමුදා නිලදාරියෙක් ගෙදර අන්න බැරි උන එහෙන් උතුරේ මෙහෙයුම් මෙහෙන් ජේ.වී.පී ප්‍රස්න. රැට නිදා ගත්තේ කැලේ. උදේට ගෙදර එනවා. කන්න දෙයක් නැහැ අපි 5 දෙනාට බත් උයල අම්ම දන්කුඩ කනවා. ඒ තමයි අම්මා. හැම අම්මෙක්ම ඒ වගේ තමයි.(නදී)
මවක් වසයෙන් දරුවාට දිය යුතු හොදම දායාදය ඉගනිමයි. දරුවගේ ඉෙගනිමට මොනතරම් කැපවිමක් කරන මවක් ද ...(ස)
එතකොට උණ හැදුන දරුවා බලා ගත්තේ කව්ද? (නි)
අම්මා ආදර්ශමත්.ඇගේ පැතුම් ඉටුවේවා. (නි)
අම්මාව යැව්වා නම් හරි විභාගයටත්. (නි)
ඒ ගුරුවරයා සිනහාසුනේ අම්මාට අපහාසයට නෙවෙයි. මේ වගේ උතුම් අම්මා කෙනෙක් දැකගන්න ලැබුණු එකට සන්තෝෂයෙන්.(නදී)
ගුරුවරයා මේ දිහා හිනවවෙන් බලන්න දෙයක් වුනේ නැහැ නේද? අම්මා කෙනෙක් කියන්නේ එහෙම තමා. මේක හොඳ ආදර්ශයක් අනික් අම්මලාට. (නි)
අම්මලා දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැපවෙලා වැඩකරනවා. අද ගොඩක් පහේ ශිෂ්‍යත්වේ දරුවන්ගේ අම්මලා ළමයා පතියේ හිටියත් මේ වැඩේ කරනවා. අම්මා නැවත ගෙදර ගිහිල්ලා මේ දේවල් උගන්වනවා. මම මේ දේවල් හැමදාම දකිනවා. ඒක හොද ආදර්ශයක්. දෙමාපියෝ ළමයි වෙනුවෙන් කැපවෙන්න ඕනෑ (නි)
අම්මගේ දෙපා මුල දිව්‍යලෝකය මැවෙනවා කියලා ඔයාලගේ ආගමේත් කියනවා නේද ෂෙරිෆ්? අපි කියන්නේ ගෙදර බුදුන් අම්මා කියලා. අපේ රටේ අම්මාවරුන්ට තියෙන රැකවරණය නම් හොදට අඩුයි. අම්මලා වියපත් වුනාම ගෙවල් වල තනි නොකර රැක බලාගන්න වැඩ පිළිවෙලක් තියෙනවා නම් කොයි තරම් හොදද? (නි)
මම දරුවන් දෙදෙනෙකුගේ අම්මා කෙනෙක්. මේ අම්මාගෙන් අපිටත් කොච්චර හොද දෙයක් ඉගෙන ගන්න තියෙනවද? (නි)
ගයාන් ,සේනක,සංජීව වැන පුතුන් තව තවත් බිහිවේවා අපේ මව් රටට.(නදී)
මේ පුවත කියවපු ගමන් මට හැඟුනේ අම්මා කෙනෙක්ගේ හොඳ ක්‍රියාවක් කියලා.ප්‍රතිචාර දුටුවම ඒක තේරෙනවා. තමන්ගේ හැම දෙයක් ම කැප කරන්නේ මවුවරු ආපිට කිසිම දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ.මමත් දුක්විඳලා යම් තත්වයකට පැමිණි කෙනෙක්. මට පුළුවන් විදිහට අනිත් අයටත් උදව් කරගෙන ජීවත්වෙනවා. (නි)
මේ අම්ම කොච්චර හොඳ අම්ම කෙනෙක්ද ? (ස)
පන්තිය කල ගුරුවරයාටත් මගේ ප්‍රණාමය. (නදී)
සංජීව ඔයා වාසනාවන්තයෙක් අම්මා කියන්නේ අම්මා. (නදී)
එකනේ අම්මට දෙවෙනි බුදුන් කියන්නේ. උදාර මිනිස්සු කියලා එකක් හදල මේවගේ වැඩ දාන්න. මින්නිස්සුන්ගේ ගුණදම් වැඩි වෙන්න එක හේතුවක් වෙයි. එක පත්තරේටත් පිනක් වෙයි. (ස)
