කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය
උතුරු මැද පළාතේ එක්තරා අධ්‍යාපන කලාපයකට අයත් අධ්‍යාපන කොට්ඨාසයක දුෂ්කර ගමක ප්‍රාථමික පාසලක ඉංග්‍රීසි පාඩමක දී සිදුවුණු අපූරු සිද්ධියකි.
මෙම පාසලේ ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුතුමිය ඉතා සැර පරුෂ තැනැත්තියකි. ඇය තම ඉංග්‍රීසි විෂය පන්ති කාමරය තුළ සිසුන්ට ඉගැන්වීමට මැලිකමක් දැක් වූවාය. එබැවින් ඇය සෑම දිනකම පාසලේ මිදුලේ ඇති කොහොඹ ගස් සෙවණේ සිසුන් වට රවුමකට ඉන්දවා ඇය එම රවුම මැද ඉඳගෙන පාඩම ඉගැන්වීමට ප්‍රිය කළාය.
5 වසරේ සිසු දරුවන් අතර සිටි එක් සිසුවෙකු, ඉංග්‍රීසි විෂයයට බෙහෙවින්ම දුර්වල දරුවෙක් විය. ඔහුට ඉංග්‍රීසි ගුරුතුමිය ”ඇස් දෙකට පේන්න බැරි” චරිතයක් විය. ඒ ඇය නිතර ප්‍රශ්න විමසුවේත්, දඬුවම් දුන්නෙත් ඔහුටම වීමත්, ඇය ඔහුට ”බකමූණා” යන අන්වර්ථ නාමයකින් ඇමතීමත් නිසාය.
එදින ඉංග්‍රීසි පාඩමට සිසුහු තම තමන්ගේ පුටු හිස මත තබා ගෙන ගොස්, කොහොඹ ගස් සෙවණේ වටා රවුමක් සාදා ඉද ගත්හ.
ඔහු අසලම සිටියේ ප්‍රේමතිලක නැමැති සිසු දරුවකු වූ අතර, ඔහු නිතර අනුන්ට ”ලණු” දෙන්නෙකි.
ඉංග්‍රීසි ගුරුතුමිය පැමිණ හරි බරි ගැහී පාඩම පටන් ගත්තාය. ඉංග්‍රිසි ගුරුතුමිය හඳුන්වන අපගේ බකමූණා ඇය දෙස බලා සිටියේ යක්ෂණියක දෙස බලා සිටින තරමටම බියකිනි. එයට හේතුව ඔහු ඊට පෙර දින පාසලට නොපැමිණීමය.
ගුරුතුමිය කටහඬ අවදි කළාය. ”හොඳයි මම ඊයෙ ඔයාලට කියල දීපු වචන ටික අපි අද මතක ද කියලා බලමු. කුඩයට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකක්ද..?”
පන්තියේ සියලුම සිසුන් පුටු මතින් නැගිට, කකුල්වල ඇඟිලි කොටසින් උඩට ඉස්සි, අත් උඩට ඔසවාගෙන සිටියේ මම දන්නවා මම දන්නවා කියන්නාක් මෙනි.
අප කතානායක බකමූණා අන්දුන් කුන්දුන්ව ඇඹරෙන හැටි, අල්ලපු පුටුවේ සිටි ප්‍රේමතිලක සිසුවා දැක්කේය.
”ඇයි උඹ ඒක දන්නෙ නැද්ද...? මම කියලා දෙන්නම්. බය නැතුව අත උස්සනවා...” යැයි රහසින් පැවැසීය.
බකමූණා ඉතා සතුටින් අත ඉහළට ඔසවා ගුරුතුමිය දෙස පපුව ඉස්සරහට දාගෙන අභිමානයෙන් යුතුව බලා සිටියේය. ගුරුතුමිය රවුම වටා වටයක් කැරකී, ” හොඳයි බකමූණ කියනවා බලන්න” යැයි කීවාය. කිසිවකුටත් නොඇසෙන නොදැනෙන ලෙස තම අසල්වැසි මිතුරා කුඩයට ඉංග්‍රීසියෙන් කියන නම බකමූණාට රහසින් කීවේය. මුළු පන්තියම දෙදරන හඬින් ආඩම්බරයෙන් යුතුව, බකමූණා ”ටීචර්... කුඩයට කියන්නේ ”ගොංබෙල්ලා කියලා”. යැයි කියනවාත් සමගම, මුළු පන්තියම එකම සිනා සාගරයක් බවට පත්විය.
කේන්තියෙන් පුපුරු ගසමින් සිටි ගුරුතුමිය වේවැල අතට අරගෙන හැරෙන්නටත් පෙර බකමූණා ”කුරුලු වෙස්” ගෙන පන්තියෙන් ඉගිලී ගොස් තිබුණි.
පාසලෙන් පැනගිය වරදට බකමූණා පසුවදා විදුහල්පතිතුමිය හමුවීමට තම මවගේ අතේ එල්ලී, පාසල් වත්තට ඇතුළු වූයේ ගොළු බෙල්ලකුගේ ගමනටත් වඩා හෙමින් පස්සට ඇදෙමින් ය.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඉංග්‍රීසි පන්තියේ බකමුණා අමාරුවේ වැටිලා
mangala Tuesday, 14 November 2023 02:15 PM
මේකෙ හොඳම එක 'බකමූණා කුරුලුවෙස් ගෙන පන්තියෙන් ඉගිලී ගොස් තිබුණි' කියන එක. කොහොම වුණත් ගුරුවරිය බරපතල වරදක් කරන්නේ ළමයාට අන්වර්ත නාමයකින් ඇමතීමෙන්.
Sanju Tuesday, 14 November 2023 09:24 PM
හැම දරුවෙක්ම එකවගේ නෑ කියලා හිතන්න ගුරුවරුන්ට පුළුවන් වුණා නම් කවදාවත් මේ වගේ දේවල් වෙන්නේ නැහැ...
Tilak Ratnasuriya Thursday, 16 November 2023 06:49 PM
ක්‍රියාවෙන් අවබෝධය, ව්‍යාපෘති වැඩ, එසයින්මන්ට් වගේ දේවල් වලින්, පින්ලන්තයේ අධ්‍යාපනය මෙන් ළමුන්ට ඉගැන්විය යුතුවේ... ඉංග්‍රීසිවලට ක්‍රියාවෙන් අවබෝධයට රඟදැක්වීමක් ඇසුරින් මතකය සරුකළ හැකිය...
Dinesh Dissanayake Tuesday, 21 November 2023 05:19 AM
මෙහෙම ටීචස්ලා ඉන්න මේ රටට දෙයියන්ගේම පිහිටයි