පසුගිය දා පැවති උපාධි ප‍්‍රදානෝත්සවයකදී උපාධි සහතිකය ගත් එක්තරා තරුණියක් අනෙක් සිසු-සිසුවියන් මෙන්ම එම අවස්ථාවේදී සිය ඡුායාරූප සිිිහිවටන ලෙස ලබා ගත්තාය. නමුත් අදාළ සන්නස සමග උපාධි ඇඳුමින් සැරසී තනි ඡුායාරූපයක් ගැනීමට ඇයට අවස්ථාව නොලැබුණි.
මෙම අඩුව පුරවාගැනීම සඳහා, නිවෙසට එන අතරමගදි ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ඡුායාරූප ශාලාවකට ගියාය. නමුත් උපාධි ඇඳුම ඇතත් අදාළ සන්නස නොමැති වීම බලවත් ගැටලූවක් විය.
‘‘ආ ඒක ගැටලූවක් නෑ.. අපිට පුළුවන් කොම්පියුටරයෙන් ඒක ඩිසයින් කරලා දෙන්න.’’ ඒ අනුව ඡුායාරූප ශිල්පියාගේ උපදෙස් මත බෑගයෙන් එළියට ගත් නවා රෝල් කරන ලද වවුලා කුඩය අතට ගෙන ඡුායාරූපයට පෙනී සිටියේ, පසුව පරිගණක තාක්‍ෂණය මගින් එය ඉවත් කර අදාළ සන්නස බද්ධ කිරීම අරමුණ ඇතිවය.
‘‘හරි සතියකින් විතර එන්නකෝ මම හොඳට වැඬේ කරල තියන්නම්.’’
ඒ වෙනුවෙන්ම යාමට නොහැකි බැවින් අදාළ ඡුායාරූපය රැුගෙන ඒමට ප‍්‍රමාද වූවේය. කෙසේ නමුත් වෙනත් අවශ්‍යතා කිහිපයකටද ඇඹිලිපිිටිය නගරයට ගිය ඇය කඩිනමින් එම ඡුායාරූප ශාලාවට ගොස් එය රැුගෙන ආවේ තම ගමට යන බසය ගමන ආරම්භ කිරීමට සූදානමින් සිටි නිසාය.
ඇය නිවෙසට යන විට අසල්වැසි යෙහෙළියන් කිහිප දෙනෙකුද නිවසට විත් තිබුණි.
‘‘ආනේ අදද උපාධි පින්තූරෙ ගෙනාවෙ ඇයට පළමුව එම ඡුායාරූපය විවර කර බැලූවේ මිතුරියන්ය.
‘‘ඈ.... බං උඹට සන්නස් පත‍්‍රය දුන්නෙ කුඩයක ඔතලද?’’ මිතුරියන් මවිතයට පත්ව විමසද්දී ඇයට තරු පෙනුණේ, ඡුායාරූප ශිල්පියාට අදාළ කුඩය ඉවත් කර සන්නස යෙදීමට අමතක වී තිබූ බව දැකීමෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඒකේ වැරැද්ද ඡායාරූප ශිල්පියා අත නේද..? පව් ඒ ළමය මොනතරම් ලැජ්ජාවට පත් වෙන්න ඇද්ද....? (ස)
වහ කාල කැලේ රිංගන්න ඕනේ වැඩක්වෙලා තියෙන්නේ. (නදී)
කරුණාකරලා ජායාරූප ශාලාවේ නම දාන්නකෝ (නදී)
ඔය පින්තුරේ දාන්න බැරිද ? (නදී)
මෙය හුදෙක් හස්‍යාත්මක වින්දනයක් සදහා ගෙතූ කතාවක් විතරයි. ජංගම දුරකථන වල පවා ඇති නවීන කැමරා තියන යුගයක මෙහෙම දේවල් වෙන්නේ කොහොමද ? පින්තුරයක් ගන්න තකහනියක්ම ජයාරූප ශාලාවට යාම. (ස)
ඇත්තටම උපාධියක් තියෙනවද කියල බලන්න වෙනවා.ෆොටෝ එක හරියට තියෙනවද කියල බලලා නෙවෙයිද ගෙනිච්චේ. (ස)
වවුලා කුඩ කඩේ විකුණන්න තියෙනවද ? (ස)
මේක හරි පුදුමයිනේ. සාමාන්‍යයෙන් උපාධිදාරින්ට තනි ඡායාරූපයක් ගන්න ලැබෙනවානේ. මෙහෙම වුනේ කොයි සරසවියේ උපාධි උත්සවයේද ? (නදී)
ඇයි එයාට තනි ඡායාරූපයක් දීලා නැද්ද? හරිම අපරාධයක්නේ (නි)
මෙයවෙන්න බැරිදෙයක් මමත් උපාධිධාරියෙක්. සන්නස සෑම කෙනෙකුටම දෙනවා. සහතිකය පසුව දෙන්නේ. අනෙක උපාධිඇඳුම නිවසට ගෙනයන්න දෙන්නේනැහැ. එය නැවත එවලේම ලබාගන්නවා. තවද ඡායාරුප ශිල්පීන් එතනට වෙලා සිටින්නේ කාක්කො වගේ. (නදී)
තිලක් නම් මෙලහකට වහත් කාලා (නදී)
කොළඹ නම් සන්නස වගේ පෙනෙන කඩදාසි බම්බු සහ උපාදී ලෝගු බොහෝ ස්ටුඩියෝ වල තියෙනවා. .ඕනෑම කෙනෙකුට "ආචාර්ය " උපාදී පින්තුරයක් උනත් ගතහැකි යි. උපාදි සහතිකය "කිරිටොපි" හදන කෙනෙකුටත් දෙනවා කිරිටොපි ආචාර්ය උපාදී සහතිකය. වැස්සකටවත් විශ්ව විද්‍යාලයකට යන්න ඕන නැහැ.(නදී)
දෙයක් පසු විපරමකින් තොරව ආවාට ගියාට කරද්දී ඔහොම වෙනවා. පොඩ්ඩක් ඒ මොහොතේ අඩුපාඩු මොනාද තියෙන්නේ කියලා බැලුව නම් ඔහොම අකරතැබ්බයකට මහුණ පාන්න වෙන්නේ නැහැනේ. උගත්කම තිබ්බටම මදි. තැනේ හැටියට ඒක හසුරුවන්නත් දැනගන්න ඕනේ.(නදී)
අනේ පවු! (නි)
ඕකනේ කියන්නේ හදිස්සි වෙනකොට කොරොස් කටෙත් අත දාන්න බැහැ කියලා. (ස)