වියලුව වාර්තාකරු
යාබද ඉඩමේ වැට මායිමට සිටුවා ඇති ඇල්බීසියා ගස්වලින් තම ඉඩමට හිරු එළිය නොවැටෙන්නේ යැයි පවසමින් එම මායිම් වැට මුලින්ම කපා දර වෙළෙන්දකුට අලෙවි කිරීමට තැත්කළ පුද්ගලයෙකු පිළිබඳ පුවතක් කන්දකැටිය පොලිසියෙන් වාර්තාවේ.
සිද්ධිය මෙසේ ය.
ඔවුහු යාබද ඉඩම්වල පදිංචිකරුවෝ වූහ. එක් ඉඩමක හිමිකරුවෙක් මායිම් වැටට හිමිකම් කීවේය.
වැට මායිම් කර තිබුණේ සිටුවන ලද ඇල්බීසියා ගස් පෙළකිනි. කලක් තිස්සේ වැට නොකැපීම හේතුවෙන් එහි ඇල්බීසියා ගස් ඉතා සරුවට මෙන්ම මහතට වැඩී තිබිණි.
මේ දිනවල ප්‍රදේශයේ පිහිටි දර විදුලි බලාගාරයකින් ඇල්බීසියා දරවලට තිබෙන්නේ ඉහළ ඉල්ලුමක් බැවින් යාබදව පදිංචි අනෙක් ඉඩම් හිමියා හොඳින් වැඩුණු ඇල්බීසියා ගස් පෙළ දෙස බලා හිටියේ දැඩි කෑදරකමකිනි.
වැට අයත් ඉඩම් හිමියා වෙනත් ප්‍රදේශයක පදිංචිව සිටින බැවින් කිසිවක් නොවිමසූ යාබද ඉඩම් හිමියා වැටේ කොටසක් කපා එම දර අට්ටි ගසන්නට වූයේ වැඩි මිලට විකුණා කීයක් හෝ හොයා ගන්නටය.
තමුන්ට අයත් වැට යාබද ඉඩම් හිමියා විසින් දරට කපන බවට ලද තොරතුරක් මත වැට අයත් ඉඩම් හිමියා ඉඩමට පැමිණ බලද්දී කාරණය සත්‍යයක් බව දැකගන්නට ලැබිණි.
ප්‍රතිමල්ලවයා සමග කිසිදු ගැටුමකට නොගිය හෙතෙම කෙළින්ම පොලීසියට ගොස් සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් දැම්මේ නීතියට සියල්ල බාර කරමිනි.
පැමිණිල්ලට අනුව දෙපාර්ශවයටම පොලීසියෙන් කැඳවීමක් ලැබිණි. ‘වැට අයිති මට. මගේ අවසරයක් නැතුව වැට මුලින්ම කපල මෙයා විකුණන්නයි ලෑස්ති. ‘‘වැට හිමියා තම පැමිණිල්ල ඉදිරිපත් කළේය. ‘සර් වැටේ ගස් ඔක්කොම මගේ වත්තට නැමිලා. ඉර එළිය වැටෙන්නෙත් නැහැ. වදුල නිසා ගහක් කොළක් හදාගන්න බැහැ ‘වැට කැපූ ඉඩම් හිමියා නිදහසට කරුණු කීවේ තම කටයුත්ත සාධාරණීයකරණය කරමිණි.
‘ඉර එළිය වැටෙන්න තමන්ගේ පැත්තේ ගස් ටික කපන එකේ වැරැද්දක් නැහැ. ඒත් ඒ වෙනුවෙන් වැටක් මුලින්ම කපන එක ලොකු වැරැද්දක්’ යැයි පවසමින් පොලිස් නිලධාරියා කරුණු පැහැදිලි කර දුන්නේ දෙපැත්තටම සාධාරණයක් කරමිණි.
කැපූ වැට කොටසේ අලෙවියෙන් ලැබෙන මුදල වැට හිමියාට ගෙවීමේ පොරොන්දුව පිට පාර්ශවකරුවන් සිද්ධිය සමථයකට පත්කර ගත්තේ පොලිස් නිලධාරියාට පින්සිදුවන්නටය.
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඉඩමට අව්ව එන්න අසල්වැසියාගේ මායිම් වැට දරට විකුණලා