දකුණු පළාතේ එක්තරා ගම්මානයක ජීවත් වූ මෝඩ පහේ ගැමියකු රජයේ නිලධාරියකුට දුන් පන්දමක් ගැන අපූරු කථාවකි මේ.
ඔහු වයස අවුරුදු 45ක් පමණ විවාහක පුද්ගලයෙකි. දරුවන් තිදෙනකුගේ පියෙකි. වැඩිමල් පිරිමි දරුවා බැංකුවක සේවය කළ අතර අනෙක් ළමයින් නිවසේ පසු වූ අතර ඔවුහු රැකියා නොකළහ.
පියාට රජයෙන් බලපත්‍ර මත ලබා දී තිබූ ඉඩමක මොවුන්, ජීවත් වූ අතර, නිවසද පැරණි අබලන් වූවකි. මව සහ පියා මිය යාමත් සමග නිවසේ අයිතියත් ඉඩමත් මෙම පුද්ගලයාගේ පරිහරණයට අයත් වූ අතර දරුවන් සමග මොහු මෙම නිවසේ ජීවත් වීය.
අබලන් නිවස අලුතින් තනා ගැනීමට අදහස් කළ බැංකුවේ සේවය කළ පුතා බැංකු ණයක් ගැනීමට යාමේදී ඇපයට තැබිය යුතු පදිංචි ඉඩමේ අයිතිය නිරවුල් නොවීම ගැටලුවක් විය. මේ බව පියාට දන්වා ඉඩමේ අයිතිය නිරවුල් කර ගැනීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයට ගොස් බලපත්‍රය සංශෝධනය කරවාගෙන එන ලෙස පියාට දැන්වීය.
දින කීපයක්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියද ඉඩමේ බල පත්‍රය සකස් කර ගැනීමට නොහැකි වීම නිසා, කාර්යාලයේ සුළු සේවකයකු අමතා “තමන්ගේ අවශ්‍යතාව ඉටු නොවූ බවත් කළ යුත්තේ කුමක්ද යන්නත්,, විමසා සිටියේය.ඒ සඳහා කදිම උපදෙසක් දුන් ඔහු, අහවල් දිනට කාර්යාලයට එන්නැයි අර පුද්ගලයාට දැනුම් දුන්නේය.
නියමිත දිනට කාර්යාලයට පැමිණි ඔහු, පාර්සලයක් ද ගෙන ආ අතර එය, තමන්ට උපදෙස් දුන් කාර්යාල සේවකයාට දුන්නාය. කාර්යාල සේවකයා ඉඩම් අංශයේ කටයුතු කරන නිලධාරියා වෙත ගොස් යමක් පවසන ආකාරය බලා සිටි අතරවාරයේදී, ඔහුට කථා කර පියාගේ නමට තිබූ බලපත්‍රය ඔහුගේ නමට සංශෝධනය කර සකස් කර දීමට නිලධාරියා පියවර ගත්තේය.
දවසේ වැඩ නිමකර, නිවෙස් බලා යාමට සූදානම් වූ අවස්ථාවේ, පාර්සලය ඉඩම් අංශයේ නිලධාරි මහතාට දීමට සේවකයා අමතක කළේ නැත. ඉතා සතුටකින් ගෙදරට ගිය නිලධාරියා පාර්සලය බිරිය අතට දී, “බලන්න මොනවා ද තිබෙන්නේ කියා, බිරියට පවසා ඔහු වොෂ්රූම්,, එකට ගියේය.
මුහුණ කට සෝදාගෙන පැමිණි නිලධාරි මහතාගේ ඇඟට කඩාගෙන පැන්න බිරිඳ, “මොකටද ඕයි මේ පන්දම් වගයක්. තොවිලයක් නටන්නවත් තමුසෙගෙ අදහසක් තියෙනවද? මටනම් යාග හෝම ඕනෑ නෑ. තමුසෙම නටාගන්නව,, යයි ගෝරනාඩුවක් කළේය.
සිද්ධියෙන් අන්ද මන්ද වූ නිලධාරියා, කාර්යාල සේවකයාට වහාම දුරකථන ඇමතුමක් දී විස්තරය කීවේය.
තමන් ඔහුට කීවේ “මහත්තයට ලොකු පන්දමක් දුන්නොත් වැඬේ කරගත හැකි බවය. ඒ අය මම කී දේ ඒ ලෙසම ඉටු කර තිබෙන බව දැන් තේරුම් යනවා. ඒ මනුස්සය මෝඩ පහේ අයෙක්. මම හිතුවෙ නෑ මෙහෙම දෙයක් වෙයි කියල. සමාවෙන්න සර්.,, කාර්යාල සේවකයා පැවැසීය.
මාවරල පියසේන මද්දුමගේ
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉඩමේ අයිතිය නිරවුල්කරගන්න කන්තෝරු ලොක්කාට පන්දම් මිටියක් දීලා