ආබාධිත අයකු ලෙස පෙනී සිටිමින් මිනිසුන් මුළා කර සිඟමනේ නිරත වූ පුද්ගලයකු තමාගේ බොරු ආබාධිතභාවය අමතක වී බසයකට දිව යාමේ සිද්ධියක් බුලත්කොහුපිටිය නගරයේදී පසුගිය දිනකදී වාර්තා විය.
සිද්ධිය සැකවින් මෙසේය.
මෙම පුද්ගලයා මීට සති කිහිපයකට කලින් බුලත්කොහුපිටිය නගරයට ආවේ යාචක වෘත්තියෙන් මුදල් සොයා ගැනීමේ අටියෙනි. කිහිලිකරු දෙකක් ආධාරයෙන් ගමන් කරමින් ආබාධිතයකු ලෙස රඟ දක්වමින් මොහු නගරයේ තිබෙන බස්වලට ගොඩවී සිඟමන් යදිමින් මුදල් එකතු කළේය.
ඔහුගේ බොරුවල රැවටුන ප‍්‍රදේශයේ ජනතාව සිඟන්නාට අනුකම්පා කර හරි හරියට මුදල් පිනට දීමට කටයුතු කළේය. මෙලෙස එක් දිනක් සවස් යාමය පහුවන තුරු නගරයේ සිඟමන් යැදු මෙම පුද්ගලයා තේ එකක් බීමට නගරයේ බස් නැවතුම අසල කඩයකට ගොඩවූයේ තේ එකක් බී නැවත තම නිවස ලා පිටත්වීමේ අරමුණ ඇතිවය.
ඒ වන විටත් රාත‍්‍රිය උදාවෙමින් කරුවල වැටෙමින් තිබිණි.
හෙතෙම ඉක්මනින් තේ එකක රස බැලූවේ නගරයේ සිට තම ගමට යාමට අවසන් බසය පිටත්වීමට ඒ වන විටත් වේලාව ආසන්න වී තිබුණ බැවිනි. ඔය අතරතුර බුලත්කොහුපිටිය නගරයේ සිට කෑගල්ලට ධාවනය වන අවසන් බසය පිටත්වීමට සූදානම් විය. බසය පිටත්වීමට යන බව දුටු සිඟන්නා කලබලයට පත්විය. වහාම තේ එකේ මුදල් ගෙවු ඔහු බසය වෙත දිව ගියේ කිහිලිකරු දෙක ද අමතක කරමිනි. මෙතරම් දවසක් ආබාධිතයකු ලෙස හැසිරෙමින් සිඟමන් යැදී මෙම පුද්ගලයාගේ බොරුව මෙම සිදුවීම නිසා එළිවුණ බව නගරයේ ජනතාව කියති. තවමත් එම තේ කඩයේ බොරු සිඟන්නාගේ කිහිලිකරු දෙක තිබෙනවාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර අහවල් කෙනා වගේ අන්කල් කෙනෙක් වෙන්ටැති...මතක නැති ලෙඩේ? (ස)
මම දැන් හිඟන්නන්ට සල්ලි දෙන එක නවත්තල තියෙන්නේ. විශේෂයෙන්ම ප්‍රධාන පන්සල් අසල ඉන්න සහ හංදි වල සිග්නල් ලයිට් ළඟ ඉන්න අයට. මේ හැමෝම කරන්නේ බොරුව කියල එලි වෙලා තියෙන්නේ. ඒ අයට කෑම දෙන එකත් මෝඩ වැඩක්. මේ ලඟදි අපි කෑම පාර්සල් හදාගෙන ගිහින් නගරයේ කුඩා වෙළඳුන්ට (ඔය පුංචි බුලත් විට විකනන වගේ අහිංසක අම්මලට) දුන්නා. ඒක කොච්චර නිවැරදි ද කියල පහුවදාම දැනගන්න ලැබුනා..!! (ස)
ලංකාවට දියුණු වෙන්න බැරි ඕක නේ. මිනිස්සු හිතන්නේ ලේසියෙන් සල්ලි හම්බ කරන ක්‍රම විතරයි. කාටත් ඕන ෂෝර්ට් කට් වලින් පොහොසත් වෙන්න. ජපානේ වගේ ආකල්ප වෙනසක් ඇති කර ගත්තේ නැත්නම් හැමදාම වෙන්නේ විදේශ ආධාර මත යැපීගෙන ණය කඳු ගෙවන්න. (ස)
70 දශකයේ මැතිනිය ගෙනාපු සංකල්පය අපිට පොඩ්ඩක් ඉවසල පුරුදු වෙන්න තිබුනා නම් මේ වෙද්දී අපි යම් මට්ටමකට ඇවිල්ලා. හැබැයි ඉතින් පොදු ජනතාව හාල් පොලු, පාන් පෝලිම් වල ඉඳිද්දී දේශපාලකයින්ට නම් කිසි අඩුවක් තිබුනේ නෑ. ඒ කාලේ නායකයොත් ඒ ආදර්ශේ දුන්න නම් මිනිස්සුත් ඒ වෙනුවෙන් කැප වෙනවා. එහෙනම් අද අපි මිට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්න තිබුණු රටක්. කාටත් තමන්ගේ මහන්සියෙන් උපයාගෙන අභිමානවත් (ලෝකෙට ලොකුකම් පෙන්නන නෙවෙයි අනුන් මත යැපෙන්නේ නැති) විදියට ජීවත් වෙන්න තිබුනා. මේ යන විදියට අපිට කවදා එතෙන්ට යන්න පුළුවන් වේවිද මන්දා. බහුතරයක් බලන් ඉන්නේ වංචාවෙන්, අනුන්ගේ දේවල් කඩාගෙන හරි ෂෝර්ට් කට් වලින් ධනවත් වෙන්න. (ස)
ඇත්තටම සියට 99ක්ම ඉන්නේ මෙහෙම හිඟන්නෝ තමා.එයාලගේ ගිණුම් වල ලක්ෂ ගණන් ඇති. (ස)
පව් නැති බැරි කමට කරන දේවල් වලට හිනා වෙන්න එපා. (ස)
මම නම් සිඟමන් යදින කෙනෙක් ඇවිත් යමක් ඉල්ලුවොත්, මට හැකියාවක් තිබුනොත් උදව්වක් කරනවා. එම මුදලෙන් ඔහු කරන්නේ මොකක්ද කියල හොයන්න යන්නෙත් නැහැ. මොකද ඒක එයාට අයිති වැඩක්නේ. (ස)
අපේ නගරෙත් ඔයවගේම තරුණ කොලුවෙක් හැම බසයටම නගිනවා ..දණ ගාමින් යකඩ පොලුවල ආධාරෙන් කොන්ද පණ නැහැ , නැඟී මගේ නැගණිය වෙනුවෙන් මේ ආධාර පතන්නේ ..කුරුනෑගල ඇති ඉහලම බාලිකාවේ නම කියල මගේ නැඟී අධ්‍යාපනය ලබන්නේ ..කීවාම මිනිසුන් රු. 100යි 50 දෙන්නේ ..බසයෙන් බැහැල අපි බලං ඉන්නවා අනික් බසයට යන හැටි හොඳට ඇවිදගෙන යනවා ..අපිටම ලැජ්ජයි දෙවියනේ අපි ඒ හොරාටනෙ සල්ලි දීල තියෙන්නේ කියලා. අනික තමයි දැන් අපි ගමනක් යන විට ලංකාවේ ගමනට වියදම් වෙන්නේ රු ,500 යි නම් අපි රු ,1300 ක් විතර වැඩියෙන් ගෙනියන්න ඕන මොකද මඟ දිගට ඉන්න හිඟන මිනිස්සු බසයකට ගොඩ උනාම මුදල් දෙනකම් ලඟින් යන්නේ නැහැ ...? (ස)
මෙන්ඩිස් පුතේ ඔය අය නම් මතක් කරන්න එපා, අපි මාර කට්ටක් කෑවේ ඒ කාලේ(නදී)
කුමාරීට ඉරිසියා ඇති. (ස)
මගේ ආරි කෝ? (ස)
මගේ ආරි ඇමෙරිකාවේ හරි ලොක්කෙක්. එයා මාව එහාට ගනීද?(නදී)
අයියෝ, මේ වගේ වැඩ ඕන තරම් තියෙන්නේ. ඕවත් වැඩද, මල්ලි ඕවත් වැඩද ? (නදී)
මේ මනුස්සයාගේ පොල්ගෙඩියක් විතර ලොකු ඔලු ගෙඩියට වෙන ලියන්න දෙයක් එන්නෙම නැද්ද දන්නේ නැහැ. එක එක්කෙනාට අරවා මේවා ලියන්නේ. වැදගත් දෙයක් ලියනවා නම් ඒ වටිනා කාලෙන් අපිත් කියවා යමක් ඉගන ගන්න වා. මම නම් කියන්නේ ලංකාවේ ඉදන් ඔහොම ඉන්න්ටනෙට් පාවිච්චි කරන්න බැහැ. ඔය කෙනා ඉන්නේ කොහේ පිට රටක. ඒ නිසයි ඔහොම ලියන්නේ.(නදී)
එක දවසක් මම කුරුණෑගලට බස් එකේ යද්දී තරුණ පිරිමි ළමයෙක් නැග්ගා.එයා බස් රියදුරෙක්ලු.අනතුරක් වෙලා මැහුම් බර ගානක් දමලා දැන් ඒක කපා ගන්න සල්ලි නෑලු.ශර්ට් එකේ බොත්තම් ඇරලා පෙන්නුවා විස්වාස කරන්න බෙල්ල ලඟ ඉඳන් බඳ ලඟටම මැහුම්. කාරණේ ඇත්ත මට කැරකිල්ල වගේ ඒක දැකලා. හැමෝම ලොකු කොළ වලින් දුන්නා.පස්සේ දැන ගන්න ලැබුනා මිනිහ කියන හැමදේම ඇත්ත.ඒත් එයා කවදාවත් ඔය මැහුම් කපන්නෙ නෑලු.හැන්දෑවට ටවුමෙම කොහේ හරි නිදිලු. (ස)
