(වියලුව වාර්තාකරු)
විනෝද චාරිකාවකට සහභාගි වී එක ඇඳුමකින් දිය නෑමට ගිය තරුණ පිරිසකට සිදු වූ අපූරු ඇබැද්දියකි.
සිද්ධිය මෙසේය.
එය ප්‍රදේශයේ එක්තරා රාජ්‍ය ආයතනයකි. සති අන්තයේ ඔවුන් විනෝද චාරිකාවක් සූදානම් කළේ ඒකාකාරී පීඩනයෙන් මිදෙන්නටය.
ඒ සඳහා අවශ්‍ය අඩුම කුඩුම ආදිය ද අඩුවක් නැතිව සම්පූර්ණ කෙරිණි.
ගමනාන්තය වූයේ ප්‍රදේශයට නුදුරින් පිහිටි ජලාශයකි.
උදෑසනින්ම එහි ගිය පිරිස හොඳ හැටියට සප්පායම් වන්නට පටන් ගත් අතර ඇතැමුන් එහි වූ තොටුපොළට බැස ජල ක්‍රීඩාවේ යෙදෙන්නට වූයේ කලකින් ලද නිදහසින් උපරිම ප්‍රයෝජනය ගන්නටය.
දිය නෑමට අවශ්‍ය තරම් නාන ඇඳුම් ආදිය නොමැති වුව ද එය ගැටලුවක් කර නොගත් ඔවුන් තොටුපොළ තමන්ගේම කර ගනිමින් එහි එහා මෙහා පිහිනමින් අඩව් කස්තිරම් අල්ලන්නට පටන් ගත්තේ ඇඟේ නූල් පටක් පවා නොමැතිවය.
එසේ වුවද එය ගමේ පොදු නාන තොටුපළක් වූයෙන් සවස් වෙද්දී අසල්වැසි ගමේ කෙල්ලන් එකා දෙන්නා එහි පැමිණෙන්නට වූ අතර ඒ වන විටත් නිරුවතින් ජලයේ සිටි පිරිසට ගොඩ ඒමට නොහැකිව දැඩි අපහසුතාවකට පත්වන්නට වැඩි වේලාවක් ගත නොවීය.
දිය නෑමට පැමිණි කෙල්ලන්ට වසන් වී තව තවත් දියඹට ගිය ඔවුන් කරවටක් දියේ ගිලෙමින් සිය අනන්‍යතාව රැකගන්නට මහත් වෙහෙසක් දැරූ අතර අවසානයේ දී ඔවුන් රැගෙන ගිය එක සරමක හා තුවායක පිහිටෙන් එකිනෙකා මාරුවෙන් මාරුවට ගොඩ ඒම සඳහා පැය තුනකටත් වැඩි කාලයක් ගතකර තිබිණි.
සිද්ධිය කොතෙක් වසන් කරන්නට උත්සාහ කළ ද ඒ වන විටත් කාන්තාවන්ගේ සිනාවෙන්ම පිරිසගේ උප්පරවැට්ටිය ඔවුන්ට දැනී ඇති බව අවබෝධ කරගත් පිරිස හෙමින් සීරුවේ එතනින් මාරු වූයේ දිය නෑමේ යෝජනාව ගෙන ආ සිය සගයාට ද දෙස් දෙවොල් තබමිනි.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උපන් ඇඳුමෙන් නාන්න ගිහින් කෙල්ලන්ගේ අත්අඩංගුවේ