(කරන්දෙණියේ - සුසිල් ප‍්‍රියන්ත)
යාබද නිවසේ විසූ කාන්තාවගේ රෙදි වැලේ වනා තිබූ රෙදි අතරින් ඇයගේ යට කලිසම සහ යට සාය හොර රහසින් පන්නා එහි ”අයි ලව්” යන වැකිය සමග ජංගම දුරකථනයේ අංකය සහ සිය නමද ලියා යළිත් ඒ රෙදි වැලටම දැමුවේ යයි කියන පුද්ගලයකු සැකපිට ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
පොලිසිය පවසන පරිදි දෙදෙනාම විවාහකයෝය. යාබද නිවෙස්වල විසු අයවූහ. නිවෙස් දෙක වෙන්ව තිබුණේ වැටකිනි.
කතානායකයා මේ කාන්තාව සමග නිතර නිතර හාදවීමට උත්සාහ කළේය. ඒ කිසිවකින් ඇය මෙල්ල කිරීමට නොහැකිවී ඇත. ඔහුත් මේ ගේම ලෙහෙසියෙන් අත් නොහැරියේය.
ඒ සඳහා එක එක ක‍්‍රමෝපායන් භාවිතා කළේය. ඒ අතර සාම්ප‍්‍රදායේ තියෙන ඒවා මෙන්ම සාම්ප‍්‍රදායෙන් බැහැර ඒවාද විය. ඒ එකක්වත් වැඩ නොකළේය. අන්තිමට ඔහු මෙතුවක් කලක් කවුරුත් කළා යැයි අහන්න දකින්න නොලැබුණු දෙයක් මේ වෙනුවෙන් කරන්න සිතුවේය. ඒ ඔහු ඇයට ඇති අසීමාන්තික ආදරය පෙන්නීමටය.
යාබද නිවසේ විසූ ඇයගේ තමාට අවැසි රෙදි වැලේ දමන තෙක් ඔහු දින ගණනක්ම බලා සිටියේය. එදින උදාවිය. ඔහු කාටත් හොරෙන්ම රෙදි වැල ළඟට ගොස් ඇයගේ යට කලිසම සහ යට සාය රැුගෙන ආවේය. ඒවායේ ”අයි ලව් යූ” වැකි සමග තමන්ගේ ජංගම දුරකථන අංකය සහ සිය නමද ලිව්වේය. ඉන් අනතුරුව ඔහු එම යට කලිසම සහ යට සාය යළිත් එම රෙදි වැලට දැමුවේ මෙවර නම් ඇය තමාට කැමැති වේ යයි සිතාය.
සිදුවූයේ අනෙකකි. ඇය ඔහුට ආදරය කිරීම වෙනුවට කළේ අයි ලව් යූ කියා, ජංගම දුරකථන අංකය සහ නම ලියා තිබූ යට කලිසම සහ යට සාය පොලිසියට රැුගෙන යාමය. යට කලිසමේ සහ යට සායේ ලියා තිබූ ජංගම දුරකථන අංකයට ඇමතුමක් දුන් පොලිසිය එය කතානායකයාගේ බව පසක් කර ගත්තේය. ඒ අනුව ඔහු පොලිසියට කැඳවා තදින්ම අවවාද කොට කතානායිකාවගේ පැත්තවත් නොබලන ලෙසද නියෝග කොට පොලිස් ඇපමත මුදා හැරියේය.
පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තරහකාරයෙකුට කර බලන්නත් පුළුවන්. තරහකාරයාගේ අංකය අල්ලපු ගෙදර කෙනාගේ යට සායේ ලිවුවා නම් නිකම්ම පොලිසියෙන් ඉල්ලලා දෙන්න පුළුවන් (නි)
රූපවති ආන්ටි, තනි අතින් අප්පුඩි ගහන්න බෑනෙ. ගෑනු උදවිය ගැන ඇන්ටිගෙ දැනුම හොරයි වගේ නම් අපි මතක් කරල දෙන්නම්. (දී)
පොලිසියේදී දෙන්න තිබ්බේ දෙකක් (දී)
මෙහෙම ආදරේ හොයන්න ගියොත් වැලක ඇඳුමක් වන්න වෙන්නේ නැහැ (දී)
ඩිලාන්ගේ කතාව නියමයි (දී)
ආදරයට කොහේදෝ බාධා නැත්තේ (දී)
පව් අසරණ මිනිස්සු (දී)
හිනාවෙන්නත් තියෙන්න එපායෑ
මට හිනා ගියේ ඩිලාන්ගේ කතාවට.. (දී)
මට මැවිලා පේනවා ගෙනිහින් පොලිසියට පෙන්නුවේ කොහොමද කියල අර ගෑනු පරානේ ...! (දී)
එතකොට රුවපතිගේ මනුස්සයා අයිති වෙන්නේ ඔතනින් මොන ගොඩටද? අනේ අපි කියන දෙයක් නෙවෙයි ...ඔන්න රුපවතිම තම කිවේ. (දී)
අජිත් සහ රුවන් එකම ජාතියේ දෙන්නෙක්.හිතගන්න පුළුවන් දෙන්නගේ තරම. (දී)
මාරු වැඩේ (දී)
මගේ යට ඇදුමක් කාන්තාවක් හොරකම් කරලා පසු කාලයක ඇයම මා සමග කීවා (දී)
ඔකට බැනල වැඩක් නෑ... (දී)
පුදුම ආදරයක් තමයි මේක (දී)
ඒ දෙන්නා අමනාප වුණාට ඇඳුම් කවදාවත් අමනාප වෙන්නෙ නැහැ (නි)
ඔය ආදරේ කියල තියෙන්නේ ඇදුම් වලට වෙන්න ඇති. ඔන්න ඔහේ දීල දාන්න තිබ්බේ මිනිහටම. (නදී)
ඉඳල හිටලා රුපවතිත් නියම කතා කියන්නේ. (නදී)
ආදරය ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා පුද්ගලයෙකුට. (නදී)
රමේෂ් සොයුර, මගේ මහත්තය සහ මම ජීවිත කාලෙටම ඉන්නේ අර මම කියපු 10 ගොඩේ (නදී)
විදුරංග කොලුවෝ, ආන්ටිලා ගැන මොකුත්ම කියල නැහැ මේ ප්‍රවෘතියේ. ඒ ගැන අපි පස්සේ කතා කරමු. කොහොමටත් කාන්තාවන් නිසා තමයි, අද ලංකාවේ සෑම පව්ලකම අනාගතය මෙහෙමවත් රැකිලා තියෙන්නේ කියල මම ඉතාම සතුටින් කියා සිටිනවා..(නදී)
රුවන්, ඔයත් රාගික බැල්මක් දැම්මොත් ඔහොම කරනවද? නැත්තම් වෙන ක්‍රමයකින් ආදරේ ප්‍රකාශ කරනවද? (නදී)
යටි හිතේ තිබුණු දේ, යටපත්වම අවසන් වුනානම් හොඳයි. (නදී)
මේ වාගේ කථා දාන්න එපා. ගැහැණු අපට හොඳ නැහැ (නදී)
හොඳ වෙලාවට හෝදල තිබුනේ නැත්නම් නාන්නවෙයි සුමානයක්වත්. (ස)
රූපා අක්කේ, පිරිමි අය ගැන ඔයා හොඳට දන්නවා නේද? (නි)
නිහාල් , ඒ කාන්තාවගේ මුළු ගෙටම එයාර් ෆ්රෙශ්නර් ගහන්න සිද්ධ වෙන්න ඇති නේද ?(අ)
ජීවිතයටම අහපු නැති කතාවක්. නියම "පොරක්" (නි)
දැන් ඒ ඇඳුම් කොහේද? (නි)
මේ කතාව කොහොම වුනත් ඔය අසහනකාරී පුරුදු අපේ රටට ආවේ බටහිර සංස්කෘතියත් එක්ක.එම රටවලත් ඔයවගේ පිස්සු වැඩකරන පුද්ගලයො ඉන්නවා. (දී)
