දකුණු පළාතේ කුලී රථ ගාලක නවතා තිබූ කුඩා ප‍්‍රමාණයේ වෑන් රථයක් අසලට ආ කිහිප දෙනෙක් උතුරු මැද පළාතේ මළ ගෙදරකට යාමට අවශ්‍ය බව කියා කුලියද කතා කරගෙන වෑන් රථයට නැග ගත්හ.
මේ පිරිසට සුදු ඇඳගත් කාන්තාවන් දෙදෙනකු පිරිමි සිව් දෙනකු හා දරුවන් දෙදෙනකු ද අයත් විණි. කඩිනමින් පිටත්වූ ඔවුහු පැය හතරක ගමනින් පසු කැකිරාව නගරයේ රිය නැවැත්වූයේ දිවා ආහාරය සඳහාය.
කඩිනමින් ආහාරගත් රථ හිමි රියැදුරා කැසිකිළියට ගොස් එනවිට පිරිසෙහි කිසිවකු වාහනය තුළ නොවීය. මේ පිළිබඳව කඩ හිමියාගෙන් විමසූ විට ඔහු කීවේ ”දැන් ටිකකට ඉස්සෙල්ල ලොකු වෑන් එකක් ආවා. ඒ ගොල්ල ඒකෙ නැගල ගියා” කියාය.
දෙවියන් සිහිවූ රථ හිමියා මේ මළ ගෙදර පිළිබඳව තොරතුරු විමසා බැරිම තැන ආපසු ආවේ කේන්තියෙන් පිපිරමෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර මිනිසුන්ට අනුන්ගේ දුකක් දැනෙන්නේ නැහැ (නි)
කුමාරි, ඔබගේ කතාව නම් මසුරන් වටිනවා.එහෙම කට්ටිය තමා ඔය තැන තැන ඉන්නේ (නි)
දකුණේ කිව්වට බෙන්තර ගඟේ ඉවුරේ ගමක් වෙන්න ඇති පැය හතරෙන් කැකිරාවට යන්න. (ස)
දකුනේ කිව්වට බෙන්තර ගගනේ එහා ගමක් වෙන්න ඇති පැය හතරෙන් කැකිරාවට යන්න (නදී)
ඉදල හිටලා පිනක් දහමක්වත් කරන්න එපායැ. (නදී)
ඔලුව තදින් නරක් වෙච්ච මිනිසුන් පිරිසක් වැහිච්ච අරුම පුදුම රටක් තියෙනවා. (ස)
අරුම පුදුම අමනුස්සයෝ ඉන්න රටක්.(නදී)
කෝ දැන් පහන්? (නදී)
ඔය හයර් එකේ මුදලට පාඩමක් ඉගෙන ගත්ත කියල හිත හදා ගන්න. ගමන ගිය අය ඇත්තටම ගියේ එයාලගේ ජීවිතේ මල ගෙදරම තමා. (ස)
කට්ටියක් හොර බොරු වංචා කරනවා. තවත් කට්ටියක් ඒවා සාධාරනීකරණය කරනවා. (නි)
මෙහෙම රටක්. (ස)
මෙහෙමත් මිනිස්සු! (නි)
මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ! (නි)
ඉහල සිට පහලට...හොර වංචාව පදමට....රට යන හැටි දකින විට.....නෙතින් වැගිරෙයි උණු කඳුළු කැට....(අ)
ඇත්තටම පුදුම මිනිස්සු නේද., මොන පළාතේ වුනත් වැඩේ වැරදියි, කුමාරි තමයි හරිදේ කියල තියෙන්නේ...!! (අ)
මමත් එකඟයි කුමාරිගේ කථාවට, කවුරු නැතත් දෙවියෝ ඉන්නවා. (ස)
ඇත්තෙන්ම පුදුම මිනිස්සු නේද දැන් ඉන්නේ ? ඔය වගේ අයට කවදාවත් හරි යන්නේ නැහැ. (ස)
පරණ ණයක් ගෙවුව කියල හිත හදා ගන්න මහත්තයෝ.... ඒ අයට කවදාවත් හරි මග සොයා ගන්න බැරි වෙයි... අන්තිමට මංමුලා වෙන්නේ මේ වගේ අය තමයි. (ස)
දකුණේ ඉඳල කැකිරාවට යන්න පැය හතරකින් බැහැ.හයිවේ එකෙන් ගියත් පැය 6 කට වඩා යනවා.(දිල්)
එ්කත් දකුණු පළාතේ නේ! ඉතින් අහන්න දෙයක් තියෙනවද? (ස)