කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
විදුලි බිල ජනවාරි මස යළි ඉහළ දැමීමට සිදුවෙනවා යැයි අදාළ ඇමැතිවරයා රූපවාහිනියෙන් කියනු ඇසී ඇතිවුණු වාවනු බැරි කේන්තිය නිසා අලි අමාරුවක වැටුණු අයෙකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ ගමකින් අසන්නට ලැබේ.
දවස තිස්සේ මහන්සිවී රෑ බෝවී ඔහු රූපවාහිනිය නරඹමින් සිටියේ රැ ආහාර අනුභව කරමිනි. ඔහු ආහාර ගනුයේ ලොකු වතුර වීදුරුවක් ළඟ තබා ගෙනය. ඒ කෑම කන අතරමග වතුර බීමට පුරුදුව සිටීම එයට හේතුව වී තිබිණ.
විදුලි බිල නහුතෙට වැඩි කිරීම නිසා එදා වේල කුලියක් මලියක් කරගෙන ජීවත්වූ ඔහු සිටියේ ඊට දැඩි කේන්තියෙනි. ආයෙත් වරක් අකමැත්තෙන් වුවද ජනවාරි මාසයේ සිට විදුලි බිල වැඩි කරන්න වෙනවා යයි විෂයභාර අමාත්‍යවරයා රූපවාහිනියට කියන්නේ ඔය අතරවාරයේදීය. ඒ සමගම ඔහුට උන්හිටි තැනද අමතක වී ගියේය.
ඒ සමගම පැමිණි කේන්තිය පාලනය කර ගැනීමට නොහැකිවු ඔහු බි බී සිටි ජෝගුවෙන් රූපවාහිනියට දමා ගසන්නේය. මුළු රූපවාහිනියම වතුරෙන් නැහැවෙන්නේ ටික වේලාවකින් එය අකීයවීමත් සමගමය. ගිය නුවන ඇතුන් ලවාවත් ඇද්ද ගැනීමට නොහැකි යයි කියන්නාක් මෙන් ඔහුගේ කේන්තිය අවසන් විය.
අලුත් රූපවාහිනියක් ගැනීමට රුපියල් ලක්ෂ ගණනක් අවශ්‍ය බැවින් දවසේ කුලී වැඩටද නොගොස් රූපවාහිනී අලුත්වැඩියා කරන අයකු ළඟට එය රැගෙන යන්නේ බිරින්දෑ සහ දරුවන්ගේ අඩහැරය මධ්‍යයේය. තමා කරගත් මෝඩකමේ තරම ඔහුට තේරෙන කොට පෙරහර ගොස් හමාරය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමැති එක්ක තරහට රූප පෙට්ටිය කුඩු කරලා
sampath Wednesday, 28 December 2022 10:25 PM
විදුලිය පරිභෝජනය කරනවා නම් එයට සහනාධාර දෙන්න බෑ .ඒක ජනතාව තේරුම් ගන්න ඕනේ .අවශ්‍ය වියදම් අඩු කරගැනීමත් විදුලි මාෆියාව පරාජය කිරීමත් රජයේ වගකීම