දකුණු පළාතේ ප‍්‍රකට දේවාලයක වාර්ෂික පෙරහර පැවැත්වෙන උත්සවයට පසුගිය දා ඔහු ගියේ වන්දනා නඩයක්ද සමගය. අන් අයට කලින් ම පූජා වට්ටි කඩයකට ගිය ඔහු පූජා වට්ටියක් මිලට ගත්තේ සිය මුදල් පැකට්ටුවෙන් රුපියල් හාරසියයක් රැගෙන ය. අනතුරුව දේවාලයට ගිය ඔහුට දැනුණේ සිය මුදල් පසුම්බිය සාක්කුවේ නැති බවය. “මගේ පර්ස් එකට ගහලා” බිරියට පමණක් කී ඔහු අධික ලජ්ජාව නිසා අන් අයට නොකියන ලෙසට ද කීය. එහි රුපියල් අටදහසක් තිබිණි. ආපසු එන ගමනේදී වන්දනා නඩයේ සිටි අයකු හැම දෙනාටම විශේෂ තේ පැන් සංග‍්‍රහයක් කිරීමට ප‍්‍රධාන පෙළේ හෝටලයක් ළඟ වාහනය නැවැත්වීය. සංග‍්‍රහයෙන් පසු ඔහු කීවේ අපූරු කථාවකි. ”මම පූජා වට්ටියක් ගන්න ගියාම පුංචි දරුවෙක් පෙන්නුවා බිම වැටිල තිබුණ පර්ස් එකක්. ඒකෙ කාගෙවත් හැඳුනුම්පතක් තිබුණේ නැහැ. සල්ලි රුපියල් අටදාස් දෙසීයක් තිබුණා. අයිතිකාරයා හොයන්න බැරි නිසා මම සාක්කුවේ දාගත්තා. මේ සංග‍්‍රහය ඒකෙන්” කියා මුදල් පැකට්ටුව පෙන්වූ විට එහි හිමිකරුට දෙවියන් සිහිවුණා ලූ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අසුලාගත් මුදල් පසුම්බියෙන් වන්දනා නඩයට දන්සලක් දීලා
ශාන් Saturday, 18 August 2012 07:05 AM
මෙයා සල්ලි වියදම් කරාට පිනක් ලැබෙන්නේ නෑ .(ස)
අසංක Monday, 20 August 2012 03:32 PM
ලැජ්ජාවට ජාති ජාතිත් පිං..(ස)
අමිල කටුනායක Thursday, 16 August 2012 09:46 PM
දෙයියෝ තමයි දන්නේ හරි විස්තරේ. (නි)
නදීෂා කල්හාරි ජයසුන්දර Monday, 27 August 2012 09:11 PM
මාර පින් තමයි කරන්නේ (අ)
සරත් Thursday, 16 August 2012 10:20 AM
කමක් නෑ දෙන්නටම පින් නේ... (ස)
සේනානායක Thursday, 16 August 2012 04:02 PM
ඔය ඇත්තමද ? (ස)
වරුණ Thursday, 16 August 2012 10:49 AM
ඕක තමයි කියන්නේ පර්ස් එකේ නමයි ලිපිනයයි ලියලා කොලකෑල්ලක් දාලා තියාගන්න කියලා.. (ස)
ලලිත් Thursday, 16 August 2012 11:13 AM
පින පොකට්ටුවේ..... (ස)
සහන් Tuesday, 21 August 2012 06:10 AM
කමක් නැහැ. පින් අතේ වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)
හරීන් Wednesday, 29 August 2012 07:33 AM
හිත හොද මනුස්සයෙක්. (නි)
අසේල Friday, 17 August 2012 03:08 AM
මෙහෙමත් පින් කරන මිනිස්සු? (නි)
දයා සෞදි Thursday, 16 August 2012 12:32 PM
දෙන්නගෙම හිත් හොදයි.. පිනත් සම සේ බෙදිලා එයි වෙලාවට.. (නු)
වෙනුර Thursday, 16 August 2012 12:34 PM
ඉතිං ඒ මනුස්සයාට තිබුණනේ ඒක බස් එකේ හිටපු අයගෙන් අහන්න..?? හොර හිතනේ..(නු)
ප්‍රවීන් මැනිලා Thursday, 16 August 2012 12:39 PM
ඔන්න.. ඔන්න.. නැති උනානම් ලැජ්ජාවෙ අනිත් අයට නොකීවට කමක් නැහැ.. පසුමිබිය නැතිවුනාම මොකටද ලැජ්ජා වෙන්නේ.. ඕක අනිත් අයට කියන්න...!!හරිම අඥානයි..!!(නු)
ගාල්ලගේ Friday, 17 August 2012 07:40 AM
වෙනුර, ඇයි ඉතින් ඕක නැති වුණා කියන්න ලජ්ජා වෙන්නේ? එයාගේ ලැජ්ජාව ට වන්දිය ගෙවලා. අහුලපු මිනිහගේ හිත කියවන්න මට බැහැ. නමුත් ඔහු ඇත්ත කියලා තිබෙනවා . (නි).
කපිල Friday, 17 August 2012 10:37 PM
පින දෙන්නටම බෙදිලා යනවා. (නි)
සේනානායක Thursday, 16 August 2012 12:59 PM
පසුම්බිය නැති වුණාම අධික ලැජ්ජාවට පත්වෙන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නෑ. (නු)
සජී Thursday, 16 August 2012 01:04 PM
අනේ අපොයි ලැජ්ජා වෙන්න ඕන දේවල් වලට නෙමෙයි මේ අය ලැජ්ජා වෙන්නේ.. වන්දනාවෙ ගියාට හොර හිත නම් නැති වෙලා නැහැ..!!(නු)
ඩැනියල් Saturday, 18 August 2012 08:19 PM
දැං ඉතිං කරන්න දෙයක් නැහැ.. එ් වෙලාවෙ පොඩ්ඩක් නඩේට කියලා තිබුණනම් ඉවරයිනේ...!!(නු)
හර්ෂ Friday, 17 August 2012 09:17 AM
මේක ඇත්තක්ද ??(ස)
දාස Saturday, 18 August 2012 08:19 PM
පුදුම ලැජ්ජාවක්නෙ..!!(නු)
ශාන් Saturday, 18 August 2012 06:17 AM
හොරු එක්ක වන්දනාගමන් ගියහම ඔහොම වෙනවා..(ස)