(දේවහුව ප්‍රසාද් ජයකොඩි)
විවාහ වී වසර ගණනක් ගත වුවද තමන්ට දරුවන් නොමැතිවීම නිසා දරුවෙකු සොයමින් සිටි යුවළකට ගැබිනි මවක් තම දරුවා ප්‍රසූතකර ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් 28,000 ක මුදලක් ලබාගෙන දරුවා ලැබුණු පසු දරුවා නොදුන් පුවතක් ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තාවේ.
කෑගල්ල ප්‍රදේශයේ දරුවන් නොමැති යුවළ මෙම ගැබිනි මවට අවශ්‍ය ඇඳුම් පැළඳුම් වගේම පෝෂ්‍යදායි ආහාර මෙන්ම දරුවාට අවශ්‍ය දේවල් ද බොහෝ සේ ලබාදී ඇය සතුටින්තබා ඇත. දරුවා ප්‍රසූත කිරීමට මාසයක් පමණ තිබියදී මෙම ගැබිනි මව අදාළ පුද්ගලයන්ගෙන් රුපියල් 28,000 ක මුදලක් ලබාගෙන ඇත.
දරුවන් නොමැති යුවළ ගැබිනි මවට නිතරම දුරකතන ඇමතුම් දී ඇයගේ දුක සැප සොයා බලා ඇය නිතරම සතුටින් තබා ඇත. මේ අයුරින් කාලය ගතවනවාත් සමඟ ගැබිනි මවට දරුවා ලැබී ඇත. පසුව දින කිහිපයකින් දරුවා නීත්‍යනුකූලව හදා ගැනීමට කෑගල්ල ප්‍රදේශයේ යුවළ ඉල්ලා සිටිය ද තම දරුවා හදා ගැනීමට දීමට ක්‍රමයක් නොමැති බව මව පවසා ඇත්තේ දරුවා නිරෝගිව හා ලස්සනට සිටින නිසාය. උරණ වූ පිරිස පොලීසි ගොස් මේ පිළිබඳ පැමිණිලි කර දරුවා තමන්ට නොදෙන්නේනම් තමන් විසින් ලබාදුන් මුදල ඉල්ලා සිටියේය.
මුදල් ලබාගත් යුවළ දරුවාගේ මවට ශාප කරමින් කෑගල්ල ප්‍රදේශයට ගොස් ඇති බව වාර්තාවේ.
මවගේ අවමගුලේදී ලොක්කා කළ කතාවෙන් පොඩ්ඩාට අවමඟුලක් උදාවූ අපූරු කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
ඔහු දකුණු පළාතේ පාසලක තරුණ විදුහල්පතිවරයෙකි. විදුහලේ සියලුම දෙනා සමගම ඉතා සුහදව කටයුතු කරයි.
සිය මෝටර් රථයේ රියැදුරු අසුන මත තිබූ ගැරඬි හැවකට සර්පයකු යැයි සිතා බියට පත්වූ පුද්ගලයකු බිරියටද මහ හයියෙන් කෑ ගසමින්ම සර්පයා මරාදැමීමට පොල්ලක් සොයමි
දඩබ්බර කිරි එළදෙන මෙල්ල කරන්නට ගිය නිවෙස් හිමියාට බිරිඳට වෙදකම් කිරීමට සිදු වු පුවතකි මේ. සිද්ධිය වාර්තා වෙන්නේ යාපහුව අඩවියෙනි.
අංක හුටපටයෙන් විදෙස් අවුරුදු කුමාරි මාරුවී සංවිධායකයන්, නරඹන්නන් සහ තරගකාරියන් අලි අමාරුවක වැටුණු පුවතක් ගාලු දිසාවේ සංචාරක හෝටලයකින් අසන්නට ලැබේ.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
උපන් හැටියේ දරුවාට ලෝබ හිතී හදාගන්න දෙන්න බෑ කියලා
Pradeep Saturday, 16 May 2020 03:28 AM
දරුවා බිහි කළ මව කළ දේ වැරදිය. (දරුවා ලබා දෙන බව පවසා මුදල් ලබා ගැනීම) නමුත් වැලේ ගෙඩි වැලට බර නෑ කියනවා වාගේ ඒ අම්මට දරුවා ගැන ආදරයක් ඇති වෙන්න ඇති වෙන කෙනෙකුට නොදී සිටීමට තරම්. මව් සෙනෙහස නම් එයයි. දරුවන් නැති යුවල අර මවට ශාප කළ එක නම් වැරදියි. ඔවුන්ට දරුඵල ලැබීමට තරම් වාසනාවක් නැති වන්නට ඇත. එසේ වූ ඔවුන් ශාප කර තව තවත් සිදුකර ගන්නේ අකුසල්ම නොවේද.. "මාතා යථා නියං පුත්තං ආයුසා ඒක පුත්ත මනු රක්ඛේ ඒවම්පි සබ්බ භුතේසු මානසන් භාවයේ අපරිමානං"