විදුහල් බිත්තියේ අසැබි වචන ලියූ අයකු සොයා ගුරුවරයෙකු අපූරු උපායක් යෙදීය.
විද්‍යාලයේ විනය භාර ගුරු මණ්ඩලය දිනපතා ක්‍රියාත්මකව සිසුන්ගේ විනය ගැන සැලකිලිමත් වෙමින් සාර්ථක වෙනසක් සිදුකරද්දී ශිෂ්‍යභට ඛණ්ඩ භාර ගුරුමහත්වරු එම කටයුත්තට නායකත්ත්වය ලබා දෙමින් සිටියහ.
ඒ අනුව තුනටියෙන් පහළට එල්ලා වැටෙන කලිසම් හැඳ සිටි ඇතැම් සිසුන්ගේ කලිසම් වාටි ලෙහාදමා යථාතත්ත්වයට පත් කළ අතර සිසුවියන්ගේ කොට ගවුම් ආදියේ වාටි ලෙහා දණහිස වැසෙන සේ සැකසීම ගුරුවරියන් විසින් සිදු කරනු ලැබීය.
කුඹුරුයායේ නියර මෙන් මැදින් ඉතිරි කර කොණ්ඩය කපා තිබූ උසස් පෙළ පන්ති නියෝජනය කරන සිසුන්ට මෙම නීතිය එකසේ බලගැන්වීම සිදුවීම නිසා සතියක් ඇතුළත විනයක් ඇති කිරීම පහසු විය.
මෙසේ දිනයක් දෙකක් යද්දී දිනක් උදෑසන විද්‍යාලයේ බිත්තියක සිසුවකු තවත් සිසුවියකගේ නමට සම්බන්ධ කළ පරුෂවචන සමූහයක් දක්නට ලැබිණි.
ශිෂ්‍යනායකයින් දුටු සැණින් ඒවා මකා දැම්මේය. නමුත් මේවා ලියූ කෙනා සොයා දඬුවම් ලබා දිය යුතුය. ඒ සඳහා සාහිත්‍ය ගුරුවරයා උපායක් ක්‍රියාත්මක කළේය.
එදින සාහිත්‍ය ගුරුවරයා සැක කටයුතු සෑම පන්තියකටම ගියේය.
ගොස් මෙවැනි කවියක් සිසුන් ඉදිරියේ හඬ නගා කීවේය.
පව් කම් කළොත් කළ කම් පළදේ
හුරතල් කටින් නරකක් නොකියනු
වේගය කැරකෙන මද නල සිඹ සිඹ
පළමුව ඉවසමු නොහැකි නමුත්....
අනතුරුව එය ඔවුන්ට ලියා ගන්නා ලෙසත් කීවේය.
ලියූ සියලු කවි ඔහු විසින්ම පරීක්ෂා කොට රතුපෑනෙන් හරිය බැගින් දැම්මේය. එක් කවියකට නිල් පෑනෙන් හරියක් දමා ඒ සිසුවාද කාර්යාලයට කැටුව ගියේය.
විදුහල්පතිතුමා.... මෙන්න උදේ අර හපන්කම කරපු හාදයා මෙයාගෙන් නිදහසට කරුණු විමසලා කැමැති දෙයක් කරන්න.
සාහිත්‍ය ගුරුවරයා සැඟවුණු අකුරු වැලකින් කවියක් නිමවා පරුෂ වචන ලියූ සිසුවාගේ අත් අකුරු පරීක්ෂා කර තිබූ බව ගුරු මණ්ඩලයේ ද වටහාගෙන තිබුණේ කිහිප දෙනකු පමණි.
