ඉතාලියේ වෑනෙතෝ පළාතේ නගරයක පිහිටි සුප‍්‍රසිද්ධ දේවස්ථානයක් අසලට එම නගරයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෝ බොහෝ විට පැමිණෙති. එසේ පැමිණෙන ඔවුහු ටික වේලාවක් එම ස්ථානයේ රැඳෙමින් තම හිත මිතුරන් සමග ආගිය තොරතුරු කතාබස් කරති. පියල් ද එම නගරයේම ජීවත් වන්නෙකි.
තරමක් දුරට මත්පැන්වලට ඇබ්බැහි වූවෙකු වන පියල්ට ඉතාලි භාෂාව කතා කිරීමටද හරිහැටි නොහැකිය. දිනක් පියල් තම සති මැද නිවාඩු දිනකදී දේවස්ථානය අසලට ආවේ මිතුරන් මුණගැසීම සඳහාය.
ඒවන විට එම ස්ථානයේ කිසිවකු නොවූ අතර තරමක් දුරට මත්පැන් පානය කර සිටි පියල්ට ලංකාවේ සිට පැමිණි මිතුරකු දුන් බුලත් විටක රස බැලීමට සිතුණි. බුලත් විට හපා කට රතු වූ පියල් කෙළ පාරක් ගැසීය.
වෙරි මත බුලත් විට මත නිසා ඔහුට කැරකැවිල්ලක් ඇති විය. දේවස්ථානය ඉදිරිපිට ඇති කොන්ක‍්‍රීට් බංකුව මත ඇලවුණු පියල්ට සැප නින්දක් ගියේය. ගතවූ නිමේශයෙන් පැමිණි ගිලන් රියක් පියල් රැගෙන රෝහල කරා ඉගිලූණි. මෙය දුටු එම ස්ථානයට එමින් සිටි ලාංකිකයෙක් විගස සිදුවීම එම නගරයේ ඇති ශ්‍රී ලංකා සමිති නිලධාරියකුට සැල කළේය. ඔහු හනික රෝහල කරා ගොස් තත්ත්වය සොයා බැලීය. බුලත් විට හපා කට රතු වූ පියල් ගැසූ රතු පාට කෙළ පාර දුටු ඉතාලි ජාතිකයෙක් විදේශිකයකුගේ කටින් ලේ එන බව පවසා ගිලන් රථයට ඇමතුමක් දී තිබේ. කරුණු කාරණා වටහා දුන් සමිති නිලධාරියා පියල් රැගෙන යළි නිවසට ආවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන්නප්පුවෙන් මෙහි පැමිණි ධීවර මහත්වරුන්ට අමතරව පොල්ගස් නැගපු මහත්වරුද සිටිනවා.අනවසරයෙන් අනුන්ගේ කෙසෙල්කැන් සහ කුකුලෝ එකතුකර විකුනපු වෙළඳ මහත්වරුද ඉන්නවා. (නි)
නන්දන පනාගොඩ මිලානෝ ,වැසිකිලි පවිත්‍ර කිරීමේ ප්‍රවීනයෙක් වූ ඔබට වෙන්නප්පුවේ අයෙකුගේ වැසිකිලියේ වෙනස දැනීම අරුමයක් නොවේ .(නි)
