වෙන්දේසි ඉඩමේ තමන් මිලට ගත් කොටසට යාබද අනුන්ගේ බිම් කොටසේ නිවසකට අත්තිවාරම් දැමීමේ සිද්ධියක් නිසා මහත් ගැටලූවක් ඇති විය යුතු වුවත් දෙපක්ෂය ගැටලූව විසදා ගැනීමට කතිකා කරමින් සිටින බව මීරිගමට නුදුරු ගම්මානයකින් පසුගියදා වාර්තාවිය.
එක් බිම් කොටසක් මිලට ගත් පුද්ගලයා එම ප‍්‍රදේශයේ හිතවතකු හමුවීමට ආවේ ඉදිරි වැඩ කටයුතුවලට සහාය ලබා ගන්නටය. ”මහත්තයා, අපිටත් නොකියාම ගෙයි වැඩ පටන් ගත්තා” දැයි ඔහු ඇසුවේ පැරණි හිතවත්කම ඇති නිසාය.
මේ ප‍්‍රශ්නය නිසා විපිළිසර වූ මහත්තයා, ”මේ මොනවා කියනවාද ඔයාට නොකියා මං වැඩක් කරනවාද” කියද්දී ”ඇයි දැන් අත්තිවාරම් දාලා ඉවරයිනේ” හිතවතා යළිත් කීය. ”හා එහෙනම් යමු බලන්නැයි” කී දෙදෙනා ඉඩමට ගිය අවස්ථාවේ දැකගත හැකිවූයේ තම බිම් කොටසේ නිවසක් ඉදිකෙරෙමින් පවතින බවය.
කරුණු සොයා බලද්දී හෙළිවුණේ යාබද බිම් කොටස මිලදී ගත් තැනැත්තා වැරදීමකින් මේ ඉඩමේ නිවෙසක් තැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවය. ගමේ හිතවතාගේද සහාය ඇතිව දැන් ඉඩම් හිමිකරුවන් දෙදෙනා අද සමාජයේ වැඩි දෙනෙකුට ආදර්ශයක් ගෙන දෙමින් ගැටලූව විසදා ගැනීම පිණිස සාකච්ඡුා මාර්ගයක නිරතව ඉන්නා බව සති අත්තයේදී දැන ගන්න ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද ජයා ඔච්චරටම ගැහැණු එක්ක තරහා? නරියට මිදි තිත්ත වෙලාද? (නි)
ඔය අනුන්ගේ ඉඩම් වල මායිම් බලන්න යනවට වැඩිය හොඳයි තමන්ගේ වැඩක් බලගත්තහම. පේනවනේ එක එක්කෙනා ලියන ඒවා. (නි)
පුදුමය කියන්නේ පිටබැද්දරට මේ පත්‍රයේම අන්ධ පෙම්වතාට ඉගෙනගන්න උදව් කරන තරුණ බවලතියගේ පුවත පෙනිලාම නැහැනේ. මේ මනුස්සයාට ගැහැණුන්ගේ වැරදිමනේ පේන්නෙ. (නි)
ඉඩකඩම් අවුල් ගැන සාකච්ඡා කරන්න සුදුසු නුවණැති සැමියන්ද ඇත. නිතරම ගෙදර නෝනාගේ වැරදි දකින මහත්වරුන්ට ඕනෑ දෙයක් කරගෙන අමාරුවේ වැටෙන්න කියා නිහඬවීම යහපති. (නි)
වෙලාවකට හිනා යනවා. ජයාට බවලතුන් පටලවා ගන්නේ නැතුව දොට්ට පිලටවත් යන්න බැහැ වගේ. (නි)
මට නම් හිතෙන්නේ පිටබැද්දර ජයාට බවලතුන් සම්බන්ධ මොකද්දෝ කළකිරීමක් තිබෙනවා වාගේ. අපොයි ජයෝ, හැම බවලතාම ඔය එකම මිම්මෙන් මනින්න ගියොත් අපිට නම් පවුල් කෑමක් ගැන හිතන්න බැහැ. (නි)
පිටබැද්දර ජයා තරම් ස්ත්‍රී සංහතිය ගැන සියල්ල දන්නා පුරුෂ රත්නයක් ලංකාවේ තවත් නැත. බඳින්න ඉන්න පිරිමි උදවියත් කාන්තාවන් ගැන මෙයාගෙන් උපදෙස් ගන්න ගියා නම් ලංකාවේ සියලුම කසාද කෙළවර වෙන්නේ දික්කසාද වලින්. අනේ වාසනාවට මේ රටේ පිරිමි එච්චර මෝඩ නැහැ (නි)
මගේ එහෙම විශේෂ තරහක් නැහැ, හැබැයි වෙන්න පුළුවන් දේ තමයි මම ලියන්නේ , හොඳයි බොරුද මම ලියල තියෙන්නේ ? (ර)
මෙවැනි ප්‍රශ්නයක් ඔබට ඇතිවුණොත් මිනින්දෝරු මහතෙකුගේ සේවය ලබාගන්න. (නි)
කලාතුරකින් අහන්න ලැබෙන අත් වැරැක්දක් එත් මේවගේ දේවල් තවමත් වෙනවද කියන එකඊ ප්‍රශ්නේ (හේ)
ඉඩම් කට්ටිය මාරුකර ගත්තහම ඉවරයිනේ (නි)
ඉඩම් දෙක මාරු කරගන්න එක තමයි හොඳම දේ (නි)
කියන්න වදන් නැහැ හැගුම් සිතේ ගුලිවෙලා ,,,(බ)
ඇත්තටම අනුන්ගේ ඉඩමක ගේ හදන්න පටන් ගත්තු මිනිහ යවන්න ඕනේ අංගොඩට. (අ)
ඒ නම් පිස්සු වැඩක්නේ.(හේ)
ප්‍රශ්න , ගැටළු , පැටලවිලි , අභියෝග මේ ඔක්කොම මිනිසුන් අපට වන අපටමයි නේද ? ඒ නිසා මේ මහත්තුරු දෙන්න තුන්දෙනාම බොහොම බුද්දීමත්ව වැඩ කරන බව මේ ලිපියෙන් පේනවා , බොහොම සතුටුයි අහනත් අද කාලේ වෙන දේවල් බැලුවම , කොස් ගෙඩියට පොල් ගෙඩියටත් මරා ගන්න රටේ හොඳ ආදර්ශයක් දීල තියෙන්නේ , හැබැයි මහත්තුරුනේ මේ ප්‍රශ්නය නිරාකරණය කරගන්න වැරදිලාවත් නෝනලා දෙන්නව එහෙම ගාව ගන්න එපා එහෙම වුණොත් වැඩේ පටන් ගත තහනම් ලොප් , එක නෝනා කෙනක් , ඔයානම් හරිම මෝඩ මනුස්සයෙක් බලන්න අපේ ඉඩම හරි හතරැස් පලදාවත් එහෙමයි කියල , අනිත් නෝනා කියාවි ඔයානම් මහා ගොන් බඳින කණුවක් අනේ ඔයාව මොඩය කරලා හොඳම ඉඩම් කෑල්ල ඒ මිනිස්සු ගත්ත කියල , (අ)
කටගැස්ම දීසි දෙක තුනක් එක්ක මද පමනට අනුමත වෙලා සිංදුවක් දෙකක් කිව්වම අපිට ඕනම ප්‍රශ්නයක් විසදගෙන හිත සැහැල්ලු කරගන්න පුලුවන්.නැද්ද ජයා? (අ)