සේවයේ යෙදී සිටි පුද්ගලික ආරක්‍ෂක නිලධාරියකු වෙත පැමිණි රූමත් තරුණියන් දෙදෙනෙකි. තරුණියන් දෙදෙනාගෙන් එක් අයකු අත සෙරප්පුවක් විය. එය දුටු තරුණ ආරක්‍ෂක නිලධාරියා මදක් චකිතයට පත්විය.
”අනේ අයියේ අපිට පොඩි උදව්වක් කරන්න” සෙරප්පුව ඇතැතිව සිටි තරුණිය කන්කළු ස්වරයකින් පැවසුවාය. ”මොකක්ද මිස් කෙරෙන්න ඕනේ” ආරක්‍ෂක නිලධාරියා කරුණාවෙන් විමසූවිට ”අයියේ මේ හැට්ට කට්ට සෙරප්පුවට ගහලා දෙන්න. සෙරප්පුව හයිය නිසා මේක ගහන්න අමාරුයි” ඇය කීවේ කොමළ සිනහවකින් මුව සරසාගෙනය. ඔහු කටුව සෙරප්පුව තුළට යැවීමට උත්සාහ කළත් එය අසාර්ථක වී කටුව නැමීගියේය. ”ඉන්න මිස් මම ඇණයක් අරන් එන්නම්” යැයි පැවසූ හෙතෙම අනෙක් ආරක්‍ෂක නිලධාරියාව එතැන රඳවා, ආයතනය තුළට පිවිසියේය. ඇණයක් සමඟ මිටියක් රැගෙන ආ ආරක්‍ෂක නිලධාරියා, සෙරෙප්පුව කදිමට සාදා දුන්නේය. අනේක වාරයක් ස්තුති කළ තරුණියන් දෙදෙනා හිරිපොද වැස්සේම එතැනින් පිටව ගියෝය.
ස්වල්ප වේලාවකින් ආරක්‍ෂක නිලධාරියාට තරු පෙනුණේ ආයතනයේ ආරක්‍ෂක කළමනාකාර මහතා තම කාර්යාලයට පැමිණෙන ලෙසට දැන්වූ විටය. ”සෙරප්පුව හැදුවාට උඩට ට‍්‍රාන්සර් එකක් දෙන්නයි යන්නේ” මිතුරා ඔහුට පැවසීය. තමා ඉදිරියට පැමිනි ආරක්‍ෂක නිලධාරියා ඇමතූ ආරක්‍ෂක කළමනාකාර මහතා ”කපිල කවදද සපත්තු කඩයක් දැම්මේ” යනුවෙන් ඇසීය. ”නැහැ සර්, මිස් කෙනෙක් ආවා. එයාගේ සෙරෙප්පුව කැඩිලා. මේ හරියේ සෙරෙප්පු හදන තැනකුත් නැහැනේ. අනෙක වැස්ස. මම ඉතින් හදලා දුන්නා.” ඔහු සීරුවෙන් පැවසීය. ” හා හා කමක් නෑ කරදරයක් වුණාම අපි උදව් කරන්න ඕනේ. හරි හරි යන්න ”ආරක්‍ෂක කළමනාකරු කට කොනකින් සිනහසෙමින් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියෝ සාක්කි නොවෙයි, මේ වගේ අය ගැන දෙයියෝම බලයි (නි)
කාන්තාවන් දෙදෙනෙක් වෙනුවට මහත්වරු දෙදෙනෙක් ආවා නම් ඔය කතාව සම්පුර්ණයෙන් වෙනස් වෙනවා නේද ? (නි)
එයාට කාන්තාවන් වාසනා වෙනවා ඇති (නි)
හොද වැඩක්. (නි)
කමල් ,ජයලත් අපි යෝජනා කරමුකෝ එම තීරේට නමක්. මෙන්න දෙවියන්, සිත නිවන කතා, හැගුම්බර කොලම ,දෙවියොත් නමට වදී වගේ ඒවා.(නදී)
