උදේ සහ දවල් ආහාර සහන මිලට සපයන යෞවනයන්ට සම්බන්ධ ආයතනයක ආපන ශාලාවකි. දිනක් රාත‍්‍රී හතට පමණ ආපන ශාලාවේ හිමිකරු තම ගෝලයන්ට මෙසේ පැවැසීය.
”හැමදාම අපි මෙහෙන්, කන නිසා වෙනසකටත් එක්ක හෝටලයකින් කමු.” සේවකයින් දෙදෙනාද එයට එකඟ වූයේ ඉතාමත් ප‍්‍රීතියෙනි. තිදෙනාම දන්නා හඳුනන හෝටලයකට ගියවිට, ”ආ, අපේ කැන්ටිමේ මල්ලිනේ. එන්න එන්න කියමින් හෝටලයේ මුදලාලි ආපනශාලාවේ හිමිකරු පිළිගත්තේ පිටට තට්ටුවක් ද දමමිනි.
”මොනාහරි කනවැයි” මුදලාලි විමසීය. ”අයියේ මස් මාළු නැතිව කොත්තු දෙකක් පාර්සල් කරලා දෙන්න” යැයි පැවසූවිට, කොත්තු බාස් ළඟට ගිය මුදලාලි, මේ එහා පාරේ කැන්ටිමේ මුදලාලි මහත්තයා, කොත්තු දෙකක් හොඳට දාන්න යැයි පැවැසීය. කොත්තු රැගෙන ආපසු පැමිණෙන විට තම ගෝලයන් ඇමතූ ආපනශාලාවේ හිමිකරු ”ඒ අපේ ගමේ කෙනෙක්, මම ගියාම හොඳට සලකනවා” යැයි කීය.
තිදෙනාම කොත්තු අනුභව කර නින්දට ගියහ. මැදියම් රැයේ අවදි වූ ගෝලයෙක්, බඩ අල්ලාගෙන කෙඳිරි ගාන්නට විය. වහා අවදි වූ ආපනශාලාවේ හිමිකරු ”මොකද මල්ලී” යැයි විමසීය.
”බඩ රිදෙනවා අයියෝ අම්මෝ ඉන්න බැහැ” ගෝලයා වේදනාවෙන් පැවැසීය. මේ අතර අනෙක් ගෝලයා ද අවදි වී පැවසුවේ ඔහුගේ උදරය ද රිදෙන බවය. ”කොත්තු කද්දී අමුතු රහක් ආවා” ඔහු පැවැසීය.
අවසානයේදී ආපනශාලාවේ හිමිකරු ද ”ඔන්න දැන් මගේ බඩත් රිදෙන්න ගත්තා.” හරි වැඬේ උදේට වැඩ කරන්නේ කොහොමද?” ඔහු පැවසුවේ සුසුමක් හෙලමිනි. ආපනශාලාවේ තිබූ අමු ඉඟුරු සපමින් සෝඩා වතුර බොමින් තිදෙනාම බිම දිගාවී ඇස් පියා ගත්හ. උදෑසන වනවිට අමාරුව සමනය වී තිබුණි. ”ආයේ නම් බඩ ගින්නේ හිටියත් දන්න හඳුනන හෝටලයකින් කෑම නම් කන්නේ නැහැ” ආපනශාලාවේ හිමිකරු පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න වරුණ, සල්ලි හම්බකරන චේතනාව පමණක් තියාගන්න එපා. හරියට වාහනේ එලවන්න තමන්ගේ එකක් වගේ. (නි)
මස්, මාළුවලින් තොර කොත්තුවෙන් වැඩක් තියෙනවද? මස් මාළු කියන්නේ කොත්තුවලට නැතුවම බැරි දෙයක්. ඒවා නැතුව කෑව එකේ විපාකනේ ඔය. කොත්තුවට දාන අනික් පිළුණු එළවළුවල එහෙම විස මැකෙන්නේ කුණුවේච්ච මස්, මාළුවල විසෙන්. විසෙන් විස නැසේ කියලා මේ මුදලාලි අහලා නැතුව ඇති. (නි)
ඊර්ශියාවයි, ක්‍රෝධයයි , පළිගැනීමයි නිසා තමයි ලංකාව හැමදාම දියුණු වෙන්නේ නැත්තේ !!! මෙතන පළිගැනීමේ චේතනාවෙන් කල වැඩක් බව මගේ හැඟීමයි. (ස)
