එම ආයතනයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් විය. ඔහු රළු පෙනුමක් ඇති තලතුනා පුද්ගලයෙකි. ඔහු තම රාජකාරිය දේව කාරියක් සේ සැලකූ අතර හෙතෙම රාජකාරියට පැමිණෙන විටදී සුළු සේවකයන් පවා ඇස ගැසීමට නොසිටියේ කුමක් හෝ වරදක් පෙන්වා දොස් නගන හෙයිනි.
එදින කාර්යාලයේ විශේෂ දිනයක් විය. පිළිගැනීමේ නිලධාරිනියට ද වැඩ වැඩියෙන් පැවරුණු දිනයකි. එහෙත් ආදරයෙන් මුසපත්ව සිටි ඇය රාජකාරිය පසෙකලා තම අනංගයා සමග ජංගම දුරකතනයෙන් පෙම්බස් දොඩමින් පසු වූවාය.
මේ අතර රාජකාරි දුරකතනය නාදවිය. ඇමතුම පෙර කී විධායක නිලධාරියාගෙනි. පෙම්බස් දොඩමින් සිටි නිලධාරිනිය ද පෙම්වතාට සමු දී, ”අයි ලව් යූ” යනුවෙන් පැවසුවාය.
එවිට නාද වූ රාජකාරී දුරකනය ද තම අතෙහි විය. එය අසා සිටි නිලධාරියා දැඩිසේ කෝපාවිෂ්ට වී, ”අයි ලව් යූ කියන්න ගෙදර මට කෙනෙක් ඉන්නව. මම ඔහේට දුන්නු වැඬේ කළාද? යයි විමසීය. එවිට ඇයට දවල් තරු පෙනිණි. ඇයට පැවරී තිබුණේ එදින පැමිණෙන අමුත්තන්ගේ සංග‍්‍රහ කටයුතු සංවිධානය කිරීමය. විධායක නිලධාරියාගේ ඇමතුමෙන් පසු ඇයට තරු පෙනුණි.
කොළඹ නගරයේදී මේ කතාව අසන්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මනෝජ් මහත්තයට ඕනෑ නම් මම එහෙම කියන්නම්. (නි)
අනේ පව් ඉතින් ඉතින් (හොර චන්දි)අපි රැවටෙයි ඔය විකාර වලට.චන්දි අක්කාට මානසික ලෙඩක් නැහැ, ඔය එයාගේ නමින් ලියන කෙනාට වගේ. (නි)
මම ආව මගේ අලුත උපන් මිනිබිරිය බලන්න තොල කට මන් වගේමයි .දරුවාගේ අනාගතයට කියල මම ලක්ෂ 10 ක් බැංකු පොතට දැම්ම .මිත්තනිය විදිහට මම හරි සතුටින් ඉන්නේ අලුත් නිවසකුත් මිලදී ගන්නවා .දරුවාගේ වාසනාව (දී)
පැවරූ වැඩේ හරියට කරන එක වැරදි ද? පිළිගැනීමේදී අයි ලව් යු නොකියා මොනවද කියන්නේ ... (ස)
මම ලංකාවේ හිටියත්. මගේ නමින් අදහස් පළවෙන නිසා මගේ යාලුවන්ට මාව අමතක වෙන එකක් නැහැ නේද..?ලියන කෙනා කවුරු වුණත් මම ස්තූති කරනවා. (ස)
ඔයාව බාරගන්න ඉන්නේ යමපල්ලෝ තමයි චන්දි. නාකි විසේ ගෙටත් උසේ කියන්නේ ඕවට තමයි (නි)
අපිව බාර ගන්න තමයි කවුරුත් නැත්තේ (නි)
ශාන්ති , නිලූ දෙන්නා ගැන සලකල බලන්නම් .ඉන්දික අයි ලව් යූ කීවට බාර ගන්න බැ. (දී)
අනේ මෙහෙමත් වැඩ? (නි)
ඔන්න මනෝජ් දැන් සතුටුද? ඔය නිලුත් කියලා තියෙන්නේ. (නි)
" අයි ලව් යු " මනෝජ් හිතේ දුක යන්න ඔන්න පෝලිමක්ම ඉන්නවා නේද ශාන්ති.(නදී)
මෙම සිදුවීම මගේ යහලුවෙකුට වුණ සිදුවීමක්. මටත් ඔය වගේ දෙයක් වුණා. අනිත් කෙලවරේ සිටියේ අපේ මහත්තයාගේ තාත්තා, මගේ මාමණ්ඩි. නමුත් ප්‍රශ්ණයක් වුනේ නැහැ. මොකද එයා ඉංග්‍රීසි දන්නේ නැහැ .එයා කිවුවා ඒකට කමක් නැහැ පුතේ කියලා. (ස)
අයියෝ! ඉන්දික, මොනවද මේ මනෝජ් කියන්නේ? (නි)
"අයි ලව් යු" මනෝජ්. (ස)
මටත් කවුරු හරි එහෙම කියන්නකෝ. (ස)
"අයි ලවූ යු " කියන එකේ තේරුම් ගොඩක් තියෙනවා කියන අයුරින් තේරුම වෙනස්විය හැක .(දුවෙකුට තාත්තාට "අයි ලවූ යු" කියා කිවහැක ) කියන්නේ කෙසේදැයි තෝරාගත යුතුයි .(දී)
නියම උපමාව සයුරි. එච්චැර දරුණු හිතක් තිබෙන ඒ මහත්තයා ඒ වගේ වචනයකින්වත් පොඩ්ඩක් හරි සතුටක් ලබන්න ඇතිනේ (නි)
මැණික් ගලේ පය හැපුනට - කණා ඇහිදලා ගනීද? (නි)
රොහාන් , අපි එක එක්කෙනාට ආදරේ කරන ආකාරය විවිධාකාරයිනේ. ඉතින් චන්දිට මාමන්ඩිටත් කැමති දෙයක් කියන්න හැකිනේ.අනික චන්දි කාටද එහෙම කිවුවේ කියලා ඇයි මේ ඔයා බය වෙලා? (නි)
එතකොට ඔයා "අයි ලව් යූ " කිව්වේ කාටද ? චන්දි (ස)
අපරාදේ අපිටනේ කියන්න තිබුනේ.(නදී)