IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


ඉන්න හිටින්න දුන්නු නිවෙසේ සබ්බ සකලමනාවම උස්සන් ගිහින්

කුලියකුත් නොගෙන ඉන්න හිටින්න දුන් නිවෙස යළි ඉල්ලා ගන්නට යන විට එහි වහලත් දොරවලුත් සමග නිවසේ බඩු මුට්ටු ද රැගෙන ගොස් තිබූ පවුලක් පිළිබඳ පුවතක් මොනරාගලින් වාර්තා වේ. 


මෙම නිවෙසේ අයිතිය වත්මන් ඌව පළාත් සභා මන්ත්‍රීවරයකු සතුය. 


ඉන්න හිටින්නට තැනක් නැතිව අසරණ වී සිටි කුඹුක්කන ප්‍රදේශයේ පවුලකට තමන්ගේ වත්තක පිහිටි නිවෙසක් ලබා දී ඇත්තේ වත්තේ කටයුතුත් බලා කියාගෙන නිවෙසේ ඇති තරම් කාලයක් සිටින ලෙස පවසමිනි. 


වසරකට අධික කාලයක් මෙම යුවළ එහි ජීවත් වී ඇති අතර හදිසියේම යන්නට ඕනෑ බව පවසා තිබේ. ඒ අනුව එම මන්ත්‍රීවරයා යන්නට අවසර දී ඇති අතර කුලී තැනකට යනවා නම් රුපියල් 4000ක මුදලක් ද දෙන්නට පොරොන්දු වී තිබේ. ටික දිනකට පසු මෙම පුද්ගලයා පැමිණ නිවසක් සොයා ගත් බවත් ඊට අවැසි කුලිය ලෙස රුපියල් හාරදහසක මුදල ඉල්ලා තිබේ. 


ඊට පෙර තමන් කලින් සිටි නිවසේ තත්ත්වය පරීක්ෂා කිරීමට එම නිවසට ගොස් ඇති මන්ත්‍රීවරයාට තරු පෙනී ඇත්තේ නිවසේ වහල තබා ඉදිරිපස දොර ද නොමැති බව දැන ගැනීමත් සමගය. 


අනතුරුව ගේ ඇතුළට ගොස් බලන විට තිබූ ඇඳ, පුටු, මේස හා කුස්සියේ තිබූ උයන පිහන දේවල් පවා මෙම පුද්ගලයා විසින් රැගෙන ගොස් ඇති බව මන්ත්‍රීවරයාට තේරුම් ගියේය. 


මේවට පොලිසි ගියොත් මටත් ලැජ්ජයි. ආත්මෙත් ඉවරයි. හොඳ වෙලාවට මම රුපියල් හාරදාහ නොදී ගේ බලන්න ආවේ. නැත්තං ආයෙත් මං මේ ගොනාට තව අවුරුදු ගාණක් රැවටෙනවා යැයි තමන් සමග පැමිණි අතවැසියට පැවසුවාලු. 
වැල්ලවාය අයි.ආර්. ඉන්දික

 



අදහස් (0)

ඉන්න හිටින්න දුන්නු නිවෙසේ සබ්බ සකලමනාවම උස්සන් ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 254 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 827 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 814 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1148 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9471 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 878 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 515 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 733 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2049 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site