එයා ඉන්නේ සිංගප්පුර් වල., රූපා අක්කේ. (ස)
ඔන්න මේක රූපවතී අක්ක ඉස්සර ඉස්කෝලේ යන කලේ උන සිද්දීයක්ලු. දවසක් රූපවතී ඉස්කෝලෙට ගියේ පරක්කු වෙලාලු. මේක අහු උනාලු ලොකු මහත්තයට. ඉතින් ලොකු මහත්තය රූපවතිගෙන් ඇහුවලු " මොකද ඔය ළමය එන්න පරක්කු උනේ? " ඉස්කෝලේ මහත්තයෝ. මම අද වැව් කණ්ඩිය දිගේ එනකොට කොල්ලෙක් මගේ පස්සෙන් ආවනේ..! "ඔව් ඉතින් ඒක පරක්කු වෙන්න හේතුවක් නෙමෙයිනේ. ඊට පස්සේ රූපවතී උත්තර දුන්නලු. ඉස්කෝලේ මහත්තයෝ ඒ කොල්ල අවේ හෙමින් හෙමින්නේ.(නදී)
මම කොළඹ ලංගම බස් නැවතුමේ බුලත්කොහුපිටිය බසයට නැගීමට සිටිනවිට අසරණ පුද්ගලයෙක් පැමිණියා. "මහත්තයෝ මම ඉස්පිරිතාලෙන් ටිකට් කපල ආවේ. මට ගෙදර යන්න බදුල්ලට ටිකට් එකක් ගන්න සල්ලි නෑ උදව්වක් කරන්න. පින් සිද්දවෙයි" මම කිව්වා හරි මම ටිකට් එකක් අරන් දෙන්නම් කියල. එතකොට කියාපි "අනේ එහෙම හොඳ නැනේ මහත්තයෝ එක කෙනෙකුටම කරදර කරන්න මහත්තය බාගයක් දෙන්නකෝ මම අනිත් ටික තව කාගෙන් හරි ඉල්ලා ගන්නම්" කියල. මම එකට කමක් නෑ කියල බදුල්ල බස් එකට එක්ක ගිහින් ටිකට් එකක් අරන් මිනිහට දුන්න. දැන් මමත් මගේ බස් එකට පෝලිමේ ඉන්නවා. අර මනුස්සය අර ටිකට් එක බදුල්ල පෝලිමේ වෙනත් මගියෙකුට පෙන්නලා මොනවදෝ කියනවා. මට වහාම වැටහුනා. මම ගිහින් ඒ මගියාට කිව්වා මමයි මේ මිනිහට ටිකට් එක අරන් දුන්නේ. මේක විකුණන්න නේද හැදුවේ කියල. ඒ මගියා කිව්වා ඔව් මේක අඩු ගානට විකුණනවා කිව්වලු. සැකනම් කොන්දොස්තර මහත්තයගෙන් අහල බලලම සල්ලි දෙන්න කිව්වලු. "අසරණයා" මගෙන් ගුටි නොකා ගියේ ටිකක් මහලු පෙනුමක් තිබුණු නිසා. හැබැයි මම ටිකට් එක අරන් ඉරල දැම්ම. (නදී)
ඔන්න මේ සිද්ධියත් ඉස්සර රූපවතී අක්කට උන දෙයක්ලු! ඉතින් ඉස්සර රූපවතී රට යන්න ඉස්සර රූපවතිලගේ ගෙදර වැඩ වලට උදව් උපකාර කරපු තරුණ නාම්බෙක් හිටියලු! දැන්නම් පොරට හොඳටම වයසලු! ඉතින් රූපත් ඔය වෙන කොට හොඳ තරුණ නාම්බියක්නේ! දඟකාර කමයි මනමාල කමයි ඉතින් දානවනේ! ඉතින් රූපත් හැම උදේටම නිකන් පුරුද්දට වගේ මෙයාගේ මූණ දිහා බලාගෙන ඉඳල ඔලුව අතගාල බෙල්ල බදාගෙන නළලට උම්මා එකක් දෙනවලු! එතකොට මේ නාම්බත් ඇස්දෙකේ කදුළු පුරෝගෙන "අනේ මාව ඉක්මනට බදින්නකෝ" කියනවා වගේ රූප දිහා බලාගෙන ඉන්නවලු! රූපටත් හරිම දුකයිලු ! දවසක් අම්මත් තාත්තත් උදෙන්ම හේනට ගියාලු! ගෙදරත් කව්රුත් නැතිලු! ඉතින් රූපත් අද නම් මෙයාව මම කොහොම හරි බඳිනවමයි කියලා. වැව් පිට්ටනියට එක්ක ගිහින් හොඳට තණකොළ තියෙන තැනක් බලල බැන්ඳලු! ඉතින් එයාටත් දරාගන්න බැරී සතුටට ඇස්වල කදුළු පුරෝගෙන හයියෙන් " උම්බෑ" කිව්වලු! (ස)
නියමයි සරෝ....!! හුඟ දවසකින් මුළු හදවතින්ම හිනා වුනා...!! මේ සරා කියන්නේ ඇත්තද රූපා අක්කේ ........? (ස)
මෙන්ඩිස්, 70 ඒ ක්‍රමේ තිබුනා නම් ඔයා ඔය ලැප්ටොප් තියාගෙන කොට කොට ඉන්ඩ හම්බ වෙන්නේ නැ.එහෙනම් තාමත් රෑ අට වෙද්දී අල්ලපු ගෙදරට ගිහින් මුවන් පැලස්ස අහල ගෙදර ගිහින් රොටියක් පුච්චලා කාල ලාම්පු කුප්පිය නිමල නිදා ගන්නවා. (ස)
ඉතින්ඉතින් පීටර් අයියේ, ලාම්පු කුප්පිය එහෙම නිමලා. ඊට පස්සේ. (නදී)
සරත් ඒ නාම්බා මහලු වෙලත් තවමත් රුපලගේ බර බාගේ අදිනවලු (නදී)
පීටර් අයිය ඒ ක්‍රමේම ක්‍රියාත්මක කරපු ඉන්දියාව දැන් අපේ ලැප් ටොප් වලට සොෆ්ට් වෙයාස් හදල දෙනවා. අපි පිට රට ගිහින් ඒ ලැප්ටොප් වලින් කොටනවා. ඒ ක්‍රමය අතරල ඇපල් මයිසූර් පරිප්පු කන්න ගිය අපි තාමත් සුද්දන්ට ජංගි මහනවා. (නදී)
තිලක් මල්ලි, ඉන්දියාව ඒ ක්‍රමේ අනුගමනය කලේ නැ.ඒ ක්‍රමේට ගිය රටවල් ගොඩක් තිබුනා. විසේසයෙන් සෝවියට් දේශය, නැගෙනහිර යුරෝපා රටවල් ,චීනය , කියුබාව, වියට්නාම්.උතුරු කොරියාව....,මම 1988 රුසියාව ඇතුළු නැගෙනහිර යුරෝපා රටවල් කීපෙකට ගීයා අන්ත දුගී රටවල් .එතකොට ලංකාවේ ගිනි පෙට්ටිය ටත් වඩා කුඩා රේඩිඕ තියෙද්දී මොස්කව් වල තිබුනේ පකිස් පෙට්ටි වගේ විශාල ඒවා.ටෝයිස් කියල තිබුනේ රෙදි කෑලි වලින් හදපු බෝනික්කෝ.කොම්පියුටර් කියන නමවත් දන්නේ නැ.නමුත් අද තත්වය වෙනස් මොකද ඒ පාලනය වෙනස්. අද චීනය ධනවාදී රටක්. චීනයේ ශාන්ගායි වල මිලානෝ වලට වඩා ෆෙරාරි තියෙනවා.ඉහත කි රටවල් ඒ පාලන ක්‍රමයෙන් මිදිලා දියුණු උනා.නමුත් උතුරු කොරියාව හා කියුබාව මේ තත්වය දිගටම ගෙනගියා.අද උතුරු කොරියාව ලෝකයේම අන්ත දිළිඳු රටක් මිනිසුන් බඩගින්නේ මැරෙනවා.කියුබාව සංචාරක ව්‍යාපාරය නිසා මිනිස්සු ජීවත් වෙනවා. (ස)
ඒ ක්‍රමේ හොඳයි තිලක් අයියේ. හැබැයි මිනිස්සුන්ට දරාගන්න අමාරු වැඩි වුණා කියලයි මම අහලා තියෙන්නේ. අපේ රටේ මිනිස්සුන්ට බඩට වැදුණොත් චන්දේ සුම්මා.... (ස)
සරත් අයියේ මුල් කතාව නම් නියමයි. රූප අක්ක හිතල තියෙන්නේ එයා පස්සෙන් ඇවිත් කියලනේ... (ස)
තිලක් මල්ලි, චීනය ඔච්චර ආර්ථික බලවතෙක් උනේ. තාමත් චීනය කිසිම පැකිලීමකින් තොරව සුද්දන්ට යට ඇඳුම් මහනවා.අද උතුරු ඉතාලියේ ගොඩක් එවා මහන ෆැක්ටරි ගලෝගන ගිහින් චිනේ සවි කරලා තියෙන්නේ.ඉතින් අපි සුද්දන්ට ඕව මහපුවම මොකද වෙන්නේ.වියට්නාමයත් ඕවා මහල තමා අපිව පරද්දල තියෙන්නේ. (ස)