නිලූ,ඔයා වැරදියි. මමත් විදේශයක ඉන්නේ. අපි ලංකාවේ ඉන්න විටදී නොදැනුනු දේශාභිමානයක් , රටෙන් පිටවෙලා ඉද්දි ,අපේ රටගැන හදවත් තුළ ඇති වෙන්නේ. එම නිසයි හැමදාම ලංකාදීපය කියවන්නේ. අද දවසේ අපේ රටේ තත්ත්වය කුමක්ද? දැනගන්න. අපි නිතර අපේ දරුවන්ට පවා කියා දෙන්නේ අපි ශ්‍රී ලාංකිකයෝ, අපි වැඩිහිටියන්ට ගරු කරන, අනුන්ගේ දුකට හැකි අයුරින් උදව් කරගෙන කාටවත් කරදරයක් නොවන අයුරින් ජීවත් වෙන්න.ඔයාලත් දවසක රටින් පිටවෙන දිනක,කටුනායකින් හිස් ආකාසයට පිවිසෙන විට, මම කීව දේ මතකයට නැගේවි.ඒක වචනෙන් තේරුම් කරන්න අමාරුයි. අපේ රටේ අද වෙන දේවල් ඇහුවම දැක්කම හිතට දැනෙන්නේ කියාගන්න බැරි වේදනාවක් දුකක්. අපේ සිංහල ජාතියට මොකද වුනේ කියලා හිතෙනවා. (නි)
මට මේ අය ගැන අනුකම්පාවක් ඇතිවෙනවා. හැමෝටම එක වගේ පෞරුෂ ලක්ෂණ නැහැ. රට,ගම, පවුල දාලා ආවම හිත හදාගන්න බැරි වෙනවා.කෙසේ නමුත් මේ රටේ අය මෙවැන්නන් දිහා පිළිකුලෙන් බලන්නේ නැහැ.(නි)
විදෙස් රටකදී බුලත් විටක රස බලපු එක ගැන ඔච්චර හිතන්න දෙයක් නෙමේයි මම නම් හිතන්නේ ඒ මනුස්සය නියම සිංහලයෙක්. ඉතාලි ජාතිකයන්ට මෙවෙනි දේවල් ලොකු දේවල් නොවේ. මේ ලිපියට අදහස් දාපු සමහරු අය මඩ ගහන එක ගැන තමයි දුක. මමත් ඉන්නේ ඉතාලියේ. මම වෙන්නප්පුවේ නම් නෙමේ.(නදී)
වෙන්නප්පුවේ අයට හොඳට රිදිලා වගේ,මේ ප්‍රතිචාර වලට. සුකිරි පවසා ඇත්තේ සත්‍යයක්. අපේ ලංකාවේ බොහෝ දෙනෙක් ඉතාලි වල වැසිකිලි පිරිසිදු කිරීම කරනවා. ඉතාලියත් දැන් මැද පෙරදිග වගේ. මම රියදුරු රැකියාව කරන අතර ගෙවල් හිමියාගේ ගෙදර පිරිසිදු කිරීමද කරමි. නැතිනම් මගේ රැකියාව ඉවරය. වසරකට වතාවක් ලංකාවට යන්නේ ඉතාලි වල සිටින ලොකු රැකියාවක් කරන අයකු මෙනි. මගේ නියම නම මෙහි සඳහන් නොකරමි. (නි)
මේකයි ප්‍රශ්ණෙ. වෙන්නප්පුවෙ වේවා මීගමුවේ වේවා තුම්පනේ වේවා මිනිස්සු ඉන්නවා විධිමත් අවිධිමත් දෙවර්ගයම. කොයි ගමෙත් නගරයෙත් මේ කට්ටිය ඉන්නවා. නමුත් ප්‍රශ්ණය "ධීවරයන්" කියා මිනිසුන් පහත් කොට සැලකීම. ඔය ලියන මොහොමඩ්,පිටිගල ඇතුළු කවුරු කවුරුත් ලාංකවේ මොනවා කළත් මෙහෙ වැසිකිළි තමා පිරිසිඳු කරන්නෙ. එහෙමයි දියුණු රටවලට ගිහින් සල්ලි හොයන්නේ. (නි)
සූකිරි , ඔබේ අදහස නියමයි. වැසිකිලියක වෙනස වටහා ගන්නේ වැසිකිළි සුද්ධ කරන මිනිසුන් ඇර වෙන කවුද ? (නි)
