උසස් පෙළ ප‍්‍රතිඵල අන්තර් ජාලයෙන් කඩිනමින් බැලූ තැනැත්තකු තම ඥාති පුත‍්‍රයකු ඉන් ඉහළින් සමත් බව දැන කාටත් කලින් එය ඔහුට දැන්වීමට එස්.එම්.එස්. පණිවුඩයක් යැවීය. ඊට ප‍්‍රතිචාර ලැබුණේ නැත.
මේ නිසා පසුදා උදෑසනම ඔහුට දුරකථන ඇමතුමක් දුන්නේ ආරංචිය තහවුරු කර ගන්නටය.
එහා පැත්තෙන් ආවේ කාන්තා කටහඬකි. මේ ඥාති පුතාගේ මව බව දැනගත් ඔහු ”අක්කේ මම පුතාට සුබ පතලා එස්.එම්.එස්. එකක් එව්වා” කීවා පමණකි.
”මේ උදේ පාන්දර මගෙන් මුකුත් අහගන්න එපා. පොඩි එකා විභාගෙ ෆේල් කියලා ඔහොම විහිළු කරන එක වැරදියි” ඇය කීවෙන් ඔහුට තරු පෙනිණි.
කරුණු සොයා බැලීමේදී අනාවරණය වූයේ තම ඥාති පුතාගේ නමට සමාන නමක් අන්තර්ජාලයේ තිබුණත් විභාග අංකය පැටලී තිබුණ බවක්ලූ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාග අංකය නොදැන කොහොමද ප්‍රතිඵල බලන්නේ? (නි)
සේපාලි කියන විදිහට දැන් විභාග අංකය ඇතුළත් කළහම නමත් එනවා කියන එක ඇත්ත. මොකද ඉස්සර වගේ නෙවෙයි දැන් ඒ පහසුකම වැඩි දියුණු කරලා තියෙන්නේ. තාක්ෂණය දියුණු වුනාම අපි ඒවා අපගේ වුවනාකම් ඉටු කරන්න නිවැරදිව භාවිතා කිරීමේ කිසිම වරදක් නැත. වරද තියෙන්නේ තාක්ෂණය වැරදි ආකාරයට හා අනුන්ට හිරිහැරයක් වන පරිදි භාවිතා කිරීම තුළයි. මෙහිදී තාක්ෂණය අනුන්ට හිරිහැරයක් වන පරිදි භාවිතා කර නැතත් ඒ පහසුකම භාවිතා කිරීමේ දී දක්වා ඇති නොසැලකිල්ල මත යම් හෙයකින් සිත් රිදවීමක් සිදු වී තිබේ. මදක් සැලකිලිමත් වුවා නම් ඒ සිත් වේදනාව ඇති නොවන්නට ඉඩ තිබිණ.(නදී)
ඕකට තමයි කියන්නේ වදින්න ගිය දේවාලය හිසේ කඩාගෙන වැටුණා කියලා. (නි)
මතක විදියට නම එන්නෙ නැහැ. අනික නොම්බරය හිතලා ගහන්නත් බැහැ. (නි)
මාමයි බෑණයි දෙන්නම පවු. (නි)
දැන් විභාග අංකය ඇතුළත් කළහම නමත් එනවා. (නි)
ඇත්තනේ ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා අන්නා වගේ වැඩක්නේ (දී)
අනේ මෙහෙමත් රටක් (දී)
ඇත්තටම මානසිකව වැටිලා ඉන්න ළමයෙකුට ඒක මාරු පහරක් (දී)
වදින්න ගිය දේවාලය ඉහේ කඩන් වැටිලා (දී)
තරු පෙන්න ඇති කට්ටියට (දී)
කොරේ පිටට මරේ (දී)
පහන්ගේ කතාව මරු මීට වැඩිය. (නි)
ඔවු ඔවු. ඔහොම ඒවා නම් වෙනවා. (නි)
මේක ප්‍රභන්ධයක්ද? (නි)
විභාග අංකයෙන්නේ ප්‍රතිඵල බලන්න පුලුවන්. (නි)
ටොම් පචයක් නේද?(නදී)
චින්තා, උපසේන මහත්තයා කොයි වගේ මනුස්සයෙක්ද මන්දා? (නි)
මොනවා වුණත් හිනායනවා. (නි)
අයියෝ සල්ලි (දී)
පව් අසරණයා (දී)
අන්න දෙයියෝ සාක්කි (දී)
ටිකක්වත් බොරු නෙමෙයි නම් කතාව මරු. (නි)
අපේ පැත්තේ මනුස්සයෙක් හිටියා, එයාට විබාග ගැන දැනුමක් නැහැ. ඒත් හැමෝගෙන්ම ප්‍රතිපල අහනවා. මගෙනුත් ඇහුවා (ඒ කාලේ වැඩ 4 යි උසස්පෙළට ). මම කිව්වා පී 2යි කියු 2යි කියලා. මට කිව්වා ඊලග පාර උනන්දු වෙන්න කියලා. (නි)
උසස් පෙළ ප්‍රතිඵල නමින් හොයන්නේ කොහොමද? විභාග අංකයෙන් පමණයිනේ පුලුවන්. (නි)