ඇය පාසල් ගුරුවරියක් වූ අතර අ.පො.ස (උ.පෙ) ලියා අවසන් වූ තම පුතා සමග නිවසේ ග්‍රොසරියක්ද පවත්වාගෙන ගියාය. ග්‍රොසරියේ සේවය කිරීම සඳහා හැටන් ප‍්‍රදේශයෙන් පැමිණි තරුණයෙක්ද විය. දිනක් සවස තම මව ඇමතූ පුතා ”අම්මේ අද මට උණ වගේ” යැයි පැවසීය. මව වහාම තම පුතා වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ගෙනාවාය.
පාසැලට යායුතු නිසා පසුදින උදෙන්ම අවදිවූ මව උණෙන් පෙළෙන තම පුතාට බීමට ලූණු කැඳ සාදා දිවා ආහාරය සඳහා ඔහුට වැටකොළු මාළුවක් සමඟ බත්ද පිළියෙළ කළාය. පසුව ග්‍රොසරියේ සේවය කරන තරුණයාට කථා කොට ”රාජු මතක් කරලා පුතාට බොන්න ලූණු කැඳ දෙන්න. දවල්ට වැටකොළු එක්ක බත් දෙන්න” යැයි පැවසුවාය. ”හරි හරි මිස් කන්න බැහැ කීවොත් මම කවන්නම්කෝ” තරුණයා සිනා සෙමින් කීය.
පාසල නිමාවී ගුරුවරිය යුහුසුළුව නිවෙසට පැමිණියේ පුතාගේ අසනීප තත්ත්වය විමසා බැලීමටය. පුතා ඇදේ හාන්සිවී සිටිනු දක්නට ලැබුණි. පුතාගේ නළලට අත තැබූ මව, ”පුතා දැන් උණ බැහැලද? ලූණු කැඳ බිව්වද? වැටකොළු එක්ක බත් කෑවාදැ’යි විමසුවාය.
”අම්මේ අද මට කවදාවත් කාපු නැති ‘රෙසිපි’ එකක් ලැබුණා. පුතා පැවසීය. ”ඒ මොකක්ද මේ උණ අස්සේ පුතා වෙන මොනවාහරි කෑවාදැයි මව පුදුමයෙන් විමසූ විට පුතා පැවසුවේ රාජු ලූණු කැඳවලට වැටකොළු මාළුව දමා කෑමට දුන් බවත් තමා එය ප‍්‍රතික්‍ෂේප කළවිට ,”නැහැ නැහැ මිස් කීවේ මට ඔහොම තමයි” කියමින් ලූණු කැඳ සමඟ වැටකොළු කවන ලද බවත් තමා ඉතා අපහසුවෙන් ඒවා කෑ බවත්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් එකයි. දෙකම බඩටනේ ගියේ (නි)
උන තියෙන විට දෙජාතියක් එකම විට කන එක කොහොමත් ලෙහෙසියි. (ස)
වෙන වෙනම කෑවත් බඩේදි මිශ්‍ර වෙනවනේ.(ස)
අනේ ඉතින් රාජු, වැඩි හොදටනේ එහෙම කරලා තියෙන්නෙ. (නි)
කොහොමද ටිකිරි මොලේ?(අ)
රාජුවාගේ නියම රසම් එක. උන කෙසේ වෙතත් , කැඳ ටික නම් අගේට බඩට බහින්න ඇති ! (දී)
වරුණ අයිත් පටන්ගත්ත මෝඩ කතා කියන්න. ලුණු කැඳ ඕනද? (ස)
මට මතක් වෙන්නේ එච් ඩ් විජේදාස මහතාගේ විහිළු තහළු. නෝනා බංගලාවේ වැඩට ආපු ආයා ට කී වලු බේබිට බටර් ගාල පාන් දෙන්න කියල ආයා බේබිගේ ඇඟ පුරාම බටර් ගාල පාන් පෙත්තක් අතට දීල (දී)
ඇයි අපේ අල්ලපු ගෙදර ඉන්න ඇන්ටි වැඩකරන සේවකයාට කියලා ගියා බතුයි වතුරයි දෙන්න කියලා දවල්ට. එයා මොකද දන්නවද කළේ, බතුයි වතුරයි කෑම කන භාජනයට දාලා දීලා. (නි)
ඉතින්? ඉතින්? එච්චරද? (අ)
ලෙඩා ඉක්මන් සුවය පතමි. ගොඩක් කාලෙකට පස්සේ එළවලු එක්ක බත් කන අය ගැන අහන්න ලැබුනේ. නැත්නම් දන්නවනේ ලෙඩාට මස් කටු ටිකක් දාලා සුප් හදලනේ දෙන්නේ. (නි)
විස්තර සහිතව හරියට කියලා ගියා නම් ඉවරනේ (නි)
මේ ග්‍රොසරියේ පොඩි පොඩි ලෙඩවලට දෙන බෙහෙත් පෙති, එතකොට ගෙදර දොරේ පාවිච්චි වෙන දේවල් එහෙම ඇති නේද? උදාහරණයක් හැටියට ගත්තොත් පැනඩෝල්, මී පාසානම් වගේ ඒවා? (නි)
ඕවත් වැඩද? මගේ නැන්දා (86). බත් කනකොට මාළු කටු කෑල්ලක් උගුරේ හිරවෙලා. ලොකු නෑනා (50) නංගිට කතා කරලා ඇහුවලු මොකද කරන්නේ කියලා. ඉදුණු කෙසෙල් ගෙඩියක් කන්න දෙන්න කටුව ඒකේ ඇනිලා යයි කිව්වලු. ටෙලිෆෝනයෙන් ඇහෙනවා " අනේ දුවේ මාව මැරේවි එකපාරට ඔහොම කෙසෙල් උගුරේ එබුවම". අක්කා අම්මගේ කට ඇරලා කටුව මේ හරියේද අසමින් කෙසෙල් ගෙඩියම කටේ ඔබලා...තව ඩින්ගෙන් නැන්දා ඉවරයි. (නි)
රජයේ සේවිකාවකට ව්‍යාපාර කිරීමට ආයතන සංග්‍රහයෙන් තහනම් කර ඇත. ග්‍රොසරියක් පවත්වාගෙන යාම ගුරුතුමියගේ ඔසරියද නැතිවෙන වැඩකි. (නි)