(තිහගොඩ - උපසේන ලියනගම)
උතුරු පළාතේ සංවර්ධන කටයුතුවල නිරතවන ප‍්‍රධාන පෙළේ දෙමළ ඉංජිනේරුවරයෙකි. පසුගියදා වාහනයෙන් සේවයට යාමට සූදානම් වන විටම බිරියද වාහනයට නැග්ගේ හිතවත් රෝගියකු බැලීමට යාමට අවශ්‍ය බව කියමිනි.
බිරිඳගේ හිතුවක්කාරකම සහ මුරණ්ඩු බව දන්නා ඔහු ”හරි හරි යං” කීවත් සිත යට කෝපයක් තිබිණි. වාහනයට නැගගත් මොහොතේම වායුසමන යන්ත‍්‍රය නතර කිරීමට කීවේ තමාට පීනස් ගතිය ඇති නිසාය.
මඳ දුරක් ගිය ඔහුට මතක් වූයේ වැඩපළට රිවට් ඇණ කීපයක්ද ගෙන යා යුතු බවය. ඔහු ඒ බව බිරියට කියා යකඩ බඩු සාප්පුවට ඇතුළු විය. බිරිය වහා එන ලෙස කීවත් සාප්පුවේ වැඩ ඉතා ප‍්‍රමාද විය. කීප වරක් සේවකයාට මේ ගැන කීවත් බැරිම තැන ”ළමයෝ කාර් එකේ බෝම්බයක්. ඒක පුපුරන්න කලින් යන්න ඕනෑ” කීවේ බිරියගේ හැටි දන්නා නිසාය.
බඩු පොදිය රැුගෙන එන විට ප‍්‍රමාදය නිසා බිරිය සිටියේ කෝපයෙන් පුපුරමිනි. ඔහු කතාවක් නැතිව ටික දුරක් ගිය විට නගරය අබියසදී පොලිස් නිලධාරිහු දෙදෙනෙක් වාහනයේ අංකය පරීක්ෂා කොට එය නැවැත්වූහ.
”සර් වාහනය චෙක් කරන්න වෙනවා.” ඔවුන් කීවේ යටහත් බවක් පෙන්වමිනි. හදිසියේ යමක් සිහිවූ ඉංජිනේරුවා තමා යකඩ කඩයේ බඩුගනිමින් සිටියදී ”කාර් එකේ බෝම්බයක් තියෙනවා” යි කී කතාව ඇසුණු අයකු 119 දුරකතන අංකයට ඇමතුමක් දී ඇති බව සිතිණ. මේ කතාව පොලිස් නිලධාරියාට කී විට ඔහු බිරිඳ දෙසද බලා සිනාසී යාමට අවසර දුන්නලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට කිව්වේ බිරිඳට ඇහෙන්නද හොරෙන්ද ? ඇහෙන්න කිව්වා නම් බෝම්බේ එතනම පුපුරනවා.(අ)
හැබැයි ඔය වගේ බෝම්බ නම් පිපිරෙන වෙලාව වෙනස් වෙන්න පුලුවන් (නි)
මගේ කාර් එකෙත් ඔයවගේම බෝම්බයක් යනවා. (නි)
ඔය වාගේ බෝම්බයක් ළඟ තියාගෙන කොහොමද අප්පේ හැමදාම ඉන්නේ? (නි)
මට පුංචි කාලේ ආච්චි කියපු කතා මතක් වෙනවා (දිල්)
ඇත්තටම ඕකනම් අපේ රටේ හුග දෙනෙකුට තියන දෙයක්. ස්වාමියා බිරිඳගේ කීකරු රියදුරුනේ.විදේශයක ඉන්න මට දැන් ඒ ප්‍රශ්නයක් නැහැ .මොකද මට කාරෙකක් නැති නිසා.(දිල්)
ලෝක ස්වභාවය හරිම පුදුමාකාරයි. ගොඩක් හොඳ සැමියෙකුට හොඳ බිරිදකුත්, හොඳ බිරිදකට හොඳ සැමියෙකුත් ලැබෙන්නේ කලාතුරකින්.හැබැයි ජිවිතේ යථාර්ථය අවබෝධ කරගැනීමට එහෙම වෙන එකත් හොඳයි.නැත්නම් සසරට ඇලීම් වැඩියි. (නි)
ඕක තමයි කියන්නේ ආදරය කියලා පිරිමි කාන්තාවන්ට බය නෑ නමුත් එයාලගේ හිත රිදවන්න බයයි (බ)
අපේ ගොඩක් අය තවමත් දන්නේ නැහැ නැගෙනහිර පැතිවල මොනවද වෙන්නේ කියලා. (නි)
මම මුලු ජීවිත කාලයම ඔය බෝම්බයත් එක්ක ඉන්නේ. (නදී)
මගේ අම්මේ දවසකට ලංකාවේ බෝම්බ කොච්චර කාර් වලින් එහාට ,මෙහාට ගෙනියනවද ? (නදී)
බෝම්බ සමග ජීවත් වීමට පිරිම අප කාටත් පොදු දෙයක් හ්ම්ම්ම් (නදී)
නිකන් බෝම්බ නෙවෙයි ඕවා කාල බෝම්බ. මොන වෙලාවේ පුපුරයිද කියල දන්නෙත් බෝම්බෙම තමයි. (නදී)
මිනිහ බොරුවක් කිව්ව වෙන්නත් පුළුවන්. අපේ පොලිසිය අන්දන්න ඕන කෙනෙකුට පුළුවන්.(නදී)