පීටර් අයියේ එතකොට ඒ රටවල් දියුණු වුනේ පාලනයේ තිබුණු මොන ලක්ෂණ නිසාද? ඒ රටවල් දියුණු වුණේ මිනිසුන් ඒ තදබල පාලන ක්‍රම රටේ දියුණුව වෙනුවෙන් ඉවසූ නිසාද? ඒ පාලකයින්ට ඡන්දේ ප්‍රශ්නයක් වුණේ නැද්ද? දැනගන්නයි අහන්නේ.. (ස)
චන්දි අක්කේ, අන්න එහෙම හිනාවෙලා ඉමුකෝ.. අපි සදාකාලිකව ඉන්න ආපු අය නෙවෙයිනේ... අද දිසා අයියයි නිලූයි තාම නෑ නේද? (ස)
ජපානය දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ අනුගමනය කරපු ක්‍රියාදාමය හොඳට අධ්‍යනය කලොත් අපිටත් ගොඩ එන්න පුළුවන් පීටර් අයියේ. එකට මුලිකත්වය ගන්න කෙනෙක් ඕනේ. සුදුස්සාට සුදුසු තැන දුන්නොත් සුදුසු වැටුපක් දුන්නොත්, රට ඉන්න උගත්තු ලංකාවට එනවා සිකුරුයි. පේන තෙක් මානයකවත් එවන් දැක්මක් ඇති කෙනෙක් නැතිවීම අපගේ/දරුවන්ගේ අවසනාවද මන්ද?... (ස)
දිසානායකයි, නිලූ අක්කයි දෙන්නත් එක්ක කොහේ හරි ගිහිල්ලවත්ද? (ස)
නුගේගොඩ, ඔයා හරි.ඒත් එහෙම කෙනෙක් හිටියත් බඩ ගැන විතරක් සිතන මිනිසුන් බහුතරයක් ඉන්න රටක එයාට පාලකයෙක් වෙන්න අමාරුයි නේද?? (ස)
ඉන්දු - ලන්ඩන් 2013-11-22 15:04:47 මගේ අදහසක් නොවේ. මෙය දැමූ කෙනාට ඇයි තමන්ගේ නමින් ඒක අහන්න බැරි. (ස)
චන්ඩි අක්කේ මට දැන් ඔයාව හීනෙනුත් පෙනෙනවා. ඔය ලියන ශෛලියට මම හරි ආසයි. සසර බැඳීමක්ද මන්දා. (ස)
ලංකාවේ බහුතරයක් බඩ ගෙන හිතන මිනිස්සු කියල මම හිතන්නේ නැහැ. බඩ ගෙන හිතන කොටස අනිත් අයව යටපත් කරගෙන ඉන්නවා. (ස)
ඒක හරි සමන්.. මාධ්‍ය වලටත් මීට වඩා වගකීමක් තියෙනවා මිනිසුන්ගේ ආකල්ප වර්ධනයට. (ස)
ඉන්දු - ලන්ඩන් 2013-11-22 15:18:04 මෙය මගේ නොවේ. අනේ මේවා ලියන කෙනාට බැරිද තමන්ගේ නමින් ලියන්න. එතකොට විනෝදයෙන් සංවාදය ගෙනියන්න පුලුවන්නේ... ඔයා අපේ චන්දි අක්කට කැමතියි වගේ. ලැජ්ජ වෙන්නේ නැතුව එළියට එන්නකෝ. (ස)
ඉන්දු - ලන්ඩන් 2013-11-22 15:18:04 මෙය මගේ නොවේ. අනේ මේවා ලියන කෙනාට බැරිද තමන්ගේ නමින් ලියන්න. එතකොට විනෝදයෙන් සංවාදය ගෙනියන්න පුලුවන්නේ... ඹයා අපේ චන්දි අක්කට කැමතියි වගේ. ලැජ්ජ වෙන්නේ නැතුව එළියට එන්නකෝ (ස)
ඉන්දු නංගි,ඒ රටවල් දියුණු උනේ නැත්තේ දරදඬු පාලනය නිසා.ඕකට ඒගොල්ල කීවේ සමාජවාදය කියල.එහි මුලික හරය උනේ සියලු දේ සැමට ,තමන්ට කියලා කිසිම දෙයක් නෑ.තමන් කොච්චර මහන්සි වෙලා වැඩ කලත් තමන්ට කියල කිසිදෙයක් නැත්නම් කවුරුවත් වැඩ කරන්නේ නෑ .ඉතින් ඒ රට දියුණු වෙන්නේ නෑ.ඉතින් බලෙන් වැඩ ගන්නවා .නියම වහල් සේවය.ජර්මනියේ බර්ලින් තාප්පය කැඩුවට පස්සේ මේ ක්‍රමේ වෙනස් උනේ .ඊට පස්සේ තමා ඔයා ඉන්න රටට පෝලන්ඩ් කාරයෝ ලක්ස 10 ක් පලවෙනි සතියෙම අවේ .උන්ට එංගලන්තේ පැරඩයිස් එකක් .ඔය ලන්ඩන් වල සුදු පාටට ඉන්න උන් එකෙක්වත් සුද්දෝ නොවේ.ඔකොම නැගෙනහිර යුරෝපා රටවලින් ආපු හිඟන්නෝ.අද ලන්ඩන් වල සුද්දෙක් බේතකටවත් හොයා ගන්ඩ නෑ.අනෙක් උන් ඉන්දියාවේ මිනිස්සුයි, ලංකාවේ දෙමල මිනිස්සුයි, සෝමාලි කාරයොයි.ලන්ඩන් වල ඕනෑම බස් එකකට නැග්ගොත් ඇහෙන්නේ තොර තෝංචියක් නැතිව දෙමලෙන් කතා කරන සද්දේ. දෙන්නෙක් හිටියොත් මුළු බස් එකටම ඇති.,හැරෝ,අල්පටන් ,වෙම්බ්ලි නියම යාපනේ. අනේ ලන්ඩන් වලට ගිය කලක්. (ස)
වන්නි තිලක්, ඒ නාම්බා මහලු වෙලත් දැන් අදින්නේ රූපලගේ බරබගය නෙමෙයි! "රූපා" කියන බර බාගයයි! (ස)
අඩෝ “පහන්“ උඹ කොහෙද? හොඳ කතාවක් කියපන් හිනා වෙන්න. උඹ නැතුව පාලුයි. (ස)
පීටර්, එයාල ආදරේ නිසානේ ලංකාවේ දෙමල මිනිස්සු එහාට ගත්තේ. එයාල එහෙම හිටපුදෙන්. ඒත් ඔයාලට තමයි කරදරේ නේද පීටර් අයියා. (ස)
ඔයා හරියටම හරි පීටර් අයියේ...මෙහේ පිරිලා ඉන්නේ නැගෙනහිර යුරෝපා රටවලින් ආපු හිඟන්නෝයි, ඉන්දියන් පකිස්ථාන් කාරයොයි, කලු ජාතිකායොයි තමා. වෙම්බ්ලි නම් චෙන්නායි වගේමයි. මට තියෙන ප්‍රශ්ණේ,,, මේ ඡන්ද ක්‍රමය අනුව අපේ රටට ඔය කියන විදියට රට හදන්න පුලුවන් නායකයෙක් ඇතිවුණත් එයාට බලය දීලා රට දියුණු වෙනකම් මිනිසුන් ඉවසාගෙන ඉඳියිද කියලා.. (ස)
අපේ රට ගොඩගන්න නම් මිනිසුන්ට ටිකක් අමාරු කාලයක් සහ නොයෙක් කැපවීම් කරන්න වේවි. පොඩ්ඩක් බඩු මිල වැඩිවුණොත් ඒ ගැන කියලා මිනිස්සු අවුස්සන විපක්ෂයකුත් එක්ක මේ තියෙන ඡන්ද ක්‍රමයත් එක්ක එහෙම නායකයෙක් බලයට එන එක අමාරු දෙයක් නේද? (ස)
ඉන්දු, හරියට සැලසුමක් ඇතුව කරන කෙනෙකුට අවුරුදු දෙකක් යන්න ඉස්සෙල්ලා රටෙන් දුප්පත් කම සම්පුර්ණයෙන්ම නැති කරන්න පුළුවන්. සමහර සැලසුම් මතු පිටින් අපිට වාසි වගේ පෙනුනට ඒවයෙන් ඇත්තටම අපි පැරදිලා. (ස)
ඉන්දු, බඩු මිල වැඩි කරන්න අවශ්‍ය නැහැ රට දියුණු කරන්න. ජීවන බර අඩු කරන සැලසුම් තුලින් තමයි ඉතිරිය වැඩි වෙලා රට දියුණු වෙන්නේ. (ස)
ඔයා හරි සමන්, චීනය, දකුණු කොරියාව, සිංගප්පූරුව (මම ගොඩක් උදාහරණ දන්නේ නැහැ) වගේ රටවල් වල හරි සැළසුම් තිබුණු නිසාත්, මිනිසුත් ඒ පාලකයන්ට අනුව කටයුතු කළ නිසාත් කෙටි කාලයක් ඇතුළත දියුණු වෙලා තියෙන්නේ. ඒත් අපේ පාලකයන් බයයි ඡන්දේ පැරදෙයි කියලා ඕවා කරන්න ගිහිල්ලා. (නි)
