උත්සව භූමියක රාජකාරියේ යෙදී සිටි පොලිස් පිරිසකට දිවා ආහාරයට ඇරියුම් කොට ඔවුන් එහි ගිය පසු කෑම සූදානම් කර තිබූ කාමරය වසා දමා ආයතන ප‍්‍රධානීන් මගහැර යෑමේ සිද්ධියක් සියනෑවේ කෙළවරක ගම්මානයකින් වාර්තාවේ.
නවීන ආකාරයේ නිෂ්පාදන ආයතනයක් පසුගියදා දෙස් විදෙස් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. මෙහි අවට ආරක්ෂාව සැලසීම සඳහා පොලිස් පිරිසක් යෙදවූයේ විශේෂිත ආරාධිත ප‍්‍රභූන් රැසක්ම මෙයට සහභාගි වන බව දන්වා තිබූ බැවිනි.
උත්සවය අවසාන වූයේ දිවා ආහාරයද සමගිනි. සියලූ ආරාධිතයෝ පිටත්ව ගියහ. ආයතනයේ නිලධාරියෙක් පොලිස් පිරිස සොයා ආවේය. සියලූ දෙනාට දිවා ආහාරයට ඇරියුම් කෙරිණි. මහ වැස්සේ තෙමෙමින් රාජකාරියේ යෙදී සිටි පොලිස් පිරිසට මේ ආරාධනාව මහත් අස්වැසිල්ලක් විය.
ඔවුහු එහි ගියේ කුසගින්නෙන් පෙළෙමින් සිටි නිසාමය. ඔවුන් සමග ඔවුන්ට ආරාධනා කල අයද වූයේය. මේ පිරිස ආහාරය සූදානම් කර තිබූ ස්ථානයට යද්දී එහි සිටි සේවක පිරිස කාමරය වසා දමා යන්නට ගියේ මොකට මෙහෙ ආවාදැයි පොලිස් පිරිසගෙන් ප‍්‍රශ්න කරමිනි. පොලිසියට ආරාධනා කළ අයද අසීරුවට පත් වෙද්දී පොලිස් පිරිස ආපසු හැරුණේය. පසුදා උදේ තිහ හතළිහකට තරම් කෑම තොගයක් වළ දැමීමට මේ පාලකයන් කටයුතු කළ බවද දැනගන්නට ලැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමල් හරි . සමහරු කරන වැඩනිසා මුලු පොලිස් සේවාවම බල්ලට ගිහින් තියන්නේ .(ස)
ආගමක්,ජාතියක් නැති අය... (නි)
කෑම විසි කරපු එකනම් මහා අපරාදයක්. අනෙක මෙහෙම උත්සව තියෙනකොට කෑම වෙලක් දීම සාමාන්‍ය දෙයක්. පොලිසිය ගැන මිනිස්සු ඉන්නේ කලකිරීමෙන්.(නදී)
මම පොලිස් කාරයන්ව සත පහකටවත් ගනන් ගන්නේ නැ. ඊයෙත් වරදක් නොකර මට මහරගමදී දඩ කොලයක් කැඩුවා. එත් මොන ප්‍රශ්න තිබුනත් තරහ කාරයට උනත් කන්න දෙන්න ඕනා. උනුත් අමනුස්ස වැඩ කරත් මනුස්සයොනේ.(නදී)
ඕකෙන් පෙනෙන්නේ මොකක්ද මිනිස්සු ඒ තරමට පොලිසියට කැමතියි කියන එකද?(නදී)
පොලිසියේ අය අනුන්ගෙන් කන්නමයි බලා ඉන්නෙ (නි)
මීරිගම පළතුරු බීම කම්හලද? (නදී)
දිවා ආහාරයට ඇරයුම් කර නුදුන්න එක විශාල වරදක්. පොලිස් නිලදාරීන් නරක මෙන්ම බොහෝ මිනිස් ගති ගුණ ඇති අයද එමටය. හොඳ නරක හැම තැනම(නදී)
ඒ අයටත් බඩගිනි වෙනවා නේද? කරපු වැඩේ නම් කැතයි (නි)
