ජාඇල නගර සභා බල ප‍්‍රදේශයේ එක්තරා ගමක ජීවනෝපාය සඳහා ඌරන් ඇතිකරන කාන්තාවක් මුහුණ දුන් අපූරු සිද්ධියක් මෙසේය.
ව්‍යාපාරයක් වශයෙන් ඌරන් මිලට ගෙන මස් කර විකුණන අයකු පෙර කී ඌරන් ඇති කරන නිවසට පැමිණ ඌරකු මිලට ගැනීමට විමසා ඇත.
ඌරු පට්ටියේ සිටි හොඳ තරබාරු පුෂ්ටිමත් ඌරකු පෙන්නා උගෙ වටිනාකම විමසුවේය. ඌරු පට්ටිය අයිති කාන්තාව රුපියල් 10,500යයි කියා සිටියාය. ඌරා ඉහටත් උඩින් වටිනා බව දැනගත් වෙළෙන්දා රුපියල් 10,000කට උරා ඉල්ලා සිටියේය. රුපියල් 500 මිල අඩු කොට ඌරා රුපියල් 10,000 දෙන්න කාන්තාව කැමැති විය.
ඌරු වෙළෙන්දා දැඩි පරිශ‍්‍රමයක් දරා ඌරා අල්ලා ලණු කිහිපයකින් ගැටගසා තබා පැමිණි යතුරු පැදියේ දමා ගැට ගැසීමට ලණුපොටවල් කිහිපයක් ඉල්ලා සිටියේ ඌරා තරබාරු වැඩිකමට දගාලාවි යයි සිතාගෙනය. කාන්තාව ලණු පොටක් සෙවීමට ගෙයි පිටපසට ගිය අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් ඌරාගත් තැනැත්තා මුදල් නොදී යතුරු පැදිය පණ නංවා ගෙන පලා යන්නට විය.
පිිරිමි කවුරුත් නැතිව සිටි මෙම කාන්තාව ඇතුළු තවත් කාන්තාවන් කිහිප දෙනෙකු ඔහෙ හිටපිය සල්ලි දීල පලයන් මොන තරම් කෑ මොර දුන්නත් ඌරු වෙළෙන්දා පවනට බදු වේගයෙන් හැටට යතුරු පැදියෙන් පළා ගියේය. කාන්තාව මේ ගැන පොලිසියට පැමිණිලි කළත් කිසිදු වැඩක් නොවීය. මුදල් ප‍්‍රථමයෙන් අතට නොගැනීම ගැන ඇය ළතැවූවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඌරු වැඩක්නේ වෙළෙන්දා කරලා තියෙන්නේ. (නි)
ඕක තමා කියන්නේ උෟරගෙ මාලු උෟරගේම ඇඟේ තියල කපනවා කියල. (ස)
මෙම සතාගේ මස් කන්න එපා කියලා කොච්චර කිව්වත් සමහරු කනවා (නි)
මෙහෙමත් මිනිස්සු! (නි)
ඌරු වැඩක්නේ කරලා තියෙන්නේ බලාගෙන යද්දී. (නි)
මෙහෙම මිනිස්සුන්ට මොන වගේ දඩුවමක් දෙන්නද කියන්නේ? (නි)
වැඩක් කරලා ජීවත් වෙන්න හදනකොට එ්කටත් හෙනහුරෙක් පහත් වෙනවා. (නදී)
නිසාර් , කන්න එපා කියන සමහරුත් තලු මර මරා කනවා. අනික ඇයි ඔය සතා විතරක්? අපි නම් කියන්නේ කිසිම සතෙකුගේ මස් කන්න එපා කියලා. වඩා හොඳ එහෙම නේද? (නි)
නිසාර්,ඒ වගේම හරකාගේ මස් කන්න එපා කියලා කොච්චර කිව්වත්, සමහරු කනවා. (නි)
පව් අසරණ ගැහැණු කෙනා. (නි)
ටෙනිසන් , කරුණාජීව, ගොයම් ගහ ජීවියෙක් නොවුණත් වතුර දැම්මේ නැත්නම් මැරෙනවානේ. (නි)
මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදීම ගැන මට තියෙන්නේ පුදුමාකාර හිතේ අමාරුවක්... (නි)
පළමු සිල්පදය කඩන්න කලින් දෙවන සිල්පදය කඩලා. (නි)
නසාර් කෙස් පැලෙන තර්කනේ දාන්නේ (නි)
නසාර් තමුන් මෙතනත් අපිට කැපිල්ල දානවා නේද? (නදී)