රාජාංගනය වම් ඉවුරේ ප‍්‍රධාන වාරි ඇළට වැටී ගසාගෙන ගිය රියැදුරු බලපත‍්‍රයක් මාස 03කට පසුව එම ඇළේම කිලෝ මීටර් 10ක් පමණ පහළ දිය නාමින් සිටි එහි අයිතිකරුටම හමුවූ පුවතක් සාලියවැව යාය 7 ප‍්‍රදේශයෙන් පසුගියදා වාර්තාවිය.
එම වාර්තාවට අනුව මෙම රියැදුරු බලපත‍්‍රයේ අයිතිකරු රාජාංගනය වම් ඉවුර යාය 07 ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු දිය නාන්නේ නිවස අසලින් යන එම ඇළෙනි. මීට මාස තුනකට පෙරදී ඔහු කිසියම් අවශ්‍යතාවක් සඳහා වම් ඉවුරේ ගිරිබාව අටේ කණුව ප‍්‍රදේශයට ගොස් ඇත. එහිදී මුහුණ කට සෝදා ගැනීම සඳහා වාරි ඇළට බැස ඈත දියට නැමී ඇත. ඔහුගේ කමීසයේ සාක්කුවේ තිබූ රියැදුරු බලපත‍්‍රය ඇළට වැටී ඇත්තේ එම අවස්ථාවේදීය.
තම රියැදුරු බලපත‍්‍රය ඇළට වැටී නැතිවීම සම්බන්ධයෙන් ඊට දින කීපයකට පසුව මොහු ප‍්‍රදේශයේ පොලිසියට ගොස් පැමිණිල්ලක් ද කර ඇත.
මෙසේ කාලය ගෙවෙමින් පවතින අතරතුර එකී රියැදුරු බලපත‍්‍රයේ අයිතිකරු පසුගිය දිනක සුපුරුදු ලෙස නිවස අද්දරින් ගලා යන වාරි ඇළේ දිය නාමින් සිට ඇත. එහිදී යමක් ඇෙඟ් දැවටෙන බවක් ඔහු එය කුමක්දැයි විපරම් කර තිබේ. ඒ අනුව ඇෙඟ් දැවටුණු දේ අතට ගෙන පරීක්ෂාකර බැලීමේ දී එය මීට මාස 03 කට ඉහත දී එම ඇළේම කිලෝ මීටර 10ක පමණ දුරින් දියට වැටුණු තම රියැදුරු බලපත‍්‍රය බව හඳුනාගෙන ඇත.
අදහා ගත නොහැකි මෙම සිදුවීමෙන් ඔහු පුදුමයට පත්වී තිබේ. ඊට එක් හේතුවක් නම් එකී රියැදුරු බලපත‍්‍රය ඇළට වැටුණු සහ එය හමුවූ ස්ථානය අතර ප‍්‍රධාන ජලාශ දෙකක් ද පිහිටා තිබීමය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේක ගැන කියල ප්‍රසිද්ධ වෙලා. ඒ උදව්වෙන් මීළග මැතිවරණයට තරග කරන්න අවස්ථාව උදා කරගන්න ලැබේවා(දිල්)
මේක අර කන කැස්බෑවා විය සිදුරෙන් පුර හඳ දකිනවාටත් වඩා අහම්බෙන් සිදු උන දෙයක්.(නදී)
පුදුමයි. ඒත් ඇත්තමද? (නදී)
විස්මය දනවන පුවතක්.(නදී)
බොරු නැත්නම් හොද කතාවක්(දිල්)
කලින් වතාවේ ඇලට වැටෙන්න නැතිව ඇති. එයාගේ කමිසේම කොහේ හරි රැඳිලා තියෙන්න ඇති. ඇත්තටම ඇලට වැටෙන්න ඇත්තේ දෙවෙනි වතාවේ.(නදී)
ඇත්තටම එහෙම සිදුවීමක් විය හැකිද ?(නදී)
පුදුමයි එත් ඇත්තයි (දී)
මේ රියදුරු බලපතේ ගල් එල්ලලද තියෙන්නේ , යට යන්න (දී)
ඉස්සර අපේ අයියට අපි විහිලු කරනවා නාද්දී පරණ නැතිවුන ඇඳුම් හම්බ වෙනවා කියලා. ඇයි ඉතින් ඉඳල හිටලා නේ නාන්නේ. මේකත් ඒ වගේද දන්නේ නැහැ. (දී)
රියදුරු බලපත් කියක් විතර ළඟ තියෙනවද දන්නේ නැහැ.(නදී)
සොයන්නාට හම්බ වෙනවා කියන්නේ මේවගේ දේ නිසා. මොනා උනත් සාදාරණ මනුස්සයෙක් වෙන්න ඇති.(නදී)
පේනවා නේද ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයේ නිෂ්පාදන ප්‍රමිතිය. මාස තුනක් තිස්සේ කිමී දහයක් වතුරේ ගසාගෙන ගියත් කිසි දෙයක් වෙන්නේ නැහැ.(දිල්)
මේක කවදාවත් වෙන්න බැරි වැඩක්.(නදී) .
නළු විදානගේ හරි මමත් ඇය අනුගමනය කරනවා... (දී)