උදාර මාතාවක් පොඩි පුතුට ජයෙන් ජයම වේවා !!!! (ස)
ඕක මොකක්ද? හුගක් පන්ති වල බාගයක් ඉන්නේ අම්මලානේ.(ස)
ඒ අම්මගේ ආසාව ඉෂ්ට වෙන්න කියලා මම සුභ පතනවා (නි)
සංජීව, මමත් සංජීව. ඔයාගේ වචන ටික මසුරන් වටිනවා. අම්මල එහෙම කරන්නේ දරුවන්ට තියෙන අසීමිත ආදරය නිසා, දෙවෙනි බුදුන් ලෙස ලොවම උවම් කල.. ලොවෙහි උතුම් ලඳ....අම්මා...අම්මා... (ස)
අම්මල දුක් ගන්නේ පුතුන් හදන්ට, පුතුන් රජුන් කරන්ට.(ස)
අම්මලා දරුවන් වෙනුවෙන් මොනවාද නොකරන්නේ? (නි)
මේ අම්මා කොච්චර හොඳ අම්මා කෙනෙක්ද? (නි)
ඉතාම සංවේදී සිදුවීමක්. මේ තමා නියම මව් සෙනෙහස. දරුවන් වෙනුවෙන් ඕනෑම පරිත්‍යාගයක් මව්වරුන්ට කල හෑකියි. ඒකනෙ ගෙදර බුදුන් අම්මා කියන්නෙ.(නදී)
සංජීව, ඔයාගේ කතාව අහලා මට අපේ අම්මත් මතක් වුණා. මගේ අම්මා ගුරුවරියක්. මම පහල පන්තිවල ඉදිද්දි අම්මා හැම වාරයකදීම අම්මලාගේ ඉස්කෝලේ ප්‍රශ්න පත්තර වල කොපියක් ගෙදර ගෙනැල්ලා මට බලකරනවා කරන්න කියලා. මම උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ මුළු ලංකාවේම කඩදාසි හිඟයක් තිබුනා. අපේ අම්මා පහුගිය වාර පරීක්ෂණ වල ළමයින්ගේ උත්තර පත්තර වල නොලියපු පිටු ඔක්කොම ගලවාගෙන මට ගෙනත් දෙනවා කටු සටහන් කරන්න. අම්මයි තාත්තයි දවල්ට රෑට මඥ්ඥොක්කා තම්බලා කාලා එයාලගේ මුළු පඩියම මගෙයි අයියලාගෙයි හොස්ටල් ගාස්තු වලට වියදම් කළා. ඒ හන්දා අපි ඔක්කොම අධ්‍යාපනයේ ඉහලම උපාධිය ගත්තා. මොන අම්මත් කියන්නේ කරන්නේ ඒ වගේ උතුම් දේවල්. අර අම්මගේ පරමාර්ථයත් ඉතාම උසස්. ඒ පුතත් කවදා හරි උගතෙක් වෙලා අම්මගේ අසාවන් ඉටු කරයි කියලා හිතනවා. (නි)
කොහොමත් ඉතින් පාසලේ ඉදන් ශිෂ්‍යත්වය ඕලෙවල් ඒ ලෙවල් වෙනකම් අම්මා ඉස්කෝලේ ගේට්ටුව ගාවනේ කාලේ ගෙවන්නේ?අනික ඉතින් ළමයට වඩා ශිෂ්‍යත්වය ගැන උනන්දුව තියෙන්න අම්මලටනේ (නි)
මට මගේ ආදරණීය අම්මව මතක් උනා. 1985 මගේ අම්මත් මේ දේම කලා. ගමේ මිනිස්සු මගේ අම්මට පිස්සි කියල නමක් දැම්මා. මම ශිෂ්‍යත්වය පාස් උනා හොදින් ඉගෙන ගත්තා. දැන කාටවත් අත නොපා ලොකු වැටුපක් අරන් ජීවත් වෙනවා. මගේ අම්මට පිස්සු කියපු මිනිස්සුන්ගේ පුත්තු දුවල හිඟ නොකා හිඟ කනවා. හොඳට හෝ නරකට ළමයි හදන්නේ අම්මලා. මම වාසනාවන්තයෙක්.(නදී)
ශිෂ්‍යත්වේ කියන්නේ අම්මලාගේ විභාගයනේ.(නදී)
ශිෂ්‍යත්වේ කියන්නේ අම්මලාගේ විභාගයනේ.(නදී)