මම ඔබට කතාවක් කියන්නම් කොත්තු ගැන අත්දැකීම් මටත් තියනවා.පොලිස් කොත්තු කියලා ජාතියක් තියනවා. ඒක හදන්නේ මෙහෙමයි.කාලා ඉටුරුවෙන කොත්තු වෙනම අරන් තියනවා. රෑට රාජකාරියේ යන ගමන් හෝටලට ගොඩ වෙන පොලිස් නිලදාරීන්ට දෙන්න.මොකද එයාලා මුදල් දෙන්නේ නැති හින්දා කියලා තවුවේ.තවත් දවසක ගාලු මුවදොර පිටියට ගියා පවුලේ අයත් එක්ක. එතන තියනවා කොත්තු හදන තැනක්. අපි හැමෝම කොත්තු කෑවා. වැඩිපුර ඉතුරු කරලා හැමෝම වතුර පාගන්න පහලට ගියා. මම කොත්තු ගහන හැටි බලන් හිටියා. අර අපි කාලා ඉතුරු කොත්තු ටික කලවම් කරනවා මම දැක්කා තවත් කොත්තුවකට. ඒ කියන්නේ අපිත් කන්න ඇත්තේ කවුරුහරි කාපු කොත්තු වෙන්න ඇති. කවදාවත් දරුවොත් එක්ක යද්දී පිටින් කෑම කන්න එපා. කෑම ගෙදරින් හදාගෙන යන්න.කවුරුහරි කාපුවා කන්න ආසා නම් කඩෙන් කන්න.අනිත් කරුණ නම් දවස් 3 .4 ක් හෝ ඊට වඩා කල් ඉකුත්වූ මස් මාළු හොදි මේවට කලවම් කරනවා.මේ ගැන කල්පනාවෙන් පිටින් ආහාර ලබාගන්න (නි)
ලට්ට පට්ට එකතු කරලා දවසේ ඉතුරු හරිය... සද්ද බද්ද දාලා හැදුව මේක කොත්තු රොටිය... (නි)
මාස ගානක් පරණ රොටි වලින් හදපු ඒවා කාපුවහම ඕක වෙනවා. ආපන ශාලාවේ හිමිකරු වෙච්චි මනුස්සයා ඕවා දන්නේ නැද්ද.අනේ අර මල්ලිලා දෙන්නා පව් අනේ (නි)
කොත්තු වලට දාන බිත්තර වල කට්ටේ ගෑවුණු කුකුල් වසුරු කොත්තුවට එකතුවෙන හැටි මා දැක තිබෙනවා. (ස)
දිසානායක, ඔබ කියූ ලෙසම මමත් දන්නවා. " පොලිස් ටී " කියලා ජාතියක් තියනවා. එක හැදෙන්නෙත් බීලා ඉතුරු කරපු කිරි එකතු කරලා බොයිලේරුව ළඟ තියලා "පොලිස් ටී එකයි" කිවුව ගමන් එතනින් දෙනවා. (ස)
ඒකත් හරි. පොලිස්කාරයො වැඩිදෙනෙක් ඉන්නෙ අනුන්ගෙ රීරිමාංශ කන්නමනේ (නි)
ඔයාල හැමදාම අනුන්නට වලවල් කප කපා ඉන්නවලා.වෙලාවකට හිතෙනවා මේක මෙතන ඉන්න ඔක්කොම දිසානායකට මම කලින් ඒවායේ දැක්ක හොදට බැනගෙන තියෙනවා.අනේ මන්ද."මට නම් නිකන් පිස්සු වගේ" (අ)
කොහොමටත් හෝටලයක් ආරම්භ කරන දවසේ පරිප්පු හදපු සාස්පන අයෙත් හෝදන්නේ කඩේ බංකොලොත් වෙලා වහන දවසට. අලුතින් පරිප්පු හෝදලා පරණ පරිප්පු එකටම දාන එක තමයි හැම හෝටලේම කරන්නේ. (අ)
හොදට මිනිසුන්ට ජරාව කවපු අය මෙතැන ඉන්නවා වගෙයි (නි)
සමාජයේ දෙයක් දැනගෙන එක වරදක් කියල පෙන්නලා දුන්නහම් එක වැරදිද ..ලක්සිත සහ අකිලට බඩේ අමාරුද (දී)
සමාජයේ දෙයක් දැනගෙන එක වරදක් කියල පෙන්නලා දුන්නහම් එක වැරදිද ..ලක්සිත සහ අකිලට බඩේ අමාරුද (දී)