කතරගම පදිංචි තරුණයෙක් කතරගම රාජ්‍ය බැංකුවක උකස්කර තිබූ රුපියල් ලක්ෂයක් පමණ වටිනා රන් දම්වැලක් බේරාගෙන තම කමීසයේ උඩ සාක්කුවේ දමාගෙන පිටව ගියේය. ඒ පාපැදියෙනි. ඔහු කතරගම දෙටගමුවේ තරුණයෙකි.
තම බිරියට අයත් රන් දම්වැල මීට මාස කීපයකට ඉහත දී උකස් කොට මුදල් ලබාගත්තේ මුදල් හදිස්සියකටයි. බැංකුවේ සිට ගෙදරට කිලෝමීටර් කාලක් ගොස් සාක්කුව අත ගා බැලීමේදී රන් දම්වැල අතුරුදන් වී තිබිණි. ඔහු දෙලොව රත්වී සාක්කුව අතගා බැලූවේය. සාක්කුවේ අඟල් කාලක පමණ කුඩා සිදුරක් ඇති බව ඔහුට අවබෝධ වනවිට සියල්ල සිදුවී හමාරය.
එම ස්ථානයේ සිට බැංකුව දක්වා නැවත පාර සෝදිසි කරමින් ගියත් මාලය හමු නොවූ නිසා තම නිවෙස වෙත ගියේ ඔහුටම දොස් නගා ගනිමිනි.
රන්මාලය ලේන්සුවකවත් ඔතාගෙන ගියා නම් මේ පාඩුව සිදු නොවන බව ඔහුට අවබෝධ වනවිට මාලය තව කවුරුන් හෝ අහුලාගෙන ගොස් තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම්ත් මාලයක් උගස් කලා ඒක අරන් දෙනකම් බැනුම් කෝටියයි..!(නු)
ඒ මාලය පල නොදෙන මාලයක් වෙන්න ඇති (දී)
මාලයකින් ලොකු ප්‍රයෝජනයක් නෑනේ.. වැඩකට ඇති දෙයක් ගත්තනම් ඉවරයිනේ අපරාදේ..(ස)
කබලෙන් ලිපට වැටිල්ලක්.. හිල් සාක්කු තියෙන ඇඳුම් අඳින්නේ, බඩු උකසට තියන්නේ නැති බැරි කෙනෙක්නේ...(ස)
මම නම් මෙච්චර දවසක් දාගෙන හිටපු මාලෙත් පරිස්සමට ගලවල තිබ්බා...(ස)
හොද වැඩේ සාක්කුව මහලා දෙන්න බැරිවුණාට. (නි)
අපරාදේ කරේ දාගෙන යන්න තිබුණේ. (නි)
දුප්පතා අපිටම තමයි ඕවත් වෙන්නේ.(නදී)
ඒ මාලය තියා ගන්න පිනක් ඇත්තෙම නැහැ (දී)
දැන්වත් ඉතින් ඔය හිල මහගන්නකො අනේ. (නි)
මම යාලුවොත් එක්ක මුහුදේ නානකොට, මට දැණුනා යමිකිසිවක් මගේ ඇඟ හරහා යනවා. මම මාළුවෙක් කියලා හිතලා ක්ෂණිකව ඇල්ලුවා. බළනකොට කරේ තිබ්බ මාලේ ගැලවිලා. ඊට පස්සේනම් හරි පරිස්සමින්,(නු)
මොනවා කරන්නද උන දේ උනානේ. ඔයාගෙ නෝනට ඔයා නැති උනේ නෑනේ. උත්සහයෙන් ම තව එකක් හදවලාම දෙන්න. (ස)
"ගෙදර ගිය කලට අඩදබර බෝයා " "මාලය දුන් කෙනෙක් මගේ නෑ සියෝයා " (ස)
කාට හෝ මෙතන වැරදිලා තියෙන පාටයි (ස)
මොනවා කරන්නද දැං ඉතිං හිත හදාගෙන ඉන්න..!(නු)
ඉමිටේෂන් එකක්වත් ගිහිං දුන්නානම් ගෙදරින් බේරිලා ඉන්න තිබුණා..!(නු)
මල්ලි මීට පස්සෙවත් හිල් සාක්කුවල මොනවත් දාගෙන යන්න එපා.. අපේ දැං කාන්තාවන් පිරිමින්ගේ සාක්කු හිල්වෙලා තියෙනවා දැක්කත් මහන්නෙ නැහැ.. ඉදිකටු අදුනන්නෙත් නැහැ..(නු)
මගෙත් අතේ තිබ්බ එකක් වැටුනා. ටික දවසක් යන කම් හිතේ අමාරුවෙන් හිටියේ. ඒත් ඒක මගේ නිසා අවුලක් වුනේ නැහැ. නමුත් මේ අසරණයගේ පවුලගේ එකක් මේත. දැන් ඉතින් ගමනක් යන්න ලෑස්ති වෙන වාරයක් ගානේ මේ අසරනයට බැනුම් අහ අහ ඉන්න වෙයි.(නදී)
ඔය පැතිවල ඔය වගේ දේවල් වෙනවා (ස)
නොසැලකිලිමත් ලෙස වැඩ කිරීම නිසා මීටත් වඩා පාඩු සිදුවිය හැක (ස)
මදැයි කොලා , බැංකුවෙම තිබුණානම් ආරක්ෂා වෙනවා ... ගෙදර ගිහාම හොඳට ලුණු ඇඹුල් ඇතුව අහගන්න වේවි නෝනගෙන් (ස)
දෙයක වටිනාකම නොදැන ක්‍රියාවෙන් බාල වැඩ කරන අයට වෙන්නේ පාඩුම තමයි. මේවායින් පාඩමි ඉගෙනගන්නවා නම් හොදයි.(නදී)
ඒක එයාලට උරුම දෙයක් නොවෙන්න ඇති. කොහෙන් හරි යන්නත් එපැයි (ස)
ඔය වගේ අතපසුවීම් අපිටත් කොතෙක් වෙලා ඇද්ද ? ඕකට හිනා වෙලා පලක් නෑ. ඒ මනුස්සයා. හිතේ වේදනාවකින් ඇද්ද මේ වෙලාවේ (ස)