දකුණු පළාතේ පෞද්ගලික රෝහලක ඇස් පරික්ෂා කරන අංශයක පසුගියදා සිදුවීමකි. මැදිවිය ඉක්මවූ තැනැත්තකු ඔහුගේ දියණිය යැයි සිතිය හැකි තරුණියක සමග රෝහල් කවුන්ටරයට ආවේ මුදල් බැඳීමටය.
කවුන්ටරයේ වූ හෙදිය තරුණියගෙන් තොරතුරු විමසන අතරතුර පියාගේ ලෙඬේ ගැනද ඇසුවාය. ඇය ද පෙනීමේ දුබලතාව ගැන කීවාය. එවිට පියා නෝනා මට එක පේන්නෙ දෙක වගේ. හැම එකක්ම දෙක වගේ පේනවා. කීවේ අහිංසක ලෙස සිනාසෙමිනි.
ආ හරි කී හෙදිය රුපියල් දෙසීයක් ගෙවන්නැයි තරුණියට කීවාය. ඇය බෑගය ඇර රුපියල් සියයේ නෝට්ටුවක් හෙදියට දුන්නාය. මොහොතක් ඈ දෙස බලා සිටි හෙදිය ඔයාටත් එක දෙක වගේ පේනවා දැයි ඇසුවේ අසල සිටියවුන් සිනා සයුරේ ගිල්වමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාලේ සමහර දූලට එක බාගේ වගේ පෙන්නේ. (ස)
දැන් කාලේ දූලට පෙනීම අඩුයි ටිකක්.. (ස)
කොල්ලෙක් හිටියනම් හොදට පෙනේවි ......(ස)
රුපියල් 200 ට ඇස් පරික්ෂා කරන පුද්ගලික රෝහල මොකක්ද ? එච්චර ලාබෙට බෙහෙත් ගන්න පුද්ගලික රෝහල් දකුණු පළාතේ තියෙනවා කියල ඇහුවෙත් අදයි .(නදී)
දකුණු පළාතේ නේද? (නදී)
අම්මපා! මරයිනේ.(නදී)
දකුණෙන් දැන් ඇහෙන්නෙම විහිළු කතා විතරයි.(නදී)
දුවට තියෙන්නේ දෙක එක වෙලා පෙනෙන එක . (නි)
චන්ද්‍රාට ඉරිසියා වගේ. දකුණට මොකක් හරි කියන්න පුවතකුත් ආවනේ.(නදී)
පෙනීමේ විතරක් නෙවේ ඇසීමේ දුර්වල තාවයකුත් තියෙනවා වගේ.. (ස)
අත් වැරැද්ද ඔය හැටි ලොකු කරගන්න එපා.(නදී)
අපේ මාසික වැටුප හදන නෝනටත් ඔය ලෙඩේ හැදිලා හැම මාසෙම පඩිය අඩුවෙනුයි හදන්නේ. (නි)
ඔය දකුණු පළාත ගැන දොඩවන අය බත් කන්නේ වම් අතින්ද? (නි)