ඉදල හිටලවත්,මේ වගේ අය ඉන්න එක හොදයි අගය කල යුතු දෙයක් ජය වේවා !(නදී)
තරුණ ගැහැණු ළමයි දෙන්නෙකුගේ ඉල්ලීම අහක නොදමා උදව් කිරීමට ගත් උත්සාහය ඉතාමත් හොඳයි. මෙතැන පොඩි සැකයක් මතුවෙනවා වයසක ඇන්ටි කෙනෙක් මෙවැනි උදව්වක් ඉල්ලුවා නම් කරයි ද? යන්න. (නදී)
කුමාරි, ඔයාගේ සෙරෙප්පුවක් එහෙම කැඩුනේ නැද්ද ? (අ)
මේ වගේ යහපත් වැඩක් දෙවියෝ සාක්කි තීරුවේ නොවෙයි පළල කරන්න ඕනා මේ වගේ කතා පලකරන්න වෙනම තීරුවක් අරඹන්න.(නදී)
ළඟදීම බලාපොරොත්තුවන්න. "ඇණයක් සමඟ මිටියක් වනයක් උනොත්" (අ)
මම කැමතියි මේ කතාවට. හොද කෙටි කතාවක් වගේ. ෂෝක්. (නි)
දෙය්යෝ සාක්කි වලට එම කතාව ගැලපෙන්නේ නැහැ. (අ)
වෙන රටවල අරක්ෂක නිලදාරී මහතුන්ගේ බඳ පටියේ ටෝර්ච් එකක්,මාංචු කුට්ටමක්,ඉඳි කටු නූල් පෙට්ටියක් තියෙනවා. ප්‍රථමාධාර පෙට්ටියකුත් තිබෙනවා. ඒත් ඒවා කරන්ඩ ආරක්ෂක නිලදාරීතුමන්ලාගේ පුහුණුවත් වැදගත් වෙනවා (නි)
අල්ලසක් නැතිව කරපු උතුම් ක්‍රියාවක්. නිලදාරියාටත්,ප්‍රධානියාටත්,ආයතනයටත් අපේ ප්‍රශංසාව. (නි)
හොඳනිමාණයක් (ස)
මේ කුරිරු සමාජය තුල ඔහු කරේ උතුම් ක්‍රියාවක් ආයතන ප්‍රධානිය උවද නිහතමානී අයක් (අ)
කමක් නැහැ. උදව්වක්නේ කරලා තියෙන්නේ. උදව්වක් අවශ්‍ය කෙනෙකුට උදව් කරන එකයි මිනිස්කම කියන්නේ. නමුත් බලන් ඉන්න අය වැරදියට හිතන්න පුළුවන්. මොකද ගැහැණු ළමයෙකුට උදව් කරපු නිසා. කමක් නැහැ.අවංක සිතින් කළා නම් ඒකේ පින ලැබෙනවා. (සමහර වෙලාවට කළ හොඳ පස්සෙන් එන වෙලාවලුත් නැතුව නොවෙයි) (නි)
මේවා ඉතින් වෙන් රටවල දැනටත් කෙරෙනවා. අපිත් දියුනු වෙනකොට මේවා කරන්න පුළුවන් ආරක්ෂක නිලදාරින් ගන්න ඕනෑ, ඒවා පුරුදු කරලා ඔවුන්ගේ වෘත්තී්‍ය මට්ටම වැඩි කරන පුහුණු වීම් දෙන්න ඕනෑ. (නි)
ආරක්ෂක නිලධාරියා තම රාජකාරිය හරියට කරමිනුයි කාන්තාවට උදව්වත් කළේ. එයා ඉවතට ගියේ අනෙක් නිලධාරියාව එතන නවත්වලයි. කළමනාකරු නිසි ප්‍රසංශාව දුන්නේ ඒ නිසයි. ඔහු තනිවම ඉන්න ගමන් බැහැරට ගියා නම් ඉවරයි. (නි)