(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
පොලිස් නිලධාරියකු යැයි සිතා කාකි ඇඳුමක් ඇඟලා ගත් නිලධාරියකු මග හරින්නට රේස් ගොස් අත පය කඩාගත් චූන් පාන් වෙළෙන්දකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය,
ඔහුගේ පියා බේකරියක චූන් පාන් ත්‍රී රෝද රථයක සේවය කරන අතර අසනීප තත්ත්වයක් නිසා රැකියාවට යාමට නොහැකි හෙයින් සිය පුතාට එම දිනවල චූන් පාන් ත්‍රී රෝද රථය රැගෙන යන ලෙස පැවැසීය.
ත්‍රීරෝද රථ පැදවීමට හොඳ පුරුද්දක් තිබුණ ද ඔහුට ඇති එකම අඩුපාඩුව වූයේ රියැදුරු බලපත්‍රය නොමැති කමය. කෙසේ වෙතත් පවුලේ ආර්ථිකය රඳා පවත්වාගෙන යන්නේ සිය පියාගේ රැකියාවෙන් නිසා ඔහු පියා නොමැති දිනවල එම රැකියාව කළේය. තරුණයකු වූ ඔහු වෙනදාට වඩා වෙළෙඳාම සරුවට කරන බැවින් ඔහුගේ රියදුරු බලපත්‍රය බේකරි හිමියාට ගැටලුවක් නොවීය. කෙසේ වෙතත් දින කිහිපයක් කිසිදු කරදරයක් නොමැතිව සිය චූන් පාන් රැකියාව සිදු කළ තරුණයාට අලි ජංජාලයක් විය.
ඒ හන්දිය අසල දී ඔහුගේ චූන් පාන් ත්‍රී රෝද රථයට කාකි ඇඳුමක් ඇඟලාගත් නිලධාරියෙක් අත දමා රිය නතර කිරීමට උත්සාහ කිරීමෙනි.
රථය නොනැවත්තු ඔහු ආ වේගයට වඩා වේගයෙන් ගමන් කරද්දී කාකි ඇඳුම ඇඟලා ගත් නිලධාරියා සිතා ඇත්තේ ඔහු නොදැක චුන් පාන් රියැදුරු යන බවය. හඹාගොස් කෙසේ හෝ පාන් ගෙඩියක් මිල දී ගැනීමට සිතූ ඔහු ද චූන් පාන් ත්‍රී රෝද රථය පිටුපසින් ලුහු බැන්දේය. තමන් පසු පසින් ලුහුබැඳ එන්නේ නිසැකවම පොලිසිය බව සිතා චූන් පාන් තරුණයා වේගයෙන් ගමන් කරද්දී රථය පාලනයෙන් ගිලිහී අසල තිබූ කුඹුරකට පෙරළී ගියේය..
ඔහු අසලට පැමිණි නිලධාරියා වූයේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාය. ‘‘අයියෝ මල්ලි මම පාන් ගෙඩියක් ගන්න ආව දුරක්” යැයි ඔහු පවසද්දී චූන් පාන් තරුණයාට මොහු පොලිස් නිලධාරියකු නොව පී.එච්.අයි කෙනෙකු යැයි දැක දෙවියන් සිහිවී තිබේ.
‘කවුද දන්නේ ඔහොම දෙයක් යැයි’ පැවසු තරුණයා සිය අත පයේ වේදනාව අතරම පාන් ගෙඩියක් දී වට වූ පිරිස සමග එක්ව ත්‍රී රෝද රථය කෙළින් කර යළි ගමන ඇරඹියේ චූන් පාන් බෙදීම නිමාකර අනිවාර්යෙන්ම ප්‍රතිකාර සඳහා රෝහලට යා යුතු බවද තේරුම් ගනිමිනි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇඳුමට රැවටිලා පාරේ පිනුමක් ගහලා
pakeer Thursday, 23 September 2021 01:35 PM
තාත්තට සනීප නැහැ .කොරෝනද දන්නේ නැහැ .පුතා පාන් බෙදනවා .අනේ මන්ද මේවා