සමන් රටක ණය අඩු කරලා ආදායම වැඩි කරන්න ඕනෑ ජීවන බර අඩු කරන්න නම්. ඒක කරන්න රටේ දේශීය නිෂ්පාදිතය වැඩි කරන්න ඕනෑ සංවර්ධන ව්‍යාපෘතිත් සමගින්. ඒක කරන්න අමාරුයි රටේ මිනිස්සුන්ට සහ පාලකයන්ට හරි අරමුණක් සහ දැක්මක් නැත්නම්.අපේ රටේ ශ්‍රම බලකාය අකාර්යක්ෂමයි, සරලව කියනවා නම් කම්මැලියි. අපට ස්වභාවික සම්පතුත් ඒ හැටි නැති නිසා මේ අකාර්යක්ෂමභාවය නැති කළ යුතුයි. ගොඩක් රාජ්‍ය ආයතන වල සේවකයන් හරියට වැඩ කරන්නේ නැහැ. බොරුව නාස්තිය පිරිලා. ගොඩක් දියුණු වූ රටවල් හරි කාර්යක්ෂමයි. මිනිස්සුන්ගෙන් හරියට වැඩ ගන්න නීති රීති ක්‍රියාත්මක වෙනවා. ඒකයි ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ. (නි)
මෙන්ඩිස් මහත්තයා කියනදේට මම පොඩි දෙයක් කියන්නම්.මගේ සීයා මියයන මොහොත දක්වාම යූ එන් පී පක්ෂයට පමණක් ලැදි කෙනෙක්.හැබැයි එයත් මියයන්න කලින් පිළිගත්තා මැතිනියගේ කාලේ කළ දේ හරියට කළා නම් අද මේ විදිහට කරදරයක් නැහැ කියලා.හැබැයි ඒක ජනතාවට පටවපු විදිහ හොද නැහැ. ලොක්කන්ට වෙන ක්‍රමයක් දුප්පතුන්ට වෙන ක්‍රමයක් විදිහට නිලධාරීන් වැඩ කළ නිසා තමයි මේක වුණේ කියලා.මම තර්ක කරන්නේ නැහැ.මොකද 60-70 කාලේ අපි ඉපදෙන්න හිතලාවත් තිබුනේ නැති නිසා. (නි)
දියුණු රටක ප්‍රධාන ලක්ෂණයක් තමා බඩු මිළ අඩුකම.ලෝකයේම කෑම බීම මිළ වැඩිම රටක් තමා ලංකාව. එංගලන්තය ,ඇමෙරිකාව කෑම ලාභම රටවල් ,අපි ටෙස්කෝ වගේ විශාල සුපර් මාර්කට් එකකට ගිහින් පවුම් 50 කට ට්‍රොලිය පිරෙන්න බඩු ගන්න පුළුවන්. යූරෝ 50 කියන්නේ මේ රටේ සුලු මුදලක්.නමුත් ඒ බඩු ප්‍රමාණයම ලංකාවේ සුපර් මාර්කට් එකකින් ගත්තොත් ගේ දොර උගස් කරන්න වෙනවා.ලංකාවේ රු.900 ට තියෙන පිට්සා එකක් සුපර් මාර්කට් එකකින් පවුම් 1 ට ගන්න පුළුවන්.ඒ රටේ පවුමේ වටිනාකමක් නැහැ. ලංකාවේ අපිට රුපියලක් වගේ.අනේ අපේ රට කවදා ඒ තත්ත්වයට ඒද ? (නි)
දිසා, නිලූ කෝ ඔයාල , ලියන්න මොනවා හරි .., අද පාර්ලිමන්ට් එකේ රැස්වීම තියල...!! සමදරා අක්ක ගියේ නැද්ද..?(ස)
පීටර් අයියා කොයි ලෝකෙන් පාත් වූනද මන්ද, පණ්ඩිත බාස් කෙනෙක්. (ස)
ඉන්දු මාව ගන්නවා නේද වෙම්බ්ලි වලට. මම ඔය මැහුම් ගෙතුම් වැඩ දන්නවා (ස)
මෙන්ඩිස්, හත් අවුරුදු ශාපය කියලා පොතක් ගහලා තිබුනා. හොයලා බලලා කියවන්න (නි)
රූපා මහා හිතක් පපුවක් නැති කෙනෙක් වගෙයි (නි)
සමදරා, නිහඩව ඉදලා එකපාරටම එනවා කාටම හරි ඇද-කුද කියාගෙන. ලියන්නකෝ අනේ ටිකක් හිනා වෙන්න දෙයක්. (නි)
දවසක් මම කළුතරදී හිගන්නෙකුට රුපියල් පහක් දුන්නා. මම කොළඹට සාමාන්‍ය බසයකින් ආවා. හිගන්න ඒසී බස් එකේ කොළඹට ආවා. මම එතනින් තීරණය කළා හිගන්නා කව්ද කියා (නි)
නියම කතාව සුජීව.... (නි)
සරත්ලා පින් කරලා නැති වුණාට මම මොනවා කරන්නද? (නි)
ඒ විතරක්ද පීටර් මාමේ,එන්ගලන්තයේ මිනිසුන් ලොතරැයි වලින් මහා දිනුම් එවෙලේම කෝටි ගණන්වලින් දිනාදීලා තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉදිරියට යන්නත් උදව් දෙනවා රටේ බැංකුව (නි)
හුගක් හිගන්නෝ කරන්නේ බොරු මවාපෑම් (නි)
ලංකාවේ ආනයන ව්‍යපරවල් කරන ව්‍යාපාරිකයෝ දේශපාලුවෝ රකිනවා දේශපාලුවෝ උන්ව රකිනව ලංකාවේ නිෂ්පාදනය කරන මෝටර් රථයකට පිට රටින් එන මෝටර් රථයකට ගහන බද්දම ගැහුවහම දේශීය කම්හල් නැගිටියිද රටේ සංවර්දන ව්‍යාපෘති හදන්නේ රටේ උවමනාවට වඩා දේශපාලුවන්ගේ චන්ද ඉලක්ක වලට. (ස)
තල වැපුරුවෝ තල ටික අර ගෙන යාවී - වී වැපුරුවෝ වී ටික අර ගෙන යාවි - පව්කළ හරක් ගැල බැඳ හපුතලෙ යාවී - නීති පින් කරන අය සුර ලෝකෙට යාවී.(ස)
ඊයේ රෑ ඔබ සිහිනෙන් දෙඩ වූ ඒ රූපා කවුදෝ... නිදිනැති රෑ යාමේ මා හඬ වූ ඒ රූපා කව්දෝ....... රූපා රූපා සුරතල් රූපා එළිවෙනතුරු ඔබ දෙඩුවා මතකයි...... කවි පද ලියමින් ඔබ කුල්මත් කළ .... ඉගි බිගි පාමින් ඔබ වල්මත් කළ...... ජීවමාන ලියතඹරාවක්දෝ ...... ඒ රූපා ...ඒ රූපා ... (නි)
හිමි නෑති පෙමකට ඉකිබිද හෑඩුමට සිත මගේ බොළද වෙලා.. අන්සතු හදකට පෙම්කළ වරදට ලොව මට එරෙහි වෙලා.............. (නි)
මගේ නමින් අදහස් පළකරන්න එපා (නි)
ඔන්න අන්තිමේදී බැරිම තැන මම මගේ නමින් ලිවුවා (නි)
පීටර් අයියා ගොඩක් දේවල් කියලා දුන්නා.මමත් හරි ආසයි ඒ වගේ දේවල් ඉගෙන ගන්න (නි)
චන්ඩි, අද ලියන්න වෙලාවක් නැති වුණා. (නි)
සිරිමා මැතිනියගේ අදහස හොදයි. කොතනත් සිද්ධ වෙනවිදියට ඒවා ඉදිරිපත් කරන්න ආ නිලධාරීන් ඒවා ඉදිරිපත් ක්‍රමය වැරදියට රටට දුන්නේ. ඒ ක්‍රමය මේ වෙනතුරු තිබුනා නම් ලංකාව සුරපුරයක්. අනික අපේ රටේ තියෙන්නේ එක ආණ්ඩුවකින් රටට කොයිතරම් හොද දෙයක් ඉදිරිපත් කළත් ඒ ආණ්ඩුව පැරදිලා අනිත් පක්ෂය දිනපු ගමන් ඒ සියල්ල නතර කරනවා. ඩී.එස්.මහත්මයාගේ මහවැලි ව්‍යාපාරය එදා කළා නම් ඔය යුද්ධ කරලා රට බෙදන කතාවල් එන්නෙත් නැහැනේ. මොන පක්ෂයේ හරි රටට හිතකර දේ හොදයි කියන්න පුරුදු වෙන්න. අපේ රටට නැගිටින්න බැරි මෙන්න මේ නිසා. අනිත් රටවල එක රජයකින් රටට වැදගත් දෙයක් කළොත් ඊළග මොන ආණ්ඩුව අාවත් ඒක අවසන් කරන්න බලනවා. ලංකාවේ විපක්ෂය කියලා හිතන්නේ ආණ්ඩුව මොන දේ කළත් විරුද්ද වෙන එක කියලයි. (නි)
සමදරා නැන්දේ, බල්ලෝ බුරති උන්ගේ ඒ නපුරු ගති - වැද්දෝ බන කියාටි නොදනිති උන් බොරු කියති -මාලුන් නසිති උන් වතුරේම ගිලිලා යති- පෙට්ටක ඉදන් කොටවති සුළුවෙන් සතුටු වෙති.(නදී)
ඔව් ඉන්දු නංගිම නිලූ නංගිලාගේ දේශ සීමාවට ගියා අල්ලපු රටනේ.(නදී)
සමදරා 2013-11-22 21:38:32 මගේ කොමන්ට් එකක් නොවෙයි. දිසාගේ (අබිං ) වැඩක් (නදී)
පීටර් අයියේ එන්න අපේ දිහා රා තියෙනවා (නදී)
බත් කට කෑව බලු රජ වලිගය වනතී - ඊ තල ඇතත් වැද්දොත් මී පැණි බුදිතී - සෙනෙහස දිදී ඩොල්ෆින් මාළුවො නටතී - හංසය වගේ රස කිරි බෝන්නකො යුවතී. (නදී)