(වලල්ලාවිට විශ්ව ගැමුණු ප්‍රියංකර)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සු.නි.හේ: ඔබට තමන්ගේම රාජකාරිය මොකක්ද කියලා හරියට වටහාගැනීමට නොහැකි වුණ බව මෙයින් පේනවා. දරුවන්ට යහපත් මාර්ගය කියා දෙන්න ඕන වගේම එහි ප්‍රධාන අංගයක් වූ විනයානුකූලව කටයුතු කිරීමට පුරුදු කිරීමත් පලමුව ගෙදරින් දෙවනුව පාසැලෙන් සිදුවිය යුතුයි. එය පොලිසිවල කාර්‍යභාරයක් ලෙස හඳුන්වනවා නම්, ඔබගේ ගුරුසේවයේ ගුණාත්මකතාවය පිළිබඳව ප්‍රශ්ණයක් නේද? ඔබගේ අදහස ඔබගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන් හෝ දුදරුවන් සමග සාකච්චා කර ඔවුන් ඔබේ අදහස හා එකඟ වෙනවද බලන්න. (ර)
සුජිත් නිශාන්තගේ අදහස කාටවත් වැටහිලා නැහැ. ගුරුවරයෙකු වශයෙන් එම වරද අල්ලගන්න කරපු ක්‍රියාව නිවැරදියි. නමුත් විනය යනු පුද්ගලයකු තුළ අභ්‍යන්තරයේ ඇති කළ යුත්තක් බවත් බලහත්කාරි ක්‍රියා කරන්නේ ශික්ෂණ විද්‍යාවට අනුව ක්‍රියා නොකරන පාසල්වල බවත් ඒ සදහා වෘත්තීමය ක්‍රියා මාර්ග ඇති බවත් සුජිත්ගේ අදහස වන්නේ. (බ)
සුජිත් නිශාන්ත ගුරුවරයෙක් නම් වෙන්ඩ බෑ.මොකද ගුරුවරු කවදාවත් ඔහොම හිතන් නෑ.මෙම ගුරුවරයා බුද්ධිමත් අයුරින් ඉතා සාර්ථකව ප්‍රශ්නය විසදලා තියෙනවා. මෙවැනි නරුම ළමයි පාසලේදීම හැදුවේ නැත්නම් මුළු ලෝකෙටම විනාසයක්. සුජිත් නිශාන් වගේ අය තමා උසස්පෙළ ලමින්ට ටැබ් දෙන්න කියන්නේ. (බ)
මෙම ගුරුවරයා බුද්ධිමත් අයුරින් ඉතා සාර්ථකව ප්‍රශ්නය විසදලා තියෙනවා. මේ වගේ ගුරුවරු ඉන්න එකත් ලොකු සතුටක්. (බ)
සිසුවියකගේ නමට සම්බන්ධ කළ පරුෂවචන සමූහය මොනවාදැයි මේ කවිපෙළ කියවීමෙන් තේරුම්ගත හැකිදැයි බලන්න. හැකිනම් ඔබත් මේ වයස පසුකල දඩබ්බරයෙක්. සතුටුවෙන්න අද ඉන්නා තැන ගැන. (ර)
දිලන්තගේ කියමන 100%ක් හරි. මේ සුජිත් නිශාන්ත ඇත්තටම ගුරුවරයෙක්ද මන්දා (නි)
මෙවන් අවස්ථාවලදී ගුරුවරුන් නුවණක්කාරව කටයුතු කළයුතුයි (නි)
සුජිත් නිශාන්තගෙන් ඉගෙනුම ලැබූ දරුවෝ ඉන්නවා නම් ඔවුන්ට දෙවියන්ගේම පිහිටයි. කොහෙද යන්නේ මල්ලේ පොල්. (නි)
මේ පාසල් ගුරුවරයාගේ ක්‍රියාව අගය කල යුතුයි. මේවගේම දෙයක් 1959 මගේ පන්තියෙත් උනා අපේ පන්තිය බාර ගුරුවරයා වැරදි කල ළමය අල්ලගත්තෙත් ඔහොමයි. (ර)
අපේ කාලයේ ෂර්ලොක් හෝම්ස් කථාවක්.(ම)
දිලන්ත, ඔයාගේ කීමට මමත් එකග වෙනවා. මේ ගුරුතුමන් අද ඔය ලමයව හොඳ මාර්ගයට නොගත්තොතින්, අනාගතයේ සමජගතවෙන මේ ළමයාගේ හැසිරීම මීට වඩා නරක වෙන්න පුළුවන්. (ර)
සුජිත් නිශාන්තත් පව්. එයාගෙන් ඉගෙනගන්න ළමයිනුත් පව්.... (නි)
නැණවත් ගුරුවරයෙක් (නි)
සුජිත් නිශාන්ත හේවගේ වගේ හැමදේකම වැරදි දැකලා පොර වෙන්න කැපී පෙනෙන්න දඟලන අයත් ඔය ඉන්නේ... අපි කරපුවට ගුරුවරු ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් අපි අද හිරේ ..... (නි)
පව් නේද සුජිත් නිශාන්ත ගෙන් ඉගන ගන්න ළමයි (බ)
මේ පාසල් ගුරුවරයාගේ ක්‍රියාව අගය කල යුතුයි. මෙවැනි නරුම ළමයි පාසලේදීම හැදුවේ නැත්නම් මුළු ලෝකෙටම විනාසයක්. . (ර)
ගුරුවරු පුහුණුවෙලා ඉන්නේ දරුවන්ට යහපත් මාර්ගය කියා දෙන්න මිස පොලිසිවල කාර්යභාරය පාසල් ඇතුළේ කරන්න නෙවෙයි. මේක තමන්ගේ රාජකාරිය මොකක්ද කියලා හරියට වටහාගැනීමට නොහැකි වුණ අවස්ථාවක්. ගුරුවරයා පාසල තුළ හරියට තමන්ගේ රාජකාරිය ඉටු කරනවා නම් කවදාවත්ම මේ වගේ දේවල් පාසල් ඇතුළේ සිද්ධ වෙන්නේ නැහැ. මමත් ගුරුවරයෙක්. ගුරුවරු නියම උගත්කම ලබාගෙන තමන්ගේ ශිෂ්‍ය ප්‍රජාවටත් ඒක නිවැරදිව ලබාදෙනවා නම් කවදාවත් තමන්ගේ ගෝලයෝ නරක විදිහට හැසිරෙන්නේ නැහැ (නි)
වෙන්න බැරි දෙයක් (බ)