ඔහු විශ‍්‍රාමිකයෙකි. ගාල්ලට නුදුරු ගමක ජීවත් විය. පුතා, ලේලිය සහ මුණුබුරු මිණිබිරියෝ ද ඔහු සමග ජීවත්වූහ. සමාජයේ සහ පවුලේ ඥාතීන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කිරීමට ඔහු කිසිවිටෙකත් අමතක කළේ ද නැත. පසුගිය කාලයේ ඔහුට එවැනි හදිසි අවශ්‍යතාවකට මුදලක් ඕනෑ විය.
පුතාටත් වඩා ලේලිය කෙරෙහි විශ්වාසයෙන් හා ආදරයෙන් සිටි ඔහු තමාගේ ළඟ තිබූ රන් මාලයක් උකස් කර මුදල් ගෙනැවිත් දෙන ලෙසට ලේලිය අතට දුන්නේය. ලේලිය ද එය උකස් කර රුපියල් හැටපන් දහසක් ගෙනැවිත් දුන්නාය. අවශ්‍යතාවය ඉටුකර ගත් ඔහු ඊළඟට කළේ එය බේරා ගැනීම සඳහා සෙමෙන් සෙමෙන් මුදල් එකතු කිරීමය. කාලයකට පසු ඔහු එසේ එකතුකරගත් මුදල් සහ පොලිය ලේලියට දුන්නේ එය බේරා ගෙන ඒමටය.
එහෙත් එම මුදල් ඇයට වියදම් වූවාය. පසුව එය බේරා ගැනීමට උකස් මධ්‍යස්ථානයට ගියත් දැන ගැනීමට ලැබුණේ එය සින්න වී ඇති බවය. සිද්ධිය ඇය සැමියාට ද කීවාය. දෙදෙනා කළ යුතු උපායක් ගැන බොහෝ වේලාවක් කල්පනා කොට අවසානයේ තීරණයකට එළඹියහ. නගරයට ගිය දෙදෙනා පදික වේදිකාවේ විකිධෑමට තිබූ තාත්තාගේ රන් මාලයට සමාන මාලයක් ගෙන ගෙදර ගියේ සැකයක් නොසිතෙන පරිදිය.
ලේලිය තම ආදරධෑය මාමණ්ඩියට උකසින් බේරාගත් මාලය දුන්නාය. එය අතට ගත් ඔහු කෝපයෙන් වෙව්ලන්නට විය. මාව රවටන්න බැහැ. මට තවම හොඳට සිහිය කල්පනාව තියෙනවා. මේකත් උඹලම තියා ගනිල්ලා කියමින් ඉමිටේෂන් මාලය විසි කොට නිවසින් පිටව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැත වැඩේ කරපු ලේලි දකුණට පිටින් ආපු කොළඹ කෙනෙක්ලු (නදී)
ආ... දකුණෙ නේද? (අ)
කව්ද දන්නේ කොළඹ පැත්තේ ලේලි කෙනෙක්ද කියල. (බ)
ප්‍රදේශ වාදය නුසුදුසුය (අ)
මොහොමඩ්, බෙන්තර ගගෙන් නෙමේ, කාන්තාරෙන් එහා ඉඳන් තමයි ඇස ඇරපු තියා ඉපදෙන්න ඉන්න බළල් පැටියෙක්වත් ගේන්න හොඳ නැත්තේ (බ)
මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් ට දකුණේ අය එක තමයි අර ගීතාට සහ මුතු හෙට්ටි වගේ අයව පාර්ලිමේන්තු පත්කළේ නේද. (බ)
බැංකු වලත් රත්තරන් මාරු කරනවා ඉමිටේසන් ඒවාට (නදී)
කතාවේ එන මාමණ්ඩියාට ඉමිට්ෂෙන් මාලයක් ගෙනත් දීලා රැවැටුවාට නහුතෙට තරහා ගියා කියමුකෝ. මහින්ද ආර් කිතුල්ගොටට මොකද අප්පේ ඩෝන් ගිහිල්ලා තියෙන්නේ ?බෙන්තර ගඟෙන් එහා තිබුන අමු වත් කැවිලාදෝ. (නදී)
අනේ මම නම් ඕවට නැහැ මම කුරුනෑගල. නිකවැරටියේ අපේ ලොකු අයිය බැදලා ඉන්න අක්කත් මාතර හරිම ගරු සරු විදියට අපි සැමට එක හා සමානව සලකනවා (නදී)
