IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඇල්වතුර දන්සලක්දී රස්සාවත් නැතිකරගෙන

පොහොය දිනය නිමිත්තෙන් අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්වූයේ කාර්යාලයීය දිනකදීය. “අයිස්ක්‍රීම් දන්සල පස්වරු තුනේ සිට මෙම ස්ථානයේදී පැවැත්වේ.” යනුවෙන් බැනරයක සඳහන් විය. සවස තුන වන විට දිගු පෝලිමක් දක්නට ලැබිණි. අවට නිවැසියන් පමණක් නොව වෙනත් ආයතන වල සේවක මහත්ම මහත්මීහුද ප්‍රීතියෙන් පෝලිමේ පැමිණ අයිස්ක්‍රීම් ලබා ගත්හ. 


යාබද ගොඩනැගිල්ලද පළමු ආයතනය වැනිම පාරිභෝගිකයන් හා කටයුතු කරන ආයතනයකි. ආයතන දෙකම තරගකාරී ලෙස පාරිභෝගිකයින් සමග ගනුදෙනු කළත් දන්සල් පෝලිමේ යාබද ආයතනයේ නිලධාරීන්ද දැකගත හැකිවිය. දන්සලට සම්බන්ධ ආයතනයේ ආරක්ෂක නිලධාරීහු යාබද ගොඩනැගිල්ලේ ආරක්ෂක නිලධාරීන් අමතා, “අපි අයිස්ක්‍රීම් දන්සලක්  දෙනවා. උඹලගෙන් ඇල්වතුරවත් නැහැ” යි. කීය. 

අයිස්ක්‍රීම් අනුභව කළ සැවොම අත් සෝදා ගැනීමට භාවිතා කළ ජල කරාමය, යාබද ගොඩනැගිල්ලට අයත්  වූවකි. එහි ආරක්ෂක නිලධාරියෙක් කාඞ්බෝඞ් කැබැල්ලක් ගෙන ඇල්වතුර දන්සල යැයි ලියා කරාමය අසල සවි කළේය. මෙය දුටු එම ආයතනයේ උසස් නිලධාරියෙක් එය කළමනාකාරීත්වය දැන්වීය. ආයතනය හෑල්ලුවට ලක් කළා යැයි ආරක්ෂක නිලධාරියාව ඉවත් කෙරිණි. 


ඇත්ත කියලා යන්න වුණාට දුක නැහැ. ලබන පාරවත් එයාලා දන්සලක් දෙයි. එදාට මාව මතක් කරපල්ලා. ආරක්ෂක නිලධාරියා හිතවතුන්ගෙන් සමු ගනිමින් පැවසීය. 
ක්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (0)

ඇල්වතුර දන්සලක්දී රස්සාවත් නැතිකරගෙන

අනිල් Tuesday, 09 August 2016 06:47 AM

හරි නම් ඔය අස් කරයි කියන නිලදාරියව අනෙක් ආයතනයෙන් වැඩට ගන්න ඕනේ (හේ)

:       0       0

හිමාල් Tuesday, 09 August 2016 02:52 PM

පහත් තැනින් ගලයි ජලේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 753 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 765 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1134 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9448 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 872 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 334 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 508 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 729 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2029 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site