කොළඹ ප‍්‍රදේශයේ සිට උතුරු ප‍්‍රදේශයට විනෝද ගමනක් ගිය පිරිස ලැගුම් හලේ දමා ගමන ගිය බස්රිය ආපසු පැමිණ තිබීම නිසා පිරිසට වෙනත් බසයකින් ගමට ඒමට සිදුවීමේ සිද්ධියක් ප‍්‍රදේශයෙන් අසන්නට ලැබිණි. ගමේ පිරිසක් සංචාරයක් සඳහා බසයකින් උතුරු ප‍්‍රදේශයට ගොස් ඇත. උතුරු ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ තැනක ඔවුන් රාත‍්‍රිය ගත කර තිබේ. මේ අතරේ බසයේ රියැදුරු හා පිරිස අතර ගැටුමක් හටගෙන ඇත. ගැටුම අවසන පිරිස නින්දට ගිය අතරේ රියැදුරා ගෝලයාද සමග පිරිසට නොදන්වා බසය නැවත කොළඹට රැගෙනවිත් ඇත. මේ බව නොදත් පිරිස උදේ බස්රිය දකින්නට නොමැති නිසා ඒ ගැන සොයා බලා තිබේ. තමන් පැමිණි බස්රිය පිරිස අතරමං කර ආපසු ගොස් ඇති බව දැනගත් පසු වෙනත් බස්රියක් ගමනට එකග කරවාගෙන ආපසු ගමට පැමිණ ඇත්තේ මතක හිටින අත්දැකීමක් ලබමින් බවද කියති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකත් එකටම නොසන්ඩාල පිරිසක් ඉන්න ඇති.. නැත්නම් බස් රියදුරන් ඔහොම කරන්නෙ නැහැනේ.. යස පාඩම..!!(නු)
කවුද දන්නෙ නැහැ වැරදි.. ඇයි මේ රණ්ඩුවෙලා තියෙන්නෙ..!!(නු)
දෙපැත්තටම හරි පාඩුව ???? (ස)
ෂුවර් එකටම මොකක්හරි කෝන්තරයත් වෙන්න ඇති. (නි)
රියදුරුට පොඩි සංග්‍රහයක් කළා නම් එයා ගෙදර එන්නේ නැහැනේ. (නි)
කුමන හේතුවක් නිසා හෝ රියදුරු කරලා තියෙන්නේ නඩු දැම්මොත් වන්දි ගෙවිය යුතු වරදක් ....මේකට කියන්නේ සාපරාදී විශ්වාසය කඩකිරීම කියල ....විනෝද ගමනක් කියන්නේ ලබන සතුටේ ප්‍රමාණයට මිලක් නියම කරන්න බෑ... ඒ නිසා අගතියට පත් පිරිසට කැමති මුදලක් වන්දි ලෙස ඉල්ලිය හැකි .....රියදුරු කල මේ වරද නිසා ඔවුන්ගේ විනෝදය සම්පුර්ණයෙන්ම නැති වූ බව විශ්වාසයි ....(ස)
ෂුවර් එකටම රියදුරුගේ කෑම බිම පිළිබඳ ප්‍රශ්නයක් වෙන්න ඇති .... ට්‍රිප් යන ඩ්‍රයිවර්ලා ඔක්කොම හිතන්නේ ට්‍රිප් එක අරන් යන කට්ටිය කෑම බිම , නවාතැන්, සන්තෝසම් මුදල් ඔක්කොම දෙන්න ඕන කියල .... බස් එකට ගෙවීමක් කරන්නේ වෙනම කියල .....(ස)
නොසන්ඩාල පිරිසක් ඉඳල තියෙන්නේ . ඒකයි රයදුරාට නොසන්ඩාල වැඩක් කරලා තියෙන්නේ.. (ස)
මෙයා නිකන් සල්ලිදීලා හරක්බලාගන්නවා වගේ දෙයක්නේ කරල තියෙන්නේ... (ස)
මෙයාලගේ හැටි ඔහොමනේ. යන යන තැන රණ්ඩුකරන එක ඔහොම වෙන්න ඕන තමයි.
ඔය වගේ ගමන් බිමන් යනකොට දන්න අදුනන පුද්ගලයකුගෙන් බස් රථයක් වෙන් කරගන්න ඕන..!(නු)
බොරු කතා තමයි...ඔහොම යන් ...(ස)
කෝ සාමය..........(ස)
දැන් ඉතින් බස් එකක් පාරට දාල ඉවරයි..(ස)
එතකොට බස්ගාස්තුව..(ස)
බොරු කතා තමයි ..(ස)
හොද වැඩේ රණ්ඩු කරන අයට හොද පාඩමක් .. ඒත් රියදුරු ඉවසිලිමත් විය යුතුයි..!!(නු)
ට්‍රිප් එකක් යද්දි රන්ඩු නොවී යන්න දන්නේ නෑනේ ?