IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඇස් යට ගාන්න ගෙනා ක්‍රීම් දුටු ‘මැණිකෙට’ යකා නැඟලා

(හොරොව්පොතාන-පැතුම් දර්ශන)
අව්වට වැස්සට නිතර වගා බිම්වල වැඩකරන රජරට ගමක තරුණ කාන්තාවක් දින කිහිපයකට ඉහත දී තම සැමියාට පවසා ඇත්තේ ඇස් යට කළුවෙනවට ගාන්න හොඳ ක්‍රීම් එකක් ඔසු සලකින් රැගෙන එන ලෙසය.


වෙන මොන දේ නැතත් බිරිය සතුටු නොකළේ නම් කෑම බීමත් නිසි කලට නොලැබෙන බව දැන ගත් සැමියා ද එදිනම ඔසු සලකට ගොස් නේක වර්ණයෙන් යුත් ඇසුරුමක තිබූ ක්‍රීම් එකක් ගෙනැවිත් දුන්නේ “මැණිකේ මෙන්න ඔයාට ගැළපෙන ක්‍රීම් එක ගෙනාවා”‍ යනුවෙන් පවසමිනි.


කෝකටත් තදියම්කාරයකු වූ තම සැමියාගේ තරම දන්නා බිරිය රාත්‍රියේ ක්‍රීම් එක මුහුණේ ගෑමට ප්‍රථමයෙන් ඇසුරුම කියවා බැලු‍‍වාලු‍‍.
‘ඇස් යට ගෑමෙන් වළකින්න “කුඩා දරුවන්ගෙන් ඈත් කර තබන්න”‍ අසුරනයේ ලියා තිබූ දේ දැකීමෙන් යක්ෂාරූඪ වූ බිරිය “අද මාව මරන්න ද මේ ජරාව ගෙනාවෙ. මට දැනුණා ටික දවසක ඉඳලා ඔහේගෙ වෙනස්කම.”‍ යනුවෙන් කෑ ගසා ඇත්තේ ළඟපාත ගෙවල් හත අටකට ඇසෙන සේය.


සිදු වූ කිසිදු දෙයක් ගැන සිතාගැනීමටත් නොහැකි ව බිරියගෙන් ගුටි නොකා කෙසේ හෝ රාත්‍රිය ගෙවා දැමූ සැමියා උදෑසනම ඔසු සලට ගොස් ඇත්තේ හොඳ දෙකක් කතා කරන්නට ය. ආවේගයෙන් කී සියලු‍‍ දේ සාවධානව අසා සිටි ඔසුසල් හිමිකරු සැමියාට පවසා ඇත්තේ මෙවැන්නකි.


“අනේ මල්ලි මම ඊයෙ මගේ කණ්ණාඩි දෙක ගෙනල්ලා තිබුනෙ නෑ. ඒක නිසා පොඩි අකුරු පෙනුනෙ නෑ. අද මම කණ්ණාඩි දෙක ගෙනාවා වෙන ක්‍රීම් එකක් දෙන්න ද?”‍


“තියාගන්නවා ඔහේගෙ ක්‍රිම්. ඊයෙ බෙහෙත් ගත් ඔක්කොටම දෙයියන්ගෙම පිහිටයි එහෙනං. ඔහේගෙ වැඩ නිසා තව ටිකෙන් මගේ මඟු‍‍ලත් ඉවරයි”‍ යනුවෙන් පවසමින් නිවසට ගොස් බිරියට කරුණු පැහැදිලි කර ඇති මුත් ඇස් වටේ කළු වීම වැළැක්වීම සඳහා ක්‍රීම් ගෑමේ අදහස ද ඒ වනවිටත් ඇය අත්හැර තිබූ බව දැනගන්නට ඇත.

 



අදහස් (0)

ඇස් යට ගාන්න ගෙනා ක්‍රීම් දුටු ‘මැණිකෙට’ යකා නැඟලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 335 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 860 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 838 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1154 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9481 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 882 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 521 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2056 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site