බස්නාහිර පළාතේ මායිමේ සිටි සිව් දෙනකු දකුණු පළාතේ ඉලව්ගෙදරකට ගියේ එය නොගිහින්ම බැරි තැනක් නිසාය.
රැකී රක්ෂා කටයුතු හමාරකොට ඒ සඳහා රාත‍්‍රියම තෝරා ගත්තේ ගමන සඳහා කතාබස් කරගත් තුන් හතර දෙනාටම එය පහසු වේලාවක් වූ නිසාය.
තොටුපොළේ අලූත් පාලමෙන් යන්න පුළුවන්ලූ එකකුගේ යෝජනාවට අනෙක් තුන්දෙනාම කැමතිවිය.
”මාර්ගය කෙටි තමයි හැබැයි කිලෝමීටර් තුනක් විතර කැලේ”
සිතේ ඇතිවූ භීතියද සමග සිවු දෙනාම කෙසේ හෝ ඉලව් ගෙදරට ගොඩවී පැය දෙකක් පමණ එහි නැවතී නැවත එද්දී රාත‍්‍රි 11ට ආසන්නවී තිබුණි.
ගමන ආරම්භයේදී එකකු කී කතාව අනෙක් අයගේ සිතේ රහස් තැති ගැන්මක් ඇතිකළ කරුණක් වී තිබුණි.
ගමනට යොදාගත් ත‍්‍රීරෝද රථය ජනාවාස පසුකර කෙමින් කෙමින් ඉදිරියට ආ අතර ඉන්පසු කළුවර සහිත ඝණ වනාන්තරයට ඇතුළු විය. ඒත් සමගම රැහැයි හඬ පළාත දෙවනත් කරන්නට විය.
දකුණු පසෙන් ගං ඉවුරය. එයින් ඇසෙන ගෙම්බන්ගේ ශබ්දය ත‍්‍රිරෝද රථයේ හඬ පරාජය කළේය.
සැඟවුණු බියකින් සිවු දෙනාම කැලය පසුකරමින් සිටියහ. කණාමැදිරියකුවත් පෙනෙන මානයේ නැත. තැතින් තැන වළවල් හෑරීගිය කොන්ක‍්‍රීට් ඇතුරූ මාර්ගයේ වේගයෙන් ගමන් කිරීමටද අපහසුය.
වළවල් බේරමින් හෙමින් හෙමින් ඉදිරියට ගිය ත‍්‍රිරෝද රථය පැදවූ පුද්ගලයා එය එකවරම නතර කළේය.
ඇයි මොකද?
පසුපස අසුනේ කෙනෙකු ඇසුවේය.
අර.... ඔහු භීතියෙන් මෙන් කීවේය.
පාර හරහා කපා දැමූ ගසකි. එයින් මුළුමනින්ම මාර්ගය අවහිරය.
විනාඩි දහයක් ගතවිය. සිවු දෙනාම වචනයක් කතා කළේ නැත. එක් අයෙක් ඒ අතරේ සිය ජංගම දුරකථනයෙන් හදිසි අංක තුනක් එබුවේය. එය නිෂ්ඵලය. තවත් විනාඩි කිහිපයක් ගත වූයේය. අනතුරක සේයාවක් නොවීය.
නැවතත් තව ඇමතුමත් ගෙන යාබද ප‍්‍රදේශයේ මිතුරකුට ඇමතුමක් ගත්තේය. සිද්ධිය සැල කළේය. ඔහු වහා ආයුධයක් රැුගෙන තවකෙකු සමග එතැනට පැමිණියේය.
ඔවුන් රැගෙන ආවේ පොරවකි. සැනෙකින් මාර්ගය හරහා වැටී තිබූ ගස කපා ඉවත් කළේය.
පිටුපස අසුනේ සිටි පුද්ගලයකු ඒ වනවිටත් කතා නැත.
ඔහු තවමත් භීතියෙන් තැතිගෙන සිටිතැයි සිතා සිදුවී ඇත්තේ සුළඟට මාර්ග හරහා ගසක් කඩාවැටීම බව නිහඬව සිටි මිතුරාට කීවේය.
ඒත් සමගම ඔහු උගුරට අතදමා යමක් එළියට ඇද්දේය. ඒ පවුම් දෙකකට ආසන්න වූ බරින් යුතු ඔහුගේ ගෙල බැඳ තිබූ රත‍්‍රන් චේන් පොටය.
