තම නිවසට එහා ගෙදරින් ආ ඝෝෂාකාරී හඬ නැවැත්වීමට නීතිමය ක‍්‍රියාමාර්ග පවා ගෙන ඵලක් නැතිවූ විට ඔහු යෙදු අමුතු උපායක් නිසා එය නැවතීමේ පුවතක් පසුගිය දා අසන්නට ලැබුණේ හක්මන ප‍්‍රදේශයෙනි.
එකම තාප්පයෙන් වෙන්ව තිබූ එහා නිවසේ කැසට් සංගීතය මෙහා ගෙදර අයට කරදරයක් වූයේ එය දිනපතාම උස් හඬින් දිවා රෑ නොබලා ක‍්‍රියාත්මක වීම නිසාය.
මීට එරෙහිව විවිධ ක‍්‍රියාමාර්ග ගැනීම නිසා පවුල් දෙක අතර මහ ගැටුම් නිර්මාණ වූ අතර ගතුකියමින් මෙය අවුළුවන්නෝද වූහ.
එවන් කෙනෙක් පසුගියදා මේ නිවෙසට පැමිණ එහා නිවෙසට චෝදනා නඟනවිට ගෙහිමියා කීවේ ‘‘ඒ හඬ ඇත්තටම හොඳය. බලන්න කවදාවත් ගෙඩි නැතිව තිබුණු දෙහි ගහේ ගෙඩි හැදිලා. ඒ පැත්තෙ අඹගහේ ගෙඩි පිරිලා. ඔය හඬට ගස්වල ගෙඩි හැදෙනවලූ නේ’’ යන්නය.
පසුවදාම කැසට් හඬ නැවතුනේ කේලමා ඒ ගැන එහා ගෙදරට කී නිසාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල මහත්තයට ඔච්චර ලොකු දඩුවමක් දෙන්නේ ඇයි? හැම ගහක් ගාවටම යන්නේ නැතුව හරියට වත්ත මැදම ඉඳගෙන හයියෙන් සිංදු කියන්න (නි)
මෝල් ගහෙනුත් ගෙඩි ගන්න පුලුවන් ඔය විදිහට. (ස)
කොහොම වුණත් අසල්වැසියා නුවනත්තෙක්. ඇත්තටම ගෙඩි හට ගන්නේ නැති ගහක් ලගට ගිහින් ආදරෙන් ගහ පිරිමඩල ගෙඩි ඉල්ලන්න, අනිවාර්යෙන් ලැබෙනවා.අත්දැකීමෙන් කියන්නේ.හැබැයි හදවතින්ම කරන්න ඕන වැඩක්. (අ)
චමිලා, ඔයා පිටිගලත් එක්ක මොකක්හරි තරහක් තියෙනවද?දේශපාලඥයෙක්ගේ කතාවක් දාන්න කියන්නේ...? (නි)
පිටිගල, ඔච්චර කරදර වෙන්න එපා. ශබ්ද විකාශන යන්ත්‍රයක් බදින්න එක පොල් ගහක. හැමදාම පැය දෙකක් සිඩී එකක් දාන්න. ඔයාට කැමතිනම් දේශපාලඥයෙකුගේ කතාවක් දාන්නත් පුළුවන් (නි)
චන්දේ කාලෙට දේශපාලකයන් කෑ ගහන තරමට තණකොළ වල ගෙඩි හැදේවි. (ස)
ගයානි ගුගල් එකේ බලන්න. ටෝකින් ටු ප්ලාන්ට්ස් කියල ටයිප් කරන්න. (නදී)
හේමන්තගේ මොලේ තමයි මොලේ ..........? (ස)
එල්ලුම් ගහ ළහ කට හඩ නැති එක හොදට ගියා. (නදී)
මල් පිබිදීමට සහ පල හටගැනීමට ගස්වලට හැමදා උදේට ආදරෙන් කතාකළ යුතුයි. පලදාව වැඩි කිරීමට ශබ්දය බලපානවා. මම මෙය අත්දැකීමෙන් කියන්නේ . (නදී)
මේ ක්‍රමය ට මල් පැල වල මල හදා ගන්නත් පුලුවන්ද දන්නේ නැහැ. අත්දැකීමෙන් දන්නා කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ. (ස)
ඒ කියන්නේ අපි තවමත් ඉන්නේ තුන්වන ලෝකයටත් පහල රටක් විදියටද? (නදී)
සමන්ට මම හිස නමා ආචාර කරනවා. ඔබගේ ආරම්භය ඉතා වැදගත් (නි)
ඔව් පිටිගල, මමත් අහලා තියෙනවා මිනිස් හඩ ඇසෙන තරමට පොල් පලදාව වැඩියි කියලා. අත්හදා බලා අපිට ප්‍රතිඵල කියන්නකෝ (නි)
හොඳට කටහඩවල් ඇසෙන තැන්වල ගස්වැල් ගෙඩි බොහෝ හටගන්නවා. ඉස්සර අපි කටපාඩම් කරන දේවල් කටපාඩම් කරන්නේ පළතුරු ගස් යටට ගිහින්. එතකොට හොඳ මතකයකුත් තියෙනවා. දැන් පිටිගලට සිද්ධ වෙනවා පොල්වත්තේ හැම ගහක් යටටම ගිහින් හැමදාම කතා කරන්න. අත්හදා බලන්නත් එක්ක හොදයි. මාස හයකින් අපිට ප්‍රතිඵලත් කියලා එවන්න හොඳේ... (නි)
පිටිගල, ඔයාට පොල් කෑල්ලක් විතරද තියෙන්නේ? රබර් කෑල්ලක් නැද්ද? හැබැයි ඉතින්, ගස් වැල් වලටත් මිනිසුන්ට වගේම ආදරය,කරුණාව ඕනෑ. පිටිගල ,ඔය දන්නා සිංදු ටිකක් හයියෙන් කියන්න. (නි)
හොඳට ගෙඩි හැදෙන්නේ නැති පොල් වත්තක්ම තියෙනවා, කරගන්න දෙයක් නැතුව. විකුණන්නත් බැහැ. මේකවත් කරලා බලන්න ඕන. (ස)
අනේ අනේ ප්‍රේමකුමාර... (ස)
ඇත්තටම සද්දේ වැඩි උනාම පලදාව වැඩි වෙනවා, ඔය පන්ති ළඟ ගස්වල පලදාව වැඩි ඒ නිසා. (ස)
මට මේ කතාව තේරුනේ නෑ. (ස)
අය්යෝ චින්තක ඒකවත් තේරෙන්නේ නැති හැටි (දිල්)
ඇයි සමන් එහෙම අහන්නේ ? (නදී)