ගොඩනැගිල්ලක හිමිකාරියක් තම ගොඩනැගිල්ල ආයතනයකට බද්දට දී තිබිණි. ඇය ජිවත් වූයේ ඊට යාබද නිවසේය. ආයතනයට සහ නිවෙසට ඇතුළුවීමට තිබුණේ එකම ගේට්ටුවකි. ගොඩනැගිල්ල හරහා ඇය නිවසට යන එන විට ආරක්ෂක නිලධාරීන් නැගිට ආචාර කළයුතු යැයි මෙම කාන්තාව පවසා තිබුණි.
ආයතනයේ කළමනාකාර මහතා ආරක්ෂක නිලධාරීන්ට පැවසුවේ ‘‘ඒ ලේඩිට රෙස්පෙක්ට් කරන්න කියලා ඔයාලට කියන්න මට බැහැ ඔයාලා එයාගේ සෙකියුරිටි නෙමෙයිනේ. ඔයාලා කැමති නම් ආචාර කරන්න’’ යනුවෙනි. කෙසේ වුවත් ආරක්ෂක නිලධාරීන් දෙදෙනා ඇය එතැනින් යන එන විට ආචාර කළහ.
ඔවුන් ආහාර ගන්නා විටදී පවා නැගිට ඇයට ආචාර කළ යුතු විය. දිනක් එක් ආරක්ෂක නිලධාරියෙක් තම ජංගම දුරකතනයෙන් පෙම්වතිය සමඟ සංවාදයේ යෙදී සිටියදී පෙරකී කාන්තාව එතැනින් යෑමට පැමිණියාය. ආරක්ෂක නිලධාරියා, එය දුටුවේ නැත. ඔහු පටුවේ වාඩිවී පෙම්වතිය සමඟ පිළිසදරේය. මෙය දුටු කාන්තාව කෝපයට පත්වූවාය ඇය තම ජංගම දුරකතනයෙන් ඔහුගේ ඡුයාරූපයක් ක්ෂණිකව ලබා ගත්තාය. ‘‘මැඩම් මොකටද මගේ ෆොටෝ එකක් ගත්තේ’’ ඔහු විමසීය ‘‘මේක මම මැනේජර්ට පෙන්නලා කියනවා ඔහේලා මට රෙස්පෙක්ට් කරන්නේ නැහැ කියලා’’ ඇය කෝපයෙන් පැවසුවාය. ආරක්ෂක නිලධාරියාද කේන්තියෙන්, ‘‘ ඕක මැනේජර්ට පෙන්නලා මැඩම්ගේ කොට්ටේ ළඟින්ම තියාගන්න’’ යැයි පැවසීය. පසුදින සිට ආරක්ෂක නිලධාරියා දක්නට ලැබුණේ නැත. කොළඹට නුදුරින් වාර්තාවිය.
ක‍්‍රිස්ටෝපර් සීපියන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තමයි වැඩවසම් ක්‍රමය. ලංකාවේ සියලු ප්‍රස්න වලට මුල. මිනිස්සුන්ට නිදහසේ හිතන්න බැහැ තවම. (නදී)
අධි අහංකාරත්වයෙන් පීඩා විඳින්නියක් විය හැක. (නදී)
ඔය වටිනාකම සුළු වෙලාවයි නෝනේ. (නි)
ඉහළ සමාජයට නඟින්න මිනිස්සු පුදුම පිස්සු වැඩ කරන්නේ. පිරුණු කළය සෙළවෙන්නේ නැහැ කියලා මේ නෝනා දන්නවද දන්නේ නැහැ (නි)
කවුරු බලන්නද කවුරු දකින්නද මා දැන් මහලු වියේ..., යන්නට ඕනෑ කඩමණ්ඩිය වෙත (නි)
කවුද මේ නෝනා? (නි)
නෝනගේ ෆොටෝ එකක් දාන්නකෝ.ඒකටත් ආචාර කරන්න වේවිද? (නි)
නිරහංකාර අයට නම් ලැබෙන්න ඕනෑ ගෞරවය නිකන්ම ලැබෙනවා (නි)
සල්ලි සහ බලය උපයෝගී කරගෙන ප්‍රභූ පැලැන්තියට යන්න වලිකන නුතන නෝනා කෙනෙක් වෙන්න ඇති. (නදී)
මෙම කාන්තාවට ඇත්තේ මානසික රෝගයකි.මෙයට උවමනා වන්නේ බෙහෙත් මිස අනුන්ගේ ආචාර සමාචාර නොවේ. (නි)
මෙම කාන්තාව ඊනියා දමිළ ඩයස්පෝරාවේ හා විජාතික බලවේග වල කුමන්ත්‍රණයකට නතු වී ඇත (නි)
මෙම කාන්තාවට මානසික රෝගයක් ඇති (බ)
නෝනට මහත්තයාත් සැලියුට් ගහනවා ඇති. අනුන්ගේ සිකුරිටි එකකින් සැලියුට් බලෙන් ගන්න ගිහින් නෝනා බිම ඇන ගන්නවා කවද හරි. සිකුරිටි ගාඩ්ලා ඉන්නවා නොයෙක් විදිහේ අය.(අ)
මෙයාව අයින් කරන්ඩ ඇත්තේ රාජකාරි වෙලාවේ කෝල් කලාට.ෆොටෝ එකෙන්ම පෙන්නන්ඩ ඇති. (අ)
සමහර මානසික රෝග බෙහෙත් නැතුව සනීපවෙන ක්‍රමත් තියෙනවා (නි)