දකුණු පළාතේ ප‍්‍රකට දේවාලයක වාර්ෂික පෙරහර පැවැත්වෙන උත්සවයට පසුගිය දා ඔහු ගියේ වන්දනා නඩයක්ද සමගය. අන් අයට කලින් ම පූජා වට්ටි කඩයකට ගිය ඔහු පූජා වට්ටියක් මිලට ගත්තේ සිය මුදල් පැකට්ටුවෙන් රුපියල් හාරසියයක් රැගෙන ය. අනතුරුව දේවාලයට ගිය ඔහුට දැනුණේ සිය මුදල් පසුම්බිය සාක්කුවේ නැති බවය. “මගේ පර්ස් එකට ගහලා” බිරියට පමණක් කී ඔහු අධික ලජ්ජාව නිසා අන් අයට නොකියන ලෙසට ද කීය. එහි රුපියල් අටදහසක් තිබිණි. ආපසු එන ගමනේදී වන්දනා නඩයේ සිටි අයකු හැම දෙනාටම විශේෂ තේ පැන් සංග‍්‍රහයක් කිරීමට ප‍්‍රධාන පෙළේ හෝටලයක් ළඟ වාහනය නැවැත්වීය. සංග‍්‍රහයෙන් පසු ඔහු කීවේ අපූරු කථාවකි. ”මම පූජා වට්ටියක් ගන්න ගියාම පුංචි දරුවෙක් පෙන්නුවා බිම වැටිල තිබුණ පර්ස් එකක්. ඒකෙ කාගෙවත් හැඳුනුම්පතක් තිබුණේ නැහැ. සල්ලි රුපියල් අටදාස් දෙසීයක් තිබුණා. අයිතිකාරයා හොයන්න බැරි නිසා මම සාක්කුවේ දාගත්තා. මේ සංග‍්‍රහය ඒකෙන්” කියා මුදල් පැකට්ටුව පෙන්වූ විට එහි හිමිකරුට දෙවියන් සිහිවුණා ලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනුර, ඇයි ඉතින් ඕක නැති වුණා කියන්න ලජ්ජා වෙන්නේ? එයාගේ ලැජ්ජාව ට වන්දිය ගෙවලා. අහුලපු මිනිහගේ හිත කියවන්න මට බැහැ. නමුත් ඔහු ඇත්ත කියලා තිබෙනවා . (නි).
හිත හොද මනුස්සයෙක්. (නි)
මාර පින් තමයි කරන්නේ (අ)
කමක් නැහැ. පින් අතේ වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)
ලැජ්ජාවට ජාති ජාතිත් පිං..(ස)
පුදුම ලැජ්ජාවක්නෙ..!!(නු)
දැං ඉතිං කරන්න දෙයක් නැහැ.. එ් වෙලාවෙ පොඩ්ඩක් නඩේට කියලා තිබුණනම් ඉවරයිනේ...!!(නු)
මෙයා සල්ලි වියදම් කරාට පිනක් ලැබෙන්නේ නෑ .(ස)
හොරු එක්ක වන්දනාගමන් ගියහම ඔහොම වෙනවා..(ස)
පින දෙන්නටම බෙදිලා යනවා. (නි)
මේක ඇත්තක්ද ??(ස)
කමක් නෑ දෙන්නටම පින් නේ... (ස)
මෙහෙමත් පින් කරන මිනිස්සු? (නි)
දෙයියෝ තමයි දන්නේ හරි විස්තරේ. (නි)
ඔය ඇත්තමද ? (ස)
අනේ අපොයි ලැජ්ජා වෙන්න ඕන දේවල් වලට නෙමෙයි මේ අය ලැජ්ජා වෙන්නේ.. වන්දනාවෙ ගියාට හොර හිත නම් නැති වෙලා නැහැ..!!(නු)
පසුම්බිය නැති වුණාම අධික ලැජ්ජාවට පත්වෙන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නෑ. (නු)
ඔන්න.. ඔන්න.. නැති උනානම් ලැජ්ජාවෙ අනිත් අයට නොකීවට කමක් නැහැ.. පසුමිබිය නැතිවුනාම මොකටද ලැජ්ජා වෙන්නේ.. ඕක අනිත් අයට කියන්න...!!හරිම අඥානයි..!!(නු)
ඉතිං ඒ මනුස්සයාට තිබුණනේ ඒක බස් එකේ හිටපු අයගෙන් අහන්න..?? හොර හිතනේ..(නු)
දෙන්නගෙම හිත් හොදයි.. පිනත් සම සේ බෙදිලා එයි වෙලාවට.. (නු)
පින පොකට්ටුවේ..... (ස)
ඕක තමයි කියන්නේ පර්ස් එකේ නමයි ලිපිනයයි ලියලා කොලකෑල්ලක් දාලා තියාගන්න කියලා.. (ස)