මිනිස්සුන්ට දැන් පොලිසිය එපා වෙලා තියෙන්නෙ. මුළු ලෝකෙම ඉන්න පොලිසි මෙහෙමද දන්නේ නැහැ. එකයි මිනිස්සු මෙහෙම සලකන්නේ.(නදී)
මිනිස්සුන්ට දැන් පොලිසිය එපා වෙලා තියෙන්නෙ. මුළු ලෝකෙම ඉන්න පොලිසි මෙහෙමද දන්නේ නැහැ. එකයි මිනිස්සු මෙහෙම සලකන්නේ.(නදී)
හෙට අනිද්දට උත්සව සංවිදායක කමිටු සාමාජිකයන්ටයි කැන්ටිමේ මුදලලිටයි පොලොසියෙන් කෑම කුඩුවෙන් නොලැබුනොත් මෙන්න මගේ කන.(නදී)
කොහොම උනත් මේ පුවත දකින විට තරහක් ආවා. බඩගින්නත් සමග පෞද්ගලික තරහ සහ වෛර පිරි මහන්න නරකයි. පොලිසියේ ප්‍රශ්න තියනවා ඒ ගැන අපි වෙනම කතා කරමු. මෙතන තියෙන්නේ කෑම ප්‍රශ්නයක්.(නදී)
දුන්දේ සුවදයි කෑදේ ගදයි .සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා! බුදුසසුන බැබලේවා! (නි)
නම්බුකාර පොලිස්කාරයෝ, ජරාව කන අයනම් දොර කඩාගෙන ගිහින් හරි කාල දමාවි.කැමට අරධනා කරලා එහෙමත් කරනවද? (ස)
ජරාව එකතු වෙලා තියෙන්න නැතුව ඇති ඔවුන් එන විට. (නි)
කට්ටිය හිතන්න ඇති පොලිසියේ අය ජරාව විතරයි කන්නේ කියලා (නි)
ආරාධනා කළා නම් එය ඉෂ්ට කළ යුතුයි. වැඩේ වැරදියි. නමුත් අපේ රටේ බහුතර පොලිස් නිලධාරීන්ට හරක් මස් කඩේ පටන් හැම කඩයකින්ම සහනාධාර ලැබෙනවාමයි. වියදමක් නැති එකම රස්සාවනේ. මුළු වැටුපම ඉතිරියි. (නි)
චී චී කැතයි හොදේ (නි)
රුවන්, නිමල්, ඔබලා හරි. මෙය පාලකින්ගේ වරදක් නොවෙයි. මා දකින ලෙස හිටපු කාර්ය මණ්ඩලයේ වරදක්. එසේම කන්න උයපු අය අරක්කැමියෝ (කෝකියෝ) නොවෙයි. එහෙම අය කවදාකවත් අහාර විසි කරන්නේ නැහැ. නියම කෝකියන් හොදට කෑවම සතුටු වනවා. (නි)
කවුරු කරත් වැඩේ වැරදියි. පොලිසියෙත් ඉන්කේ කන බොන මිනිස්සු (නි)
පැමිණිල්ලක පිටපතක් ගන්න, රියදුරු බලපත්‍රයක් ආපහු ගන්න පොලිසිවල මිනිස්සු රස්තියාදු වෙන හැටියට මේක සුළු දෙයක්. (නි)
පාලකයින්ට බුදු සරනයි, සේවකයින්ට දෙවි පිහිටයි (නි)
අනේ මෙහෙම දේවලුත් අපිට අහන්න දකින්න ලැබෙනවනේ.. (නි)
රාජකාරියේදී පුද්ගලික සත්කාර බලාපොරොත්තු වෙන්න හොද නැහැ. එහෙත් කන්න අඩගහලා කන්න දුන්නෙ නැහැ කියන්නේ පහත් වැඩක් (නි)
මම දන්නාතරමට පොලිස් නිලදාරින්ට රාජකාරී වෙලාව තුල පිටතින් කිසිම දෙයක් ලබාගන්න බැහැ [සියලු පහසුකම් පොලිසියම සපයා ගත යුතුයි]නමුත් කෑම විසිකරපු එක ලොකු අපරාදයක්. (නි)