මාර්ගය හරහා ගස දුටු සැණින් ඔහු කරවටා බැඳ තිබූ එය ගලවා ගිල දමා එහි කෙළවරක් දතකින් විකාගෙන සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ!. කොහොමද ඒක කරේ.මම ඔහොම කලොත් එක්කෝ ඕක ගිලේවි.නැත්නම් වමනය යාවි.හිතාගන්නවත් බැ මට නම්.(අ)
සිද්දික්, නොදන්නා අප්‍රබංශ කතා කරන්න ගියාම ඔය වගේ ප්‍රශ්න සමහරු අහනවා.ලංකාවේ සිංහල කාන්තාවන්ගේ ඇඳුම ඔසරිය. ඔසරිය සාරිය දන්නේ නැති අය ඕනෑ තරම් ඉන්නවා. බණ්ඩාර, ඔබ කිව්වා හරි. නැති පොහොසත්කම් පෙන්වන්නත් සමහරු රත්තරන් අඳිනවා. මගේ ළඟ වැඩ කරන ඉන්දියන් මනුස්සයෙක්ගේ රත්තරන් බඩු ඔක්කොම මේ ලඟදි කොල්ලකෑවා ඉන්දියාවේ දුම්රියකදී. මිනිහ වහ බිව්වේ නැති ටික විතරයි. මිනිහ කියනවා එයාගේ සේසතම නැතිවුණා කියලා. හිතාගන්න පුළුවන්නේ මෝඩකමේ (තණ්හාවේ) තරම. (නි)
මේවා මෙහෙම වෙනකොට මට ආරංචි උනේ ත්‍රීරෝද අයිති සගය පසුවදාම පාන්දර නැගිටලා සගයන්ට බැණ බැණ වහනය සේදුවලු ආසනවලට වෙලාතිබුන දෙය දැකල .(දී)
බණ්ඩාර,එහෙනම් ඔයා අදින්නේ කුඹුරු වල ගොවියෝ වගේ අමුඩයද? (නි)
දම්මික, ඔබ හරි ඉන්දියාවෙන් තමයි රන් පළදින්න පුරුදු වෙලා තියෙන්නේ. අපි නම් රන් පලදින්නේ නැහැ. මෝඩ අය පොහොසත් කම පෙන්නන එක මෝඩ ක්‍රමයක් ඕක. අපි සාරි අදින්නෙත් නැහැ. ඒකත් ඉන්දියන්.(නදී)
මාලය ගිලියි? (නදී)
අනේ රත්තරන් ඇයි මේ දත් වලින් හපන්නේ.?(නදී)
මොක වුනත් මිනිහ කල්පනාකාරයා. හොරෙක් නොහිටියා නම් දතට හපාගත්තු කොනෙන් මාලේ එලියට ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හොරෙක් හිටියා නම් බයට කට ඇරිච්ච ගමන් මාලේ ගිලෙනවා. ඒත් ප්‍රශ්නයක් නැහැ. (නි)
පිටිගල මාමේ,මමත් ඉස්සර හරිම බයයි.කරුවලට බයයි ,තව ගමේ කව්රුහරි මැරුනොත් හෙම සතියකටවත් රෑට හදිසියකට ගේ පිටුපසට බහින්නේ නැහැ.ජනේලයෙන් එලිය බලන්න බයයි රෑට. ඒත් දැන් මොන යකාටවත් බය නැහැ. රෑ 12 ටත් කනත්ත ලගින් තනියම යනවා. ඒ බය නැති වුනේ මට මොනවා මොනවා ප්‍රගුණ වෙලාද? ඒත් තවම දුක වේදනාව නම්, අනුන්ගේ අසරනකම් , ලෙඩ දුක් දැක්කහම දුකයි.ඇයි ඒ ...?මොකක් ද අපි ප්‍රගුණ කලයුත්තේ ...? (නි)
වරුණ මල්ලී කරුවලේ මර බයට වෙන් ඇති. පස්සේ අමතක වෙන්න ඇති (අ)
මගේ අම්මෝ !!! කොහොමද එහෙම කලේ? (නි)
තණ්හාය ජායතී ශෝකෝ....තණ්හාය ජායතී භයඞ්.............තණ්හාය විප්ප මුන්චේය්ය ......නත්ති ශෝකෝ කෘතෝ භයඞ්. තණ්හාව නිසා දුක ඇතිවේ. තණ්හාව නිසා භය ඇතිවේ .තන්හාව නැති කරගත් විට භය හෝ ශෝකය ඇති නොවේ.(අ)
ඔව් බණ්ඩාර, මම අවුරුද්දට දෙපාරක් විතර බොනවා. ඒක ඇගට හොදලු.ඔයත් ඕනෑ නම් අත් හදා බැලීමක් විදිහට කරලා බලන්න (නි)
ඔච්චර බයනම් අහවල් එකටද පවුම් දෙකේ තුනේ මාල කරේ බැඳගෙන ඉන්නේ? විහිළු නෙවෙයි, මට නම් ඔය රත්තරන් පොරවාගත්ත පිරිමි පේන්නෙම විහිළුවක් වගේ. ඕක මේ දකුණු ඉන්දියාවෙන් ආපු විකාර මෝස්තරයක්. දකුණු ඉන්දියාවේ මිනිස්සුන්ට කන්න නැතත් බරට බරේ රත්තරන් නම් තියෙනවා.අපේ අයත් දැන් දැන් ඒ ගානට එනවා. ගෙදර පොඩි උන්ට කන්න නැතත් බරට බරේ රත්තරන් නම් කරවල් වල එල්ලෙනවා. මේවා ඉතින් එක එක "මහල්" වල සෙප්පඩවිජ්ජා වලට රැවටිලා කරන මෝඩ වැඩ.උපුල් කියන්න වගේ, තණ්හාව තමයි ! (නි)
වරුනට අරළු බීලා හොඳට පුරුදුයි වගේ! (නි)
වරුණ මල්ලි, ඒ විතරක්ද? නෝනගේ මාලේ දා ගෙනගිහින් ඔහොම දෙයක් වුනාම නිදාගන්න කියලද ? රෑ එලි වෙනකම් නෝනා කියවන්න ගනීවි (නි)
තණ්හාය ජායතී භයං! (නි)
එහෙම ගමනක් යනකොට වටිනා කියන දේවල් ගෙන යන්න හොඳ නැහැ. අනික බිය කියන්නේ තණ්හාව. තව තවත් මේ සංසාරේ ඇලීම ගැලීම..රත්තරන් මාලය ගැන ඔයතරම් ආස නම් ඒක නැතිවුනොත් හාර්ට් එක හිරවෙලා මනුස්ස ජීවිතෙත් නැතිවෙන්න පුළුවන්.මේ සසර දනව්වේ, අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ.... (නි)
චේන් පොට ගිලුනනම් ඉලව් ගෙදරින් කාපුවා පැත්තකින් තියල අරළු පෙත්තක් බීල නිදා ගන්න වෙනවා පහු වෙනිදා උදේට චේන් පොට හොයාගන්න.(නදී)