රුපියල් ලක්‍ෂ එක හමාරක් පමණ වටිනා රන් ආභරණ ආරක්‍ෂාව පතා අසල්වැසි නිවෙසක කාන්තාවක භාරයේ තබා තිබිය දී එම කාන්තාවගේ සැමියා විසින් එම රන් ආභරණ උකස් කළැයි කියන පුවතක් පොලීසියෙන් වාර්තා වෙයි.
වාර්තාවන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
තම නිවසේ ආරක්‍ෂාව ප‍්‍රමාණවත් නොවීම නිසා නිවෙසින් පිට ගමනක් යාම සඳහා නිවැසියන් තමන් සතුව තිබූ රුපියල් එක්ලක්‍ෂ පනස් දහසක් පමණ වටිනා රන් මාල තුනක් සහ රන් වළල්ලක් අසල්වැසි නිවෙසක කාන්තාවකට ආරක්ෂාව සඳහා ලබාදී තිබිණි.
ටික දිනකට පසුව නිවැසියන් පැමිණි පසු තමන් ආරක්‍ෂාව සඳහා දුන් රන් ආභරණ නැවත ඉල්ලා සිටියත් විවිධ කතා කියමින් එය දීම ප‍්‍රමාද කරනු දුටු නිවැසියෝ සිද්ධිය පොලීසිය දක්වා රැගෙන ගියහ. මේ සම්බන්ධයෙන් පොලීසිය කළ පරීක්‍ෂණය අනුව හෙළි වූයේ අදාළ රන් භාණ්ඩ බිරියගේ අනුදැනුම මත සැමියා විසින් උකස් කැරුණු බවයි. රන් ආභරණ උකස් කළ සැමියා මුදල් ද රැගෙන නිවසින් බැහැර ගොස් ඇති අතර විශ්වාසය කඩ කිරීමේ චෝදනාව මත බිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මෙතැන් කොකුසක් පේනවා. සත්‍ය සිද්ධිය දන්නේ අදාල පාර්ශව දෙක පමණි නේ ! (අ)
නරියට කුකුල්ලු බාර දුන්නා වගෙ..වක්කඩෙ හකුරු හෑන්ගුව වගෙ..(අ)
රටේ අහන්න,දකින්න ලැබෙන දේවල් දිහා බැලුවහම ,කාවද අද විශ්වාස කරන්න පුළුවන් (අ)
නිලූ නංගී ඔයා හරි, රුපියල් ලක්‍ෂ එක හමාරක් වටිනා රන් ආභරණ අසල්වැසි නිවෙසක කාන්තාවකට භාර දෙන්න තරම් මේ අය මෝඩ උනාද? නැතනම් පරණ ණයක් ගෙව්වද ඒවායින්? (ත)
නැති වෙලාවට දෙවියන්ගේ වුනත් කමක් නෑ. (ත)
විස්වාසේට කියා අල්ලපු ගෙදර ගැන.. රත්රන් බඩු ගෙන දුන්නේ රකින මෙන.. ගිහින් ඇවිත් තමනට යා යුතු ගමන..ගන්නට ගිය විටදී රත්රන් තරු පෙනින ....!! අද ලෝකයේ විස්වාශය යන වදන.. බැහැ කාටවත් නැහැ සොයලා ගන්න.. මින් පසු ඔහොම වැඩ නොකරන් අහගන්න..තමන්ගේ බඩු යනතක අරගෙන යන්න....!! (දී)
තම අසල් වැසියන් ගැන අවංක විස්වාසයක් තිබුණු නිසා මෙසේ බාරදී යන්න ඇත්තේ.එත් අනිත් අය ඒ විස්වාසෙන් අයුතු ප්‍රයෝජන අරන්.එත් මේ දෙපැත්තේම අය නිවැරදි නැ. (අ)
“සියල්ල ආරක්‍ෂා වනතුරු කිසිවෙක් ආරක්‍ෂාකාරී නොමැත“. තමන්ගේ දේවල් තමන් පරිස්සම් කර ගන්නන ඕනේ.මොකටද අනුන්ට දෙන්නේ (අ)
නියම අසල් වැසියෝ., බය ලැජ්ජාව තිබිලම නැහැ (දී)
රුපියල් 50,000 රන් අභරණ උකස් කල කෙනෙකුට දුන්නේ ඇත්තටම රුපියල් 5000ලු එක උකස් බඩු කඩයක් (දී)
ආරක්ෂාව ඈලියාවට ගිහිල්ලා (දී)
චන්දි ට දුන්නත් ඔය ටිකම තමා (අ)