(උපේන්ද්‍ර ප‍්‍රියංකර ජාතුංගම)
ආතුරයා ආරූඪ කිරීමට ආයකටු වලින් ඇනීමට ගොස් ආතුරයාගෙන් සහ ඔහුගේ පවුලේ උදවියගෙන් හොඳ හැටි ගුටි කෑ කපුවෙකු පිළිබඳව රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගමකින් වාර්තා වේ.
සිද්ධිය මෙසේය.
එම පවුලේ එක් දරුවෙක් යම් කිසි රෝගී තත්ත්වයකින් දීර්ඝ කාලයක් තිස්සේ පසුවෙයි. යම් යම් ප‍්‍රතිකාර සිදුකළද සුවනොවූ කල ඔහුත් අවසාන වශයෙන් පිහිට පතා ඇත්තේ දෙවියන්ගෙනි.
ඒ සඳහා ඔවුන් ගමේ ඇදුරකු ගෙන්වා තොවිලයක් සූදානම් කර තිබේ. කෙසේ වෙතත් ඇදුරා දුන් බඩු ලැයිස්තුවට අනුව එය තොවිල් ගෙයක් නොව මගුල් ගෙයක ආහාර ලැයිස්තුවක් විය. කෙසේ හෝ දරුවා සුවකර ගැනීමට සිතූ පවුලේ උදවිය ඇදුරා කියූ පරිද්දෙන්ම කටයුතු සම්පාදනය කළහ.
විසිදෙනකුට පමණ මස්, මාළු, කිරි, බිත්තර, මත්පැන් ඇතුළු ආහාර රැසක් ඔවුන්ට පිළියෙළ කරන්න යෙදුනි. තොවිල් දා පවුල් පිටින් සහභාගිවී භෝජන රස බැලූ ඇදුරා ඇතුළු ගෝලයන් පිරිස තොවිලය ආරම්භ කර ඇත. කෙසේ වෙතත් ඔහුත් සිංහලෙන් යකුන්ට ආරාධනා කරනවා ඇරෙන්නට වෙනත් කිසිවක් සිදු නොකරන අයුරු දුටු ගෙදර සිටි තරුණයෙකු ඇදුරන් සමග පැමිණි පුද්ගලයකු අමතා මේ ගුරුන්නාන්සේ මේ අය ආපු වෙලාවේ ඉඳලම එකම වචනේමයි කියන්නේ ඒකත් සිංහලෙන් ඒ ඇයි දැයි විමසා ඇත. මොවුන් ගොනාට ඇන්දවීම පුළුවන් යැයි සිතූ ඔහු මේකනේ මල්ලි ඔයා ජංගම දුරකතන පාවිච්චි කරනවා නේද, ආ ඔය අතේ එකක් තියෙන්නේ බලන්න පාරිභෝගික සේවාවට අරන් සිංහලෙන් සවන් දීමට 1 දෙමළෙන් 2 ඉංග‍්‍රීසියෙන් 3 දැන් තාක්ෂණේ දියුණුයි. අපිත් ලේසි භාෂාව සිංහල හින්දා ඒක තෝරාගෙන තියෙන්නේ යැයි පවසා ඇත.
ඒ අතරම කාමරය දෙසින් ඇසුණු ලතෝනිය නිසා දිවගිය පවුලේ අය දැක ඇත්තේ රෝගීව සිටි තරුණයාට ආයකටු වලින් දිගට හරහට අනින ඇදුරාය. කුපිත වූ පවුලේ පිරිස පෙරේත තට්ටුවෙන් ඇදුරාට පහර දෙද්දී බෙර කරුවන් බෙරද එල්ලාගෙන හිස් ලූලූ අත දිවගොස් ඇත්තේ පණ එපා කියමිනි.
රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ආතුරයා ආරූඨ කරන්න ගිහින් ඇදුරා අම්බානක කාලා
sachith Wednesday, 30 August 2017 05:21 AM
කට්ටඩියට ඊගාව ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉල්ලුවනම් උඩින් දිනන්නේ. මිනිස්සුන්ව ගොනාට අන්දවන්න හොදට දන්නවනේ
pitigala Thursday, 31 August 2017 06:10 AM
මෝඩ මිනිස්සු.
kumar (galf) Tuesday, 05 September 2017 11:08 AM
කට්ටාඩියෝ ට දෙවියන්ගෙන් වැඩ ගන්න බෑ, එයාලා වැඩගන්නේ මල පෙරේතයෝන්ගෙන් කුම්බාන්න්ඩ යන්න්ගෙන්. ලංකාවේ කකුල්දෙකේ හරක් ඉන්නකම් මෙහාලා ගාවට යනවා.