දැන් අපේ කට්ටිය ඔක්කොම මේ විදියට ආදරය ප්‍රකාශ කරන්න හදයිද දන්නේ නැහැ. වැලේ තිබෙන ඒවා නම් කමක් නැහැ. ඇඟේ තිබෙන ඒවා වුණත් කමක් නැහැ කියලා හිතුවොත් තමයි ප්‍රශ්නේ. (නි)
හිනාවෙලා පණ ගියා. ස්තුතියි ලංකාදීපයට! (නි)
අද ඇඳුම් මිලදී ගත්තට ඒවායේ බොහෝවිට තියෙන්නේ වෙළඳ දැන්වීම්නේ. (නි)
හිනාව නතර කරගන්න බැහැ.හුඟ කාලයක් මතකයේ තියෙයි . ස්තුතියි ලංකාදීප! (නි)
යට ඇඳුම් වලට ආලය කරන කෙනෙක් වගෙයි. මනෝ වෛද්‍යවරයෙකුට යොමුකළා නම් වඩා හොඳයි. (නි)
ගහන්න ඕනේ කොහොමද දන්නවද.... (දී)
මෙපමණ දෙයක් වෙනකම් කතා නායිකාවගේ සැමියා හා අසහන කාරයාගේ බිරිඳ දැනන් හිටියේ නැද්ද?මෙම කාන්තාවගේත් මොකක්හෝ වරදක්ඇති.පිරිමියෙක් වුනත් අනියම් සම්බන්දයකට උත්සාහ කරන්නේ කාන්තාවන්ගේත් වැරදිනිසා[රාගික බැල්මක්හෝ දාන්නඇති] (දී)
නියම ක්‍රයේටිව් මනුස්සයෙක් (දී)
ලියන්න ගිහින් මාට්ටු උනානම් තවත් ග්‍රීස් යකෙක් කියල අම්බානකට කන්නයි වෙන්නේ මදැයි ඔයින් ගියා....(දී)
අලුත් විදිහට හිතන කෙනෙක්. හිනාවෙලා පන ගියා අදනම් ඔන්න. (දී)
කවුරු හරි දැක්කා කියලා පොලිසියට ගියාද දන්නේ නැහැ (දී)
මම කඩෙන් ගත්තු යටඇඳුමකත් ඔහොම ගහල තිබුනා නමුත් ෆොනේ නොම්බරේ නම් තිබුනේ නැහැ (දී)
රුවන්, හැම දේම ගෑනුන්ගේ වැරදි නිසා මෙහෙම දේවල් වෙන්නේ කියන ඔය වගේ පිරිමි ගැන හරිම ලජ්ජා හිතෙනවා.මොනවා උනත් හිනා යන කතාවක් . (ස)
අනුවන කතා කියන වරුණ අයිත් ඇවිල්ල ගොඩ කාලෙකින් පස්සේ. කෝ අර උරුලෑවට මොකද උනේ (දී)
මේ මනමාලයාට අර හොරෙන් ගත් ඇඳුම් අන්දවා හැමෝටම පෙනෙන ලෙස ප්‍රදේශයේ වීදි සංචාරය කරවන්න තිබුණේ. (නි)
රෙඩ් ලයිට් එක දාල තියෙද්දිනෙ පාර පැනල තියෙන්නේ. (ස)
නියම කතාවක් හිනා වෙලා පන පලයන් පෙරේදා කියුවලු (දී)
දඬුවම නම් හොඳටම මදි. (නි)
සානි වලිගෙ පාගාගෙන වගේ, ඇයි ගැනු එහෙම වෙන්න බැරිද? (දී)
රුවන් මේ ලෝකයේ දැකලා තියෙන්නේ එකම වර්ගයක බවලතුන් වගෙයි. (නි)
හොඳ වෙලාවට ඡන්දෙ කාලේ පහුවෙලා. නැත්නම් ඕවායේ දුරකථන අංක වෙනුවට මනාප අංක ගහලා ආපහු වැලට දමාවි. (නි)
මේ මනුස්සයා මේවා කොහොම ලිව්වද මන්දා? (නි)
මේ මනුස්සය ඔය යට ඇදුම් පොලිසියට කොහොම පෙන්නුවද මන්ද.(දී)
නව නිර්මාණ කරුවෙක් (දී)
මෙන්න මිනිස්සු (දී)
භය වෙන්න, කලබල වෙන්න දෙයක් නැහැ, මිනිහ ආදරය කරන්නේ කාන්තාවට නොවෙයි.(දී)
ලංකාවේ ඉන්න පිරිමි 60%ම මානසික ලෙඩ්ඩු ..?අනික් 30% ග්‍රීස් යක්කු? ඉතුරු 10% තමයි ඔය ගොනා බර අදින්නා සමානව අඹුදරුවොත් එක්ක දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් දිවි පරදුවට තියල සටන් කරන්නේ. ජීවිතේ ජය ගන්න ..! අනේ දෙවියන්ගේ පිහිටයි ..! (ස)
අනේ රුපවතියේ..... එතකොට ගැනු? (දී)
අහු උනාම තියෙන ලැජ්ජාව කොයි තරම් ඇතිද (දී)