අබිං දිසායි රූප රත්නයි හොඳ කපල් එකක් වෙයි (නදී)
චන්දි අහිංසකයි (නදී)
ඔය 70 දශකයේදී මම ප්‍රාතමික පන්තියේ ඉගෙන ගන්න සිසුවෙක්. මමයි අයියල දෙන්නයි අක්කයි ඉස්කෝලේ ඇරිලා සැතපුම් එක හමාරක් විතර පයින් එන්නේ. ඒකාලේ ගෙදරට ඇවිත් ආපයින් ආපසු ටියුෂන් යන්ඩ ශිෂ්‍යත්ව විභාග තිබුනේ නෑ. ගස්වලට පොලු ගගහ තමයි එන්නේ. ඒ ආපුවාම ගොඩක් දවස් වලට තියෙන්නේ මයියොක්කා තම්බල තමා තියෙන්නේ. මට ඒකාලේ මයියොක්කා පේන්ඩ බෑ.මම කන්ඩ බෑ කියල අඬනකොට අම්ම කරන්නේ නැන්දලගේ ගෙදර ගිහින් එහෙ තියෙන දෙයක් ගෙනත් දෙනවා. බොහෝ වෙලාවට ඒ ගෙදර තියන්නෙත් අපේ ගෙදර දේමයි. එතකොට කරන්නේ කඩේට ගිහින් පාන් කාලක් ගෙනත් දෙනවා..අපේ මාමා කෙනෙක් හිටිය රට ඒකාලේ රට හිටියේ එසේ මෙසේ කෙනෙක් නොවේ. ඔය මාමා රට ඉදන් එනකොට අපේ ගෙදර ටත් ඇපැල් ගෙඩියක් ලැබුනා. මම පළමු වතාවටයි ඇපැල් ගෙඩියක් දැක්කේ. ඕක.6 ට කපල කෑවා. ඒක හරියට අමුර්තේ වගේ .ඕක කාල මම කිව කවද හරි මාත් දවසක රට ගිහින් ඇපැල් ගෙඩියක් තනියම කනවා කියලා. ඔය කතාව ගෙදරට සියලු එකතු වූ විට මෑතක් වනතුරු මාව බයිට් කිරීමට යොදාගත්තා.(නදී)
මහන්සි නොවී සල්ලි හොයන්න පහසුම ක්‍රමය තමයි මේ. හිඟන්නාගේ මාසික ආදායම මහන්සි වෙලා, හරියට වෙලාවට කන්නේ බොන්නේ නැතුව, බාගෙට මැරීගෙන වැඩකරන අපේ මාසික අදායමට වඩා හතර පස් ගුණයකින් වැඩියි. සමහර හිගන්නෝ සල්ලි නොදුන්නම හොඳ වචන වලිනුත් බැණගෙන යනවා. (නදී)
පිටර් ලන්ඩන් විතරක් නෙමේ සිඩ්නි වලත් ඔහොම තමා. හැම තැනම ඉන්දියන් කච කචේ. පෙනුමත් නිකන් ඉන්දියන් නගරයක් වගේ. බටහිර රටක පෙනුම නැහැ.(නදී)
මොනවා උනත් ලංකාවට අද මෙහෙම නරක දසාවක් උදාවෙලා තියෙන්නේ. දේශපාලන ගැටළු නිසා. මොකද මොනවා කරන්න ගියත් ඉහලින්ම තියෙන්නේ දේශපාලනයනේ. උගත් දේශපාලකයෝ අඩු වීම තමයි හේතුව. ඉස්කෝලයක් දැකපු නැති මිනිස්සුත් අද ඉහල පුටුවලට වෙලා තමන්ගේ "ගොන් අදහස්" රට තුල ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන් ප්‍රාදේශීය නායකයින් වැඩි හරියක් කිසිම සුදුසුකමක් නැතිව තනතුරේ ඉන්න පුද්ගලයින්. ලංකාවේ මොන දේශපාලන පක්ෂයේත් අද තත්වය මේකයි. ඡන්ද අපේක්ෂකයෙක් තෝරාගැනීමේදී උගතුන් තෝරා පත් කලානම් අද ලංකාව චීනයට නොදෙවෙනි රටක් වෙලා තියේවි. මොකද රට සංවර්ධනය කිරීමට නම් ගමේ ඉදලා යන්න ඕනේ. අද පොහොසතුන් වෙලා ඉන්නේ අතර මැදියන්. ලුණු ආනයනය කලත් සියයට 50 ට වඩා ලැබෙන්නේ අතරමැදියාට. බොරු නම් බලන්න බාල ඉන්ධන හා ගල් අගුරු, වස කිරිපිටි, මේවා ලංකාවට ඇවිත්. මොකද ඒ රටවලින් මෙහාට එවන්න කලින් මේවාගේ ගුණාත්මය බලන්නේ නැද්ද. හේතුව තමා අපේ අය සල්ලි වලට රට පාවා දීම. (නදී)
ඔන්න දැන් කට්ටියට දවල් තරු පේන කාලය ඇවිත්. අලුත් බජට් එකෙන් ගොඩක් ඒවගේ මිල එහෙම අඩු කරලා. සයිට් එකක අඩුකරලා තියෙන ගණන් එහෙම දාල තියෙනවා ඔන්න. පැයකට විතර කලින් පෙන්න ගත්තු තරු ටික තාමත් මගේ ඔලුව වටේ කැරකෙනවා. ආයෙත් රට පනින්න වෙයි වගේ. (නදී)
ඔන්න දැන් කට්ටියට දවල් තරු පේන කාලය ඇවිත්. අලුත් බජට් එකෙන් ගොඩක් ඒ වගේ මිල එහෙම අඩු කරලා. සයිට් එකක අඩුකරලා තියෙන ගණන් එහෙම දාල තියෙනවා ඔන්න. පැයකට විතර කලින් පෙන්න ගත්තු තරු ටික තාමත් මගේ ඔලුව වටේ කැරකෙනවා. ආයෙත් රට පනින්න වෙයි වගේ. (නදී)
හෙළයා, ඔබට මම හිස නමමි (නදී)
ඇයි මගේ කොමෙන්ට් එක දැම්මේ නැත්තේ .මොකක්ද ඒකේ වරද.(නදී)
බොරුවක් කරලා හරි ඒ මිනිහා හිඟමන් ඉල්ලුවේ ජීවත්වෙන්න නේ දෙයියනේ (නදී)
හැමෝම රූප වගේ වෙන්න එපා. මේ ලෝකේ ගිනි කන්දක් වෙයි (නදී)
චන්දි අහිංසකයි. ඒක රැක ගන්න (නදී)
පීටර් අයියේ අලුත් සුදු සරමක් අරං එන්න. අපේ අහ නැහැ (නදී)
අද දවල්ට අපි කන්නේ කරවල හොදි, පොලොස් සහ ලුණු මිරිස්. කෑමෙන් පස්සේ කෙහෙල් කන් (නදී)
මම හිතන්නේ නේ සමදරාට ඔය සුදු සරමින් වැඩක් වෙයි කියලා.(නදී)
ඉවත් වන්නෙමි මේ සභෙන් මම එන්නේ නැහැ මේ සභේට මම (නදී)
බිදුවක් ඉවසා අහන්න සොයුරිය...අහන්න සොයුරිය ඔබ අපේ හිතවතියයි.... උතුම් ලන්දු අද බනින නිසා ඔබ අප හැර යනු වැරදියි.....අප හැර යනු වැරදියි.....(අ)
සමදරාව තේරුම් ගන්න අමාරුයි එක එක තැන වල එක එක විදිහට අපිට බනිනවා සමදර ඔයාට බැන බැන ඉන්න තිය අපිට අපේ වැඩක් වත් කරගන්න වෙලාවක් නැහැ (අ)
මෙන්ඩිස් අශෝකලගේ කතාවේ ඇත්තක් තියෙනවා, අසා ඇති අන්දමට ඒ පිළිවෙත හොදා නමුත් ක්‍රියා කල අන්දම වැරදි වගේම විරුද්දවදීන් වැරදි පිළිවෙතක් අනුගමනය කලේ. අද පොල්තෙලුත් පිට රටින් ආනයනය කරනවා ඉතින් කොහොමද අපි දියුණු වෙන්නේ. (අ)
සමදරා නංගී ,සුදු සරමක් නොවේ සුදු රෙද්දක් නම් දැනට අවරුදු 28 කට උඩදී පාවිච්චි කරන්ඩ උනා. අනේ මන්ද අද කාලේ ඕවා පාවිච්චි කරනවද කියලා.(නදී)
පීටර් අයියේ දිගටම ලියන්ඩ නවතිනඩ් එපා මම හරි අසාවෙන් කියවන්නේ ඔබ ලියන දේවල් (ස)
මෙන්ඩිස් සමග මා එකග වෙමි. ඒ ක්‍රමය දිගටම ආව නම් මෙලහට රට දියුණුයි. අපේ අය බලන් ඉන්නේ නිකන් ඉදන් කන්න නේ. ටිකක් රිදුනා තමයි.(නදී)
පීටර් අයියේ.., ඔයාගේ අදහස මගේ දෑසම තෙත් කරා.., ඉස්සර අපි විදපු දුක් මටත් කවදාවත් අමතක වෙන්නේ නැහැ, මටත් රට ඇවිත් ඇපල් වට්ටිය පෙන්නලා මැඩම් කන්න කිවම සතුටින් එකක් කන්න ගත්තම මගේ දරුවන්ගේ මුහුණ මැවිලා පෙනුන. මම ඒක කෑවේ.. නෑ අයියේ., (අ)