කරුණාකර මින් පසු ඉතාලි පුවතක් දාද්දි ඒ සිදිවීමට අදාළ වූ පුද්ගලයාගෙ වග තුග ඔහු කොහෙ කෙනෙක්ද කියා හෙළි කරන්න. ඉතාලියේදී නරක වැඩක් ගැන පුවතකට වෙන්නප්පුවේ මීගමුවේ අයට බැනුම් ඇසීමට සිදු වෙයි. නමුත් ඔවුන් කරන හොඳ වැඩ වලට ප්‍රතිචාර නැත. මේ පැති වල අයට බැනීමට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ මොවුන් හොඳට කා බී විය පැහැදම් කර ජොලි කර ජීවත් වන මිනිසුන් පිරිසක් නිසාය. කරුණා කර රැකියාව පහත් කොට ප්‍රතිචාර දාන පුද්ගලයින්ගේ පුතිචාර ප්‍රස්ද්ධ නොකරන්න. (නදී)
දේශේ හැටියට වාසය කරන්න දන්නේ නැති අය කොහේ ගියත් ඔහොම තමයි. එම නිසා පිටරට යන අයව එම රටවලට ගියාම හැසිරෙන විදිය යන්න කලින් දැනුවත් කරනවානම් රටේ ගෞරවයටත් හොඳයි. හොරෙන් එන අයටත් ඉන්න අය කියල දෙනවානම් තවත් හොඳයි.(නදී)
"ලංකාදීප" සදාකල් වැජඹේවා!! ස්තුතියි. (නි)
ඔය හැමකෙනෙක්ම හොරෙන් ඉතාලි ගිය අය. (නි)
ලංකාවෙන් ගිය ඉතාලි යහළුවෝ එකිනෙකාට උදවු කළ යුතුයි (නි)
මම කිව්වේ වෙන්නප්පු අය 'කොමෝඩ්' එක උඩ හිටගන්න හදන එක ගැනයි. (නි)
ගාමිණී,-සිරි,ඔයා ඉතිහාසය ඉගෙන ගත්තේ කාගෙන්ද? පෘතුගීසි ලේ බොනවා කිව්වේ තේ වලට නෙමෙයි, රතු මිදියුෂ වලට .(නි)
වෙරළබඩ ඇත්තන්ට ඔහොම දොඩන්නේ ඉතාලියේ රන්ජිත් හෝගාන පොකුණ දැකලවත් නැතැයි ? (නි)
මොහොමඩ් , ඔයාට බුලත්කෙල පාර දකිනකොට කියන්න පුළුවන් නේද කෙලගහලා තියෙන්නේ ධීවරයෙක් ද , ගම කොහෙද කියලා. නියමයි මොහොමඩ් හරියට ෂර්ලොක් හෝම්ස් වගේ. ඔයා ජීවත් වෙන්න තිබුනේ ශ්‍රි ලංකාවේ. රටට ලොකු සේවයක් කරන්න තිබුණා. (නි)
නන්දන පනාගොඩ, කට තිබුන පලියට ඒක මෝය කටක් කර ගන්න එපා. මිනිස්සුන්ගෙ නොදෑනුවත් කමට ගරහන්න එපා. බුලත් කෙල ටිකක් ගහන එකයි කොමොඩ් එක උඩ ඉන්න එකටයි වඩා මිලනෝ ඉදන් ඔබ කරන වැඩ අහගන්න ඕනද? මොහොමඩ් ඔයාටත් කියන්නෙ ඒකම තමයි.(නදී)
කුමන අදහස් හුදෙක් විනෝදය තකා දැක්වුවත් මෙහි සිටින සිංහලයන්ගේ බේබදුකම ගැන අපිම සිතා බැලිය යුතුය. ලෙඩ රෝග වලට භාජනය වීම, පවුල් අවුල් වීම, පියවරුන් තම දරුවන් ඉදිරියේ 'ජෝකර්ලා' වීම සහ අප ජන කොටසේ 'බයිපාස්' සැත්කම්ද විශාල ප්‍රමාණයක් සිදුකෙරෙනවා. (නි)
