(තිහගොඩ උපසේන ලියනගම)
සියනෑ කෝරලයේ පිටිසරබද ගමක සිටි ඇය පවුලේ වැඩිමලාය. ප‍්‍රදේශයේ අග නගරයට ඇය දිනපතා ආවේ ගියේ රැකියාවකටය. පසුගිය දිනක යෙදී තිබුණු ඇයගේ උපන් දිනයට කාර්යාල මිතුරෝ විශේෂ සංග‍්‍රහයක් ඉල්ලූහ.
” ඕකට එච්චර වියදම් කරන්න එපා. ගෙදරින් කේක් එකක් හදාගෙන වරෙන්. මාත් උදව් කරන්නම්” ආසන්න නිවසක වූ හිතවත්ම සෙහෙළිය කීවාය.
ඇය දුන් බඩු ලැයිස්තුවට අනුව කළමනා රැුගෙන ගිය ඇය පසුවදාට කේක් එක හැදීමට කතා කර ගත්තාය.
පසුවදා යෙහෙළිය සමග ගෙදර ගිය ඇය දුටුවේ සෙසු බඩු භාණ්ඩ ඇතත් පාන්පිටි කිලෝ දෙක එහි නැති බවය.
මේ ගැන සොයා බලනවිට නංගී කී දෙයින් ඇයට තරු පෙණිනි. ”මල්ලියි මමයි හවස ටියුෂන් ඉවර වෙලා ගෙදර ආවේ හරිම බඩගින්නෙන් අක්කේ. අපි පිටි ටිකෙන් රොටි පුච්චගෙන කෑවා. කේක් හදන කතාවක් අපි දන්නේ නෑ.”
මහ ? පිටි සෙවීම අත්හැරිය ඇය නංගී කළ වරදට තාත්තාට දඩයක් ගසා කඩෙන් කේක් එකක් රැගෙන කාර්යාලයට ගියාලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිලෝ 2න් රොටි හදලා ? (හේ)
ගෙදර කේක් එකක් හදාගන්න එක මෙච්චර ප්‍රශ්නයක්ද? හැබයි ඉතින් ඔය කියන හැටියට පිටි කිලෝ දෙකකින් කේක් හදන්න වෙනවා නම් මේ කාර්යාලයේ කර්මාන්ත ශාලාවක තරම් ලොකු කාර්ය මණ්ඩලයකුත් ඇති. (නි)
පෙිටි ගණන් කියන්නෙ එහෙනම් (බ)
ගමටම රොටි කන්නදීලා වගෙයි (නි)
ඒකත් ඉතින් නරකම නැහැ (නි)
පිටි කිලෝ දෙකක රොටි කියන්නේ පාන් රාත්තල් හතරක් විතර. නරක නැහැ මල්ලිගෙයි නංගිගෙයි කෑමේ තරම. (නි)
ඉතින් පිටි ටිකක් කඩේකින් ගිහින් ගන්න තිබුණනේ (නි)
ඕනෑම ගමේ කඩයක පාන්පිටි ගන්න තියෙනවා. (ර)
මෙතැන් පලවෙන සමහර කතාවල් විශ්වාස කරන්න අමාරුයි. අද කාලයේ ටියුෂන් ගිහින් බඩගින්නේ ගෙදර එන ළමයින් තනියම රොටි හදාගෙන කනවා කියලා විශ්වාස කරන්න පුලුවන්ද ?(හේ)
නංගිටයි, මල්ලිටයි කේක් කෑල්ලක් ගෙනත් දුන්නොත් තමයි හොඳ (නදී)
මේක නම් බොරු කතාවක් .මෙච්චර රොටි කන්න පුළුවන්ද(දිල්)
මේවට හිනා යන්නේ නැනේ (දිල්)
රොටිය කරත්ත රෝදයට වඩා පොඩ්ඩක් කුඩා ඇති.(හේ)
එ්කනේ යහපාලනයෙන් පාන්පිටි මිල අඩු කලේ ඕකට තමයි (නදී)
පිටි කිලෝ දෙකක කේක් හදන්න එ්කත් පුදුම කේක් කෑමක්. (නදී)
පාන්පිටි කිලෝ 2න් රොටි හදල දෙන්නයිද කාල තියෙන්නේ? දෙයියෝ සාක්කි ...මෙහෙම රොටි කෑමක්. (දිල්)
පිටි කිලෝ දෙකක රොටි කන්න යෝධ ළමයි දෙන්නෙක්නෙ. අනික පුදුමයි රොටි හදාගෙන කන්න දන්නා ළමයි ඉන්නවා කියන්නේ (දිල්)
මේ හිනා යන කතාවක්ද ? (නදී)