(වියලුව වාර්තාකරු)
පදමට වෙරි වූ කම්කරුවකු තමුන් සමග එකට මත්පැන් පානය කළ ආයතන ප්‍රධානියකුගෙන් ආයතනයේ ඇති ගැටලු විසඳීම සඳහා සතියක කාලයක් තමුන්ට පාලනය භාරදෙන ලෙස කළ ඉල්ලීමක් පිළිබඳ කථා පුවතකි.
සිද්ධිය මෙසේය.
එය අර්ධ නාගරික ප්‍රදේශයක පිහිටි රාජ්‍ය ආයතනයකි. එහි ආයතන ප්‍රධානියා ද ඇතුළුව සේවය සඳහා යොදවා සිටියේ 50කටත් අඩු සේවක පිරිසකි.
ඒ නිසාම ආයතන ප්‍රධානියා මෙන්ම පහළම ශ්‍රේණියේ කම්කරුවා අතරද පැවතියේ මනා සබඳතාවක් මෙන්ම සුහදත්වයකි.
අහංකාර කමක් නොපෙන්වූ ආයතන ප්‍රධානියා ද ඉහළ ශ්‍රේණියේ නිලධාරීන්ට මෙන්ම පහළ ශ්‍රේණියේ කම්කරුවාට සැලකුවේද එකම ආකාරයෙනි.
මේ නිසා ඇතැම් කම්කරුවෝ තම තනතුර ඉක්මවා ආයතන ප්‍රධානියාද අභිබවා කටයුතු කළ අවස්ථා පිළිබඳව ද විටින් විට අසන්නට ලැබිණි.
පසුගිය දිනෙක මෙම පිරිසට ආයතනයේම නිලධාරිනියකගේ නිවෙසේ උත්සවයක් වෙනුවෙන් ආරාධනාවක් ලැබිණි. ආරාධනාවට අනුව ගමනට එක් වූ පිරිමි පාර්ශ්වයේ සියලු දෙනාටම අදාළ නිලධාරිනියගේ සැමියා විසින් ආහාර පානවලට අමතරව මත්පැන් සාදයක් ද සූදානම් කර තිබිණි.
මත්පැන් බෝතල් එකින් එක හිස් වන්නට පටන් ගැනීමත් සමගම ආයතනයේ පරිපාලන ගැටලු ආදිය පිළිබඳවද එකිනෙකා ආයතන ප්‍රධානියා සමග සාකච්ඡා කරන්නට වූයේ සාදය ඊට කදිම අවස්ථාවක් බවට පත්කර ගනිමිනි.
තම තනතුරද අමතකවූ කම්කරුවකු එහිදී සියලු පිරිස් ඉදිරියේ ‘සර් පුළුවන්නම් මට සතියකට සර්ගේ තනතුර දෙන්න මම ඔය ප්‍රශ්න ටික සුටුස් ගාලා විසඳලා දෙන්නම්’ යනුවෙන් පවසා සිටියේ එහි සිටි සියල්ලන් සිනහ ගස්සවමිනි.
ඒ වනවිටත් පදම ඉක්මවා සිටියද උගතෙකු මෙන්ම සිහි බුද්ධියෙන් යුත් පුද්ගලයකු වූ ආයතන ප්‍රධානියා මඳ සිනාවක් පාමින් ඔහුගේ කණ මිරිකා ‘උඹ ඔය යෝජනාව මට නම් කළාට කමක් නෑ හැබැයි මම මාරුවෙලා ගිය දවසක අලුතින් එන මහත්තයට නම් ඔය වගේ යෝජනා ගේන්න එපා. හැමෝම මම වගේ ඉන්න එකක් නැහැ යැයි කියා සිටියේ ඔහුගේ වෙරි මතද හින්දවමිනි.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ආයතනයේ ප්‍රශ්න ‘සුටුස්’ ගා විසඳන්න කම්කරුවා ‘බොස්කම’ ඉල්ලයි