මුළු රටෙම් ඉන්නේ හිගනෝ තමා එක එක විදියට හිඟා කනවා (අ)
කව්ද බොල මේ මැඩම්? මේක මහා පිස්සු වචනයක්. අපේ රටේ ඉන්නේ ගෑනු. මැදපෙරදිග ඔක්කොම මැඩම්ලාද?කුරුඳු වත්තේ ගණිකා මඩු කොරන්නෙත් මැඩම් ලා? (අ)
රෙදි මොටද? ඇපල් තියේනම්. (නදී)
පීටර් සොයුර ඔයාගේ ලිපිය කියවා ..මම ඉකිගහල අඩුව මගේ පුතා දුවගෙන ඇවිත් අහනවා ඇයි අම්ම අඩන්නේ කියල ..මට මගේ අතීතේ මතක් උනා ..ඒ වා ලියන්න මේ ලකාදීපෙම සියලු පිටු දුන්නත් මට මදි ..?ඒ තරම් දුක් වින්දා ඔයහා ජීවිතයක්මයි අපි ගෙව්වේ ...? අපි එතුලින් ගොඩාක් දේවල් අපි ඉගන ගත්තා ...? ඔයාට කවදාවත් වරදින්නේ නැහැ පීටර් සොයුර ඉදිරියටම යන්න ..ඔබට දෙවාශිර්වාදයයි ...!!!! (අ)
සරත් අයියාගේ කතා වලට ස්තුතියි.පීටර් අයියාගේ කතාව සංවේදියි වගේම ඇසට කදුලක් එක් කළා. (නි)
මගේ සේවාදායකයාට මා ගරු කල යුතුයි ..!! එතකොට කුරුදු වත්තේ ඉන්නෙත් මැදපෙරදිග අයද....? (අ)
හැමදාම නත්තල් නැහැ. බොරුවට ආයුෂත් නැහැ.(නි)
මම පාන් පෝලිමේ හිටියා (අ)
චන්දි අපේ ඔලු අවුල් කරන්න එපා. මෙහෙ තියෙන්නේ පේර (අ)
මේ චන්දි මවා පාන්නියක් අහු වෙන්න එපා (අ)
කරුණාකර මගේ නමින් අන් අය අදහස් දැමීමෙන් වළකින්න (නි)
මගේ නමින් ප්‍රතිචාර නොදමන්න (නි)
පීටර්, ඔයා ගොඩාක් දුක් විඳපු කෙනෙක් දුප්පත්කම නිසා. මම වගේ. එන්න මාත් සමග ඉදිරි ජීවිතය බෙදා ගන්න (නි)
හිගන්නො බහුතරය ඔහොමයි (නි)
පීටර් අයියේ මනුස්ස දුවක් ඔයාගේ විවාහයට සුදුසුයි නැතුව යක්ෂනියක් නෙමෙයි (නදී)
ලන්ඩනයේ මම ඉන්නා ඉසව්වේ - සමනලියෝ නැත එතරම් නිදැල්ලේ ,අත වැනුවොත් සමනලියක් ඒ පැත්තේ- පවුම්100ක් නැතිවෙයි මගේ පොකට්ටුවේ (නදී)
ගොඩක් අය ඔහොම තමා. අත පය හොල්ලලා වැඩක් නොකර තියන කම්මැලියි කමට අනුන්ට අත දික් කරලා සිගමන් ඉල්ලනවා. මොකක් හරි බොරුවක් කියලා දවසේ වියදම සොයාගෙන එක්කෝ බාර් එකේ, නැතිනම් ඔයවගේ බස් එකක නැගලා අපුරුවට යනවා.(නදී)
අනේ රජෝ, උඹ ඉන්නා ඉසව්වේ, දගර ලියන් නලියනවා ඇසිල්ලේ ඇපල් දිදී කවි කියනවා තොටිල්ලේ - නියගල අල දන්නව නෙව කැකිල්ලේ (නදී)
ගසට නමකි ගස මැරුණම වෙන නමකී - ගෙඩියට නමකි ගෙඩියේ පොත්තට නමකී - මදයට නමකි මද කනකොට වෙන නමකී - මෙතුන් පදේ තෝරලා කියන් සකී. (නදී)
ගස = ගොයම් .., ගස මැරුණම =පිදුරු..., ගෙඩිය = වී ඇටේ .., පොත්ත = දහයියා.., මදය = සහල්..., මද කනකොට = බත් ( අද ඉරිදනේ මටත් අද දවල්ට ලංකාවේ විදිය බත් වේලක් ලැබෙයි ) (නදී)
වන්නිට මමත් දෙන්නද තේරවිල්ලක්....? අන්න බලාපන් අත්තක ඉදලෝලු.., පපුව පලා අගනෙක් ඉද මද කාලු.., කකා ගිය ලෙල්ල රස කර උයාලු .., අද බැරි නම් හෙට තොරාපන් යාලු.....? (නදී)
අත්ත බරට රතු පාටට දිලෙන්නේ.- දැක්ක කලට කට ඇඹුලයි දැනෙන්නේ - ලුණු ගොරකයිලු හොද්දක් රස කරන්නේ -තෝරමි අදම හෙට මොනවට තැවෙන්නේ!(නදී)
එතකොට සමන් සමදරා විතරද මනුෂ්‍ය දුව ඉන්දුල නිලුල චන්දිලා යක්ෂණියෝ හොදයි, හොදයි ඔහොම යමු.(නදී)
බලාගෙන ගියාම ඔයත් හොද ගොරකයෙක්නේ (සමාවෙන්න විහිළුවක් කලේ)(නදී)
හ්හ්හ්හ්ම්ම්ම්ම්ම් මනු ලොව වැඩ වාසස්ථාන කරන මේ අසරණ ගැත්තිට යක්ෂ දියණියන් කියන්න තා කවරෙක්ද..., කියා මා මනුස්ස ලීලාවෙන් අසා සිටිමි., බොලන් දෙනු පිළිතුරු., කණු පලතුරු ...!!!!(ස)
චන්දි නගෝ ඔයාගේ ලුණු ගොරක මදි මාව තම්බන්න. මම හැට පැනපු නාකියෙක්නේ. (ස)
එසැනෙහි හෙඩිම අද අඹු සැමි මරු දෙකකි......ඊට යටින් හොර මැරකම් පේලියකි....මෙතනත් අමුතු තාලෙක එක රන්ඩුවකි .. ලක්මව විනාසෙටමද 'දෙයියෝ සාක්කි''....(නදී)
මම දන්නා කෙහෙල් මලක් නැහැ මල්ලියේ පොත බලාගෙන ලිව්වා (නදී)
මෙන්න මගේ තේරවිල්ල කිකිලියෝ තුනක් මැද කුකුලෙකු සිටින්නේ ...වැලි කතරේ සිට පෙම් බස් ලියන්නේ......නෝනා හාමි පොලු අරගෙන රකින්නේ .....අද බැරි නම් හෙට තෝරා කියන්නේ (නදී)
13.33.01 මේ මගේ අදහසක් නොවන බව කරුණාවෙන් සලකන්න. මට කාටවත් චරිත සහතික දීමට අවශ්‍ය නැත.(නදී)
ගසට ගොයම් මැරුණම පිදුරුය කියනෙම් -පොත්ත දහයියා ගෙඩි වී ඇටය උතුම් - මදය සහල් මද කනකොට බත මනරම් - තේරුව අපට සබයෙන් දෙනවද මසුරම් ! (නදී)
හරිනේ , මට කවිය අමතක වෙලා තිබුනේ., ඉතින් මම තේරුවා හරිනේ කවිය නැතුවට ... හා..., නැද්ද මං අහන්නේ...?(නදී)
අනේ ඉන්දු මොකක්ද අනේ ඒ තේරවිල්ල. තෝරලා දෙන්නකෝ.(නදී)
ඉන්දු-ලන්ඩන් 2013-11-24 14:20:36 මෙය මගේ කවියක් නොවේ. ඇයි මෙච්චර ලස්සන අදහස් තියෙන කෙනෙක් හංගිලා වෙන අයගේ නම්න් ලියන්නේ. (ස)
කිකිළිය වගේ 'රූප'ය ගෙන මන බන්දු. බිගි බිගි පාන නෙතගින් අහසෙහි 'චන්දු'. කොයි අත 'දිසා' බැලුවත් මනලොල් කැන්දු.....තුන්වැනි කිකිලියගෙ නම සැකයකි 'ඉන්දු'. (නදී)
අනේ ඔයාලගේ තේරවිලි කවිටික හරිම වැදගත් වගේම ..ඉස්කෝලේ සාහිත්‍ය කවි පාඩම දවස මතක් උනා ..මට ඒ කවි සීපද මොකුත්ම මතක නැහැ, ඔයාල කියවන විට තමයි මතකයට එන්නේ ..? හරිම ලස්සනයි ..? ඔන්න ඔයවගේ වැදගත් දේවල් තමයි ලියවෙන්න ඕන ඉද හිටලා හරි ..අපේ යටගියාව මියදෙනවට වඩා මතක් වෙන්න ඕන අපි හැමෝටම ...? හරිම වැදගත් ..!!! (අ)
ඉන්දු ලන්ඩන් ලස්සනද? කියන්නකෝ විස්තර ටිකක් (අ)
හිගන්නනට ගරහන්න එපා. මගෙත් ඥාති අයියා කෙනෙක් ඉන්නවා හිඟන්නෙක්. හක්මන බස් ස්ටෑන්ඩ් එකට ගිහිල්ල බලන්න කකුලේ වෙළුමක් තියෙන එක්කෙනා (අ)
පීටර් අයියේ කලින් බැන්දට කමක් නැහැ (අ)