ගලබඩ ඔබ, ගලමත පහරා ඇති සැටියක් පෙනේ.ඔබලාට වෙන්නප්පුවේ හා මීගමුවේ ධීවරයන්ගෙන් යම් වරදක් සිදුවූවා නම් ඔබලාගේ ධිවර ප්‍රශ්නය ඔවුන් සමග විසදා ගන්න.මට හැගෙන ලෙස ,ඔවුන් දැන් ඔබලා සමග අමනාප වී ඇති නමුත් ලංකාවේදී ඔබලා ප්‍රදේශ දෙකක වැසියන් වුවත් එකම රැකියාවේ නියුතු වුවන් බවයි.නැතිනම් අර වැසිකිලි පවිත්‍ර කරන්නෙකු සදහන් කර ඇති පරිදි ,අතිශය පුද්ගලික කාරණා අන් අයට දැනගැනීමට නොහැකි බැවිනි.ඉතාලියේ රැකියා කරන අනෙකුත් ලාංකිකයින්ද ඔබලාගේ ගැටුමෙන් අපහසුතාවකට පත් වන්නට ඇත.ඒ නිසා ඔබලාගේ ඔය අධම ක්‍රියාව නවත්වන්න.සාමය අගයන ශ්‍රී ලංකාවක් පතන මා මීගමුවේ හා වෙන්නප්පුවේ නොවුවත් ,ලංකාවේ කුමන ප්‍රදේශයක වැසියෙක් වුවත් ඔවුන් මගේ සොහොයුරන් ,සොහොයුරියන් සේ සලකා මම මේ සටහන තබමි . (නි)
මෙම පුවතේ සදහන් මාතෘකාවට සම්බන්ද පුද්ගලයා ලංකාවේ කුමන ප්‍රදේශයක දැයි සදහන් නොවුවත් ,කිසියම් පිරිසක් විසින් යම් උපකල්පනයක් මත මීගමුවෙන් හා වෙන්නප්පුවෙන් ඉතාලියට පැමිණ සිටින සියලු දෙනා අපහසුවට පත් කරමින් පළකර ඇති අදහස් තරමක් ශිෂ්ඨ සම්පන්න නොවන බව මාගේ හැගීමයි .ලංකාදීපය වැනි පුවත් පතක් ඔබගේ කල්ලි වල සාමාජිකයින් හා විරුද්ධවාදීන් පමණක් නොව ලංකාවේ බොහෝ පුරවැසියන් කියවන ජාතික තලයේ ඉතා වටිනාකමින් යුත් පුවත්පතක් බව අවබෝධ කරගෙන ඔබගේ අදහස් පලකරන මෙන් මා ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.මෙම සටහන තබන මා මීගමුවේ හෝ වෙන්නප්පුවේ නොවන අයෙක් බවද වැඩිදුරටත් සදහන් කරමි (නි)
ඇත්තටම ඉතාලි ජාතිකයන් කොච්චර හොද පිරිසක්ද? ඔවුන්ට තේරුන හැටියට, විපතට පත් අයෙකුට උපකාර කළා. ඒත් අපේ අය (ඔක්කොම නෙවේ) මොහොමඩ්,පිටිගල,චරිත්,රන්ජිත් වැන්නන් විපතට ලක් වුණු කෙනාගේ ජාතිය ජම්මය හොයන්න තරම් කොතරම් පිරිහිලාද (නි)
ලංකාවේ නූගත් අය අද වැඩිපුරම ඉන්න රට.(නදී)