මෙතන තිබෙන්නේ හිමිකම, අවශ්‍යතාවය, වගකීම, යුතුකම, සහ දාරක ප්‍රේමය යනාදී දේවල් මිසක් වැරදි දෙයක් නොවෙයිනේ.(නදී)
ඕන කෙනෙකුට තේරෙනවානේ අම්ම ගියේ පාඩම් ටික අරන් එන්න පුතුට උගන්වන්න.උදාර මාතාවක්.... (නි)
ඒකේ වරදක් නැහැනේ.(නදී)
අම්මා කිව්වොත් එක්කෙනයි බොරු නැති.(නදී)
බොහොම හොඳ ආදර්ශවත් අම්ම කෙනෙක්. කොහොම හරි දරුවන් ගොඩ දාගන්න ඕනෙනේ.(නදී)
නියම අම්ම කෙනෙක්, මේක මගේ දරුවෙකුට උනොත් මම ගෙදර හිටියොත් මමත් පන්තියට යනවා. (ස)
මොකද මේ අම්මා විභාගය ලියනවද ? (නි)
අම්මා කියන්නේ...... කියන්න වචන නැහැ. (නි)
නැතුව වෙන මොනා කරන්නද ගන්න ගාන සහ තියන තරගය හැටියට.(ස)
මටත් මතක් වෙනවා මගේ අම්මව, මමත් හරිම වසනවන්තයි. මගේ අම්මත් මේ වගේමයි. අම්මට දීර්ගායුෂ! (ස)
මගේ නැන්දත් මේ දෙයම කළා මට මතකයි,එයාගේ පුතා වෙනුවෙන්. අවසානයේදී මගේ නැන්දගේ පුතා ලංකාවෙන්ම 6 වෙනියා වුනා විභාගෙන්. (නි)
මීට වඩා මේ ක්‍රියාවට වැදගත්කමක් දෙන්න ඕනේ.(නදී)
ඇයි මොකක්ද මේකේ ඇති වැරද්ද ? (නදී)
වචන නැහැ කියා නිම කරන්න.(නදී)
අපේ මිනිස්සුන්ගේ ලැජ්ජාව නිසා තමා හෙන ගහල තියෙන්නේ.මේක හොඳ ආදර්ශයක්.(ස)
යතාර්ථවාදී සිදුවීමක්.ඒ' අම්මටත්, ඒ ගුරුවරයාටත් මගේ ප්‍රණාමය. අම්මලාගේ කැපවීම එයින්ම පේනවා. ඔය වගේ අම්මල ලබන්නේ වාසනාවන්ත දරුවෝ.(ස)
ඔන්න අම්මලා. ඒකේ ඇති වරදකුත් නැහැනේ (නි)
ඉතා හොද අම්ම කෙනෙක් .ඉන්දික කියන අම්මල නෙවේ මේ.(ස)
බොහොම හොඳ අම්ම කෙනෙක්! දරුවෝ කවදාහරි ලොකුමහත් වූ පසු දෙමව්පියන්ට ඉතා ඉවසීමකින් බුදුන්ට මෙන් සැලකිය යුතුයි.(ස)
දෙවියෝ මේවට නම් සාක්කි කියන්නේ නැහැ ආශීර්වාද නම් කරාවි.(ස)
සංජීව වගේ පුතෙක් ලබන්න එයාගේ අම්මත් ,ඒවගේ අම්මෙක් ලබන්න සංජීවත් වසනා කරන්න ඕනේ.(ස)
අම්ම කියන්නේ ගෙදර බුදුන් ඇය කරලා තියෙන්නේ උතුම් ක්‍රියාවක් අද අපි හොදින් සමාජෙට මුහුණ දෙන්නේ අපේ අම්ම නිසා .......ඒ නිසා අම්මට හොදින් සලකන්න.(ස)
ගුරුවරයාට හිනාගියා උනාට මටනම් ඇස්වලට කදුළු ආවා."' මිහිමඩලේ අදුරුපෙතේ දිය උල්පත අම්මා වලාකුලින් මරුකතරට වහින වැස්ස අම්මා '.(ස)
සංජිව වගේ හිතන්න, කියන්න, ලියන්න, ඔබගේ පුතත් වාසනා වන්ත වේවා! අම්මේ ඔබත් එතරම් වාසනා වන්ත මවක් වේවා ! (නදී)
මටත් කියන්න හිතෙනවා. උදාර මාතා.(නදී)
ඉන්දික කියන අම්මල නෙම්යි මේ. අසීම් කියන එකත් හරි.(නදී)