නිලූ ඔගොල්ලටත් ඇපල් ලැබෙනවද? (අ)
ඇපල් මල් ලස්සනයි (අ)
අනේ කව්රු හරි කතාවක් ලියන්නකෝ .. ?මරපුවයි ..සියදිවිනහගත්තුවයි අහල උදෙන්ම හිත ටිකක් කම්පාවෙලා වගේ ..අපි හැමෝගෙම ...? (අ)
කුකුළු මැඩම්ලා දාන්නේ මොනවාද? දන්නවද උත්තරේ. (නදී)
ඉන්දුගේ කවිය තමයි හරි. වන්නියා මාව රැවට්ටුවා නේද කවියක් ගොතලා ලියලා. . හිදින්න අම්මා එනතුරු කරවන්නම් හොද වැඩක්. මොනවද අනේ ඉන්දුවේ ඔයාගේ තේරවිල්ල තෝරලා දෙන්නකො ඉක්මනට. (නදී)
ඔබගේ දැනුම්දීම අනුව අප එම ප්‍රතිචාරය ඉවත් කළෙමි ස්තුතියි
අත්‍යවශ්‍ය බාන්ඩ ගණනාවක මිල වැඩි කරලා .ඕගොල්ලන්ගේ අදහස් දන ගන්න කැමතියි (අ)
දැන් බැලුවම කතාවට වඩා රසවත් මේ අයගේ අදහස් ටිකනේ. ඔහොම යමු. (නි)
නිමල් භාණ්ඩ මිල වැඩි වුනාට මට ගානක් නහැ. රට නියමට ගෙනි යනවා බලන්න (ස)
සමහර අදහස පල වෙන්නේ නැහැ.මක්කයි කරන්නේ? (ස)
අනේ පව් යාචකයා (ස)
ඔන්න රූපවති අක්කේ. එක ගමක පිස්සු මනුස්සයෙක් පාරේ කාටවත් යන්න නොදී යන හැම කෙනාගේම පස්සෙන් පන්නවලු. එක දවසක් මැදිවියේ කාන්තාවක් දරට ගිහින් දරමිටියකුත් අරගෙන එන අතරේ මේ පිස්සු මනුස්සයා ඒ කාන්තාවට පන්නන්න පටන් ගෙන ඔන්න ගොඩක් දුරපැන්නුවලු. බැරිම තැන කාන්තව අතේ තිබුණු කැත්තයි,දරමිටියි බිමදා නැවතත් දුවනවලු. පිස්සු මනුස්සයා වැටුණු කැත්තත් ඇහිද ගෙන කාන්තාව පිටුපස ලුහුබැද ඇයට කිට්ටු උනාලු. දැන් කාන්තාව කරන්න දෙයක් නැති නිසා නැවති අත් දෙකෙන්න්ම ඔලුව අල්ලාගෙන ඇස් දෙක පියා ගත්තාලු දැන් කොටයි පිස්සා කියා. පස්සේ පිස්සු මනුස්සයා කාන්තාවට ඇගට තට්ටුවක් දාලා කිව්වලු මේ කැත්ත අතට අරන් ඔයා දැන් මට පන්නන්නකෝ කියලා පිස්සා ඉස්සර වෙලා දිව්වලු. (නදී)
බහුතරය මෙහෙම තමයි (නි)
"අම්මපා මගේ හද පතුලෙන් ගලනවා ආලේ. රූපවතී හමු උනොතින් බදිනවා මාලේ...... බදින්නේ පොල් කටු මාලේ........" (නදී)
සමදරා බැල්ම හෙලා මගේ හිතට වද දෙනවා. චන්දි කෙල්ල දැක්කෝතින් ඔක්කොම අමතක වෙනවා. (නදී)
අදහස කියන්නවත් මතක නැත. තරු පෙනී ඇත. (නි)
යාචකයෝ හැම රටකම ඉන්නවා . ලන්ඩන් වල හැරෝ ඔන් ද හිල් ෂොපින් සෙන්ටර් එක ළඟට එනවා රතු ඉන්දියානුවෝ දෙන්නෙක් .ඔහුන් ඇඳ සිටින්නේ ඔබ ඡායාරූප වලින් දැක ඇති ඔලුවට පිහාටු ගසා ඇති ඔවුන්ගේ සම්ප්‍රදායික වර්ණවත් ඇදුමක්.මේ රතු ඉන්දියානුවන් දෙදෙනා ඔහුන්ට අාවේනික පෞරාණික සංගීත භාණ්ඩ යොදාගෙන ඉතාම මිහිරි කන්කළු සංගීතයක් ඉදිරිපත් කරනවා.මොවුන්ගේ මුහුණෙන් දිස්වන අහිංසක පෙනුම නිසාත් ලයාන්විත සංගීතය නිසාත් ඇතිවන්නේ පුදුම අනුකම්පාවක්. මොහුන් ඇත්තෙන්ම යාචකයින්.මෙතැනින් යන ගොඩක් දෙනෙක් පව්මක් දෙකක් බිමට විසිකරලා යන්නේ.මමත් කීප වතාවක් ඔහුන්ගේ සංගීතයට සවන්දී පව්මක් විසිකරලා තිබෙනවා. දවසක් මම මේ ගැන පුතාට කිවුවා.පුතා කියනවා "තාත්තට පිස්සු, උන් මොන රෙඩ් ඉන්දියන්ස්ලද.උන් දෙන්නා ලන්ඩන් වල ඉන්නේ දවසකට හොඳ ගානක් එකතුකරගෙන ඔය ඇඳුම් මාරු කරලා ලේටස්ට් මොඩල් බි.එම්.ඩබ්ලිව් එකක නැගලා යනවා"කියලා (නි)
චන්දි කෙල්ලේ, හැට පැන්නත් මේ වන්නිකරේ එක කැකුලෙකුටවත් බැහැ මාත් එක්ක පුරන් වූ කුඹුරක් වුණත් එක හීයට හාලා හමාර කරන්න.. (නි)
වෙන මොනවද නිමල්, මෙච්චර කල් ලුනුයි බතුයි කෑවා. ඉස්සරහට ලුණු දාන්නේ නැතුව බත් පිගානෙන් බාගයක් කනවා (නි)
පහන්,වැලි කතරෙන් උකුළු මුකුළු ඇසෙන්නේ... හෙට මොකටද අද තෝරා ලියන්නේ .... (නි)
චන්දි අක්කේ, මම නෙමෙයි අර තේරවිල්ල දැම්මේ. දාපු කෙනා කෙලින්ම ඉදිරිපත් වුණා නම් ඒකට පිළිතුරු ලියලා හොඳ විනෝදයක් ලබන්න තිබුණා හැමෝටම. සහන් ඔයා ඒකට පිළිතුරුත් ලියලා. හොඳයි පස්සේ බලාගමුකෝ... (නි)
යාළුවනේ, මින්පසු මා ෆේස් බුක් ගිණුමෙන් අදහස් පළකරන්න හිතුවා (නි)
"ඉන්දු-ලන්ඩන් 2013-11-25 02:00:40" මගේ අදහසක් නොවේ. (නි)
ඇයි අන්ධයින්ට ලොකු ලොකු සල්ලි කොළ දැක්කහම ඇස් පෙනෙන්නේ? (නි)
අනේ අම්මපා! මමත් ලංකාවට ආවා.මගේ පෙම්වතියව බලන්න ගියා. හොඳයි නොගියා නම් කියලා හිතුනා. එයත් අය වැයෙන් පස්සේ ගණන් උස්සලා. (නි)
ට්‍රැක්ටරෙන් වැටිලාද කකුල කැඩුනේ? (නි)
සිරිබිරිස්, එන්න අපේ ගෙදර (නි)
පීටර් අයියාට ළමයි ඉන්න එක හොඳයි. මටත් කවදාහරි සළකයි (නි)
අනේ අනිච්චං! (නි)
දුරකතනයේ අංකය ලියා එස්.එම්.එස් එකක් එවන්නකො. (නි)
අනේ බලන්න මේ හොර තක්කඩියා මගේ නමින් ෆේස්බුක් එකකුත් හදලා. මේ ෆේස්බුක් එකෙන් ප්‍රතිචාර දාන කෙනාට තමුන්ගේ නමින් අදහස් දාගන්න තරම් කොන්ද පන නැද්ද (නදී)
ඒ පාර සහන්වයි මාවයි කොටවන්න හදන්නේ (නදී)
ඕස්ට්‍රේලියාවෙත් සමහර නගරවල යාචකයෝ එක්කෙනා දෙන්නා දකින්න ලැබෙනවා.මේ අය ගොඩක් ඉස්සර වෙනත් රටවලින් හොරෙන් ආපු අය කියලයි කියන්නේ.තමන්ගේ රටේම හිටියා නම් මෙහෙම දුක් විඳින්නේ නැහැ. රටේ උදවියට යාචකයෝ පුරුදු නැහැ.ඉතින් කියක්වත් දෙනවා පේන්නෙත් නැහැ.අාසියාතිකයෝ දුන්නොත් තමා.යාචකයෝ ඉන්නේ වඳිනවා වගේ දණගහගෙන. මුහුණු පෙනෙන්නේ නැහැ. දවසම ඉන්නේ එහෙමයි (නි)
අපේ ගෙදර එන හැටි මම පැහැදිලිවම පෙර ලියා ඇති (නි)
දෙයියෝ සාක්කි! (නි)
අපේ නම් වලින් ලියලා ඇතිවෙන දවසක් එයිනේ ඔය ලියන කෙනාට. ඉන්දු, ඔයා ලියන අදහස් අපිට මේ හොර අදහස් සමග තෝරා බේරා ගන්න පුලුවන් සොයුරියේ. (නි)
අනුන්ගේ නම් වලින් අදහස් පළකරන්නන්ට මම විරුද්ධයි (නි)
