ඉගෙනගන්න බැරි ලෙස කොඩිවිනයක් කර ඇතැයි පාසල් සිසුවියන් පිරිසක් බියගැන්වූ ශාස්ත‍්‍ර කියන කාන්තාවන් කණ්ඩායමක් කොඩිවිනය ඉවත් කරන්නම් කියා සිසුවියන් සතු මුදල් ලබාගෙන පලාගිය සිද්ධියක් කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි.
අතිරේක පංතියකට ගොස් ආපසු නිවෙස් බලා යාමට බස් නැවතුමක රැුඳී සිටි අතරේ පැමිණි මෙම ශාස්ත‍්‍ර කියන කාන්තාවන් කණ්ඩායම සිසුවියන් ළඟට පැමිණ පොඩි නෝනා ”ශාස්ත‍්‍රයක් බලමුද” කියා අසා ඇත.
එවිට ශාස්ත‍්‍ර බැලීමට තමන් ළඟ මුදල් නැතැයි කියූ විට කමක් නෑ, ටිකක් අතදෙන්න බලන්න. සැප විඳින්න වගේම කරදර තිබෙන බව මුහුණුවලින් පේනවා. සල්ලි එපා නිකම් කියන්නම් කියා සිසුවියන් කිහිප දෙනකුගේ හස්ත රේඛා පරීක්ෂා කර ඇත.
මෙලෙස හස්ත රේඛා පරීක්ෂා කිරීමෙන් සිසුවියන්ට ළඟදී ලොකු කරදරයක් වෙන්න තිබෙනවා කියා බිය ගන්නා එය වැලැක්වීමට පඬුරු වශයෙන් රුපියල් 300 බැගින් දෙන ලෙස ඉල්ලා ඇත.
මෙයින් බියට පත්වූ සිසුවියන් දෙදෙනකු තමන් සතුව තිබූ මුදල් එකතු කර දී තිබෙන අතර තවත් සිසුවියන් දෙදෙනකු මුදල් නැතැයි කියා ඇත. එවිට එහෙනම් කරදර වෙයි කියා බිය ගන්නා නැවත එන බවත් කියා එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.
මෙයින් බියට පත්වූ සිසුවියන් ළඟ සිටි වැඩිහිටියකුට මේ බව පවසා ඔහු මාර්ගයෙන් සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වා තිබේ. එහෙත් පොලීසිය පැමිණෙන විට එම ශාස්ත‍්‍ර කියන කාන්තාවන් පිරිස ප‍්‍රදේශයෙන් පලාගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා මේ ළමයි පන්ති යන්නේ රටාවටද එහෙම නැත්නම් විෂය කරුණු විතරක්ම ඉගෙන ගන්නද කියලා. බොහෝවිට ලේසියෙන්ම තරුණයන්ගේ ගැට වලට අහු වී අමාරුවේ වැටෙන්නෙත් මේ වගේ අය තමයි.(නදී)
21 සියවසේ අල්ල බලල කියන පේන විශ්වාස කරන සිසුන්ද ඉන්නේ ,(දිල්)
මේ වගේ මෝඩ වැඩ කරන අය තවමත් ඉන්නව නේද? (නදී)
ඒ ළමයින්ට නැති වුනේ රුපියල් තුන්සීයක් විතරයි. ඔය කාන්තාව නිසා මගේ යාළුවට රුපියල් 2500 ක් නැති වුනා.(නදී)
නංගී මෝඩකමට බෙහෙත් නැත. ඔයාලගේ විභාග ප්‍රතිපල ගැනත් හිතා ගන්න පුළුවන්.(නදී)
සාස්තරේ රැකියාවක් වසයෙන් තෝරාගෙන ඉන්නේ තමන්ගේ බඩ ගෝස්තරය සොයාගන්න කියන එක අමතක කරන්න හොඳ නැහැ. මිනිස්සු මුලා කරලා මුදල් ගරා ගන්නවා.(නදී)
රටේ ලොකු ලොකු අයත් සාස්තර කාරයන් පස්සේ යන එකේ මේ පොඩි උන් නොගියොත් තමා පුදුමේ. මේ ළමයින්ට අපහාස කරන්න එපා. ලංකාවේ අධ්‍යාපනය තාම සියවස් ගණනක් පස්සෙන් තියෙන්නේ. ඒක වෙනස් කරන කම් මෙහෙම තමයි.(නදී)
ඊයේ අපේ නත්තල් භක්ති ගී ගායනයට උදව් උපකාර කල සැමට ස්තුතියි.(නදී)
හැම ළමයම එක විදිය නෙමෙයිනෙ. ඉතින් ඕවට අහුවෙනවා තමයි. ළමයිනේ මින් පසු අහුවෙන්න එපා.(නදී)
පසු ගිය පුවත් පතක මම දැක්කා ගුරුකම් වැඩකට ලක්ෂ 30ක් දීල ඒක ගන්න පොලිසි ගිය කෙනෙක් ගැන.ළමයි මෙතරම් අන්ද බක්තියෙන් දුරස් වෙන්න උත්සහ කරන්න.අවිද්‍යාවෙන් මිදෙන්න.(අ)
සාස්තරේ තමයි...කන්ට සුත්තරේ...(අ)
පොඩි ළමයි ටිකක් නිසා රවට්ට ගන්ඩ ඇති . (අ)
පව් අහිංසක ළමයි. රටේ ලෝකෙ ගැන දැනුමක් නැහැ. (ස)