අපේ ආච්චිලා සීයල, මුත්තල කිරිකිත්තල දකුණ ගැන කියපු බළල් පැටව් කතාව අදටත් ගැලපෙනවා. ජාන වෙනස් කරන්න බැහැ කියන්නේ ඕකනේ (නදී)
දකුණු පළාතයි, වයඹ පළාතයි ගත්තොත් ඔහොම වැඩක්ම තමයි කරලා තියෙන්නේ(නදී)
බෙන්තර කීව ගමන්, මහින්ද ආර් කිතුල්ගොඩ-සී ෂෙල්ස් හැම කෙනාටම බැන බැන යන්නේ. කිතුල් ගහට නැගලා මොළේ අප්සෙට් එකක්වත් වෙලා නිසාද....? (නදී)
මැගිලින් ඔයා තොටළඟ වත්තෙන්ද පහත් උනේ. ඔයාලගේ පැතිවල බළල්ලු ඥාව් ගානවට කැමති නැද්ද ? එහෙනම් ඉතින් කරන්න දෙයක් නෑ වල්ශේෂන් බලු පැටියෙක් වත් කොට්ටේ ලඟින් තියාගන්න. ඇස් පේනවට සන්ග්ලාසස් අරන් දුන්නත් වරදක් නෑ මොඩ් කුක්කෙක් ළඟ ඉඳීවි. (නදී)
බෙන්තර ගඟෙන් එහා පැත්තෙන් ඇස් ඇරපු බළල් පැටියෙක්වත් ගෙනෙන්න එපා කියනවනේ. අහලා නැතිද? (නදී)
මෙතන තියෙන්නේ උතුර දකුණ ප්‍රශ්නයක් නෙවේ. දරිද්‍රතාවයේ උඡ්චාතම අවස්ථාවක්. තේරුම් ගන්න අමාරු තිත්ත ඇත්ත එකයි. කට්ටිය මට බනින්න එපා. මම දකුණේත් නෙවේ. (අ)
ආපෝ දකුණේ නේද ? මොකුත්ම ලියල වැඩක් නැහැ (නදී)
මෙම පියා පවුලේ අය සමග හොඳින් සිටි කෙනෙක් කියලා ලිපියේ මුල කොටසින් හැඟෙනවා. පුතත් ලේලිත් ඇත්ත කිවුවා නම් ඔහු එය තේරුම් ගන්න ඉඩ තිබුනා. බොරුව නිසා දැන් කාගේත් හිත් රිදිලා. (නදී)
මේ ආණ්ඩුවෙන් සියලු පොලි අනුපාතික කැපුවනේ. කොහොමද සින්න වෙන්නේ. (නදී)
මොහමඩ්, කරුණාකර ගඟෙන් එහාපැත්තෙ ඉන්න. ඔයාලගේ කොළ දිවි හාමිනේලා ටික කැමති පැත්තකට ගන්නවද? නැත්නම් කට සැර බළල් පැටව් සුරතල් කරන්න වෙන්නේ ඔයාලට. අහල නැද්ද දකුණේ මකුනෙක් කෑවත් ඇති කියලා.(නදී)
එක තමයි කියන්නේ වැඩ බැරි වුණත් ගම ගාල්ලේකියලා (අ)
නිකමටද කියන්නේ බෙන්තර ගඟෙන් එහා අැහැ ඇරපු බලල් පැටියෙක්වත් එපයි කියලා (අ)
ආරියතිලක....කොහොමත් කොන්ද පන නැති මිනිස්සුන්ට දකුණෙන් විවාහ කර ගන්න බෑ......ලෙලි දකුණට කොහෙන් ගෙනාවද දන්නේ නෑ...දකුණේ විතරක් නෙවි.... ලංකාවේ සිව් කොනේම නැහැදිච්ච කාලකන්නි ඉන්න බව අමතක කරන්න එපා....නෝනා මහත්තුරු කොච්චර දකුණට කුහක කම් කලත් ..අදත් නිදහසේ ජීවත් වෙන්නේ දකුණේ ....මිනිස්සුන්ගේ පිහිටෙන් කියන එක අමතක් කරන්න එපා... (අ)
දැන්නම් දකුණින් මගුලක්වත් කරගන්න හොඳ නෑ (අ)
ඇයි ඕකම මදිද.(ම)
මොනවාද කරපු මෝඩ වැඩ? (අ)
දකුණේ අය ගැනනම් කියල වැඩක් නැහැ .අපි හිතුවේ හොද නුවනක් කාරයෝ කියල .දැන් බලුවහම් කරන්නේ මෝඩ වැඩමයි .(අ)
හැමොගෙම තරම තේරෙනවා ප්‍රතිචාර දැක්කම. දකුණට ඔච්චාර බය අයි (අ)
අම්ම අප්පා විකුණන් කන එවුන් ඔහේ ඉන්නේ !! (බ)
දරුවෝ වෙලා හතුරෝ, ණයකාරයෝ, එදිරි කාරයෝ එහෙම උපදිනවා (නදී)