දිසානායක ඔයාට වලිගෙ පෑගිලා වගේ ඉස්සෙල්ල බලන්න උඩබලාගෙන කෙලගහන්නේ කවුද කියලා. ලංකාවේ ඉන්න ඔයාලගේ පවුලේ උදවියට නම් ලුනුයි බතුයි නැතිද දන්නේ නැහැ . ඔයාල වගේ ශ්‍රී ලාංකිකයෝ ගැන ගොඩක් කණගාටුයි. කොහොම හරි පිටරටකට පැනගෙන එහෙ කටු ලෙවකන අය හිතාගෙන ඉන්නේ ශ්‍රිලංකාවේ අයට ලුනුයි බතුයි වත් නැහැ කියලද ? එහෙම වෙන්න අවශ්‍ය නැහැ ලංකාවේ ඉන්න හිගන්නන්ගේ ආදායමත් දැන් දවසට රුපියල් 15,000.00 පැනල කියල උසාවියකින් වාර්තා වෙලා තබුනා. ඔයාලත් දැන් මෙහාට එන්න කාලේ හොදයි , දැන් ඔහෙට වෙලා සුද්දන්ට පාච්චල් වෙවී ඉන්න ඕනේ නැහැ . මොකද දැන් සමහර රටවල් වලිනුත් මෙහෙ ඇවිත් හොරෙන් රස්සාවල් කරනවා .(නදී)
විකාර අදහස් දමන්න එපා මිනිසුනේ. කෙනෙකුගේ රැකියාව පහත් කර සලකන්න එපා කවදාවත්. ටිකක් හිතල බලන්න වැසිකිලි සෝදන වැඩේ හරියට නොකලොත් ඒවා පරිහරණය කරන්නන් මොනතරම් අපහසුතාවයට පත් වනවාද නියා. සමස්ත සමාජයටම සෞඛ්‍ය ප්‍රශ්න වලට පවා මුහුණ දෙන්න සිදුවෙනවා. හැම රැකියාවක්ම වැදගත්. ලංකාවේ සියලු දෙනා අපි ලාංකිකයෝ කියා සිතන්න. එතකොට මේ සේරම හරියනවා.(නදී)
ඉතාලි වෙසෙන කවුරුත් කරන්නේ මෙහෙ තිබෙන කම්කරු රැකියා සහ මෙහෙ සුදු මිනුසුන් නොකරන ඒවා . මමත් මෙහෙ රැකියාවක් කර ලංකාවට මුදල් යවමි. එම මුදල් වල මා කරන රැකියාව සඳහන් නැත.අද ලංකාවට අවශ්‍ය අප වැනි අයගෙන් රටට යවන විදේශ විනිමයයි. අපට අපහාස නොකරන්න. අපිත් මෙහි ඉපිද මේ රටේ භාෂාව හොඳට දැනගෙන ඉගෙන ගත්තා නම් අපිද හොඳ රැකියා කරන්නෙමු (නි)
නියම කතාව නේද?(නදී)
මොහොමඩ්, ඉතාලියට ධිවර යාත්‍රා වල අපු හැම දෙනාම ධීවරයෝ නෙමෙයි. ඒ හැමදෙනාම වෙන්නප්පුවේ,මීගමුවේ නෙවෙයි මුලු ලංකාවේ හැම අතින්ම ආපු අය ඉන්නවා.ඔබතුමා ධීවරයන්ට අපහාස කරන්න එපා. ඔබතුමා උගතෙක් බුද්ධිමතෙක් වෙන්න පුළුවන්. නමුත් රැකියාව විවේචනය කරන්න එපා.අනිත් කෙනා පිටිගල මිලානෝ.අනේ ඔබතුමා බිය ගුල්ලෙකි. ජාති ආගම් බේදයකි. වෙන්නප්පුවේ මිනිසෙක්ට ණය වුන වංචාකාරයකි (නි)
ආරේ ගුණ නෑරේ කිව්වලු.....පුදුමයි දඩයක් ගැහැව්වේ නැති එකට.(ස)
අපේ අය කලොත් කරන්නේ මේ වගේ වැඩ තමා.(නදී)
මේක තමා නියම ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. අපේ රටේ නම් කොහොම තියේවිද? අපි දන්නේ බටහිරට බනින්න විතරම තමා. හොරෙක් ගෙයක් බිදින්න ගිහිල්ලා පඩි පෙලෙන් වැටිලා නිවාස හදපු ආයතනයෙන් වන්දි අරන් තියනවා. හොරකමට දඩුවම් දීම වෙනම දෙයක්. අපේ රට යන්නේ කොහාටද? අපි කරන්නේ රටම හුරගන කෑවත් ගමේ මිනිහා, අපේ මිනිහා කියල ජන්දේ දෙන එක තමා. (නි)
