ව්‍යාංජනයේ කුරුමිණියකු සිටි බව පිළිනොගත් හෝටල් හිමියකුට තරුණියකගෙන් පාඩමක් ඉගෙන ගැනීමට සිදුවූ කතාවකි මේ.
නුවර පාරේ දෙපසම දැන් ගිමන් හල්ය. ඇතැම් තැන් විවිධ වර්ණ යොදා පින්තූර අලවා තිබෙන අතර එවැනි ඇතැම් තැන්වල පෙණුම තරුපහේ හෝටල් බඳුය.
දුර යනෙන අනෙකුත් අය මෙන්ම තවත් පිරිසක් ද මෙයින් උදෑසන ආහාර ගැනීම සඳහා වාහනය නතර කළේය.
සේවකයින් තැන තැන සේවයේ නිරතව සිටි අතර ඉන් එක් අයකු ඔවුන් වාඩිවූ මේසය අසලට ආවේය.
මොනවද මිස් කන්නේ.......
එසේ අසමින් ඔවුන්ගේ බොජුන් හලේ ඇති ආහාර වර්ග කියාගෙන ගියේය.
ම්.....ම්..... අපට ඉඳිආප්ප ගේන්න.
ඒ අනුව සේවකයා ඉඳිආප්ප, අල හොඳි, පොල් සම්බෝල සහ මාළු ගෙනා අතර මේසය වටා අලංකාරයට මෙන් වතුර වීදුරු කිහිපයක් ද තැබීය.
ඊ.....යා ආ...ආ.... ආහාර ගනිමින් සිටි තරුණිය එක්වරම අප්පිරියාවෙන් කෑගැසුවාය. බලන්න මේ.....කේ කුරුමිණියෙක් ඇය නැවතත් කෑ ගැසුවාය. අනේ අපට එපා මේවා මේවායේ කුරුමිණියෝනේ.
අනේ මිස් මේකා උඩින් වැටිච්ච එකෙක්. නැතිව කෑම වල ඉන්න විදියක් නෑ...... ආ කමක් නෑ අපට ඉඳිආප්ප එපා වෙන මොනවා හරි ගේන්න එසේ කියමින් ඔවුන් මේසය මත තිබූ මාළු ව්‍යංජනය සමඟ පාන් කෑවේය.
දැන් බිල ගෙවන වෙලාවය. මොනවද මිස්ල කෑවේ අපි පාන් කෑවා මොනවත් එක්කද?
පාන් විතරයි.
ඇයි මාළු කෑවේ නැද්ද?
නෑ. නෑ. ඒවා උඩින් වැටිච්ච මාළු ඒ හින්දා ඒවාට ගෙවන්න අපි සූදානම් නෑ. තරුණිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෝටල් වල ඔහොම තමයි. ගනන් ගන්න එපා මේ රටේ හෝටලේක එළවලු එකේ මීයෙක් ඉදලා තිබුනා හෝටල් හිමිය (සිංහල )වරද පිළිගත්තෙත් නැතිලු.(නදී)
හොද මොළේ. ඉතින් මුදලාලි කැමති වුණාද? (නි)
තරුණියගේ පිළිතුරෙන් පස්සෙ මේ වාර්තාව නවත්වන්න ඇත්තේ ඊළඟට විනාඩි පහක් තිස්සේ මුදලාලි කියපු වචන ටික පත්තරේ දාන්න බැරි නිසා වෙන්න ඕනෑ. එත් ඉතින් තරුණිය අඬ අඬා වාහනයට ගිය හැටි කියන්න තිබුනනේ. (නි)
අපිට තේ එකක මැස්සෙක් හිටියත් හිරිකිත තමා.සිංගප්පුරුව ,චීනය,අප්‍රිකානු රටවල මිනිස්සු, කුරුමිණියන්,කැරපොත්තන්,මෙරුවන්,වෙයන්,පවා අනුභව කරනවා.මෑතකදී එ .ජා.සන්විධානයද ගුණ ගරුක භාවය සදහන් කරලා තිබුනේ ආසියාතිකයන්ට කෘමීන් කවන්න වෙන්න ඇති. (අ)
ගාමිණී, සිංගප්පූරුවේ කිසිම පියාඹන සතෙක් කන්නෙ නැහැ (නි)
කපටිකමට එයාම කුරුමිණිය ගෙනාවද දන්නේ නැහැනේ (නි)
යක්කල ඉඳල නුවර පාරට යනකල්ම තියෙන හෝටල් වල තත්වය ඔහොම්ම තමා.(අ)
ලෝක ආහාර සංවිධානය කියල තියෙනවා නේ කෘමින් ව ආහාරයට ගන්න කියල (අ)
චන්දන මල්ලී ,සිංගප්පුරුවේ මිනිස්සු එතකොට කුකුල් මස් කන්නෙත් නැද්ද? කුකුළා,වලිකුකුළා අයත් වෙන්නෙත් පක්ෂි ගණයට.ඉස්සර ගම්වල කුකුල් කූඩු එල්ලලා තිබුනේ කටුකම්බි වලින් ගස් දෙකක් අතර නයි,මුගටින්ගෙන් බේරා ගැනීමට.නගින්න ආධාරකයක් තියනවා.පසු දින බහින්නේ පියාඹලා.කැරපොත්තෝ වීදුරු බෝතල් වල දමා අලෙවි කරනවා මගේ ඇසින් දුටු දෙයක්.එම වෙළඳපොලේ නම මට සිහියට එන්නේ නැතිකම කනගාටුවට කරුණක්.ජල ටැංකියක සිටි දැවැන්ත ශ්‍රී ලංකා කකුළුවන් ඒ මොහොතේම කපා උයා දෙන්නම් කියනවිට මට හිනා ගියවිටයි ඔහු දන්නේ මම ලාංකිකයෙක් බව. (නි)
චීන්නු මොනවද නොකන්නේ.(මීයෝ කබරයෝ සරපයෝ පරවියෝ ඔක්කොම කනවා )මිනී මස් ඇරෙන්න. (නදී)
ඒ උනාට අද කාලේ හුග දෙනෙක් ගුණ කියා කියා කන්නේ ලස්සන නම් දාපු ඒ වගේ කෑම තමා .(නදී)