ලංකාවේ වැඩියෙන්ම සල්ලි උපයන්නේ දේශපාලකයෝ සහ හිගන්නු (නි)
අනේ මන්දා නිලූ, මොන සතුටක්ද කියලා. ලියන්න තිබෙන දෙයක් තමුන්ගේ නමින් ලියාගත්තා නම් හරිනේ.ඕක මානසික රෝගයක්. (නි)
නිලූ නංගි, කියලා කියලම මට එපා වෙලා. මම දැන් හැමෝගෙම අදහස් බලලා නිකන් ඉන්නවා. මොනවා හරි ලිව්වොත් ඒකට මට බැනලා අදහස් දානවා. මම ලියන විදිහට මෙතන එක්කෙනෙක් ඉන්නවා. එයා ලියන්න පටන් ගත් දවසේ ඉදලා මෙතන ප්‍රශ්න ඇතිකළා (නි)
ඇයි මේ අනුන්ගේ නමින් අදහස් දාන්නේ සමහරු? (නි)
පුදුම කළකිරීමක් එන්නේ, ඇයි මේ විදිහට වැරදි වැඩ කරන්නේ? හැමෝටම අදහස් හුවමාරු කර ගන්න පුලුවන් නේද තමුන්ගේ නමින්? ඇයි වෙන කෙනෙකුගේ නමට හැංගිලා ලියන්නේ . (නි)
ඔව් දිසෝ , කොච්චර කිවුවත් එකයි,මගේ නමිනුත් ලියලා තිබුනා. මොනවා කරන්නද මමත් ඉතින් ලියනවා. මොකද මගේ යාළුවන් දන්නවා මං ලියන දේත්, හොරා ලියන දේත් මොනවද කියලා (නි)
නිලුගේ පිස්සාගේ කතාව ලස්සනයි (නි)
ආච්චි කෙනෙක් කොළඹ එන්ට කියලා හිතාන නුවරින් බස් එකකට නගින්න ආවලු. කොළඹ යන්නෙ මොන බස් එකද කියලා අහලා හැම බස් එකටම ගොඩවෙලා වාඩි වෙලා බලාන ඉන්නවලු ඉන්නවලු බස් එක යන පාටක් නෑ ලු. ඔන්න ටික වෙලාවක් යද්දි ආච්චි දැක්කා. පිටිපස්සේ තිබුණු බස් එකක් පිටත් වෙනවා. කේන්ති ගිය ආච්චි ඇයි යකෝ මේ බස් එක යන්නෙ නැද්ද? අර පිටිපස්සෙ තිබුණු බස් එකත් ගියා. කියමින් ගෝරනාඩු කරන්නට පටන් ගත්තාලු. අසල සිටි මගියෙක් ඇයව සනසන්න සිතා ඒ ගියෙ ආච්චියෙ ඉන්ටසිටියක් කියා කීවාලු. එය ඇසූ ආච්චිට තවත් තද වී ඉතිං බලහංකො පුතේඉන්ට සිටි බස් එකත් ගියා.. මේ යන්ට සිටි බස් එක තාම ගියෙ නෑ නේ.. කියා කීවා ලු.(නදී)
දිසානායක අයියේ ,තවමත් අර සමකෝනි ත්‍රිකෝණය මැදට වෙලා කැරකි කරකිද ඉන්නේ! (ස)
මෙහෙත් හිගන්නෝ ඉන්නවා. වැඩි හරියක් ඉන්නේ බල්ලෝ ළඟ තියාගෙන. (අ)
අපිටත් ගොඩ වෙන්න අවසරද
මහා පුදුම පාලුවකින් පිරිලා ගිහිල්ල මොකද මන්ද (අ)
ඔය අනුන්ගේ නම් වලින් ලියන්න එපා කියන අයම තමා අනුන්ගේ නම් වලින් ලියන්නේ (අ)
මම හිතන්නේ නැහැ කාටවත් කාගෙවත් නමින් ලියන්න ඕනේ කියල මේ අය බොරුවට මේගොල්ලන්ගේ නම් ප්‍රසිද්ද කර ගන්න හදනවා (අ)
ජයමාන්න කැකුලේවෙල ගොඩවෙන්න අවසරයි හැබැයි චන්දිටයි ඉන්දුටයි නිලුටයි දිසාටයි කඩේ යන්න ඕනේ (අ)
ඇයි මේ ප්‍රතිචාර දාන අය මෙහෙම බැණගන්නේ? (නි)
පාලිත, ඔහොම කථා කියන්න එපා (නි)
පීටර්, ඔබගේ අතීත ආවර්ජනය දැන් තමා දැක කියෙව්වේ. ඇත්තටම වයස වෙනස් වුණත් අපි දෙන්නම එකම බෝට්ටුවේ ඉදලා තියෙන්නේ. (නි)
බොමුද අක්කේ කහට කෝප්පයක්. හකුරු කෑල්ලක් එක්ක. පාළුව බැහැල යන්ටත් එක්ක...(නදී)
සමදරා අක්කා දවසක් බස් එකේ යනකොට කව්ද සමදරාගේ පර්ස් එකට ගහලා. ගෙදරට ආ විට අම්ම ඇහුවා ඈ සමදරෝ කොහොමද උඹේ පොකට් එක ගත්තේ කියලා. එතකොට සමදරා කියනවා ,' කව්ද අම්මේ දන්නේ ඒක හැට්ටේ අස්සේ තිබුනේ කියලා.(නදී)
මහා පුදුම පාලුවකින් පිරිලා ගිහිල්ලා මොකද මන්දා. (නදී)
දැන් මේ වෙබ් පිටුවෙත් සමහරු කල්ලි ගහගෙන, තව සමහරු මේක අයිති කරගෙන. (නි)
කොල්ලෝ බලාපන් බස් එක නොපෙනේන්නම ගියාද කියල. කන්දොස්කිරියාව ඉවරයි..(නදී)
ජයමාන්න,අනේ සොයුර, අපි කවුරුත් මනුස්සයොනේ. කෙනෙකුගේ හිත රිදවන්න එපා. කවුරුත් කාටත් මෙතන ලියන්න පුළුවන් (නි)
පාලිත, ඔබගේ ප්‍රතිචාරය අනුව, අපිට බොරු කරන්න කිසිම වුවමනාවක් නැහැ. අපි කියන්නේ ඇත්තද බොරුද කියලා ඔයාගේ නමිනුත් ලියපු දවසක තේරෙයි.මෙතන අපි ප්‍රසිද්ධ වුණාට ලැබෙන වාසියක් නැහැ. නිරපරාදේ අපිට දොස් කීමෙන් වළකින්න. (නි)
කුසුම් , ගැහැණියෙක් ගැහැනියකට කපන්න තරම් පහත් තත්වයක සිටීම ගැන බලවත් කනගාටුව, දැන් ඔයත් එසැනට ගොඩවුනේ අපිට කඩේ ගිහින්ද., හිත්වල තියෙන කුහකම හොදහැටි දැන ගත්තා,ඔයාලට අපේ නම් සම්බන්ද නොකර දෙයක් ලියන්නම බැරිද ......?(නදී)
කුසුම්, මොනවටද කාටවත් ආවඩන්නේ? තමන්ට කැමති දෙයක් ලියන්න එහෙම කරන්න අවශ්‍ය නැහැ. (නි)
චන්දි අක්කේ ....!!! අපේ නම් ටිකේම එල්ලීගෙන ලියන අයට වෙන දෙයක් ලියා ගන්න බැරිව ඇති එකනේ එකම දේ ලියා ලියා ඉන්නේ.පුදුම සතුටක් නේ එයාල විදින්නේ එකෙන්.එයාලට ඔපම ලියා සතුටු වෙන්න දෙමු. (දී )
ගොඩක් ප්‍රතිචාර කාලය කන තේරුමක් නැති ඒවා. (දී )
චන්දි අක්කේ, නිලූ, ඒ අයට තමන්ගේම දෙයක් ලියන්න නෑ. ඕන කරන්නේ අනුන්ගේ සතුටක් කඩාකප්පල් කරන්න විතරයි. අපි ඒවායින් හිත රිදව ගන්නැතුව ඉන්න උත්සහ කරමු.. නරක හැමදාම දිනන්නේ නෑ.. (දී )
ඔව් ,ඉන්දු ,නිලූ , මේ නාදුනන අපිට මෙහෙම අපහාසයට ලියනවා නම්, අහළ පහළ අය සමග කොහොමට ඇද්ද?ආරේ ගති නෑරේ කියනවලුනේ... (නි)
හොඳ වෙලාවට පර්ස් එක එතන තිබුනේ.කමක් නැහැ දුවේ ඔයින් ගියා මදැයි. (නි)
මොකක්ද අනේ මේ ආඩ පාලි කතා..කෝපි කඩේ හොඳයි, නේද අබරෝ. හැමදාම මේ ආප්පෙයි දෙකයි කෙසෙල් ගෙඩියමයි තමයි. මේ ලෝකේ රසක් නෑ.(නදී)
සිරි අයියත් හරියට බලාගෙන ගියහම කෝපි කඩේ මුවා වගේ (නි)
අසේවනාච බාලානම් පණ්ඩිතානන්ඥ සේවනා ....... (නි)
. පාලිත කියන දේ ඇත්ත කියලයි මට හිතෙන්නේ (අ)
හිවල්ලු ගාථා කියල (නදී)
පාලිත සමග වඩේ කන පුෂ්පකුමාරට මගේ ප්‍රණාමය. බලාගෙන දත් ගැලවෙයි.(නදී)
කෝ අනේ පීටර් අයියා. මට නිකන් කලන්තේ වගේ ඇවිල්ල ගියත් සනීපයි.(නදී)
ඉහත තුනම මම දමපු කොමන්ට් නොවේ (නදී)
පහත දමන තුනත් මම දමපු ඒවා නොවේ. දෙයියනේ කව්ද? සාක්කි?(නදී)