(පෝද්දල සරත් ආනන්ද ගමගේ)
ප්‍රධාන මාර්ගයේ විදුලි පහන් කණුවක දැල්වෙමින් තිබුණු වීදි පහනක් නිවා දැමීමට කටයුතු කරමින් සිටි අයෙකුට මාර්ගයේ ගමන් කරමින් සිටි වෙනත් පුද්ගලයෙකු පැමිණ රාජකාරිය හරියට ඉටු කරන්නේ නැතැයි බැණ තර්ජනය කළ සිද්ධියක් පිළිබඳ තොරතුරු දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.
ප්‍රදේශයේ කාගෙත් හොඳ හිත දිනාගෙන සිටින පුද්ගලයෙකු වන ඔහු දිනපතාම උදෑසන සිය පාපැදියෙන් නගරයට යන්නේ පුවත්පත් මිලදී ගැනීම සඳහාය. එම ගමනේදී නිවසේ සිට නගරය තෙක් ප්‍රදේශයේ දැල්වෙමින් තිබෙන වීදි පහන් නිරීක්ෂණය කරගන්නා ඔහු නැවත නිවසට එන අතරේදී එම සියලු පහන් නිවා දමමින් පැමිණීම පුරුද්දක් කරගත් අයෙකි.
ඔහු පාපැදිය විදුලි පහන් කණුව අසලම නවත්වා පාපැදියේ සිටිමින්ම පහන ක්‍රියාවිරහිත කරන අතර ප්‍රධාන පාලම අසල පහන නිවාදැමීමට පමණක් පාපැදියෙන් බැසීමට සිදුවන්නේ එය මාර්ගයෙන් පිටත ආරක්ෂිත වැටකින් එපිට සිටුවා තිබෙන බැවිනි.
පසුගිය දිනක ඔහු මෙම පාලම අසල වීදිපහන නිවාදැමීම සඳහා පාපැදිය ආරක්ෂක වැටට හේත්තුකර ඒ දෙසට ගොස් පහන නිවා දමමින් සිටියේය. එම අවස්ථාවේ යතුරු පැදියකින් නගරයට දෙසට යමින් සිටි අයෙකු හරවාගෙන ඇවිත් ඔහු අසල නතරකර මොකද්ද ඔහේගෙ නම යැයි කියා විමසා සිටියේය.
ඇයි මගේ නම අහන්නේ කියා ඔහු විමසා සිටිත්දී, අර පන්සල ළඟ ලයිට් එකත් තාම පත්තු වෙනවා. අර බන්ට් එක ළඟ ලයිට් එක ඊයේ දවසෙම පත්තු වුණා. අර අසවල් ගුරුවරයාගෙ ගේ ඉස්සරහ ලයිට් එක හැමදාම දවල්ටත් පත්තු වෙනවා. ඒවා නිවන්නෙ නැත්තේ මොකදැයි කියා දෝෂාරෝපණයෙන් විමසා සිටියේය.
තමා ප්‍රාදේශීය සභාවේ රැකියාවේ යෙදෙන්නේ නැතැයිද තම ආත්ම තෘප්තිය සඳහා ස්ව කැමැත්තෙන් මෙසේ කරන බවත් ඔහු පැවසීය.
බොරු කියන්න එපා. මම හැමදාම දැකල තියෙනව මේ රස්සාව කරනව. මම සභාපතිතුමත් හොඳට දන්නවා. මේ විදියටනම් රාජකාරි කරන්නේ මට ඔහේ ගැන පැමිණිලි කරන්න වෙනවා යැයි දබර ඇඟිල්ල එල්ල කරමින් දෝෂාරෝපණය කළේය.
මාර්ගයේ යමින් සිටින අයද සිය වාහනවල වේගය අඩුකර මේ බහින්බස් වීම නරඹමින් ගිය අතර යතුරුපැදියකින් යමින් සිටි ඔහුගේ මිත්‍රයෙකු සිද්ධිය වූ ස්ථානයට පැමිණ කරුණු පැහැදිලි කිරීමෙන් පසු අර තැනැත්තා කරබාගෙන පිටත්ව ගියේය.
හොඳ වැඩක් කළත් මිනිස්සු බලන්නෙ ඒකෙ වැරදි පැත්තක් යැයි පැවසූ මිතුරා උඹ ඕක ගණන් ගන්න එපා යැයි පවසා පිටවී ගිය අතර සිදුවූ අලකලංචිය මෙනෙහි කරමින් ඔහු ඉතිරි පහන් ටිකද නිවා දමමින් නිවස කරා පියනැගීය.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආත්ම තෘප්තියට වීදි පහන් නිවද්දී දොස්මුරයක්