පෘතුගීසින් ලංකාවට ඇවිත් නැංගුරන් දාගෙන ඉන්න වෙලාවේ ඔත්තු බැලූ අපේ උදවිය රජතුමාට කිවුවේ, "උන් නම් එසේ මෙසේ ජාතියක් නොවේ ස්වාමිනි, තිරිවානා ගල් කනවා..ලේ බොනවා කියලා" ( පානුයි,තේ වලට ) බුලත් කෙල ලේ කියා සිතීම පුදුමයක්යැ ඉතින්? (නි)
මම මීට කලින් සඳහන් කරලා ඇති ඉතාලි වල වෙරෝනා වල මගේ ඇසින් දුටු සිද්ධීන්. බුලත් කාලා පාරේ කෙල ගැසීම එකක්. බීඩි මිටි ගණන් බොන සෙරෙප්පු දාගෙන යන සමහරු සරම පිටින් පාරේ. මේ සියලු දෙනා වෙන්නපුවේ සහ මීගමුවේ ධිවරයන්ය. (නි)
මම හිතන්නේ හලාවත ඉඳන් ගියපු ගව ඝාතකයෙක්ද කොහෙද.(අ)..
අපේ මිනිසුන්ට පිට රටකට යන්න පෙර, අර විදේශ සේවා එකෙන් හොද පුහුණුවක් දීල යවන්න ඕනෑ. විශේෂයෙන් පිට රටකදී ,තමන්ගේ ආත්ම ගරුත්වය රැකගෙන, රටේ ගරුත්වය රැකගෙන, තමන්ගේ පව්ලේ දියුණුව සරිකර ගෙන නම්බුකාර විදියට ජීවිතේට මුහුණ දෙන්නේ කොහොමද කියලා, උගන්වල යැවුවේ නැත්නම් මෙහෙම දේවල් වෙනවා. මමත් ඉන්නේ විදේශයක. දැන් ස්කාය් ස්පෝර්ට් වලට ශ්‍රී ලංකා ඇන්ඩ් ඕස්ට්‍රේලිය ක්‍රිකට් මැච් එක පටන්ගන්න අපේ ජාතික ගීය ගායනා කරනවා, අපිට කුඩා කල සිටම මොන්ටිසෝරියේ ඉදන් උගන්වනවා, ජාතික ගීයට ජාතික කොඩියට ගරුකරන ආකාරය. ඒත් මේ ටීවී චැනෙල් එකෙන් මම දැක්කා අපේ ලංකාවේ සමහර අය ජාතික ගීයට උඩ පැන පැන කොඩියත් පොරවාගෙන නටනවා. (නි)
මොහොමඩ්, බුලත් කාලා කෙල ගහන්නේ, බීඩි බොන්නේ, සරම් ඇදන් සෙරෙප්පු දාගෙන යන්නේ වෙන්නප්පුවේ මීගමුවේ ධීවරයෝ විතරද? නැත්නම් මම වෙන්නප්පුවේ,මම මීගමුවේ කියලා එයාල බෝඩ් ගහගෙන ඉන්නවද? (නි)
සුමුදු වර්ණසුරිය, වෙරළබඩ ඉදල ආපු අය තමයි ඔය විදියට හරක් වැඩ කරන්නේ.(නදී)
අනිවාර්යයෙන්ම වෙන්නප්පුවේ කෙනෙක්. (ත)
ඔන්න ඕකනේ කියන්නේ බැරි වැඩ කරන්න එපා කියලා
