IMG-LOGO

2024 නොවැම්බර් මස 26 වන අඟහරුවාදා


ඉස්සරහ-පස්ස මාරුවී යතුරු පැදිය කාණුවේ

යතුරුපැදියේ ගමන් කිරීමේ දී ආරක්ෂිත හිස් වැසුම් තම ආරක්ෂාව පිණිස පළඳින නමුත් පොලීසිය දැක දඩයෙන් ගැලවීමට එය පැළඳීමට ගොස් අඹුසැමි යුවළක් අකරතැබ්බයකට පත්වූ පුවතකි මේ.


සිද්ධිය වාර්තාවෙන්නේ ගල්කිරියාගම පොලිස් වසමට අයත් කහල්ල පල්ලකැලේ රක්ෂිත සීමාවේ පිහිටි ගම්මානයකිනි.


අඹුසැමි යුවළ උදේ කාලයේ යතුරුපැදියේ නැගී ගමනක් යාමට පිටත් වූහ. සැමියා යතුරුපැදිය පදවයි. බිරිඳ පිටුපස අසුනේය. දෙදෙනාම හෙල්මට් පැළඳ සිටිති.


වනාන්තර මැදින් යායුතු හුදකලා වූ පාරක් නිසා සැමියා ටික දුරක් ගොස් හෙල්මටය ගලවා බිරිඳට දුන්නේය. බිරිඳ තම හෙල්මටය පැළඳ ඔහුගේ හෙල්මටය තම අත තබාගෙන සිටියාය.


ටික දුරක් යනවිට හමුවූ යතුරුපැදියක් ඉදිරියේ පොලිසියෙන් බවට සංඥා කළේය.


පිටුපස අසුනේ වාඩි වී සිටි බිරිඳ කලබලයට පත්ව අත තිබූ හෙල්මටය සැමියාගේ හිසට දැමුවාය.


නිමේෂයකින් ඉදිරියට ඇදී ගිය යතුරුපැදිය වේගය පාලනය කරගත නොහැකිව අසල කාණුවකට පෙරළීමෙන්  නැවතුණි.


ඉදිරියෙන් පැමිණි වාහනයක පිරිසක් එය නවතා අනතුරට පත් දෙදෙනා  කාණුවෙන් ගොඩට ගත්හ. යතුරුපැදියට ද හානි සිදුවී ඇත. දෙදෙනාට ද තුවාලය.


අනතුරට හේතුව පැමිණි පිරිස විමසූහ. හමු වූ අයෙක් ඉදිරියේ පොලීසිය ඉන්නවා කියූ නිසා ඉස්සරහා පස්ස මාරුකර හෙල්මටය බිරිඳ තමාගේ ඔලුවට දමන්නට යාමෙන් පාර නොපෙනී යතුරුපැදිය පෙරලුණු වග සැමියා පවසනවාත් සමගම එතෙක් අනතුරට හේතුව නොදැන සිටි බිරිඳට ඒ බව පසක් විය. පිහිටට ආ පිරිස් ඉදිරියේ ලැජ්ජාවට පත් ඇය ගොලුවත රකිමින් දෙදෙනාටම වූ තුවාල දෙසවත් නොබලා  සැමියා හා යතුරුපැදියේ නැගී ඉන් නික්ම ගියාය.
(මොරගොල්ලාගම සිසිර කැලේගම)

 



අදහස් (0)

ඉස්සරහ-පස්ස මාරුවී යතුරු පැදිය කාණුවේ

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

කෙසෙල් කැන කෙසෙල් මුවක් වෙලා
2024 නොවැම්බර් මස 25 462 0

රුපියල් 4000 ක පමණ වටිනාකමකින් යුත් පැසී තිබූ ඇම්බුන් කෙසෙල් කැන වෙනුවට එම කෙසෙල් ගසේ කෙසෙල් මුවක් මතු වීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වෙයි.


දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 907 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 868 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1156 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9495 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 883 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 532 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 743 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2067 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site