IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


ආච්චි නිදාගත්තම මුණුබුරා හැඹිලියට විද ‘ආතල්’ අරන්

මිත්තනිය වියළි කරාබු නැටි විකුණාගත් රුපියල් 8 000 ක මුදල හැඹිලියේ  දමා චීත්ත පොටේ ගැට ගසා ගෙන නිදා සිටියදී එය සොරාගෙන ගොස් තරුණ පිරිසක් සමග මත්පැන් පානය කළ මුණුබුරෙකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් ඉකුත් දා වාර්තා විය.


වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.


කෑගල්ල ප්‍රදේශයේ ගමක 82 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් සිටින්නීය. ඇගේ සැමියා මීට වසර 15 ට පමණ ඉහතදී මිය ගොසිනි. එකම පිරිමි දරුවා කුරුණෑගල ප්‍රදේශයේ කාන්තාවක් විවාහ කරගෙන දරුවන් සමග කුරුණෑගල නිවසේ පදිංචිව සිටියි.


සිය මව මහ ගෙදර නිවසේ තනිවම පදිංචිව සිටින බවත් ඇයට යම් අසනීප තත්ත්වයක්වත් මතු වුණහොත් උදව් පදව් කිරීමට කිසිවෙකුත් නොමැති නිසා 21 හැවිරිදි මුනුබුරා මීට මාස දහයකට පමණ ඉහතදී මහ ගෙදර නිවසේ පදිංචි කළේය. ඔහු රැකියාවක් කළේ නැත.
මෙම තරුණයා වැඩි කලක් යන්නට පෙර ගමේ මත් ලෝලින් කිහිප දෙනෙකු ඇසුරු කර මත්පැන් පානය කිරීමට ද පුරුදු වූයේය. ඇතැම් අවස්ථා වලදී මත්පැන් පානය කිරීමට මිත්තනියගේ මුදල් සොරාගෙන යන මෙම තරුණයා ගැන ඇය මුණුපුරාගේ පියාට ප්‍රකාශ කර තිබුණේ ද නැත. 


මිත්තනිය තම කරාබු ගස් කිහිපයේ පළදාව ඉකුත් දින තම මුනුබුරා ලවා කඩවා ගත්තාය. කිලෝවකට රුපියල් 100 ගානේ මුණුපුරාට කල් තියා දුන්නේය.


වියළා ගත් කරාබු නැටි වලින් කොටසක් ඉකුත්දා පෙරවරුවේ මිත්තනිය ත්‍රිරෝද රථයකින් කෑගල්ල නගරයේ වෙළෙඳ සලකට රැගෙන ගොස් අලෙවි කළාය. එහිදී ඇය රුපියල් 12 000 ට ආසන්න මුදලක් ලබාගෙන රුපියල් 4 000 ට ආසන්න මුදලක් වැය කර නිවසට අවශ්‍ය එදිනෙදා කෑම බිම බඩු මුට්ටු ටිකක් ද රැගෙන ආවාය.


නිවසට පැමිණි මිත්තනිය අත ඉතිරි වු රුපියල් 8000 ක මුදල මුනුබුරා සොරාගෙන යතැයි ඇතිවු සැකය මත චීත්ත පොටේ ගැට ගසා ගෙන තේ කෝප්පයක් ද පානය කර මධ්‍යාහ්නයේ ඇදේ නින්දට වැටුණාය. මිත්තනිය කරාබු නැටි අලෙවි කළ බව දැන ගත් මුනුපුරා මිත්තනිය නින්දට වැටුණු අවස්ථාවේ දී මුදල් සෙව්වේය. අත් බෑගයේ මුදල් නොමැති බව දැන ගත් ඔහු නිදාගෙන සිටින මිත්තනියගේ චීත්තයේ පැත්තක යම් ගැටයක් ඇති බව පෙනුණි. හෙමින් චීත්තයේ ගැටය ලිහා එහි හැඹිලියේ තිබු රුපියල් 8000 ක මුදල ගෙන කඩදාසි කොළයක් නමා චීත්ත පොටේ ගැට ගසා තරුණයා නිවසින් එළියට පැන ගත්තේය.


මිත්තනිය පැය දෙක තුනකට ආසන්න කාලයක් නිදාගෙන සිට යළි අවදි වී රාත්‍රියට කෑම උයා පිහා ඇඟ පත සෝදා ගන්න ගිය අවස්ථාවේ දී චීත්ත පොටේ ගැටය විවෘත කළාය. ඇය හැඹිලියේ මුදල් වෙනුවට කඩදාසි කැබැල්ලක් හතරට පහට නවා ඇති අයුරු දුටුවාය. විමතියට පත් වු වයෝවෘද්ධ කාන්තාව මුණුපුරා රාත්‍රි මත්පැන් පානය කර පැමිණි අවස්ථාවේ දී චීත්ත පොටේ ගැට ගසා තිබු මුදල් පිළිබඳ විමසුවාය ,අනේ කිරි අම්මේ මම නම් ගත්තේ නෑ. මට බොරුවට නම් බනින්න එපා යැයි තරුණයා සිය මිත්තනියට ප්‍රකාශ කර ඇත්තේ වැනි වැනි බව ද වාර්තා වෙයි.


මෙම තරුණයා මිත්තනියගේ මුදල් සොරකම් කරගෙන ගොස් ගමේ තරුණයින් සිව් දෙනෙකු සමග මත්පැන් පාටියක් ප්‍රදේශයේ ගලක් මත දමා ඇති බව පසුව මිත්තනියට දැන ගන්නට ලැබුණි.

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න

 



අදහස් (0)

ආච්චි නිදාගත්තම මුණුබුරා හැඹිලියට විද ‘ආතල්’ අරන්

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

චූන් වී කැමරා කුරුල්ලා නැති කරගෙන
2025 අප්‍රේල් මස 23 215 1

ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලු‍ම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.


ගැරඬි හැවකට යකා නටලා
2025 අප්‍රේල් මස 22 413 0

සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි


කිරි දොවන්න ගිහින් රෝහ​ෙල් ලගින්න වෙලා
2025 අප්‍රේල් මස 21 589 0

දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.


නවය හයවී අවුරුදු කුමාරිගෙ ඔටුන්න ගැලවිලා
2025 අප්‍රේල් මස 19 617 0

අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.


කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 703 1

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 689 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 634 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 321 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 471 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site