සුමුදු වරනකුලසුරිය ඔබට පිළිතුර. මම වාසය කරන්නේ ඉතාලි වල. මම වෙරෝනා වල හිටියේ. මම දන්නා තරම ඔවුන් ධිවර යාත්‍රා වලින් හොරෙන් ඉතාලි වලට ආපු වෙන්නපුවේ සහ මීගමුවේ ධීවරයන්. ඒක මම හොඳින් දන්නා නිසා මේකේ කිව්වේ. සමහර විට ඔබ වෙන්නපුවේ හෝ මීගමුවේ නිසා තරහා ගියාද දන්නේ නැහැ. මේ සත්‍ය දෙයක්. එහේ සිටින අයගෙන් අසා දෙන ගන්න මාව විස්වාස නැතිනම්. මට සමාවෙන්න මෙය නිසා ඔබගේ සිතට රිදීමක් ඇති උනානම්. ලංකාදීප පුවත් පත මගින් ලාංකිකයන් දැනුවත් කිරීමක් පමණයි මම කරේ. මගේ ජනප්‍රිය පුවත් පත ලංකාදීපය. මගේ ප්‍රතිචාර දැම්මත් නැතත් මම කතු මඬලට සහ මෙම පුවත් පතට ගරු කරමි.(නදී)
ආරේ ගුණ නෑරේ.(ස)
ඉතාලියේ ඉන්නා සුනඛයින් තිදෙනෙක් වෙන්නප්පුව දෙසට හැරී උඩුබුරා තිබේ ! ඒ ගැන වැඩිපුර සිතන්න එපා සුමුදු . (නි)
ඈ මොහොමඩ්, ඔයාලගේ මුතුන්මිත්තෝ ලංකාවේ වෙරලබඩට ආවේ ටයි කෝට් ඇදලද ? (නි)
රූපවතී ,මාත් ඔබත් එක්ක එකඟයි. ඊයේ මැච් එක බැලූ වෙලාවෙ මමත් ඔය දේ දැක්කා. මොන රටට ගියත් මොන වැඩකට ගියත් අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් ජාතික ගීය ගායනා වෙද්දී නැගිට සීරුවෙන් සිටිය යුතු බව ඉස්කෝලෙදී පුංචි කාලෙ දී උගන්වනවා. ඒත් ඊයේ මැච් එක බලන්න ආ අය සිංහ කොඩිය පොරවාගෙන හිටියට ඔවුන් ශ්‍රී ලාංකිකයොද කියලා මටත් සැක හිතුනා. (නි)
තමුන්ගේ රට දාලා ගිය ඔක්කොම එකයි තමා (නි)
වෙන්නපුවේ මීගමුවේ ධීවරයන් ලෝකේ කොහේ ගියත් ඔවුන්ගේ හැසිරිමෙන් සහ කතාබහෙන් දැන ගන්න ඉතා පහසුය . වෙනත් පැතිවල ධීවරයන්ට වඩා ඔවුන්ගේ කතාබහේ, වැඩ වල, ගති ගුණවල ලොකු වෙනසක් දක්නට ලැබේ. එනිසා ඔවුන් ඇඳින ගැනීම අපහසු නැත. මම මොහමඩ් මහතාගේ කතාව අනුමත කරමි. (නි)
වෙන්නප්පුවේ කෙනෙක් වැසිකිලියට ගියත් හදුනාගන්න පුළුවන් (නි)
ඒ මිනිස්සු බය වෙන්න ඇති (දී)
මටනම් හිනා යනවා මේ වැඩේට (දී)
තැනට සුදුසු විදිහට හැසිරෙන්න කියන්නේ ඕකනේ (දී)
මම ගම්පහ කෙනෙක්. ඇයි මිනිස්සු මෙච්චර වෙන්නපුව එක්ක තරහා?(නි)
ලංකාවේ කොහෙ ඉදලා ඉතාලියට ආවත් අපි හැමෝම ලාංකිකයො බව අමතක කරන්න එපා. ජාතිය ආගම ගම් පලාත ගැන කියලා මිනිස්සුන්ට පහර ගහන්න එපා(නි)
නිලූ, මොකක්ද ඒ කතාවේ තේරුම? අද ඔයාලා ලුනුයි බතුයි හරි කන්නේ රට ඉදලා අපේ මිනිස්සු ලංකාවට එවන සල්ලි නිසා. උඩ බලාගෙන කෙල ගහන්න එපා නිලූ (නි)