සුනිල් සහ සුමනා අලූත විවාහ වූ අඹුසැමි යුවළකි. සතුටින් සමගියෙන් හා සමාදානයෙන් කුරුළු ජෝඩුවක් මෙන් කල් යැවූ මේ දෙදෙනාට ගමේ කොයි කවුරුත් හොඳහිත පෑවද එක් වැඩිහිටි කාන්තාවකට මේ නව යුවළගේ එක්වීම දැහේ කටු අනින්නාක් මෙන් විය.
ඇයගේ දියණිය සුනිල්ට කරකාර බැඳ දීමට ඇය බලාපොරොත්තු වුවද සුනිල් ඊට එකහෙලාම තම අකමැත්ත පළකළෙන් ”හොඳයි මම උඹලාට හොඳ පාඩමක් උගන්වන්නම්කෝ” යයි හිත හදාගත් කාන්තාව මේ දෙපොළ භේදභින්න කිරීමට වෙලාවක් එනතුරු බලා සිටියාය.
මේ අතර දිනක් මේ දෙදෙනා කවට බස් දොඩමින් සිනාසෙමින් ප‍්‍රීතිප‍්‍රමෝදයෙන් දෑත් පටලවා දුරබහැරක ගමනක් යනු දුටු කාන්තාව තම ගෙමිදුලේ සිට සුමනා අමතා ”ඔයාට පොඩි බඞ්ඩක් කියන්න තියෙනවා! පොඞ්ඩක් මෙහාට ඇවිදින් යන්නකෝ! යයි ආදරයෙන් පැවසුවාය. ගමන නතරකර සුමනා ඇය අසලට පැමිණි වහාම තම මුව ඇයගේ කණට ළංකර ”වී ඇටයක ඇත්තේ හාල් ඇටයලූ” රහසින් කීවාය.
” ඕකත් කියන්න දෙයක්දැයි” පැවසු සුමනා ගමන පිටත් වුවද තම එදිරිකාරිය බිරියට පැවැසූ ‘‘රහස’’ දැනගන්නාතෙක් සුනිල්ට ඉස්පාසුවක් නැතිවිය.
සුනිල් ඇයගෙන් රහස ගැන විමසුවද ඇය සහසුද්දෙන්ම පැවුසවේ කාන්තාව පැවසුවේ ”වී ඇටයක ඇත්තේ හාල් ඇටයක්” බවය.
”පිස්සුද? ඔයාට මට නොකියන රහසක් ඔයාට කියන්න ඇති. මට ඇත්ත කියන්න” සුනිල් වේගවත්ව පැවසුවෙන් කාන්තාව කීවේ එයම බව සුමනා දස අතේ දිව්රමින් හඬ හඬා පැවැසුවාය.
කෙසේ කීවත් තමා ඒ පිළිනොගන්නා බව පැවසූ සුනිල් කාන්තාව තම බිරියට පැවසූ ‘‘රහස’’ නිසා මේ දෙදෙනාගේ සමගිය දිනෙන් දින දෙදරා යන්නට විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ලංකාවේ බෞද්ධකම නමට පමණයි. (නි)
බොරු කථා (ස)
වී ඇට වලින් හාල් ඇට නැතුව මෑ ඇට තියෙනවද ? (ස)
නියමයි. (නි)
ඒක හොදයි. (නි)
නඩු දාන්න තිබ්බේ (දී)
කොහොමද ගැහැණු මොලේ (දී)
මිනිස්සු කරන මෝඩක්ම වලට ආගම පටලවාගන්න එපා තේරුණාද? හැම රටකම, හැම ජාතියකම, හැම ආගමකම ඉන්නවා අනවශ්‍ය කලබල ඇතිකරගන්න මිනිස්සු. කියන්න බලන්න බෞද්ධ නොවන පවුලක සැකය මත අර්බුධ ඇති නොකරගත් අය ඉන්නවද කියලා. (නි)
ඔන්න ඉතින් කතා වැඩ. ඕකට කියන්නේ ඉරිසියාව (දී)
මේක නම් හරිම අපූරුයි. (නි)
ජාති ජාතිත් පලදෙන කරුමයක් ඒ කාන්තාව කරගෙන තියෙන්නේ (දී)
පරන කතාවක් මොඩි කරල වගේ.. (ස)
පරණ කතාවක්නේ (අ)
මොන පවක්ද ඒ කර ගත්තේ (දී)
ඔය වගේ පොඩි දේකටත් අමනාප වෙනවා නම් දැන්ම දික්කසාද වුණාට කමක් නැහැ. (නි)
ඒ පිරිමියාට කාන්තාව විශ්වාස නැහැ කියලා තමයි මට නම් හිතෙන්නේ (දී)
පාලිත එහෙම කියන්න එපා (දී)
පසුව සුනිල් සුමනා අත්හැර ඒ කාන්තාවගේ දියණිය බැන්ඳලූ. බලන්න ගැහැනු ගැට! (නි)
මම ඒ සැමියාගේ පැත්තේ (දී)
අනේ ඇත්තද? (නි)
ලිව්ඡවී රජ කථාවක්නේ. (නි)
මෙවන් වැඩ කරන්න එපා
අසල්වැසි කාන්තාවන් සමග හොදින් ඉන්න තරමට ප්‍රශ්න අඩුයි. (නි)